රවිරාජ් ඝාතකයා සිංගප්පූරුවට -ගොඨා අල්ලන්න කුමන්ත්‍රණයක්...!!! පසුගිය 2015 වසරේ අප්‍රියෙල් 6 වැනිදා අප අනාවරණය කල පරිදිම ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මත පැටවිමට සුදානම් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.අනාවරණය –පැඩි ෆිල්ඩ් මාෂල් රවිරාජ් ඝාතනයෙන් ගැලවිමේ සුදානමක – ගෝඨාභය,කරන්නාගොඩ බිල්ලට දෙන්න යයි
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රුපියල් කෝටි පහක මුදලක් කරුණා පාර්ශ්වයට ලබා දුන් බව බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න නැමත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හෙවත් යහපාලන් හුරතලා වන තිළිණ ගමගේ හමුවේ සාක්කි දි තිබේ.“රවිරාජ්ට වෙඩි තියන්න මඩකළපුවේ සිට පැමිණි ඔහු රට සිටි අයෙක්. රුද්‍රා මාස්ටර් ඔහු ගැන දන්නවා. වැරන් මට කිව්වා වැඩේ සක්සස් වූ නිසා ගෝඨාගෙන් සල්ලි කෝටි 5 ක් සංවිධානයට හම්බවුණා කියලා. එම සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා ලැබුණා. මම රවිරාජ් ඝාතන සිද්ධිය පොලිස් අධිකාරි ජයවර්ධන මහතාට කියන අවස්ථාවේදී කීර්ති ගජනායකට දුරකථන ඇමතුම දුන් විට ඒක ඉහළින් ලද ඕඩර් එකක් කියලා කිව්වා. ඒ අනුව මෙම රවිරාජ් ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා දැනුවත්ව සිදුවූ බවට මා පවසනවා. රවිරාජ් ඝාතනයට හේතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව වෙඩි තියන්න ඇති කියලා මම හිතනවා. කීර්ති ගජනායක, වැරන්, ඩූල් යන අයගේ කුමන්ත්‍රණයක් බවට මා පවසනවා.” යනුවෙන් පාහර කොස්තාපල්වරයා සාක්ෂි සටහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කුස්සියේ වලං පිගන් හොදා පසුගියදා කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගත් යුධ හමුදාවම පාවාදුන් පැඩි ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද මෛත්‍රීපාල සිංගප්පූරුවට ගිය පසු වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුවට ගොස් ඇති අතර කෙසේ හෝ ගෝඪාභය රාජපක්ෂ හිර කර රාජපක්ෂලා මර්දනය කිරිමට අවශ්‍ය කුමන්ත්‍රණය දියත් කිරිම සදහා මවුන්ට් එලිසේබෙත් රෝහලේ කුමන්ත්‍රණ සාකච්ඡා සිදුවෙමින් තිබේන බව අනාවරණය වි තිබේ.
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රවිරාජ් ඝාතනය කල අයුරු…
“යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග වූ බෑගය සහ බට් මොඩල් T56 නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා රැගෙනගියේය.සැබැවින්ම රාජිතලාට අවශ්‍ය වූයේ මෙයය. මළමිනී වෙලදාම.”
කලුතරදී නූලෙන් මිස් වූ රවිරාජ් ඝාතනය නාරාහෙන්පිට මාතා පාරේදී සිදු කරන්නේ නැකැත් බලාය. යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.
මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන්කට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කික අභියොගයට කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සිටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු300 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු අභියෝග කලේය.උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. ෆොන්සේකා හා චම්පික එකල්හි දිවට දිව ගා සිටි අය විය.රවිරාජ් ඝාතන න්‍යාය කවරෙකුගේද යන්න දන්නේ ඔවුන් පමනකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය.
අපගේ ස්තූතිය ලංකානිව්ස් වෙබ් ටුඩේ වෙත