ලංකාවේ දේශපාලනඥයින් ළමයින්ගේ ආශ්‍රයට සුදුසු අය
නොවේ
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
නමුත් බෞද්ධාගමට වැඩිය අනිකුත් ආගම්
වැදගත් නැහැයි කියලා කියන්න මට අයිතියක් නැහැ
ලංකාවේ නම් අද යුගයේ හැටියට දේශපාලනඥයින් කියන්නේ ළමුන් ආශ්‍රය නොකළ යුතු අයයි. මම මේක භය නැතුව කියනවා. ජනාධිපති කාලයෙත් මම මේ බව කීවා යෑයි හිටපු ජනාධිපති වල් වනචර චෞර රැජිණ චන්ද්‍රිකා කීවාය.
ජාතික සමගිය හා සංහිඳියාව රට තුළ පවත්වාගෙන යාම සඳහා පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩ සටහන යටතේ ගාල්ල දිසා වැඩ සටහන ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම පාසලේ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේ දී ඇය මේ බව සදහන් කළාය.
හැමෝම දේශපාලනඥයින් නෙවෙයි. සියයට දහයක් විතර දේශපාලනඥයින්ගෙන් වැදගත් මිනිස්සු වැදගත් කාන්තාවන්. අනිත් අය එහෙම නැහැ. තමාගේ සියලු ප්‍රතිපත්තින් පාවා දීලා ඒවා උල්ලංඝනය කරලා. ඒ තමාට බලයට එන්න.
බලයට ඇවිල්ලා හොරකම් කරන්න, තව තව තවත් හොරකම් කරලා මැරෙනකම් බලයේ ඉන්න පුළුවන් නම් ඕන නම් ඒකත් කරයි. ඒක නෙමෙයි මනුෂ්‍යත්වය කියන්නේ. ඒක නෙමෙයි අපට අපේ ආගමික නායකයින් ඉගැන්වුවේ.
හැම ආගමකම පදනම එකයි. හැම ආගමික නායකයකුම කියලා තියෙන්නේ උතුම් මිනිසුන් හැටියට ජීවත්වෙන්න කියලා. අප සියලු දෙනාම එක ජාතියකට අයිති වෙන්න ඕන. ඒ මිනිස් ජාතියයි. අපි එක ආගමකට අයිති වෙන්න ඕන ඒ මනුෂ්‍යත්වයේ ආගමයි. බෞද්ධයින් බුදුරජාණන් වහන්සේ කියපු විදියට ජීවත් වෙන්න කැමතියි. ක්‍රිස්තියානි අය කැමතියි ක්‍රිස්තුස්a වහන්සේ කියපු විදියට ජීවත් වෙන්න. ඒ වගේම නබිතුමා, හින්දු ආගමික නායකවරු මේ සියලු දෙනා අන්තිමට කියලා තියෙන්නේ අපි හොඳ උතුම් මිනිසුන් ලෙස ජීවත් වෙමු කියලා.
නමුත් බෞද්ධාගමට වැඩිය අනිකුත් ආගම් වැදගත් නැහැයි කියලා කියන්න මට අයිතියක් නැහැ.
අපි අපේ බෞද්ධකම සිංහලකම ඔපවත් කරගෙන දියුණු කරගෙන ජීවත්වෙමු. නමුත් වෙන කවුරුත් පාගා දමලා විනාශ කරලා ඒක කරන්න හොඳ නැහැ. එහෙම කරන්නේ දේශපාලනඥයින් විතරයි.
ශ්‍රී ලාංකික වූ අපගේ ජාතික ආගමික සංස්කෘතික සම්ප්‍රදායන් රැක ගනිමින් කටයුතු කරද්දි අන්‍ය අයගේ සංස්කෘතින් අගය කළා කියා අපට පාඩුවක් අපේ සිංහල කමට, බෞද්ධකමට අබමල් රේණුවක තරම්වත් අඩුවක් වන්නේ නැහැ. අපේ ආණ්ඩුකාරතුමා ඉතා සාරවත් කතාවක් කළා. මම ගැන කිව්ව නිසා නෙවෙයි. මම ඉතා දිගු කාලයක සිට මේ වගේ කාර්යයන් කරලා තියෙනවා. මට නිකන් ඉන්න බැරි අසනීපයක් තිබෙන නිසා නෙවෙයි.මේකට සමහරු කියනවා නිකන්a ඉන්න බැරි රුදාව කියලා. එහෙම රුදාවක් මට නැහැ.
නමුත් එසේ කළේ අපේ රටේ ලෝකයේ ජාත්‍යන්තර හා දේශපාලන සම්බන්ධතා පිළිබඳ ආර්ථිකය පිළිබඳ මම ඉගෙනගෙන විශ්ලේෂණය කරලා තියෙන නිසා.
මේ මොහොත වන විට ලෝකයේ රටවල් ඇතුළත මෙන්ම රටවල් රටවල් අතරෙත් යුධ ගැටුම් ඇතිවී තියෙනවා. මෙම ගැටුම්වලට මූලික හේතුව විවිධ මිනිස් කොටස් තුළ අන්‍ය අවබෝධය හා සුහදතාවය කඩා වැටිමයි.
අපේ ළමයින් ඉගෙන ගන්න ඕන රැකියා ගන්න විතරක් නොවෙයි. අපි එතනට කොටු වන්නත් එපා. එහෙම වුණොත් අපිත් රොබෝ මිනිසුන් බවට පත්වෙනවා. ලෝකයේ ඉන්න සතුන්ට වඩා අපි වෙනස් වෙන්නේ මේ ඔලුවේ තියන පුංචි මොළය නිසයි.
අපේ පාසල් අධ්‍යාපනයට අද මොකද වෙලා තියෙන්නේ. එදා අපේ ආචාර ධර්ම, සමාජ විද්‍යාව කවුරු හරි වීසි කරල දාලා මේ දහම ළමයින්ට උගන්වන්න ඕන. තෛපොංගල් සමරන්නේ දමිල ජාතිකයින්ගේ ආගමික ජාතික මෙන්ම සංස්කෘතික උත්සවයක්. ඉදිරියේ දී මේ වගේ සිංහල මුස්ලිම් අයවලුන්ගේ උත්සවයන් එකට පවත්වන්නට කටයුතු කරනවා. අප එයින් බලාපොරොත්තු වන්නෙ මේ රටේ ජීවත් වන සියලුම ජාතික ආගමික පිරිස් එකම මවකගේ දරුවන් ලෙසින් ජීවත් වීමට පුරුදු කිරීම යෑයිද හිටපු ජනාධිපති චෞර රැජිණ සඳහන් කළාය.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර ද කතා කළ අතර මෙම අවස්ථාවට දකුණු පළාත් සභාවේ අමාත්‍යවරුන්වන චන්දිමාරාසපුත්ර යු.ජී.ඩි ආරියතිලක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විඡේපාල හෙට්ටිආරච්චි, හිටපු ඇමති පියසේන ගමගේද එක්ව සිටියහ.
රටම උලා කා භීෂණය පැතිරූ මේ චෞරිය ගැන අප පළකරන ලද ලිපි කිහිපයක් පහතින්.....
http://www.lankanews.org/2016/01/blog-post_76.html
http://www.lankanews.org/2015/06/blog-post_54.html
http://www.lankanews.org/2015/01/blog-post_61.html
http://www.lankanews.org/2015/12/blog-post_45.html
http://www.lankanews.org/2015/01/blog-post_61.html