ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 28, 2016

අජන්තා දේහය සඳුදා ගුවන්විදුලියේ

ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්තා රණසිංහ  (27) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක අජන්තා රණසිංහ මහතාගේ අවසන් කටයුතු සඳුදා සවස 3.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
දැනට පන්නිපිටිය හිරිපිටියේ, රණසිංහ මාවතේ නිවසේ තැන්පත් කර ඇති දේහය සඳුදා (29) පෙරවරු 11ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.
ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්තා රණසිංහ  (27) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
පසුගියදා නිවසේදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු රෝහල්ගත කැරිණි. මිය යන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.
ලේක් හවුස් ආයතනයේ උපකර්තෘවරයකු ලෙසද ගුවන්විදුලි උපදේශකයකු ලෙසද කටයුතු කළ අජන්තා රණසිංහයන් සිංහල ගීත කලාවට එකතු කළ ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතරින් කුරුම්බැට්ටි මැෂිමේ, විකසිත පෙම් පොකුරු පියුම්, රන් කෙන්ඳෙන් බැඳ, පුංචි දවස්වල නින්දට යද්දී, රෑ පැල් රකින, රෑ දුරු රට, සිරිමා බෝ මැද ආදී ගීත රැසක් අදටත් රසික සිත් සතන් අතර අමරණීයව පවතී.
විවිධ කෘති රැසක් ද ලියා පළ කළ අජන්තා රණසිංහයන් ගේ කෘති අතර ‘මට ළඳුනි වරම් නැත‘, ‘වින්කල් බාස්‘, ‘ක්‍රිස්තුනි කරුණාකළ මැනව‘ වැනි නවකථා හා ‘සොල්දාදුවා පෙරළා පැමිණියේද‘ කෙටිකතාව ද සුවිශේෂී ස්ථානයක් ගනී.
ඔහුගේ සුවිශේෂී ගීත නිර්මාණ පෙළහරක්වූ ‘සෝපාකලා‘ ගීත එකතුව 1995 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට ද පාත්‍රවිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.