නාමල් කොටුවෙයි- කෝටිගණන් ඉපයු විදිය කියන්න බැරිව ගොලුවෙලා...!!!
අති විශේෂ අපක්ෂපාතී හෙළිදරව්වක්....
නීති විරෝධී ක්‍රමවලින් උපයා ගන්නා ලද මිලියන සිය ගණනක මුදල් ව්‍යපාරවලට යොදවා මූල්‍ය වෙළෙඳපොළට එක් කිරීමේ ජාවාරමක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෙදී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ දෙපාර්තමේන්තුව (FCID) විසින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වේ.
ඔහුගේ හිමිකාරිත්වය යටතේ පැවැති සමාගම් 6ක් මෙම ජාවාරමේ යෙදී ඇති බව මේ වන විට මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය අනාවරණය කරගෙන තිබේ.
එම සමාගම් 6 වන්නේ, ගවර්ස් කෝපරේට් සර්විස්, ගවර් සොලූෂන්, ගවර් සෙකටේරියට්, එන්. ආර්. කන්සල්ටන්, හෙලෝකෝප් හා ගවර් සිලෝන් හෝල්ඩින්ග්ස් යන සමාගම්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පමණක් මාසික ආදායමක් ලැබූ නාමල් රාජපක්ෂ මහත්හොරා මෙම සමාගම් මඟින් රුපියල් මිලියන සිය ගණනක ගනුදෙනු සිදු කිරීමේ සැකය මත මෙම පරීක්ෂණ පැවැත් වූ අතර එහි දී කළු සල්ලි සුදු කිරීමේ ජාවාරම අනාවරණය වී තිබේ.
එම තොරතුරු අතර 2012 ගවර්ස් කෝපරේට් සර්විස් සමාගම විසින් හෙලෝ කෝප් සමාගම මිලදී ගැනීම සඳහා මිලියන 125 වැය කර තිබේ.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහත්හොරා ගෙන් පොලීසිය කළ විමසීමේ දී ඔහු පවසා ඇත්තේ තමන්ට අයත් එන්. ආර්. කන්සල්ටන් නීති සමාගම බංග්ලාදේශ ව්‍යාපාරිකයකුට විකුණා මිලියන 50ක් උපයා ගත් බවත් එම මුදල ද එම සමාගම මිලදී ගැනීම වෙනුවෙන් යොදාගත් බවය.
එහෙත් මේ විදේශිකයා හෝ ඔහු මෙම මුදල මෙරටට රැගෙන ආවේ කෙසේද යන්න මේ වනතුරුත් හෙළිව නොමැත.
ගවර් කොපරේට් සමාගමේ 2013 -14 කාලයේ ආදායම මිලියන 81 බව ද හෙළිව තිබේ.
නමුත් මේ සමාගම ආරම්භයේ දී එහි තිබුණේ රුපියල් 10 කොටස් 100ක් පමණක් බව ද හෙළිවේ.
මේ අනුව මෙම සමාගම් 6ට මුදල් ලැබුණු ආකාරය හා ආදයම් ඉපැයූ ආකාරය ගැන කිසිදු තොරතුරක් පෙන්වීමට රාජපක්ෂ මහත්හොරා සමත් වී නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිව තිබූ පුද්ගලයකු මෙතරම් මුදලක් උපයාගත් ආකාරය සොයාබැලීම සඳහා අධිකරණ අවසරය මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නාමල් රාජපක්ෂට හිමිවන වැටුප් හා දීමනාවලින් හෝ ඔහුගේ නීතිඥ වෘත්තියෙහි මෙතරම් මුදලක් උපයාගත නොහැකි බව පෙන්වා දෙන නලින් බණ්ඩාර , කීර්තිමත් නීතිඥයෙක් නොවන නිසා ඔහුට එම වෘත්තියෙන් ද එතරම් මුදලක් උපයාගත නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.
එම අබිරහස අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙන බවත් පැවසීය.
ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ පූර්ණ අයිතිය පවතින්නේ නාමල් රාජපක්ෂ මහත්හොරාට බව සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ලේඛන ගත වී ඇත. හෙලෝකෝප් සමාගම මිලදී ගෙන ඇත්තේ 2012 වසරේ බවත් නලීන් බණ්ඩාර පැවසීය. තවද ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී නාමල් රාජපක්ෂ මහත්හොරා තමන් සතුව තිබුණු ලැම්බෝගිනි කාර් තුන ශ්‍රීලංකන් ගුවන් යානා මගින් මැලේසියාවට යවා ඇත.
ඉන්පසු එම කාර් තුන මැලේසියාවේ කුඩු රජාගේ නිවසට භාරදී ඇත. නාමල් සහ යෝෂිත පුත්‍රයින් පිටරටවලදී කාර් රේස් ධාවනයේ යෙදුණේ කුඩු රජාගේ බලපත්‍රය පාවිච්චි කරමින් බවත් අනාවරණය කරගෙන ඇත. මේ ලැම්බෝගිනි කාර් පිළිබඳවත් අධිකරණ නියමයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරගෙන යයි.
එවැන්නක් බැංකු ඇපකරයක් මගින් ආනයනය කළ හැක්කේ මාස 6 ක කාලයක් සදහා පමණක් වුවද මෙම රථ තුන රටට ගෙනැවිත් වසර 2 ට වැඩි කාලයක් තිස්සේ භාවිතා කර ඇති බවයි හෙලිව ඇත්තේ.
මේ වන විට එම රථ තුන සඳහා අයවිය යුතු කෝටි 27 ට අධික මුදල මුදල් රේගුව විසින් අය කරගෙන ඇති අතර ඒ බැංකු ඇපකර මුදල් බවට පත්කරමින්.
මෙසේ මුදල් අමාත්‍යංශයෙන් මෙම බැංකු ඇපකරය ලබාදුන් පුද්ගලයා පිලිබඳ තොරතුරු විමර්ශනය කෙරෙන අතර එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හරහායි මෙම රජයේ ගාස්තු අය කිරීම මග හරවා ඇත්තේ. පසුගිය සමයේ මෙරටට ලැම්බෝගිනි ගෙන්වූ බවට චෝදනා එල්ලවුවද එය අසත්‍ය බවත් හැකිනම් ඒවා පිළිබද හෙලි කරන ලෙසත් නාමල් රාජපක්ෂ මහත්හොරා පසුගියදා අභියෝග කළා.
නාමල් නෑ කියූ ලැම්බොගිනි මෙන්න ....රජයත් බදුත් වංචා කරලා