ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 20, 2016

දොඩම් විකුණා ලද මුදලින් ගමට පාසලක් හැදූ මිනිසෙක් ...!!! වීඩියෝ

ඉන්දියාව සැබැවින්ම පුදුමාකාර මිනිසුන්ගෙන් පිරි රටක් යැයි කිවහොත් එය මුසාවක් නොවේ. සෑම දිනකම පාහේ එරටින් වෙනත් මිනිසුන් නොකරනා ආකාරයේ ක්‍රියාවක නිරත පුද්ගලයකු හෝ දෙදෙනකු මුණ
නොගැසෙන්නේ නම් එය පුදුමයකි. මෙහි විශේෂත්වය වන්නේ ඒ වැඩි දෙනෙකුම පාහේ දුප්පතුන් වීමය. එයට හේතුව දුප්පතාගේ දුක දැනෙන්නේ දුප්පතාටම වීම නිසා විය හැකිය. මේ පවසන්නට යන අපූරු පුද්ගලයා එරට කර්නාටක ප්‍රාන්ත වැසියෙකි. නිව්පප්දු යනු කර්නාටක ප්‍රාන්තයේ මන්ගලාරු නම් ප්‍රදේශයෙන් කිලෝ මීටර් 25ක් තරම් දුර බැහැර දුෂ්කර ගම්මානයක් වන හරෙකලා ගමට ආසන්න දුහුවිල්ලෙන් පිරි ගම්මානයකි. අද ඒ ගම මුළු ඉන්දියා‍ව පුරාම ප්‍රසිද්ධව ඇත්තේ මේ පුද්ගලයා නිසාය. ඉන්දියානුවන් ඔහු හඳුන්වන්නේ හරෙකලා හජබ්බා 'අක්ෂර සාන්ටා' හෙවත් අක්ෂරයන්හි ශාන්තුවරයා ලෙසය.වීඩියෝ

ගමේ දුප්පත් පවුලක උපන් හජබ්බා ගේ කුඩා කල පටන්ම සිහිනයක් වූයේ නගරයට ගොස් බීඩි ඔතා අතට කීයක් හෝ සොයා ගැනීමය. එහෙත් ඔහුගේ දෛවය ඔහු බීඩි ඔතන්නකු වෙනුවට දොඩම් වෙළෙන්දකු බවට පත් කළේය. ඒ කලෙකට ඉහතදීය. දොඩම් වෙළෙන්දකු ලෙස කල දවස ගෙවන හජබ්බාගේ අරමුණ වෙනස් කළ දිනයක් එළැඹුණේ ඒ අතරවාරයේය.
“මං කවදාවත්ම පාසල් ගොස් නැහැ. කුඩා කල දුප්පත්කම මා දොඩම් වෙළෙන්දකු ලෙස ජීවිතය ගෙන යෑමට තල්ලු කළා. දිනක් මා දොඩම් විකුණමින් සිටියදී මා වෙතට පැමිණි සංචාරකයන් දෙදෙනකු මගෙන් දොඩම් ගෙඩි කීපයක් ගැනීමට මිල විමසුවා. ඔවුන් මා හා කතාබහ කළේ ඉංග්‍රිසි භාෂාවෙන්. ඒත් මට භාෂාව නොදැනීම නිසා ඔවුන්ට පිළිතුරු දීමට නොහැකි වුණා. සංචාරකයන් මගෙන් දොඩම් මිලදී නොගෙනම යන්න ගියා. ඇත්තෙන්ම මට ඒ සිද්ධියෙන් පසු ඇති වුණේ ලජ්ජාවක්. මට ඒ සුළු දෙයටවත් පිළිතුරු දීගන්න බැරි වුණේ ඉංග්‍රිසි වචනයක්වත් නොදන්නා නිසයි. “
තමන් එදා ලද අත්දැකීම යළි කිසිවකුට සිදු නොවිය යුතු යැයි සිතූ හජබ්බා ගේ ජීවිත අරමුණ වෙනස් වූයේ එතැන්පටන්ය. ඔහු එදා දැඩි තීරණයක් ගත්තේය.
ලද සම්මාන
“ මං අපේ ගමේ පොඩි එවුන්ට හොඳින් අධ්‍යාපනයක් දීම සඳහා ගමට පාසලක් බිහි කළ යුතු යැයි තීරණය කළා.“ එදා පටන් ඔහු තමා උපයන සෑම සතයක්ම ගමේ දරුවන්ට පාසලක් සෑදීම සඳහා එකතු කරන්නට වූයේය. හජබ්බා ද තිදරු පියෙකි. පියාගේ මේ තීරණයත් සමඟ ඒ දරුවන්ට ද ජීවිතය තවත් දුෂ්කර වූයේය. ඒ පියා තමා උපයන සෑම සතයක්ම තම අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමේලා එකතු කරන්නට
ලද සම්මාන
වූ බැවිනි. හජබ්බාගේ බිරිය මයිමෝනාය. සැමියා මේ කරන දෙයින් එදිනෙදා කන්න බොන්න තියෙන දේද හිඟ වෙද්දී ඇය කන්කෙඳිරි ගාන්නට වූවාය. එහෙත් මන්ගලාරු සිය බිරියට සාවදානව කරුණු පැහැදිලි කර දෙද්දී ඇය ද නිහඬවම සැමියාට සහයෝගය දීමට අදිටන් කර ගත්තාය.
1999 වසර වෙද්දී හජබ්බා ගේ සිහිනය සැබෑවක්වීම ආරම්භ විය. ගමේ අවිධිමත් පාසලකට අනුබද්ධව ඔහු මුලින්ම පාසල ආරම්භ කරද්දී එහි අකුරු කිරීමට පැමිණියේ දරුවන් 28 දෙනෙකි. පාසලේ සාර්ථකත්වයත් සමඟ අකුරු කිරීම සඳහා එහි පැමිණෙන්නට වූ දරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගියේය. තමා වහාම තම පාසලේ ඉඩ පහසුකම් වැඩි දියුණු කළ යුතු බව හජබ්බාට වැ‍ටහෙන්නට විය. ඔහු තව තවත් ඉතිරි කරන්නට වූයේය. උපයන හැම සතයක්ම ටින් බෙලෙක්කයට මිස කටට නොයෑමට වග බලා ගනිමිනි.
ඒ අනුව ඔහුට 2004 වෙද්දී ඉඩම් ශත 50ක් මිලට ගැනීමට අවස්ථාව සැලසිණ. ඉන්දියාවේ ඉඩම් මනිනුයේ ශත ගණනිනි. තමිල්නාඩුවේ සහ කේරළයේ ඉඩම් අක්කරයක් ශත සීයකට සමානය. ඒ අනුව හජබ්බා මිලට ගත් ඉඩම් ප්‍රමාණය අක්කර බාගයක් පමණ වෙතැයි අනුමාන කළ හැකිය. එහෙත් ඉඩමක් තිබූ පමණින් පාසලක් ආරම්භ කළ නොහැකිය. හජබ්බා මීළඟට කළේ පාසල ආරම්භ කිරීම සඳහා ආධාර පතා දේශපාලනඥයන්, දානපතීන් හා ධනවතුන් සොයා යෑමය. ඔහු ගමේ ගෙයක් පාසා යමින් ආධාර එකතු කළේය.
“ මං දිනක් පාසල සඳහා ආධාර පතා ධනවතකුගේ නිවෙසකට ගියා. එහිදී මා පැමිණි කාරණය පැවසූ පසු මට ආධාර දීම වෙනුවට බල්ලන් උසි ගැන්වූවා“. එසේ පැවසුවත් එවැනි දෙයින් පසුබට වූයේ ඔහු නොවේ. ඉන් ඔහු තවත් ධෛර්යවත් වූයේය. ක්‍රමයෙන් පාසල් ගොඩනැගිල්ල සඳහා මුදල් එකතු කරගත් ඔහු කුඩා ප්‍රාථමික පාඨශාලාවක් එම ඉඩමේ ඉදි කළේය.
පසලේ ඉදිකිරීම් කරන කාලයේදී ඔහු දොඩම් වෙළෙඳාමේ නොගියේය. පාසල සෑදීම සඳහා ආධාර දුන්නේය. හජබ්බාගේ වැඩිමල් පුත්‍රයා මේ කාලයේ පාසල් වැඩ බිමේ කම්කරුවක් ලෙස වැඩ කරමින් උපයා ගන්නා සොච්චම් මුදල ඒ අවදියේ ඒ පවුලේ එකම ආදායම විය. වරක් හජබ්බා දින කීපයක්ම වැඩට නොපැමිණියේ වැඩ බිමේ උඩකින් ඇද වැටීම නිසා උකුළු ඇටය බිඳීමකට ලක්වීමෙනි. එහෙත් සුව වූ විගස ඔහු යළි වැඩට බැස්සේය.
මේ කාලය වෙද්දී මාධ්‍යයද මොහු ගැන තොරතුරු දැන සිටියේය. ' හෝසා දිගන්නා' නමින් කන්නඩ භාෂාවෙන් පළ කෙරෙන පුවත් පත පළමුවෙන්ම හජබ්බා ගැන ලිපියක් පළ ‍කළේය. එම පුවත් පත ම 2004 වසරේ දී ඔහුට වසරේ මිනිසා යන සම්මානය පුද කළේය. ඉන්පසු සීඑන්එන් සේවය 2009 වසරේදී ඔහු නියම වීරයෝ යන සම්මානයෙන් පිදුවේය. මන්ගලාරු ඉන් ලද රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදල ද පාසල ඉදිකිරීම සඳහා යෙදවීය. ඒ සමගම හජබ්බා මේ කරගෙන යන සද්කාර්ය කෙරෙහි කාගේත් නෙත් යොමු වන්නට විය. ඔහුගේ පාසල සඳහා ආධාර ගලා එන්නට විය. දැන් පාසලට අයිති ඉඩම අක්කර එක හමාරකි. දරුවෝ 150ක් එහි ඉගෙනුම ලබති.
“මගේ යුතුකම මං ඉෂ්ඨ කළා. ඒ පාසල දැන් රජයටයි අයිති. සැම ආගමකම ළමයි දැන් එහි ඉගෙන ගන්නවා. ඒ ගැන මට සතුටුයි“ යනුවෙන් හජබ්බා පවසයි.
          මන්ගලාරු ඔහු සැදූ පාසලේ දරුවන් සමඟ...
හජබ්බාට දැන් ඇත්තේ ඉහළ පිළිගැනීමකි. යන එන හැම තැනම ඔහු හොඳින් හඳුනයි. පාසල රජයට බාර දුන් දිනයට පසු දින සිටම ඔහු යළි මගට බැස්සේ දොඩම් වෙළෙඳාමේ යෑමටය. ඔහුගෙන් දොඩම් මිලදී ගන්නා අය දැන් කේවේල් නොකරති. මාස්පතා පාසල සඳහා සුළු මුදලකින් හෝ ආධාර කරන්නෝ ද එමටය. එපමණක් නොව හජබ්බාට නිතිපතා ලැබෙන ආරාධනා ද නිමක් නැත. පළාතේ විශ්ව විද්‍යාල ඔහුට ආරාධනා කරන්නේ සිසුන් ධෛර්යවත් කරමින් දේශනා පැවැත්වීමටය. එහෙත් ඔහු ඒ කිසිවකින් හිස උදුම්මා ගත්තේ නැත. පාසල ‍ඔහුගේ නමින් නම් කිරීමට යෝජනා වෙද්දී ඔහු එය ද ප්‍රතික්ෂේප කළේ නිහතමානීවය.
වරක් ඉන්දියාවේ එක්සත් ක්‍රිස්තියානි සංගමය ඔවුන්ගේ නත්තල් වැඩ සටහනක් සඳහා ආරාධනා කිරීමට මන්ගලාරු දුරකථනයෙන් සමබන්ධ කර ගැනීමට උත්සාහ කළත් නොහැකි විය. අවසානයේ හජබ්බාගේ පුත්‍රයා සම්බන්ධ කර ගැනීමට ඔවුහූ සමත් වූහ.
“තාත්තා මේ දිනවල ඉන්නේ රෝහලේ. තාත්තාට හොඳටම අසනීපයි.“ පුතා පැවසීය.
මේ පිළිබඳව සොයා බැලූවිට දැන ගනු ලැබුවේ ජීවත් වීමට හරිහමන් තැනක් නොමැතිකමින් හිසට වහලක් නොමැතිව හජබ්බා තදබල ලෙස අසනීපව ඇතිබවය. මන්ගලාරු මේ සියල්ල කර ඇත්තේ තමන්ට ද ඉන්න හිටින්න හරිහමන් තැනක් නොමැතිවය. සියල්ල පාසල සඳහා වැය කිරීම හේතුවෙන් ඔහු අත සතයක් ද ඉතිරිව නොමැත්තේය. මේ බව දැනගත් ජනහිතකාමී සංවිධානයක් තමන් සතු සියල්ල අනුන්ගේ යහපත වෙනුවෙන් වැය කළ මේ උදාර මිනිසා වෙනුවෙන් නිවහනක් ඉදි කිරීමට තීරණය කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ15ක වියදමින් මාස හතරක් වැනි කෙටි කලකදී හජබ්බා වෙනුවෙන් නිවෙසක් ඉදි කළ ඒ සංවිධානය පසුගිය දිනෙක එම නිවෙස හජබ්බාට පරිත්‍යාග කළේය. මේ සඳහා කර්නාටක ප්‍රාන්ත රජයේ නොමසුරු ආධාරය ද ලැබිණි.
කෙසේ වුවද හජබ්බාගේ පරිත්‍යාගශීලී සිතට පාසලක් ඉදි කළ පමණින් සැනසීමක් ලැබෙතැයි සිතිය නොහැක්කේ ඔහු මීළඟට සිය ගමට රජයේ විශ්ව විද්‍යාල පාසලක් ඉදි කිරීම සඳහා කටයුතු යොදා ගෙන යන බැවිනි.
Hajabba is a fruit hawker who with his meagre savings set up a school for children. Harekala Hajabba lost his hut to river floods. But that did not deter him. 

Hajabba collected little funds from selling oranges and finally setup 'Dakshina Kannada Zilla Panchayat Higher Primary School' in Newpadupu, near Mangalore. 

He started selling oranges since then. He never went to school and he always felt that the root cause of his travails was his lack of schooling & education. But he always dreamt of seeing his village kids go to school. 


We find it difficult to even respond to difficulties of those near us or take responsibility for the sake of the nation.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.