ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 6, 2016

යෝෂිතගේ ස්වයංපෝෂිත ගේම්...!!!



2006 දෙසැම්බර් 14 වැනිදා නාවික හමුදාවට බඳවා ගත් යෝෂිත රාජපක්‌ෂ  ඉන් මාසයක්‌ ගතවීමට මත්තෙන් 2007.01.01 දින මහා බ්‍රිතාන්‍යයේ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවකට යවා ඇතැයිද ඊට වැයකර තිබෙන මුදල රුපියල් හැටදෙලක්‌ෂ අසූ හතර දහසකී.

ඉන්පසු 2010 වසර දක්‌වා වසරින් වසර තුන් වතාවක්‌ මහා බ්‍රිතාන්‍යයේ සහ යුක්‌රේනයේ පාඨමාලාවලට යෝෂිත රාජපක්‌ෂව යවා ඇතැයිද කී ගයන්ත කරුණාතිලක  නාවික හමුදාවට බැඳීම සඳහා එක්‌වරකදී සිංහල, ඉංගී්‍රසි, ගණිතය, විද්‍යාව යන විෂයයන්ට සම්මාන සමඟ සම්මාන සාමාර්ථ 6 ක්‌ අපොස (සා/පෙළ) සඳහා තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.
සී. එස්‌. එන්. නාලිකාවේ සිදුවී ඇතැයි කියන තවත් මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසයි. 

මේ කාළකණ්නීන් ඵදා මේ හෙළුවැලි නැටුම් නටවමින් මහනුවර දළදා මැදුර වටා රේස් පැද්දේද මෙසේමය.....

සී.එස්‌.එන්. නාලිකාවේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ගේ දෙවැනි පුත්‍රයා වන නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‌ෂ, සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ක්‍රියාකාරි සාමාජිකයකු වන රොහාන් වැලිවිට, අධ්‍යක්‍ෂ අශාන් ප්‍රනාන්දු සහ කපිතාන් දිසානායක යන අය මේ වන විට බන්ධනාගාරගත කර සිටිති.

බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ප්‍රධාන වශයෙන් චෝදනා 7 ක්‌ එල්ල වී ඇත.

රජයේ මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම, කූට ලේඛන සකස්‌ කිරීම, රජයේ මුදල් පිළිබඳව සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යන චෝදනා මෙම සැකකරුවන් වෙත එල්ල වී තිබේ.

සී.එස්‌.එන්. නාලිකාව ආරම්භ කරනු ලැබුවේ කොස්‌මෝ නමැති ආයතනයකින් රුපියල් මිලියන 100 ක ණය මුදලක්‌ ලබාගෙන බවත් එම ණය මුදලින් රුපියල් මිලියන 50 ක්‌ ගෙවීමේදී මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුවී ඇති බවත් රජයේ මුදල් වලින් නඩත්තු කර ඇති සී.එස්‌.එන්. නාලිකාවට ලැබුණු රුපියල් කෝටි ගණන් මුදල්වල තොරතුරු හෙළි කර නැති බවත් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් කියා සිටී.

තවද සී.එස්‌.එන්. නාලිකාව එංගලන්තයේ සමාගමකින් ඕබිට්‍රැක්‌ යන්ත්‍ර මෙරටට ආනයනය කිරීමේදී හා ඒවා නිෂ්කාශනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර ඇති ඉන්වොයිස්‌ සම්බන්ධයෙන් දැඩි ගැටලු පවතින බවත් නිෂ්කාශනය සඳහා වැයවූ රුපියල් මිලියන 90 ක මුදල් අදාළ සමාගමේ ගිණුමෙන් ගෙවා නැති බවත් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට දැනුම් දී තිබිණි.

එම මුදල් නීත්‍යානුකූල නොවන ගනුදෙනුවලින් උපයා ගත් ඒවා දැයි සැකකරන බවද මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට දැනුම් දෙන ලදී.

මෙම චෝදනා යටතේ යෝෂිත රාජපක්‌ෂ ඇතුළු පස්‌දෙනාට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර මෙම වංචාවලට සම්බන්ධ තවත් පිරිසක්‌ පිළිබඳව පුළුල් විමර්ශන පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් ක්‍රියාත්මක කරගෙන යයි.


 
ලුතිනන් යෝෂිත රාජපක්‌ෂගේ විදෙස්‌ පුහුණුවලට රජය දෙකෝටි විසි ලක්‌ෂයක්‌ වැය කරලා
ඇමැති ගයන්ත කරුණාතිලක
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්ද නොමැතිව නාවික හමුදාවට බඳවාගත් ලුතිනන් යෝෂිත රාජපක්‌ෂ ට විදේශ රටවල පුහුණුව ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් දෙකෝටි විසි දෙලක්‌ෂයකට අධික මුදලක්‌ වැයකර ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති, ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක  (26 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රිවිධ හමුදාවට නවක සොල්දාදුවන් සහ නිලධාරීන් ලෙස බැඳීමට රටේ තරුණයන් තුළ උනන්දුව ඇති කිරීම සඳහා නියමිත සුදුසුකම්වලින් බැහැරව යෝෂිත රාජපක්‌ෂව නාවික හමුදාවට බඳවා ගෙන ඇතැයිද එවක රටේ ජනාධිපතිවරයා යෝෂිත රාජපක්‌ෂ ගේ පියා වූ බැවින් මෙසේ ඔහු නාවික හමුදාවට බඳවා ගත් බවද ආරක්‌ෂක අමාත්‍යාංශය විසින් එවා තිබූ ලේඛනයක්‌ ඉදිරිපත් කරමින් ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.

එකී පදනම මත 2006 දෙසැම්බර් 14 වැනිදා නාවික හමුදාවට බඳවා ගත් යෝෂිත රාජපක්‌ෂ  ඉන් මාසයක්‌ ගතවීමට මත්තෙන් 2007.01.01 දින මහා බ්‍රිතාන්‍යයේ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාවකට යවා ඇතැයිද ඊට වැයකර තිබෙන මුදල රුපියල් හැටදෙලක්‌ෂ අසූ හතර දහසක්‌ බවද ගයන්ත කරුණාතිලක  කීවේය.

ඉන්පසු 2010 වසර දක්‌වා වසරින් වසර තුන් වතාවක්‌ මහා බ්‍රිතාන්‍යයේ සහ යුක්‌රේනයේ පාඨමාලාවලට යෝෂිත රාජපක්‌ෂව යවා ඇතැයිද කී ගයන්ත කරුණාතිලක  නාවික හමුදාවට බැඳීම සඳහා එක්‌වරකදී සිංහල, ඉංගී්‍රසි, ගණිතය, විද්‍යාව යන විෂයයන්ට සම්මාන සමඟ සම්මාන සාමාර්ථ 6 ක්‌ අපොස (සා/පෙළ) සඳහා තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.


එහෙත් යෝෂිත රාජපක්‌ෂ මහතා සිංහල විෂයය සඳහා පළමුවර සාමාන්‍ය සාමාර්ථයක්‌ ලබා දෙවැනි වර එනම් 2004 දී අධි සාමාර්ථයක්‌ ලබාගෙන ඇතැයි කී ගයන්ත කරුණාතිලක මහතා නියමිත සුදුසුකම්වලින් බැහැරව ඔහු බඳවා ගෙන තිබෙන්නේ පියා රටේ ජනාධිපතිවරයා වීම නිසා බවද කීය.

ලුතිනන් යෝෂිත රාජපක්‌ෂ ට එල්ලවී ඇති චෝදනා විමර්ශනය කළ නාවික හමුදා ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශයේ නිර්දේශ ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයිද ගයන්ත කරුණාතිලක  කීවේය.

ඒ අනුව අදාළ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීමට නාවික හමුදාවට දන්වා ඇතැයිද ගයන්ත කරුණාතිලක  ප්‍රකාශ කළේය.

ජවිපෙ කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.
 

රටේ බලපැවත්වෙන නීතියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හමුදා නීතියටද යටත් වේ. ඔවුන් විසින් යම් වරදක් සිදුකලහොත් මෙම නීති දෙකෙන්ම දඩුවම් කිරිම සිදුකල හැක. මේ නිසා නීතිගරුකව හා විනයගරුකව රාජකාරී හා අනෙකුත් සියළුම කටයුතු සිදුකල යුතු අතර එසේ නොවුනහොත් හමුදා සේවයෙන් ඉවත්කිරිම නිල උසස්විම් ලබානොදීම හා වගකිවයුතු උසස් තනතුරු ලබානොදීම සිදුවේ. රාජකාරි ඉටුකරන අවස්ථාවේදී පමනක් නොව පෞද්ගලික අවශ්‍යතාවයන්ට විදේශගතව සිටියදීද නිවාඩුලබා සිටියදීද අසනීපව රෝහල්ගතව සිටියදීද ක්‍රීඩාකරමින් සිටියදීද තමන්ගේ විවාහය හෝ වෙනත් පෞද්ගලික උත්සවයකදීද මාර්ගයේ පයින් හෝ වාහනයකින් ගමන්කරමින් සිටියදීද පොදු ස්ථානවල සිටියදීද යන මේ සියළුම අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විනයගරුකව හැසිරී හමුදා නීතියටද යටත්ව කටයුතු කල යුතු අතර එසේ නොවී යම් නිරික්ෂණයකට ලක්වීමක් හෝ පැමිණිල්ලක් ලැබුනහොත් පරීක්ෂණ පවත්වා වැරැද්දක් කල බවට ඔප්පු වුවහොත් හමුදා නීතියට අනුව දඬුවම් ලබාදීම සිදු කෙරේ. මෙසේ නොකල හොත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ විනය ඉහල මට්ටමක පවත්වාගෙන යාමට නොහැකි වී හමුදාවල දූෂණ වංචා අපරාධ ඉහල ගොස් රටටම තර්ජනයක් විය හැක.
නාවික හමුදාවට රාජකාරියට එක්වීමේ සිට අද දක්වා යෝෂිත රාජපක්ෂ හා නාවික හමුදාව කටයුතු කර ඇති පහත දක්වා ඇති ආකාරයන් අනුව නාවික හමුදාවේ හමුදා පනතක් හෝ නිතියක් තිබුනාදැයි සැක පහලවේ. මෙම ප‍්‍රශ්ණවලට පිලිතුරු සැපයීම නාවික හමුදාව සතු කාර්යකි.
1 නිළධාරියෙක් වශයෙන් සේවයට බැදීමට අවශ්‍ය අවම අධ්‍යාපන හා අනෙක් සුදුසුකම් සපුරා නොතිබුනේනම් කුමන පදනමක් හා අනුමැතියක් යටතේ බඳවාගත්තේද ?
2 අනෙක් කෙඩෙට් නිළධාරීන්ට සිදුකරන ආකාරයට පුහුණුව ලබාදීම සදහා කොළඹ සිට ත‍්‍රිකුණාමලය දක්වාත් විවිධ අවශ්‍යතාවයන් සදහා ත‍්‍රිකුණාමලය සිට කොළඹ දක්වාත් අනෙක් සාමාජිකයන් සමග නාවික හමුදා බස්රථ (Liberty Bus) වලින් ගමන් කලාද?
3 පුහුණුව සාර්ථකව අවසන්කර නිළධාරියෙකු ලෙස කොමිෂන් ලැබීමට පෙර කෙඩෙට් නිළධාරියකු ලෙස රටේ ජනාධිපතිගේ අධිසහායක ලෙස කටයුතූකලේ කෙසේද?
4 නිළධාරියෙකු ලෙස කොමිෂන් ලැබ්මේදී රාජකාරි අසිපත ලබාදෙන අතර එයට පෙර කෙඩෙට් නිළධාරියකුට පුහුණුව සදහා මිස කිසිම රාජකාරි හෝ උත්සවයකට අසිපත රැගෙන යාමට බලයක් නොමැති නමුත් කොමිෂන් නොලැබු ආධුනික කෙඩෙට් නිළධාරියකු වූ යෝෂිතට රටේ සේනාධිනායක සහභාගි වූ උත්සවයකට අසිපත රැගෙන යාමට බලයක් දුන්නේ කව්ද?
5 පුහුණුවන කෙඩෙට් නිළධාරියකුට ත්‍රිකුණාමලය පුහුණු කදවුරේ නිළධාරි නිවස්නය (wardroom) විවාහක නිවාස (married quarters)  හා නිල නිවාස(official bungalow) වෙත යාම තහනම් (out of bound)වන නමුදු කෙඩෙට් නිළධාරියකු ලෙස යෝෂිතට මේ ස්ථාන වෙත යාම පමනක් නොව මේවායින් ආහාර හා නවාතැන් පහසුකම් ලබාගැනීමට  අනුමැතිය දුන්නේ කව්ද?
6 කෙඩෙට් නිළධාරියකූ පුහුණුවන කාලයේදී ජංගම දුරකථන පාවිච්චි කිරීමට ලබා නොදෙන නිසා නාවික විද්‍යාපිඨයෙන් යෝෂිතගේ දුරකථන ලබාගෙන තිබියදී ඒවා නැවත ලබාදී ඔහුට ජංගම දුරකථන පාවිච්චි කිරිමට බලයක් දුන්නේ කව්ද?
7 කෙඩෙට් නිළධාරියකූ පුහුණුවන කාලයේදී ඔහුගේ සියළුම පුහුණු, පාලන හා සැපයුම් (official bungalow) අවශ්‍යතා නාවික විද්‍යාපිඨයෙන් සිදුකරද්දී යෝෂිතගේ අවශ්‍යතාවයන් සොයා බැලීමට කොමදෝරු බණ්ඩාර (දැන් රියර් අද්මිරාල්) පත්කලේ කව්ද?
8 නිළධාරියෙකූ ලෙස කොමිෂන් ලැබීමෙන් පසු විධායක ශාඛාට(Executive Branch) නිළධාරියකු ලෙස පත්වීමට අපොස උසස්පෙල විද්‍යාව හෝ ගණිතය හදාරා තිබිය යුතුය. එසේ නොමැතිව එම ශාඛාවට යෝෂිතව පත්කලේ කූමන අනුමැතියක් යටතේද?
9 යම් සේවා කාලයක් සපුරා නිළයකට පත්වීමෙන් පසු නාවික හමුදා අනුමැතිය (married permission) ලබාගෙන විවාහවී නීත්‍යානුකූලව පිටත වාසීවව (wheat out)  අවසරය ලබාගන්නා තෙක් සියළුම නිළධාරින් කදවුරුතූල තුලවාසිව (living in) සිටිය යුතූ අතර රාජකාරියකට හැර පෞද්ගලික අවශ්‍යතාවයන් වලට කදවුරෙන් පිටත රාත‍්‍රීයක් ගතකරන්නේනම් ඒ සදහා ලිඛිත අවසරයක් ලබාගත යුතූය. යෝෂිත පසුගිය කාලයේදී කදවුරෙන් පිටත රාත‍්‍රීය ගතකල දිනවලට ලබාගත් ලිඛිත අනුමැති තිබේද ?
10 නාවික හමුදාවේ කමාන්ඩර්වරයෙකු වනතෙක් රියදුරෙකු (Driver/ TA) හා වාහනයක් වෙන්කර පාවිච්චියට ලබා නොදෙන නමුදු යෝෂිතට එම පහසුකම් ලබාදුන්නේ කුමන අනුමැතියක් යටතේද?
11 නාවික හමුදා නිළධාරියකූ නාවික හමුදාවෙන් බැහැර වෙනත් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන උත්සවවලට නිල ඇදුමින් සහභාගිවීමට  නාවික හමුදාවෙන් ලිඛිත අවසර ලබාගතයුතුව තිබියදී යෝෂිත සහභාගිවූ උත්සව සදහා එවැනි අවසරයන් ලබාගෙන තිබුනේද?
12 නාවික හමුදා නිළධාරියකු නාවික හමුදාවෙන් බැහැර වෙනත් අවශ්‍යතාවයන් සදහා විදේශගත වෙන්නේනම් ඒ සදහා නාවික හමුදා නිර්දේශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් විදේශගත වීමට පෙර නිවාඩු අනුමැතිය (Prior Approval for overseas leave) ලබාගත යුතුය. යෝෂිත විදේශගත වූ සෑම අවස්ථාවකම එවැනි අවසර ලබාගෙන තිබුනේද?
13 විදේශ පාඨමාලා සදහා නිළධාරින් තේරීමේදී අවශ්‍යතාවයන් (Criteria& Requirement) සකස්කර ඒ අනුව සැමට සාධාරණව විනිවිධභාවයකින් යුක්තව තෝරාගැනිම සිදුකල යුතූය, යෝෂිත විදේශ පාඨමාලා සදහා තෝරාගත් සෑම අවස්ථථාවකම එසේ කර තිබෙිද?
14 නාවික හමුදාවෙන් බැහැර වෙනත් විදේශ පාඨමාලා හදාරන්නේනමි ඒ සදහා විශේෂ අවසර නාවික හමුදාවෙන් හා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත යුතූය, යෝෂිත නාවික හමුදාවෙන් බැහැරව හැදෑරු පාඨමාලාවට අවසර ලබා දුන්නේ කව්ද?
15 සෑම නිළධාරියෙකුටම නාවික හමුදාවේ තනතුරක් හා සේවා ස්ථානයක් තිබිය යුතු අතර නිලය අනුව රාජකාරින් හා වගකීම් පවරා තිබිය යුතුය, පසුගිය රජය කාලයේ යෝෂිත නාවික හමුදාවෙි දැරු තනතුරු හා සේවා ස්ථාන මොනවාද?
16 නාවික හමුදා නිළධාරින්ට රජයෙන් වැටුප් ගෙවන්නේ නාවික හමුදාවේ හෝ රජයේ ස්ථානවල රාජකාරි කිරීම වෙනුවෙනි. පසුගිය රජය කාලයේ එවැනි සේවයක් ලබානොදුන් යෝෂිතට නාවික හමුදාවෙන් වැටුප් ගෙවිවේ කූමන පදනමක් යටතේද?
17 නාවික හමුදා නිළධාරියෙකූට අධිසහයකයකූ ලැබෙන්නේ රියර් අද්මිරාල් (Rear Admiral) තනතූරට පත්වු පසුය. නමුත් යෝෂිතට ලුතිතන් නිළයේදීම ලුතිතන් කමාන්ඩර් වන්නිආරච්චි අධිසහයකයකවරයෙක් ලෙස කටයුතූ කලේ කාගේ උපදෙස් පරිදිද?
18  නාවික හමුදා නිළධාරියෙකුට කිසිම දේශපාලන කටයුත්තකට ඉදුරාම හෝ වක‍්‍රව සහභාගිවීම හමුදා නීතිය අනුව තහනම්ය. පසුගිය රජය කාලයේ යෝෂිත කිසිම කිසිම දේශපාලන කටයුත්තකට ඉදුරාම හෝ වක‍්‍රව සහභාගි නොවු බවට නාවික හමුදාවට සහතිකයක් ලබාදිය හැකිද?
19 නාවික හමුදාවෙන් බැහැර වෙනත් රජයේ හෝ රාජ්‍ය නොවන ආයතනයක යම් තනතුරක් දරන්නේනම් ඒ සදහා නාවික හමුදාවෙන් හා  ආරක්ෂක අමාත්‍යාංශයෙන් පුර්ව අනුමැතිය ලබාගත යුතූය. පසුගිය රජය කාලයේ යෝෂිත  නාවික හමුදාවෙන් බැහැරව දැරු විවිධ තනතුරු සදහා නාවික හමුදාව අනුමැතිය ලබාදී තිබුනේද ?
 20  නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව ඇමතීම හා ආචාර කිරීමද ලබාදෙන උපදෙස් පිලිපැදීමද කණිෂ්ඨ නිළධාරීන් විසින් සිදුකල යුතුය. පසුගිය රජය කාලයේ යෝෂිතට නියෝගදීමට හා රාජකාරි පැවරීමට නිළධාරියෙක් කටයුතු කලාද? ඔහු එම රාජකාරින් නිසි ලෙස ඉටුකලාදැයි යම්  නිළධාරියෙක් පරික්ෂා කලාද?
21  විධායක ශාඛාවේ (Executive Branch) නිළධාරියකු සකිව ක්‍රියාන්විත ප‍්‍රදේශවල යුද්ධයට සහභාගි විය යුතුය.  පසුගිය රජය කාලයේ යෝෂිත කිසියම් නාවික ක්‍රියාන්විතයකට නොකඩවා සහභාගි වූවාද? ඔහු බෝට්ටුවලින් ගොස් ක්‍රියාන්විත රාජකාරි ඉටුකරන පින්තූර හා විඩියෝ දර්ශණ ලබාගත්තතේ මුලතිව් හෝ යාපනය මුහුදේදීද? නැතහොත් කල්පිටිය අසල මුහුදේදීද?
ඉහත සදහන් කර ඇත්තේ ඉතාමත් සරල හා කෙටි ප‍්‍රශ්ණ කිහිපයක් පමනි. පසුගිය රජය කාලයේ යෝෂිත නාවික හමුදාවේ රාජකාරි ඉටුකල ආකාරය පිලිබද සංකීර්ණ බොහෝ ප‍්‍රශ්ණ ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.