ජනප්රිය රගර් ක්රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් පැහැරගෙන
ගොස් කෲර වධ හිංසා පමුණුවා
දේශපාලනඥයාගේ නියෝග සහ උපදෙස් මත පසුගිය රජය සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ සිටි යුද හමුදා නිලධාරීන් අටදෙනකු විසින් තාජුඩීන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දී ඔහු ඝාතනය කර සිරුර මෝටර් රථයට දමා පුළුස්සා ඇති බවට සාක්ෂි රැසක් මේ වන විට පොලිසිය වෙත ලැබී තිබේ.මේ අතර තාජුඩීන් ඝාතනය මෙහෙයවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි ඉහළම පෙළේ දේශපාලනඥයකුගේ රියෑදුරකු ලෙස කටයුතු කළ හමුදා නිලධාරියකු විසින් බව ද අනාවරණය වී ඇත.
වසීම් තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත් නිශාන්ත පීරිස් පසුගිය 25 වැනිදා නියෝග කළේය.
ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා වසීම් තාජුඩීන් සිය මෝටර් රථය තුළ පිළිස්සී මියගොස් සිටියේ කිරුළපන ශාලිකා ක්රීඩාංගණය ආසන්නයේදීය.
එවකට පොලිසිය කියා සිටියේ මෙම මරණය හදිසි අනතුරක් නිසා සිදු වූ එකක් බවයි. එහෙත් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවුණේ තාජුඩීන් ඝාතනය කර ඇති බවයි.
හේමන්ත රන්දුණු