ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 25, 2016

සිංහල ත්‍රස්‌තවාදීන්ගෙන් දළදා වහන්සේ රැකගන්නටත් බෞද්ධයන් නැගී සිටිය යුතු ය..!!!


දළදා මාලිගාවේ පාර ඇරීමට එරෙහි අස්‌ගිරියේ පිළිවෙත

මෙම 19 වැනි දා උද්ඝෝෂණ සිදු කළේ දේශපාලනය හා වෘත්තීය සමිති ජීවන මාර්ගය කරගත් පළපුරුදු ගැටුම් නිර්මාපකයක්‌ පිරිසකි. එම පිරිසට අයිති නැත්තේ මහනුවර උසාවියේ ගිනිකන සිව්රළුවකු හා සෝභිත හිමියන්ගේ චරිතාරෝපනය සඳහා මෙසේ වූවොත් හොඳයි සිතා වීදි සටන්කරුවකු බවට පත්වන මහාචාර්ය කෙනකු පමණි. සිවුරක්‌ දරා සිටියා නම්, එම ගෞරවය හා වෙස්‌ගැන්ම යම්තරමකට හෝ එතුමාට ලැබෙනු නියත ය. සිංහල මහැදුරකු ලෙස අපගේ සිතෙහි මෙතෙක්‌ ඇඳුන සම්භාවිත රූපය එතුමාගේ බොදු විරෝධී හැසිරීම් නිසා කෙමෙන් මැකී යයි. 
 බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමේ නීතිමය තත්ත්වය රැක ගන්නටත්, සිංහල ත්‍රස්‌තවාදීන්ගෙන් දළදා වහන්සේ රැකගන්නටත් බෞද්ධයන් නැගී සිටිය යුතු ය.


  මහනුවර රැජින හෝටලය අසලින් ඇරඹී මහමළුවට දකුණු පසින් විහිදෙන දිගු කලෙක සිට වසා දමා ඇති මාවත රථවාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කරන්නැයි ඉල්ලා පිරිසක්‌ වරින්වර හඬ නගති. ඒ සම්බන්ධ බෞද්ධ විරෝධී ආකල්ප ඉස්‌මතු කිරීමට ඇතැම් ජනමාධ්‍ය විශේෂ අවකාශයක්‌ ලබාදෙයි. අතීතයේ දී මහනුවර මහියංගණය ඒ 26 මාර්ගය ලෙස නම් කර තිබුණ මෙම මාර්ගයේ ශ්‍රී දළදා මාලිගාව අසලින් කෙළවර වන කොටස වර්තමානයේ ශ්‍රී දළදා වීදියේ නිමාවයි. එය ඉංග්‍රීසි සමයේ වෝඩ් වීදිය යි. දළදා මාලිගාව සඳහා වූ වාහන පිවිසුම් මාවත එය යි. එතැන් සිට බූවැලිකඩ දක්‌වා දිවෙන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතයි. අතීතයේ දී එය මලබාර් වීදිය යි. ෙ-. ආර්. ජයවර්ධන රජය දළදා මාලිගා පෙදෙස පූජා භූමියක්‌ ලෙස නම් කර තිබෙන්නේ ඉහත කී ප්‍රශ්න ගත මාවත ද ඇතුළත් වන අයුරිනි. එහි කුලුනක්‌ පදික වේදිකාවේ පිහිටුවා ඇත. පූජා භූමි සංවර්ධනයේ ගෞරවය හිමිවන්නේ ආර්. ප්‍රේමදාස ජනපතිතුමන්ට ය. අස්‌ගිරි මහා විහාරයේ උඩුවාවල චන්දානන්ද නාහිමියන්ගේ උපදෙස්‌ මත රන් වියන තැනුවේ එතුමාය. 1986 වසරේ පිටකොටුවේ බෝම්බ පිපිරීමත් සමඟ දළදා මැදුරේ රැකවරණය ගැන සිතූ උන්වහන්සේ මහමළුවේ උපවාසයක්‌ කළ නිසා දළදා වීදියේ වාහන ගමන නතර කෙරුණි. එහෙත් දානය පිරිනැමීමේ මුවාවෙන් සැලසුම් සහගතව පැමිණි ෙ-. වී. පී. කණ්‌ඩායමක්‌ විසින් දළදා මැදුරට ප්‍රහාරයක්‌ එල්ල කෙරුණි. ඉතිහාසයේ ප්‍රථමවරට දළදා සමිඳුන්ට පූජාව නොතබා දොරටු වසා දැමුණි. දූරදර්ශීව කටයුතු කළ පලිපාන චන්දානන්ද අස්‌ගිරි මහ නාහිමියෝ මල්වතු මහනාහිමියන් හා නෙරන්ජන් විජයරත්න දියවඩන නිලමෙතුමන් සමඟ සාකච්ඡා කොට අතීතයේ සිදු කෙරුණ ආකාරයට ම දළදා මැදුර තුළ රහසිගත තැනක දළදා වහන්සේ සඟවා තබා තම වගකීම ඉටු කළහ. නැවතත් 1998 ජනවාරි 25 දින කොටි ත්‍රස්‌තවාදීහු දළදා මැදුර ලේ විලක්‌ කළහ. එය සිදු කළේ වාහල්කඩ අසල බටහිර පැත්තේ වසා තිබූ මාර්ගය භාණ්‌ඩ ප්‍රවාහනය මුවාවෙන් විවෘත කරවා ගැනීමෙනි. ඒ ගැන චෝදනාව පොලිසියට එල්ල වුණේ පහත් තැනින් වතුර ගැලීමේ නියායෙනි. 2002 වසරේ දී සැහැල්ලු වාහන සඳහා කෙටි කලකට මෙම පාර ඇරියත්, රාජපක්‍ෂ පාලන සමයේ සිමෙන්ති ගල් අතුරා පාර සංවර්ධනය කොට නැවත වසා දැමුණි. මාලිගාව ඉදිරිපස මෙම මාර්ගය විවෘත කරන්නැයි ඉල්ලා වරින්වර උද්ඝෝෂණ ව්‍යාපාර දියත් වෙයි. එම මෙහෙයුම දියත් කරන පිරිස කව්රුන් දැයි අප දැන සිටියත්, බෞද්ධ ජනතාවට එළිදරව් වුණේ පසුගිය 19 වන දින මාලිගාව අසල ගුටි බැට හුවමාරු කරගනිමින් පුදබිමෙහි රුහිරු වැගිරීමේ පාපතර ක්‍රියාවෙනි.

වත්මන් රජය මෙම ගැටුමට පටලැවෙන්නේ ජනාධිපතිවරණයට පෙර 2014 දෙසැම්බර් 09 දින රිවර්ඩේල් හෝටලයේදී පාර අරින බවට දුන් පොරොන්දු වීම හේතුවෙනි. මැතිවරණවල දී එවැනි පොරොන්දු දීම සුලබ දෙයකි. මාලිගාව අසල පාර ඇරීමට ඉඩ නොදීම ගැන චෝදනා එල්ල කරන්නේ අස්‌ගිරි විහාරයට යි. සමහරු මට දොස්‌ පවරති. අස්‌ගිරිය ආණ්‌ඩුවට මෙල්ල කරගත නොහැකි තත්ත්වයක සිටිනවා යෑයි කල්පනා කිරීම මෙම දෝෂාරෝපණවලට එක්‌ හේතුවකි. විශේෂයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම තවදුරටත් තහවුරු කරන බවට අගමැතිතුමා පොරොන්දු කර ගැනීම එක්‌ ආසන්න කරුණකි. රාජපක්‍ෂ ආණ්‌ඩුව ගෙදර යෑවූ මේ එන්. ජී. ඕ. නඩය බෞද්ධ විරෝධීය. කෙසේ වූවද, 19 දින උද්ඝෝෂණය නිසා දළදා වහන්සේට හා බුද්ධාගමට එරෙහි බලවේගයන්ගේ කූට අරමුණු ගැන වැටහීමක්‌ නොමැතිව පාර ඇරීමට කැමැත්ත දැක්‌ වූ බෞද්ධ ජනතාවට සැබෑ පසුබිම අවබෝධ වුණි. මහනුවර වායු දූෂණයේ මූලස්‌ථානය දළදා වීදිය ලෙස නම් කර තිබේ. මේ හේතුවෙන් පාසල් දරුවන් 25000 කට පමණ පෙනහලු ආබාධ වැළඳී ඇතැයි මිථ්‍යා මත පතුරුවති. පාර වැසීමෙන් වැව අද්දර සඟරජ පිරිවෙණේ පොඩි හාමුදුරුවරුන්ට ස්‌වසන ආබාධ ඇතැයි මොවුන් කියන විට කම්පනයට පත් අපි මල්වතු විහාරයේ නාහිමිවරුන්ගෙන් ඒ ගැන විමසූ විට දුන් පිළිතුර නොලියන්නේ අගතියක්‌ වන බැවිනි. බුදුරදුන්ට හා දාගැබ් පිළිම නමැඳීමට ගරහන ඊනියා රහතකු වූ ගාල්ලේ සිරිවර්ධන පසුපස යන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දළදාව නොවටිනා බව අපි දනිමු. ඔය දතෙන් අපට වැඩක්‌ නැහැ. අපට ඕනෑ රාජපක්‍ෂ රෙජිමය වහපු පාර අරින්න යි. අස්‌ගිරියේ බලය බිඳින්න යි උද්ඝෝෂකයන් කියන්නේ එබැවිනි. මිසදිටුවන් එසේ කීවත් සිරිලක පමණක්‌ නොව මුලු ලොවම බොදු ජනයාට දළදාව මුදුන් මල්කඩකි. තුන්වන සියවසේ කිත්සිරිමෙවන් රජ සමයේ දී දළදාව ලක්‌දිවට එවන විට දන්ත කුමරුට හා හේමමාලා කුමරියට ගුහසීව රජු පැවසූ වදන්වලට සෑම බෞද්ධයකුම සවන් දිය යුතු ය.

"මගේ දිවි තිබෙන තුරු දළදාව සතුරන්ට නොදෙන්නෙමි. මහ සයුරෙන් එතෙර පිහිටි සීහළ දේශයෙහි සිටින්නේ ඔබගේ හෝ මාගේ නෑයන් නොවේ. එහෙත් සීහළ දේශයේ මිනිස්‌සු බුදුරදුන් කෙරෙහි සැදැහැති බෞද්ධයෝ ය. ආරක්‍ෂාව සඳහා ඔවුන්ට දළදාව ගෙනගොස්‌ දෙන්න." යෑයි ගුහසීව රජු පැවසූ බව දාඨාවංසයේ දැක්‌වෙයි. ඒ රජු අපේ රටේ මිනිසුන් ගැන කෙතරම් දැඩි විශ්වාසයකින් කටයුතු කළේ දැයි එයින් පෙනේ. සීහළ දේශයේ මිනිස්‌සු ඒ වගකීම මේ දක්‌වා ඉටු කළහ.

දළදාව සුරැකීමේ අස්‌ගිරි මහා විහාරිය භික්‌ෂූන්ගේ කැපවීම ඉතිහාස ගත වූවකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලන්දේසි උවදුරෙන් දළඳාව රැකගන්නට භාරදුන්නේ අස්‌ගිරි විහාරවාසී රඹුක්‌වැල්ලේ රතනජෝති හිමියන්ට යි. ඉන්පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පොතුහැර නාහිමියන්ට ඒ වගකීම පවරා ඇත. (ලෝරි වාර්තාව - 437 පිටුව) බ්‍රිතාන්‍ය පාලන යුගයේ වාරියපොල සුමංගල අස්‌ගිරි අනුනාහිමි දළදාව සුරැකීම සඳහා උරහිසේ තබාගෙන දඹුලු කැලයේ සැඟව සිටියේය. වාර්ෂික දළදා පෙරහැර අවසන් දින අස්‌ගිරි විහාරයට සැපත්වීම සිරිතකි. අස්‌ගිරි විහාරය ශ්‍රී දළදා මාලිගාවේ තේවාව සිදු කරන එක්‌ පාර්ශ්වයකි. ඉංග්‍රීසීන් 1853 වසරේ දළදා මාලිගාවේ විහාරාධිපති තනතුරු සමඟ දළදාවේ භාරකාරත්වය පැවරුවේ අස්‌ගිරි මල්වතු උභය මහා විහාරයේ මාහිමිවරුන්ටයි. දියවඩන නිලමේ ගිහි භාරකරු ය. අස්‌ගිරිය වෙනුවෙන් දළදාව භාරගත් යටවත්තේ සුවණ්‌ණජෝති මහනාහිමිගේ සිව්වන පරපුරේ වැඩිහිටි භික්‌ෂුව මම වෙමි. ඒ අස්‌ගිsරියේ දළදා උරුමය යි. අපේ බුදුරදුන්, සම්බුදු සසුන, දළදා වහන්සේ සුරැකීම සඳහා දිවි පුදන්නට, උපවාස කරන්නට අස්‌ගිරියේ භික්‌ෂූන් සැරසීම නින්දාවට කරුණක්‌ නොවේ. අප එසේ කරන්නේ බෞද්ධයන්ගේ අයිතිය වෙනුවෙනි.

මෛත්‍රීගේ අනාගතය තීරණය කරන්නේ අස්‌ගිරි පන්සල නොවන බව එක්‌ නීතිඥයකු, පත්තරයකට ලියා තිබුණි. එය සැබෑවකි. නමුත් ඔහු හිතන අරුතෙන් නොවේ. එම තීන්දුව මහජනයා සතුවූවකි. පුද්ගල බද්ධ ආන්තික දේශපාලනයක්‌ අස්‌ගිරි විහාරයට නොමැත. පසුගිය රජය සමයේ මාලිගාව අසල රථ ධාවන තරගයට එරෙහි වූයේ අස්‌ගිරිය යි. පෞද්ගලිකව මා එයට මැදිහත් වූයේ දළදා වහන්සේගේ ගෞරවය වෙනුවෙනි. කිසියම් කෙනකු හිතවතකු හෝ බලවතකු වූවද, ඔහුගේ කටයුතු බුදුසසුනේ හා මව්බිමේ පැවැත්වීමට අභියෝගයක්‌ නම්, එයට අප එකඟවන්නේ නැත. භික්‌ෂූන් සිදු කරන්නේ උද්ගත කාරණා ගැන පාලකයන්ට අනුශාසනාවකි. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔවුන්ගේ කාර්යයකි. අපගේ වැටහීම නම්, අගමැති තුමා, ජනාධිපතිතුමා සහ ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිතුමා දළදා වීදිය විවෘත නොකරන තීරණයක සිටිනවා කියා ය. ඒ වෙනුවට විකල්ප මාර්ගයක්‌ තැනෙනු ඇත. මාර්ග අවහිරතාවට හේතුව හා දෝෂාරෝපනය නම්, වැසූ මාවතට විකල්පයක්‌ ලබානොදීමයි. මහනුවර නගර වීදිවල දිගු කාලයක්‌ රථවාහන නොනැවැත්වීම, නිතර අලෙවි නොවන භාණ්‌ඩ වෙළෙඳසල් නගරයෙන් පිටත ස්‌ථාන ගත කිරීම, රජයේ කාර්යාල පල්ලේකැලේ ප්‍රදේශයට ගෙනයැම වාහන තදබදයට පිළියම් ය. පෙරහැර සහ දළදා ප්‍රදර්ශන අවස්‌ථාවල පදිකයන්ට ගමන් කිරීමට ඇති අතුරු මාවත් අවහිර කොට වෙළෙඳ කුටි ඉදිකර තිබෙන්නේ මුදල් හා දේශපාලන බලයෙනි. මාලිගාව පාර ඇරීමෙන් මහනුවර ජනතාවගේ ගැටලු විසඳෙන්නේ නැත. වාහන තදබදය මුලු නුවර නගරයට ම බලපාන්නකි. දළදා වීදිය දේශපාලනය හසුරු වන සාධකයක්‌ කර ගත යුතු නැත.

දළදා මාලිගා පරිශ්‍රය සම්බන්ධ කටයුතුවල දී කාගේත් අවධානය යොමු විය යුතු නඩු තීන්දුවක්‌ තිබේ. 1990 දෙසැම්බර් 15 දින සම සමාජ පක්‍ෂයේ ලේකම් බර්නාඩ් සොයිසා, ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ලේකම් සහ බහුජන නිදහස්‌ පෙරමුණේ ලේකම් මහනුවර මහමලුවේ සත්‍යග්‍රහයක්‌ හා උද්ඝෝෂණයක්‌ පැවැත්වීමේ දී ඇති වූ ගැටුමක්‌ නිසා නීතිපතිට හා පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කළහ.  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 (1) (a) සහ (ඉ) වගන්තිවලට හා දණ්‌ඩ නීති සංග්‍රහයේ පොදු ස්‌ථානයකට අදාළ නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකම යටතේ එය ගොනු කෙරුණි. අස්‌ගිරි මහා විහාරයේ පලිපාන සිරිනිවාස නාහිමි සහ නෙරන්ජන් විජයරත්න දියවඩන නිලමේ දළදා මාලිගාවේ අයිතිවාසිකම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළහ. ගාස්‌තුවට යටත් කොට නිෂ්ප්‍රභ කෙරුණ එම පෙත්සම පිළිබඳ තීන්දුවේ සාරාංශය මෙය යි.

මහමළුව යනු ශ්‍රී දළදා මාලිගාවට අයත් භූමියකි. මහමළුව නමැති පොදු ස්‌ථානය ආගමික හා එයට ආනුෂංගික කටයුතු සඳහා වෙන්වූවකි. එය ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ වූවත්, වෙනත් නීති යටතේ පවතින මූලික නිදහස එහි දී බලාත්මක නොවේ. කෙනකුට මූලික අයිතිවාසිකම් භුක්‌ති විඳිය හැක්‌කේ ජනවාර්ගික හෝ ආගමික නිදහසට බාධාවක්‌ නොවන අයුරිනි. ගාලු මුවදොර, ලිප්ටන් වටරවුම හා කොටුවේ බස්‌ නැවතුම්පොළ යන පොදු ස්‌ථානයන් සමග මහමළුව සැසඳිය නොහැක. උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය ආගමික අරමුණින් බැහැර වූවකි. දළදා මාලිගාවේ ගෞරවයට හා එහි රැස්‌වන තැනැත්තන්ගේ ආගමික නිදහසට හානි වන කිසිම දෙයක්‌ ඒ අවට පරිසරය තුළ කළ නොහැක. එහි සිදු කෙරෙන කටයුතුවලට අදාළ බලධාරීන්ගෙන් අවසර ගත යුතු යි. ව්‍යවස්‌ථාවේ 10 වන වගන්තියේ එන ආගමික අයිතියත්, එකලාව හෝ සාමූහිකව ස්‌වකීය සංස්‌කෘතික භුක්‌ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස පිළිබඳ 14 (ඊ) වගන්තියත් ඉක්‌මවා හැසිරෙන්නට මහමලුව හා දළදා මාලිගාව ආශ්‍රීතව කිසිවකුට ඉඩක්‌ නොලැබේ.

ඉහත කී තීන්දුව දළදා වීදිය සම්බන්ධයෙන් ද අදාළ වෙයි. දළදා මැදුරෙන් එළියට එන සැදැහැවතුන් පා තබන්නේ මේ මාර්ගයට යි. ඔවුන්ට දළදා වඳින්නට සාමකාමී පරිසරයක්‌ තිබිය යුතුය. අතීතයේ මෙවැනි ජනාකීර්ණ තත්ත්වයක්‌ දළදා මැදුර අසල නොතිබුණි. මෙම මාර්ගය විවෘත කළොත් උද්ඝෝෂකයන් එය ලිප්ටන් වටරවුමක්‌ බවට පත් කර ගැනීම සිදුවනු ඇත. කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් පමණක්‌ නොවන බවට මේ උද්ඝෝෂකයන්ගේ හැසිරීමෙන් තේරුම් ගත යුතුය.

මෙම 19 වැනි දා උද්ඝෝෂණ සිදු කළේ දේශපාලනය හා වෘත්තීය සමිති ජීවන මාර්ගය කරගත් පළපුරුදු ගැටුම් නිර්මාපකයක්‌ පිරිසකි. එම පිරිසට අයිති නැත්තේ මහනුවර උසාවියේ ගිනිකන සිව්රළුවකු හා සෝභිත හිමියන්ගේ චරිතාරෝපනය සඳහා මෙසේ වූවොත් හොඳයි සිතා වීදි සටන්කරුවකු බවට පත්වන මහාචාර්ය කෙනකු පමණි. සිවුරක්‌ දරා සිටියා නම්, එම ගෞරවය හා වෙස්‌ගැන්ම යම්තරමකට හෝ එතුමාට ලැබෙනු නියත ය. සිංහල මහැදුරකු ලෙස අපගේ සිතෙහි මෙතෙක්‌ ඇඳුන සම්භාවිත රූපය එතුමාගේ බොදු විරෝධී හැසිරීම් නිසා කෙමෙන් මැකී යයි. ජාත්‍යන්තර එන්. ජී. ඕ. ඉත්තන් රොත්තක්‌ පිරිවරාගත් එතුමාගේ යහපාලන ගමනේ නිමාව හුදෙකලාව මැයි. ඇතැමුන්ට නම් ඉදිරියට යන්නට යෑපුම් මං සැකසී තිබේ. බොදු දනන්ගේ මුදුන් මල්කඩ වූ දළදා පුදබිම අබියස මේ පිරිස හැසිරුණ හැටි ඉතා නින්දිතය. ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදයක්‌ පවතිනවා යෑයි තවදුරටත් විදෙස්‌ රටවලට ඒත්තු ගැන්වීම, දේශපාලන අභිලාෂ සිතේ තබාගෙන අස්‌ගිරි මල්වතු සංඝ භේදයක්‌ ඇතිකිරීම, ආණ්‌ඩුව බලයට පත් වූ පසු තමන් ඈත් කිරීමේ වේදනාව හා ආණ්‌ඩුවට අනතුරු ඇඟවීම උද්ඝෝෂණයට හේතු බව පෙනේ.

ආගම හා රාජ්‍යය වෙන් කළ යුතු බවත්, බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ වුවමනා නැති බවත් කියන පිරිසක්‌ බෞද්ධයන් අතර ම සිටිති. ඒ එම වගන්තිය ඉවත් කිරීමෙන් සිදුවන හානිය නොදැන ය. නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථාන අයිතිය නැතිවන ලෙස මහඇමැති පිල්ලෙයාන් ඉදිරිපත් කළ පුරාවිද්‍යා පනත ඉවත් කෙරුණේ ඒ වගන්තියේ පිහිටෙනි. ත්‍රිකුණාමලයේ බුදුපිළිමය රැකුණේ එම බෞද්ධ අයිතියෙනි. බෞද්ධයන් අන්‍යාගම්වලට හැරවෙන පනත් තුනක්‌ අවලංගු කෙරුණේත් එමගිනි. එවැනි නිදසුන් රැසකි. දළදා මාලිගාවේ අයිතියටත් එය පිහිටකි. එනිසා බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමේ නීතිමය තත්ත්වය රැක ගන්නටත්, සිංහල ත්‍රස්‌තවාදීන්ගෙන් දළදා වහන්සේ රැකගන්නටත් බෞද්ධයන් නැගී සිටිය යුතු ය.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරිය කාරක සංඝ සභික

Bomb explosion in Kandy


Security personnel inspecting the scene of devastation opposite Dalada Maligawa.
EXTENSIVE damage has been caused to the Dalada Maligawa building, due to a huge explosion which took place at 6.10 a.m. yesterday opposite the main entrance to the Dalada Maligawa causing the death of eight persons and injuring about 25 others.
Among the bodies recovered were those of five LTTE terrorists who had come in a lorry carrying the explosives. Among the injured are police personnel and pilgrims who had come to make offerings at the Maligawa.
It is believed that the lorry carrying the explosives had come through King Street passing the main entrance to the President’s Pavilion and breaking down the iron railing (road block) opposite the Vishnu Devale and driven towards the Dalada Maligawa entrance where it had exploded.
Buildings within a radius of more than five kilometres in the city had been damaged while almost all glass panes were broken. The sound of the explosion was heard about six to seven miles off Kandy.
The roof of the octagon, the walakulu bemma, and other buildings of the Dalada Maligawa have been damaged and the retaining wall by the side of the Natha Devale and the Bo Tree have also been damaged.
Five bodies of the 10 persons killed in yesterday’s bomb explosion near the Dalada Maligawa were identified by relatives by evening yesterday.
They are H.B. Somawathie, H.B. Seelawathie, Sumanawathie, Gayan and Ishara from Eheliyagoda. The bodies of the three LTTE suicide bombers were removed to the Kandy Police Mortuary.
Meanwhile, Minister D.M. Jayaratne, Deputy Minister Lakshman Kiriella, Presidential Secretary K. Balapatabendi, Defence Secretary Chandananda de Silva and Army Commander Rohan Daluwatte yesterday visited the 23 injured bomb victims at the Kandy General Hospital.
At the site of the explosion (on the road) opposite the Maligawa entrance (Maha Vahalkada a chassis and some parts of the blasted vehicle, a T-56 gun, some grenades and parts have been found. Among the bodies found on the spot were of two terrorists clad in sarong and also a head of a body of a woman with long hair near the main entrance to the Maligawa.
On sighting the lorry coming towards the Maligawa, the Army sentries have fired at it but the terrorists had resisted and driven forward.
The Diyawadana Nilame Neranjan Wijeyeratne told the media that he heard the blast when he was at home and rushed to the Maligawa.
Agriculture and Lands Minister D.M. Jayaratne who rushed to the scene accompanied by MP Wilson Kuruppuarachchi condemned the attack and said this attack clearly showed that the LTTE terrorists were most barbaric and inhuman.
The entire world saw how the uncivilised activities of the terrorists, he said.
DIG Central Range A.A. Samarasinghe is directing investigations with SSP Kandy Nimal Mediwaka assisted by ASP Wickremasinghe and HQI Saliya Silva.
Meanwhile a press release issued by the Operational Headquarters of the Ministry of Defence said yesterday: “A powerful bomb exploded opposite the Dalada Maligawa in Kandy today at 6.10 a.m. A suicide squad of the LTTE had proceeded in a lorry along Raja Veediya and had fired at the road blocks. The lorry crashed through the gate and exploded in front of the Dalada Maligawa.
“The bodies of two terrorists and five others who were in the vicinity were recovered. Due to the explosion, the entrance and the roof of the Dalada Maligawa were damaged. However the inner chamber of the Dalada Maligawa is intact.
“Police and Security Forces have commenced investigations.”
Meanwhile Kumar Wettasinghe reporting from Kandy said:
“A crater eight feet deep and eight feet in diameter has been created opposite the Dalada Maligawa due to the explosion. Engine parts of the vehicle which carried the explosives could be seen inside the crater.” Residents have informed the Kandy police about a green-coloured Land Rover vehicle which had been seen leaving Kandy towards Ampitiya at about 6 a.m.
Industrial Development Minister C.V. Gooneratne visited the Dalada Maligawa and met Diyawadana Nilame Neranjan Wijeyaratne. He inspected the site of the blast and the Dalada Maligawa and had a conference at the office of the Diyawadana Nilame, along with Ministers Ratwatte and Jayaratne.
General Ratwatte directed the officials to take immediate steps to effect repairs to the damaged caused to the Dalada Maligawa by the blast and also to have adequate security measures at the Maligawa. He directed that if there were any objects of archaeological value, those be sent to the Archaeological Department.
General Ratwatte also directed the police and the Security Forces to take adequate measures to prevent any breach of peace in the city of Kandy following this incident.
There could be a few black sheep or saboteurs who could instigate some unwanted incidents, he told Police. Irrigation and Power Minister and Deputy Minister of Defence General Anuruddha Ratwatte issued the following statement on the incident.
“It’s very unfortunate that the incident like this has taken place at this very important juncture in the history of our country. It is pretty obvious that the LTTE is desperate. It is in desperation that they have resorted to an act of this nature.
They are at the end of terror in the North with the military operations, so they have reacted in this manner.

Another view of the blast
Obviously there have been some shortcomings here in the security network. We will go into this matter. The objective of this exercise by the Tigers is twofolds. One is to stop the independence celebrations. The second in attacking and damaging this most sacred place is to demoralise and divide our Sri Lankan nation. Under no circumstances will the planned celebrations be changed.
We will conduct the celebrations as planned.
Secondly I request all people in the country not to be demoralised and not to lose heart in situations like this. Let us together, without finding fault with each other immediately reconstruct the Maligawa. Everybody is invited to join us to rehabilitate this temple. There is damage only on the outside. The relic chamber and building is not damaged. This has been done to damage the prestige and break the self-confidence of the Sri Lankan nation and this should not be permitted.
Troops have recovered three bodies of terrorist and eight bodies of civilians. Twenty three injured civilians have been evacuated to the Kandy Hospital for treatment, a later official release said.
Troops also recovered three suicide jackets, two T56 weapons, one disposable RPG, two intercom radio sets and 10 rounds of 40mm ammunition from the scene of the incident, the release said.
An Information Department release said: “Investigations conducted so far reveal that the LTTE terrorists have made an attempt to disrupt the arrangements being made to celebrate the independence on February 4 in Kandy.
The Government wishes to state that the celebrations of the 50th anniversary of the Independence will be held in Kandy as scheduled on February 4.”

The attack on Sri Dalada Maligawa

The attack on Sri Dalada Maligawa the holiest shrine of the Sri Lankan Buddhists shocked the nation more than any other in the three decades the LTTE terrorists had come out in the open to attack civilians and important sites including places of worship.
In the mind of the terrorist group the hatred of the Buddhist clergy and some times the hatred of Hindu clergy and desecration of places of worship by killing people in the precincts of temples like the way Jaffna Mayor Alfred Duraiappah outside the Hindu Temple in Jaffna when he came out after worship showed clearly that the LTTE did not respect religion or members of the clergy.
Though the attack on the shrine did not kill a large number of people it caused extensive damage to the holy shrine and it took a long time and several million rupees to repair the damages to the invaluable sections of the building that had both a religious and archaeological value.
On October 16, 1997 LTTE suicide cadres hidden in a lorry bringing rice to the Galadari Hotel, Colombo exploded a bomb at the hotel car park in the morning. In that attack twelve people including a member of the Buddhist clergy were killed and another 115 people were injured. And some of the suicide cadres among them next moved on to the area of the entrance to the World Trade Centre close by to attack the centre but were killed by the army and police who were alert after the bomb was exploded.
The other suicide cadres four of them hovering around the Galadari found they could not escape the security forces and police closing in on them and ran across the road and while running shot at the Sambuddhaloka Viharaya Temple killing the Chief Incumbent Ven Vitharandeniye Chandrajothi Thera.
It was clear that they had by chance seen the monk when they were fleeing to escape the security forces and the police and killed him.
However the last hiding place the four terrorists sought was Lake House and they came into the building and crept up the ceiling but the Army commandos pursued them and shot dead two while the other two suicide cadres bit into their cyanide capsules and committed suicide.

Maligawa building not damaged says Diyawadana Nilame

The Diayawadana Nilame Neranjan Wijeyeratne issued the following statement on the Kandy bomb blast:
“Commenting on the bomb blast the Diyawadana Nilame of the Sri Dalada Maligawa Neranjan Wijeyeratne said that a grave tragedy occurred opposite Sri Dalada Maligawa this morning. A LTTE lorry spraying bullets broke through the road barrier on King Street near the entrance to President’s House in Kandy, proceeded along the street and exploded opposite the portals of the Sri Dalada Maligawa.

Aftermath of the bomb explosion
“The front of the portal, the old octagon and the rampart around the Dalada maligawa were damaged in the blast.
However, no damage was caused to the 400-year-old building which houses the Sacred Tooth Relic, except for a few cracks in the walls. No serious damage has been caused to the terrace, relic chamber, the elephant tusk doors and the casket too have not been harmed.
The traditional rites were performed as usual this morning. The intention of the LTTE has been to provoke the Sinhala community and create serious problems.
The people, as Buddhists, should not be shaken by this incident. They should form a firm determination to show the world that the Buddhists are united.
It is only if the people are shaken by the incident that the LTTE will be able to achieve their objectives. As Buddhists, Minister Anurudha Ratwatte, Minister D. M. Jayaratne and UNP MPs too have arrived on the scene.
MPs of the PA and UNP are now engaged in clearing the affected areas in the temple.
This is a sign of unity among the Buddhists in Sri Lanka.
On the instructions of the President, institutions such as the Urban Development Authority and the State Engineering Corporation have already launched the reconstruction work. Therefore, Buddhists should help the authorities to complete the reconstruction work as soon as possible and reopen the temple for veneration.
The people should act calmly, collectively and assist the authorities to carry out the reconstruction work.
No damage has been caused to the building which houses the sacred tooth relic or to the lower terrace.
The building of the Dalada Maligawa has not suffered the slightest damage. This confirms the power of the Sacred Tooth Relic.
The damage caused by the terrorists will lead in their own destruction.
From the sacred precincts of the Sri Dalada Maligawa, he calls upon Buddhists to be calm and unite to show the strength of Buddhists in the island by uniting to reconstruct the temple and thereby, destroy the power of the terrorists.”


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.