අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා” කියමින් ,අපේ උදාර ත්‍රිවිඩ හමුදාවම
විහිළුවට ලක් කල නිවට නියාලු මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ්‍රි ලංකා රේගුවෙන්
රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි
ගසමින් රේගුව විනාශ කරන බවට අප අවස්ථා ගණනාවකදි කල අනාවරණයන් අද රේගු
නිලධාරීන්ගේ සංගමය විසින් තහවුරු කර තිබේ.
මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි….
වර්තමාන ආණ්ඩුවේ අත්තනෝමතික, අවස්ථාවාදී, ක්‍රියාකලාපයන් හේතුවෙන් රටේ
ආර්ථිකයට ප්‍රධානතම දායකත්වය ලබාදෙන්නා වූ රාජ්‍ය ආයතනය වන රේගු
දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වීමේ තත්ත්වයක් උද්ගතවෙමින් පවතී.
වසර 200 ක ප්‍රෙෘඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන රේගු දෙපාර්තමේන්තුවේ
ක්‍රියාදාමයන් සියල්ලක්ම අවියෝජනීයව බැඳී ඇත්තේ වසර 1869 දී නීතිගත කරන ලද
රේගු ආඥ පනත තුළිනි. ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූල භාණ්ඩ ආනයන අපනයන
ක්‍රියාවලියේ යෙදෙන ව්‍යාපාරික භවතුන්ට පහසුකම් සැලසීම මෙන්ම විවිධ අණපනත්
47 ක පමණ නීති සමුදායක් මගින් ආවරණය කෙරෙන නීති රාමුවක ක්‍රියාවලින්
ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාජ සුරක්ෂණය සඳහා වන ක්‍රියාවලීන් සඳහා දායකවීම
ද ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමුඛතම කාර්යභාරයන් වේ. රේගු විමර්ශන කටයුතු මගින්
විවිධ ක්‍රම මාර්ගයෙන් ව්‍යාජ ලෙස ශ්‍රී ලංකාව තුළට ආනයනය කරන ලද භාණ්ඩ
සඳහා දඩ මුදල් පැනවීම තුළින් ශ්‍රී ලංකා රජයට රේගු නිලධාරීන් විසින් උපයා
දී ඇති මුදල රුපියල් බිලියන ගණනක් වේ.
නමුත් පසුගිය වකවානුවේ සිටම රේගු විමර්ශන කාර්යයන් අඩපණ කිරීම සඳහා
විවිධ පිඹුරුපත් සකසන ලද අතර මෑත කාලයේ සිටි විමර්ශන නිලධාරීන් අධෛර්යයට
පත්කරවන විවිධ නියෝග හා චක්‍රලේඛ නිකුත් කරමින් පවතී. සාමාන්‍යයෙන් භාණ්ඩ
ආනයනයකදී හෝ අපනයනයක දී ඕනෑම ආනයනයක් හෝ අපනයනයක් විමර්ශන අංශ කිහිපයක
අධීක්ෂණයට යටත්ව සිදුකළ හැක. මෙමගින් නීති විරෝධී ක්‍රියාවන් අවම කිරීම හෝ
සම්පූර්ණයෙන් වැළැක්වීම සිදුවේ. මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව වැනි බදු
ආර්ථිකයක් මත පදනම් ව රාජ්‍ය ආදායම එකතු කරන ඕනෑම රාජ්‍යයක සිදුකරන
ක්‍රමවේදය වේ. මෑතකදී නිකුත් කෙරුණු දෙපාර්තමේන්තු නියෝග අංක 1046 මගින්
මෙම ක්‍රියාදාමය ඉහළ නිලධාරීන් කිහිප දෙනකු විසින් පාලනය කරන තත්ත්වයකට
පත්කොට ඇත.
එතකුදු නොනැවතී මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක්
ඉදිරිපත් කරමින් රටේ ආදායම් එකතු කරනු ලබන ප්‍රධානතම දෙපාර්තමේන්තු 04 වන
රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව
සහ තක්සේරු දෙපාර්තමේන්තුව යන ආයතන වල ක්‍රියාදාමයන් නියාමනය සහ
විමර්ශනයට යෑයි කියමින් නිලධාරීන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් නිර්මාණය
කිරීමට සැරසෙන බවට අපට දැනගන්නට ලැබී ඇත. සාමාන්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශ
ඉදිරිපත් කරනු ලබන ක්‍රමවේදයෙන් බැහැර වෙමින් ඉතා සූක්ෂ්මව සහ රහසිගතව
අදාළ මුදල් අමාත්‍යාංශ අංක MF/06/100/2016/16 සහ පාර්ලිමේන්තු කටයුතු
අමාත්‍යංශ අංක 16/0215/719/010 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කොට ඇති
අතර එය පෙබරවාරි මස 24 වන දින අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත ඉදිරිපත් කිරීමට
යෝජිත බවද අපට දැනගන්නට ලැබී ඇත.
කරුප්පයියාගේ අල්ලස් වාර්තා –කෝටි 12 දැවැන්ත අල්ලස සමග ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) මාට්ටු!
පසුගිය කාලය පුරා පුවත් මැවීමට සමත්වූ අදටත් පාර්ලිමේන්තු විවාද වලදී
පවා ප්‍රධානතම මාතෘකාවක් වී ඇති ප්‍රාඩෝ වාහන සිද්ධිය සම්බන්ධව වාහන
ආනයනකරුවන් පිනවීම උදෙසා තීන්දු තීරණ ලබාදුන් මුදල් අමාත්‍යවරයා සහ තමන්
විසින් අදාළ මුදල් රජයට උපයාදුන් බව උදම් ඇනූ රේගු අධ්යක්ෂ ජනරාල්වරයා
අදටත් අදාළ වාහන පිළිබඳ විමර්ශන කටයුතු සිදුකළ නිලධාරීන්ට තුති පුද
කිරීමක්වත් සිදුකර නොමැත. අදාළ සිද්ධියෙන් පසු වාහන පිළිබඳව විමර්ශන
කටයුතු කිරීම පිළිබඳව රේගු නිලධාරීන්ට තහංචි පැනවූ අතර ඉන් රජයට අහිමිවී
ගිය ආදායම රුපියල් බිලියන ගණනකි. එපමණක් නොව රේගු නිලධාරීන් විසින්
පිටරටින් ආනයනය කරනු ලබන සුඛෝපභෝගී වාහන සහ ජීප් රථ සම්බන්ධයෙන්
ක්‍රියාත්මක කරමින් තිබූ විමර්ශන කටයුතු අත්හිටුවීමට නියෝග ලබාදුන් අතර,
එමගින්ද රජයට අහිමිවී ගිය ආදායම අතිවිශාලය. තවද ශ්‍රී ලංකාවට ගෘහ විදුලි
උපකරණ ආනයනය කරනු ලබන ප්‍රධානතම පෞද්ගලික ආයතන දෙකකට එරෙහිව ලියාපදිංචි කරන
ලද විමර්ශන කටයුතු පැය 24 ක් තුළදී අත්හිටුවා දැමීමට රේගු අධ්යක්ෂ
ජනරාල්වරයා නියෝග ලබාදුන් අතර එමගින් රජයට අහිමි වී ගිය ආදායම පවා තක්සේරු
කිරීමට නොහැකිවිය.
අයවැයට අත උස්සන බත් බැලයන්ට ප්‍රාඩෝ ජීප්-කෝටි 322 ක් රටට අහිමි වේ
මේ මොහොත වන විට රේගු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් අවම වශයෙන් රේගු
අධ්යක්ෂ ජනරාල්වරයා හෝ නොවිමසා මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය
මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත රහසිගත අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත්
කිරීම වැළැක්වීම අරමුණු කරගෙන රේගු ආනයන අංශයේ රාජකාරි වලින් බැහැරවීමේ
වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී ඇත. කෙසේ වෙතත් ගුවන් තොටුපළ, මගී
ගමන් සේවා හා ගමන් බඩු, අපනයන, තැපැල් තක්සේරු හා රේගු නිවාරණ ආදී සෘජුව
ජනතාවට බලපාන අංශ වල සාමාන්‍ය රේගු රාජකාරි පැවැත්වේ. අදාළ ගැටලු සඳහා
ලැබෙන ආණ්ඩුවේ ප්‍රතිචාර අනුව එම අංශවල ඉදිරි ක්‍රියාමාර්ග පසුව තීරණය
කරනු ලැබේ.
– රේගු නිලධාරීන්ගේ සංගමය-
අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙත
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 25, 2016
ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) හොරා කෑම...!!!
Posted by
lankanews
at
February 25, 2016
Labels: finance minister, lankanews, lankanews online Sinhala Newspaper, ravi, ravi karunanayagam, ravi karunanayake, unp, yahapalanaya
ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) හොරා කෑම...!!!
2016-02-25T22:01:00+01:00
lankanews
finance minister|lankanews|lankanews online Sinhala Newspaper|ravi|ravi karunanayagam|ravi karunanayake|unp|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
