ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 3, 2016

විලියම් සිංඤෝ එක්ක මමත් කෝච්චියේ ගියා...!!!

‘මුල්ම පත්වීම ලැබුණේ කොහාටද?’
‘1950 පෙබරවාරි 02 මම වැඩ භාර ගත් දවස. නානුඔය රනින්ෂෙඞ් එකේ අඟුරු එන්ජිම සුද්ද කරන්න. පඩිය මාසයට ශත 58යි. බටා එක ශත 50යි. නවතින්න රේල්ලූවේ තනිකඩ ලයින් කාමර තිබුණා.’
මොකද්ද අඟුරු එන්ජිම සුද්ද කරනවා කියන්නෙ.
‘මේකේ වැඩ කියන්න ගියොත් ඉවරයක් නැහැ. අද වගේ නෙමෙයි එදා ඒ තරම් වැඩ. ඉස්සරවෙලා කියන්නම්කෝ රනින් ෂෙඞ් ගැන. ඒ කියන්නේ ලංකාවේ ලොකුම ධාවනාගාර. ලොකුම එක රත්මලානේ. අනෙක නාවලපිටිය. ඊට අමතරව දෙමටගොඩ, නානුඔය, බණ්ඩාරවෙල තිබුණා. අනිකුත් පළාත් ගත්තාම අනුරාධපුර, ගාල්ල, මාතර, මඩකළපුව, කන්කසන්තුරේ වගේ ප‍්‍රධාන තැන්වලත් තිබුණා.මාරුවෙන් මාරුවට අඟුරු බොයිලේරුවට ගහන්න ඕනෑ. එන්ජිම නිමෙන්න දෙන්න බැහැ. උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 150 තියාගන්න ඕනෑමයි. නානුඔය, ඉදල්ගස්හින්න, අඹේවෙල, පට්ටිපොළ හරියෙන් රාත‍්‍රියට දුම්රිය යනවිට අධික සීතලයි. දෙපැත්ත ආවරණය නැති නිසා දැඩි සීතල ඇඟට වදිනවා. මීදුමට පාර පෙනෙන්නේ නැතිව යනවා. එවිට උපනියාමක මහත්තයා දුම්රියෙන් බැහැලා එන්ජිමට ඉදිරියෙන් ලයිට් එක අල්ලාගෙන ඊළඟ දුම්රිය ස්ථානය දක්වා යන්න ඕනෑ.

මම ඉන්නේ අවුරුදු ගාණක් කෝච්චියත් එක්ක ඔට්ටු වෙච්ච මිනිසෙක් ඉදිරිපිටය. කෝච්චිය වගේ දිගට දිගට ඇදෙන කතාවක් ඔහු ළඟ තිබුණි. සුද්දාගේ අඟුරු කෝච්චියේ එන්ජිම සුද්ද කරන්න රේල්ලූවට බැඳුණු ඔහු දුම්රියට සමුදෙන්නේ ඞීසල් එන්ජිමක රියදුරකු විදිහටය. රේල් පාරටම වයසට ගිය ඔහුගේ අතීත මතක බඩු කෝච්චියක් පිරෙව්වද පුරවාලිය නොහැකි තරම්ය. අසූහය වියට එළැඹි ඔහුගේ සැඳෑ සමය ගෙවෙනුයේ ගම්පොළට නුදුරු වල්ලාහගොඩ ගමෙහිය.
වයෝවෘද්ධ වුවද තවමත් ජවසම්පන්න මේ මිනිසා නමින් කේ.ජී.එම්. විලියම් සිංඤෝය.
‘අපේ පවුලම කෝච්චි පවුලක්. මගේ තාත්තා සන්ටර් කෙනෙක්. (කෝච්චි පෙට්ටි එකට අමුණන්නා.) තාත්තා තමයි මාවත් රේල්ලූවට දැම්මේ. මගේ ලොකු පුතාත් දුම්රිය රියදුරෙක්. දැන් විශ‍්‍රාමිකයි. ඒත් පුත්තලම සිමෙන්ති කෝච්චියේ තවමත් වැඩ. අපේ පරම්පරා තුනක් රේල්ලූවේ වැඩ කළත් එතැනින් ඉදිරියට ගියේ නැහැ. මගේ පුත්තු තුන්දෙනාගේ ළමයි කවුරුත් දුම්රිය සේවයට නොගියාට මට හරි දුකයි. මම සුද්දා එක්කත් වැඩ කළා. අදට වඩා සුද්දාගේ කාලේ හොඳයි.’
විලියම් සිංඤෝ පෙට්ටියෙන් පෙට්ටියට කතාව ගළපන්නේය. හරියට තාත්තා සන්ටර් කෙනෙක් බව ඔප්පු කරන්නාක් මෙනි.‘1950දී මගේ තාත්තා නාවලපිටිය රනින්ෂෙඞ් එකේ වැඩ කරන කොට අපි හිටියේ නාවලපිටිය රේල්ලූවේ ලයින් කාමරවල. මට මතකයි දවසක් තාත්තා අම්මාට කිව්වා රේල්ලූවේ කම්කරුවෝ ගන්නවා කියලා. අපේ කොල්ලා රැුලට වැටිලා නාස්ති වෙනවාට වඩා හොඳයි රස්සාවට දාමු කිව්වා. අම්මා අදිමදි කළා. ඒත් තාත්තා මා ලවා ඉල්ලූම් පත‍්‍රයක් දැම්මා. සතියකට පසු සම්මුඛ පරීක්ෂණයට ලිපිය ආවා.’
‘සම්මුඛ පරීක්ෂණයේදී මොනවද ඇහැව්වේ.’ මමත් ඔහුගේ කතාවට ගොඩවුණෙමි.
‘ට‍්‍රාන්ස් මහත්තයාගේ නම සර් ඩෙමල්. උස මහත සුද්දා. හරි නීතිකාරයා. කොට කාකි කලිසමට අත්කොට සුදු කමිසය ඇඳලා යටකරලා ජැන්ඩියට හිටියේ. දණ පොල්කටු ගාවට මේස් දෙක ඇඳලා. යකඩ සපත්තු, සුදුපාට තොප්පිය මට මේ දැනුත් මැවෙනවා. එදා එයා එනකොට මගේ ඇෙඟ් හිරිගඩුත් පිපුණා.’
එයා මගේ ෆයිල් එක බලන්න ඉස්සරවෙලා තාත්තාගේ ෆයිල් එක ගෙනල්ලා බැලූවා. විනය චෝදනා තියෙනවාද, වැඩතහනමට ලක්වෙලා තියෙනවාද, වැඩිපුර නිවාඩු අරගෙනද. කොටින්ම සුද්දන්ගෙන් චෝදනා වක්වත් ලබලා තියෙනවාද කියලා බැලූවා. ඊළඟට මගේ උස බැලූවා. උස ඕනෑ අඩි 5 යි අඟල් 3යි. පපුව අඟල් 32යි. මට ඒ ඔක්කොම තිබුණා. ඊළඟට නාවලපිටිය ඉස්පිරිතාලේ ඞී.එම්. ඕ. ළඟට යැව්වා. වෛද්‍ය පරීක්ෂණයට. ඇස් පෙනීම 6/6 ඕනෑ. ඔක්කොම පාස් වුණාම ඒ මහත්තයා මගෙන් ඇහැව්වා රේල්ලූවට එන්න කැමතිද කියලා. මම ඔව් කිව්වා. මට රස්සාව දෙන්න හේතුව දන්නවාද ඇහැව්වා. මම නැහැ කිව්වා. එතකොට කිව්වා. ඔයාගේ තාත්තා කියලා.’ ඔහු කතාවට තිරිංග තියන කොට මම ආයෙත් කෝච්චියට ගොඩවුණෙමි.
‘මුල්ම පත්වීම ලැබුණේ කොහාටද?’

‘1950 පෙබරවාරි 02 මම වැඩ භාර ගත් දවස. නානුඔය රනින්ෂෙඞ් එකේ අඟුරු එන්ජිම සුද්ද කරන්න. පඩිය මාසයට ශත 58යි. බටා එක ශත 50යි. නවතින්න රේල්ලූවේ තනිකඩ ලයින් කාමර තිබුණා.’
මොකද්ද අඟුරු එන්ජිම සුද්ද කරනවා කියන්නෙ.
‘මේකේ වැඩ කියන්න ගියොත් ඉවරයක් නැහැ. අද වගේ නෙමෙයි එදා ඒ තරම් වැඩ. ඉස්සරවෙලා කියන්නම්කෝ රනින් ෂෙඞ් ගැන. ඒ කියන්නේ ලංකාවේ ලොකුම ධාවනාගාර. ලොකුම එක රත්මලානේ. අනෙක නාවලපිටිය. ඊට අමතරව දෙමටගොඩ, නානුඔය, බණ්ඩාරවෙල තිබුණා. අනිකුත් පළාත් ගත්තාම අනුරාධපුර, ගාල්ල, මාතර, මඩකළපුව, කන්කසන්තුරේ වගේ ප‍්‍රධාන තැන්වලත් තිබුණා.

මේ සෑම ධාවනාගාරයකම එම ප‍්‍රදේශය භාර සුදු ජාතික ට‍්‍රාන්ස් මහත්වරු හිටියා. ඔහු තමයි පාලකයා. ඔහු යටතේ ෆෝමන් මහත්වරු දෙන්නෙක් හිටියා. ඒ අයත් සුදු මහත්වරු. ඔවුන් යටතේ ධාවනාගාර ෆෝමන්වරු (එල්.එෆ්. මහත්වරු* එක් ධාවනාගාරයකට හත්දෙනා බැගින් හිටියා. එහෙම හිටපු ෆෝමන් මහත්වරු ගොඩක් අය දෙමළ. මේ අය යටතේ තමයි පිටර්ලා, මැකැනික්ලා, ෆයමන්ලා, කම්කරුවෝ සේරම හිටියේ. සුදු මහත්වරු තමයි එන්ජින් රියදුරන් වශයෙන් හිටියේ. ඒ අය එන්ජිම ෂෙඞ් එකට ගෙනල්ලා දැම්මාම ෆෝමන්වරු අපිට අණ කරනවා. ඔන්න අපේ වැඩ එන්ජිම සුද්ද කිරීම. අපි එන්ජිමේ වෑල් ටියුබ් සුද්ද කරන්න ඕනෑ. බොයිලේරුවේ වතුර අස්කරලා ටැංකි සුද්ද කරන්න ඕනෑ. ඒ අතර අඟුරු ළිපේ තියෙනවා ලොකු දොරයි පොඩි දොරයි. පොඩි දොරට කියන්නේ ටැප් දොර කියලා. එන්ජිම නිවෙන්න ඇරලා ඒ දොරවල් ඇරලා සම්පූර්ණයෙන්ම දහනය වූ අඟුරු අස්කරන්න ඕනෑ. ඊළඟට තෙල් දාන තැන්වලට තෙල් දාන්න ඕනෑ. ග‍්‍රීස් ගහන තැන්වල ග‍්‍රීස් ගහන්න ඕනෑ. මේ හැම එකක්ම අකුරටම වෙන්න ඕනෑ. වෙනවාද කියලා අපිට උඩින් අය බලන්නත් ඕනෑ. ඒක සුද්දගේ නීතිය. දවසට එන්ජින් දෙකයි සුද්ද කරන්න පුළුවන්. ඒක පණ යන වැඩක්.’
එන්ජින් සුද්ද කිරිල්ල සෑහෙන කාලයක් කළාද?
‘නානුඔය අවුරුදු දෙකහමාරයි. දෙමටගොඩ තුනයි. නාවලපිටියේ පහයි. දහයට වැඩියි. පස්සේ එන්ජින් රියැදුරා වුණා.’
එන්ජිම සුද්ද කරලා එකපාරටම රියැදුරා වුණාද?
‘අපෝ නෑ. හැම වැඬේම කළා. ගැරට් එන්ජින් ෂෙඞ් එකට ආවාම ඒකෙත් වැඩ. ඒවාට අඟුරු ගැහැව්වේ අපි. එක එන්ජිමකට ටොන් 11ක් සවල් ගහන්න ඕනෑ අඟුරු පුරවන්න. ඒකට කණ්ඩායම් හතරකට බෙදලා තිබුණා. එක කණ්ඩායමකට දහසය දෙනෙක්. වැඬේ අමාරුව තේරෙනවානේ. අඟුරු ගහලා ඉවර වුණා කියලා වැඬේ ඉවර නැහැ. ඊළඟට වතුර පුරවන්න ඕනෑ. අලි හොඬය වගේ බටයක් ගහලා තියෙනවා එන්ජිමට. ඒකට දාලා වතුර පුරවන්න ඕනෑ.

එතැනිනුත් ඉවර වුණේ නැහැ. රනින්ෂෙඞ්වල එන්ජින් සුද්ද කිරිල්ලේ ඉඳලා පෑස්සුම් වැඩ, මැකැනික් වැඩ, මලකඩ කැඩිල්ල, පොම්ප සුද්ද කිරීම, අඟුරු ගැහිල්ල හැමදේම කළා. පොඞ්ඩ එහා මෙහා වෙන්න බැහැ. සුද්දාට පැමිණිලි කරනවා. උසස්වීම්වලට බලපානවා. කවුරුහරි නිවාඩු ගියාම එයා වෙනුවට පංගුවට වැඩට දානවා. ඒ විදියට මම ෆයමන්, හෙඞ් ෆයමන් වෙලා වැඩ කළා.’
පළමු රියැදුරු ගමන මතකයේ ඇති.
‘අපෝ ඔව්! සර් ඇඩම් කියලා සුදු රියැදුරු මහත්තයෙක් හිටියා. මම එයාත් එක්ක හෙඞ් ෆයමන් විදිහට වැඩ කළා. හරි හොඳ මහත්තයා. කරටි කැඩෙන්න ගහනවා. දවසක් කොළඹ සිට නුවර යන කෝච්චිය සූදානම් කරලා මට කිව්වා අද උඹේ දවස එළවපං කියලා. සියල්ල සූදානම් වුණාම මට එයා සුබ පැතුවා. කොළඹින් දුම්රිය පටන් අරන් එනවිට දුම්රිය ළිපේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 150ට තියාගන්න ඕනෑ. මරදාන හරිය පහුකරනකොට පළමුව අඟුරු ගහන්න ඕනෑ. ඒක කරන්නේ එන්ජිමේ තියනවා ටැප්දොර කියලා අඟල් හයයි හතරේ දොරක්. ඒක ඇරලා ෆයරින් සවල් කියලා පොඩි සවල් තියනවා. ඒකෙන් අඟුරු ගහන්න ඕනෑ. ඊට පසුව දුම්රියේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 40-50 අතර වේගයක තියාගන්න ඕනෑ. පොල්ගහවෙලට එනකල් තනි ලෙවල් එකේ එන්නේ. පොල්ගහවෙලට ඇවිල්ලා ළිප බලන්න ඕනෑ.
එන්ජිමේ ළිප බෝක්කුවක හැඩයට තියෙන්නේ. ඒක වැහෙන්නේ නැතිවෙන්න අඟුරු ගහන්න ඕනෑ. තෙත අඟුරු අඩුක් කරන කොට ඉස්සරහට අඩුවෙන් පස්සට වැඩියෙන් අඟුරු ගහන්න ඕනෑ. ඉස්සරහට තෙත අඟුරු වැඩියෙන් වැටුණොත් ළිප නිමෙනවා. අනික ළිපට අඟුරු ගහන කොට ඇළයට තියලා ගහන්න ඕනෑ ළිප නිමෙන්නේ නැතිවෙන්න.
රඹුක්කනට ආවාම අනිවාර්යයෙන්ම වතුර බලන්න ඕනෑ. අඟුරු ටිකක් වැඩි කරලා ගහන්න ඕනෑ. මම මේ සියලූම කටයුතු පුරුද්දෙන්ම අකුරටම කළා.
මේ සියලූ කටයුතු පරීක්ෂා කළේ ට‍්‍රාන්ස් මහත්තයා. රඹුක්කන දුම්රිය ස්ථානයේදී ආයේ නුවරට යනකල් මම යන්න අවශ්‍ය නැහැ, මම පරීක්ෂණය සමත් බව කියලා ඇඩම් රියැදුරු මහත්තයා දුම්රිය එන්ජිමෙන් බැහැලා ගියා. එයා මට කිව්වා ඔයා පරීක්ෂණය ඉහළින් සමත් කියලා. ඊට පසුව නැවත කොළඹ ගියාම ට‍්‍රාන්ස් මහත්තයා කාර්යාලයට කැඳවලා සුබ පතලා මට අඟුරු එන්ජින් රියැදුරු තනතුරු දුන්නා. බි‍්‍රතාන්‍ය ජාතික සුදු මහත්වරු වසර දහයක් ලංකාවේ සේවය කරලා ගිවිසුම් කාලය අවසන් කරලා යනවිට අපට අඟුරු එන්ජින් රියැදුරන් ලෙස වැඩ කරන්න සිද්ධ වුණා.

අඟුරු එන්ජින් රියැදුරු තනතුර ලෙහෙසි නැහැ. හැමවෙලේම බඩු දුම්රියවල ලෝඞ් එක ටොන් 45ට තියාගන්න ඕනෑ. මිනිස්සු ගෙන යන පෙට්ටි නම් හයයි හතයි ප‍්‍රමාණය. දුම්රියේ ප‍්‍රධාන නියාමක (ගාඞ් මහත්තයා) නියමිත බර ප‍්‍රමාණය ආවාම අපට කියන්න ඕනෑ. අපිත් ගිහින් විපරම් කරලා බලන්න ඕනෑ.
අඟුරු එන්ජින් යුගය ක‍්‍රමයෙන් අභාවයට ගිහින් ඞීසල් එන්ජින් ක‍්‍රමය ආවාම අර වගේම සුදු මහත්වරු යටතේ රනින් ෂෙඞ්වල මාස 6කට අධික කාලයක් පුහුණුව ලබලා මම ඞීසල් එන්ජින් රියැදුරකු ලෙසත් සේවය කළා. මම නියමිත වයසට විශ‍්‍රාම ගත්තා. ඒත් ඒ කාලේ රියදුරු හිඟය නිසාත් දුම්රිය රියැදුරන්ගේ තිබුණ වැඩ වර්ජන නිසාත් විශ‍්‍රාම ගිහින් වසර දහයක්ම පංගුවට වැඩ කළා. දුම්රිය එන්ජිමෙන් බිමට බහිනකල්ම මට ඉහෙන් බහින රෝගයක් තිබුණේ නැහැ. මගේ ඇඟ පුල් ෆිට්. දැන් ඉතිං වයසට සුළු සුළු අසනීප තියනවා. ඒ කාලයේ රේල්ලූවේ සේවකයන්ගෙන් වැඩියෙන්ම දුක් වින්දේ රේල්පාරේ කම්කරුවෝ, ධාවනාගාර කම්කරුවෝ, ෆයමන්ලා. මොකද නාවලපිටියේ ඉඳලා බදුල්ල බලා ධාවනය වන දුම්රියකට සෙල්ම්බි‍්‍රජ් පාලම පසුකළාම හෙඞ් ෆයමන්, අන්ඩ ෆයමන් එකතුවෙලා මාරුවෙන් මාරුවට අඟුරු බොයිලේරුවට ගහන්න ඕනෑ. එන්ජිම නිමෙන්න දෙන්න බැහැ. උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 150 තියාගන්න ඕනෑමයි. නානුඔය, ඉදල්ගස්හින්න, අඹේවෙල, පට්ටිපොළ හරියෙන් රාත‍්‍රියට දුම්රිය යනවිට අධික සීතලයි. දෙපැත්ත ආවරණය නැති නිසා දැඩි සීතල ඇඟට වදිනවා. මීදුමට පාර පෙනෙන්නේ නැතිව යනවා. එවිට උපනියාමක මහත්තයා දුම්රියෙන් බැහැලා එන්ජිමට ඉදිරියෙන් ලයිට් එක අල්ලාගෙන ඊළඟ දුම්රිය ස්ථානය දක්වා යන්න ඕනෑ.
විලියම්ගේ මතකයට නිමක් නැත. එහෙත්ඊට නැවතුමක් තිබිය යුතුය.
රියැදුරෙකු නම් කෝච්චියට අහුවෙලා මියගිය අයත් ඇති.
‘ඔව්! ඒක හරි. අමාරු අත්දැකීමක්. මගේ කාලය තුළ දාහත්දෙනෙක් මගේ දුම්රියට හැපිලා මියගියා. එදාට හරිම අමාරුයි දවස ගෙවා ගන්න. අපි වයසට යනවා. දුම්රිය තවමත් යනවා. එදා වගේම මම වෙනුවට වෙන කෙනෙක් එතැන. කෝච්චි රියැදුරෙක් කියන්නෙ හරි ඉහළ තනතුරක්.’ විලියම් අතීත රේල්පීලි දිගේ ඈතට යන්නේය. ඒ කතා යාවෙන තැනක් නැත. මා විලයම්ට සමුදී එනවිට දැනුණේ කෝච්චියකට නැගී බොහෝ දුර ගියා වැනි හැඟීමකි. ඒ හැඟීමට මා තවමත් කැමතිය.


නිමල් බණ්ඩාර හේරත්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.