ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 4, 2016

මාමගෙ හිතේ මා මරලා වැඩ ගන්න....!!! අපි ඔවුන්ගේ නිවහන සොයා ඇවිදිමු...!!!

මොරටුමුල්ල, ඉඳිබැද්ද මෙතෝදිස්ත පල්ලිය පසු කළ ත‍්‍රිරෝද රිය ඉදිරියට ඇදෙයි. රියදුරා සේ ම මම ද නිවැරදි නැවතුම මඟහැරේදෝයැ’යි විමසිලිමත් නෙත් හැම අත යොමමු. එහෙත් ඉඳිබැද්ද හන්දියට ඈතතියාම

සුදු සැරයටිය අතැතිව පියවුණු නෙතින් වුව බලාපොරොත්තුවේ නෙතු දල්වා මග බලන දෙපළක් මගේ කලබල නෙතට හසුවෙයි. මා රථයෙන් බසින්නටත් පෙරම දෙනෙත් නොපෙනුණද සිනාසෙන ඔවුහු මා හා දොඩමළු වෙති.
‘ඒ මොකද කියනවා නම් අද සමාජේ මොනවාද දකින්න ලැබෙන්නේ? එක්කෝ හරකෙක්ගේ බෙල්ල කපනවා. සේයා වාගෙ පුංචි දරුවො දූෂණය කරලා මරනවා. ඒ වාගේ දේවල්නේ අද මාධ්‍යයෙන් වුණත් පෙන්නන්නේ. අද කිරි බොන නොදරුවා පවා දකින්නේ අසාමාන්‍ය, අසෝභන දේවල්.’
දෑසම නොපෙනුණද ඔහු වත්මන් සමාජය පිළිබඳ මනා ලෙස දැනුවත්ය. ඒ පිළිබඳ අපූරු වූ අදහස් ද ඔහු සතුව ඇත. ඔහුගේ දුර්ලභ චින්තන රටාවක් චර්යාවත් මගේ සිත තව තවත් ඔහුගෙන් විමසීමට පැනයන්ගෙන් පුරවයි.
සරත් අයියා පිළිබඳ මුලින්ම මා දැනගත් අයුරු මට සිහිවෙයි. මුහුණු පොතේ සැරිසරන අතරවාරයේ මට අපූරු වදනක් හමුවෙයි. ‘අද උදේ පාන්දර පහට විතර ගෙදරින් පිටවෙලා පුටු දෙකක් වියලා හවස දෙක වෙන්නත් කලින් ගෙදරත් ආවා. 0711243829. වැඩක් එහෙම තියෙනවා නම් අපිට කතා කරන්න.’

ආගිය තොරතුරු විමසමින් කුඩා අතුරු පාරක් දිගේ නිවාස අතරින් අපි ඔවුන්ගේ නිවහන සොයා ඇවිදිමු. සුදු සැරයටිය අතැ’ති සරත් අයියාගේ අතින් අල්ලාගෙන ඔහු ළඟින්ම පා තබන ඇයටද මහ මඟ පෙනෙන්නේ යාන්තමට ඡායාවක් ලෙසිනි. ළංළංව අත් අල්ලා සිනාසෙමින් ඇවිද යන ඔවුන්ගේ දසුන නොමැකෙන ලෙසින් මගේ මනසේ සටහන් අඳියි.
‘මම ඉපදිලා පැය 24ක් යන්න කලින් ඩොක්ටර් මගේ අම්මාට කියලා තිබුණා දරුවාගේ එක ඇහැක් දැනටමත් පේන්නේ නෑ, අවුරුදු 12ක් 13ක් වෙද්දී අනෙක් ඇහැත් මොනවා කළත් නොපෙනී යනවා කියලා.’
සරත් අයියා මොහොතකට නිහඬ වෙයි. ඔහුගේ සිත අතීතයේ මතකයන් අතර මොහොතකට හුදෙකලා වෙයි. බිරිඳ ඔහු අසලම පුටුවේ හිඳ තවමත් නොමැකුණු සිනාවෙන් මුව සරසා යාන්තමටවත් මගේ රුව නෙතේ සටහන් කරගැනීමට වෙර දරයි. සරත් අයියා නැවතත් නිහඬතාව වචනවලින් පුරවයි.
‘අම්මායි, තාත්තායි එකතුවෙලා දිගටම මට බෙහෙත් හේත් කළා පෙනීම ගන්න. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. එක ඇහෙන් මම සාමාන්‍ය ඉස්කෝලෙක ඉගෙන ගත්තා. පෙනීම අඩුකම නිසාම 4 වසරේදි අධ්‍යාපනය අතරමග නතර කළා. ඔහොම ඉන්න කොට 1975 පෙබරවාරි 16 වැනිදා හැන්දෑවේ අපි සෙල්ලම් කරද්දී නංගිගේ ඔළුවේ මගේ ඇහැ වැදුණා. පෙබරවාරි 17 වැනිදා මම ගෙදර වැඩටත් උදව් දීලා ගිහින් නාලා ඇවිත් අම්මා උයලා තිබුණ පරිප්පුයි මාළුයි බතුයි කාලා නිදාගත්තා. නිදාගෙන අවදිවෙද්දී මට මොනවත්ම පෙනුණේ නැහැ. අම්මෙ මගේ ඇස් පේ්න්නේ නෑ කියලා මම කෑගැහුවා. වයස අවුරුදු 13ක් වුණත් මම හරි පුංචියි. අම්මා ඇවිත් මාව වඩා ගත්තා මට මතකයි. අම්මා තාත්තාට පණිවුඩයක් යවලා ගෙන්න ගත්තා. පහුවදාම මාව ඇස් වාට්ටුවට ගෙනිච්චා. මාස ගණන් බෙහෙත් කළත් සනීප කරන්න බැරිවුණා. වෛද්‍යවරු කීවෙත් එදා වුණ ගැටීම නිසාම නෙමෙයි, ස්නායු ගැටලූවක් නිසා මගේ ඇස් නොපෙනී යනවා කියලා. ඇහැක් දාලාවත් පෙනීම ගන්න බෑ කීවා. එදා තමයි මගේ ජීවිතේ කළකිරුණම දවස වුණේ.’
‘ඒ කියන්නේ සරත් අයියා අදටත් කලකිරීමෙන්ද ඉන්නේ ඇස් නොපෙනීම ගැන?’
මගේ අතුරු පැනයට ඔහු වහා පිළිතුරු බඳියි.
‘ඇත්තටම අද මම ඒ ගැන දුක්වෙන්නේ නෑ. හැබැයි අද මට පෙනීම ආවොත් නම් ගැටලූවක් වේවි.’ එය අපූරු පිළිතුරකි. ඊට හේතුව ඇසීමට මම පසුබට නොවෙමි.
‘ඒ මොකද කියනවා නම් අද සමාජේ මොනවාද දකින්න ලැබෙන්නේ? එක්කෝ හරකෙක්ගේ බෙල්ල කපනවා. සේයා වාගෙ පුංචි දරුවො දූෂණය කරලා මරනවා. ඒ වාගේ දේවල්නේ අද මාධ්‍යයෙන් වුණත් පෙන්නන්නේ. අද කිරි බොන නොදරුවා පවා දකින්නේ අසාමාන්‍ය, අසෝභන දේවල්.’
දෑසම නොපෙනුණද ඔහු වත්මන් සමාජය පිළිබඳ මනා ලෙස දැනුවත්ය. ඒ පිළිබඳ අපූරු වූ අදහස් ද ඔහු සතුව ඇත. ඔහුගේ දුර්ලභ චින්තන රටාවක් චර්යාවත් මගේ සිත තව තවත් ඔහුගෙන් විමසීමට පැනයන්ගෙන් පුරවයි.
සරත් අයියා පිළිබඳ මුලින්ම මා දැනගත් අයුරු මට සිහිවෙයි. මුහුණු පොතේ සැරිසරන අතරවාරයේ මට අපූරු වදනක් හමුවෙයි. ‘අද උදේ පාන්දර පහට විතර ගෙදරින් පිටවෙලා පුටු දෙකක් වියලා හවස දෙක වෙන්නත් කලින් ගෙදරත් ආවා. 0711243829. වැඩක් එහෙම තියෙනවා නම් අපිට කතා කරන්න.’
නිවසක පුටු වියන දෑස් නොපෙනෙන ජෝඩුවක් එහි ඇමිණූ ඡායාරූප කීපයේ දිස්වෙයි. Vipul Sarth Fernando නමින් දෑස් නොපෙනෙන ඔවුන්ට ෆේස්බුක් පිටුවක්, එහි ඔවුන්ගේ දැන්වීම්, අප්ඬේට්ස්. සිතට ගලා එන ප‍්‍රශ්න රාශියකට පිළිතුරු සොයන්නට මම එහි සඳහන් වූ දුරකතන අංකය අමතමි. ‘රාජ මාලිගේ පරවියා වගේ… ජීවිතේ මගේ… මම ගෙවනවා ඔහේ…’ ඇමතුමේ අනෙක් පසෙන් ඒ ගීත වාදනය වෙයි. එතැන් සිට මම ඔවුන් දෙපළ හඹා යමි.
‘අවුරුදු පහකට විතර කලින් අපේ යෙහෙළියක් අපිව අන්ධ ජන සේවා මණ්ඩලයට හඳුන්වා දීලා එතැනින් රජයේ පුටු විවීමට මාර්ගය හැදුවා. දැනටමත් ජාතික රෝහලේ වැඩ කරනවා. ඒත් හැමදාම එහේ පුටු වියන්න නෑනේ. ඉතින් අපි බණ්ඩාරගම, කොට්ටාව, පානදුර, මහරගම, මත්තේගොඩ ඒ හැමතැනම ඇවිදලා පුටු විව්වා. ඒ ඇවිදින ගමන් හඳුන්කූරුත් වික්කා. සමහරදාට ඇවිදලා සතයක්වත් නැතිව ගෙදර ආවා.
ඔහොම ඉන්න කොට මීට මාස තුනකට විතර කලින් දවසක් මුස්ලිම් මහත්තයෙක් මට කෝල් කළා එයාගේ ගෙදර පුටු වියන්න එන්න කියලා. මම ඒ මහත්තයාගේ අම්මාගේ ගෙදර කලින් පුටු වියලා තිබුණා. ඉතින් එදා ඒ මහත්තයාගේ ගෙදර ගියාම ඒ මහත්තයා තමයි මාව ෆේස්බුක්වලට යොමු කළේ. ඒකෙ වැඩ ටික කරන්නේ ඒ මහත්තයාම තමයි. දැන් දෙයියනේ කියලා ෆේස්බුක් නිසා මට වැඩ එනවා. අද වෙනකොටත් වැඩ 10ක් 15ක් කරන්න ඉතුරුයි. ජාති බේද නැතුව උතුම් මිනිස්සු උදව් කරනවා. මගේ නෝනා බෞද්ධ, මම ක‍්‍රිස්තියානි. කවදාවත් අපි ආගම් වෙනුවෙන් රණ්ඩු වෙලා නෑ. අපි දෙන්නාම එකට පන්සලටයි පල්ලියටයි යනවා. අපි අපේ ආගම් සිහිකර ගන්නවා. අපිට උදව් කළේ මුස්ලිම් මහත්තයෙක්.’
නව තාක්ෂණයේ දියුණුව පිළිබඳව ද සරත් අයියා තුළ පවතින්නේ මනා අවබෝධයක්යැ’යි ඔහුගේ වදන් ඇසෙද්දී සිතෙයි. ඔහුට නොපෙනුණත් ඔහු සැරිසරන අන්තර්ජාලය හා තාක්ෂණයේ දියුණුව ගැන ඔහු කතා කරයි.
‘තාක්ෂණයේ දියුණු වෙන් අද ලෝකෙ පුංචි වෙලා නිසා වැරදි පැතිරෙනවා වැඩියි, ලෙඩරෝග පැතිරෙනවා වැඩියි, විෂබීජ පැතිරෙනවා වැඩියි. ඒත් තාක්ෂණයේ දියුණුව අද ලෝකයට අවශ්‍යයි. වඳුරට දැලි පිහිය දුන්නා වගේ මිනිස්සු ඒකෙන් වැරදි ප‍්‍රයෝජන ගැනීමයි වැරදි. අද මාධ්‍යයත් නිලධාරිවාදයට යටත් වෙලා නිසා ෆේස්බුක් වගේ දේ ඒ ගැටලූවලටත් විසඳුමක් කියලා හිතෙනවා.’
වයස 13දී සම්පූර්ණ යෙන්ම දෙනෙතින් මෙලොව දැකීමේ හැකියාව අහිමි වූ සරත් අයියා එවකට ඉඳිබැද්ද මෙතෝදිස්ත සභාවේ දේවගැතිතුමා විසින් රත්මලාන අන්ධ විද්‍යාලයට යොමුකර ඇත. එහිදී සාමාන්‍ය පෙළ විෂයයන් අටම සමත් වන ඔහු උසස් පෙළ සඳහා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ඇතුළත් කෙරෙයි. උසස් පෙළ අසමත් වුවත් දෙවන වරට පෙනී නොසිටින ඔහු වසර 12ක් පමණ පෞද්ගලික පන්ති පවත්වා 5 වසර සිට සාමාන්‍ය පෙළ දක්වා සිංහලත්, 8 වසර ගණිතයත්, උසස් පෙළ සිංහල හා දේශපාලන විද්‍යාවත් උගන්වයි.
‘මම කැම්පස් නොගියත් කැම්පස් යන්න මම ළමයින්ට පාර පෙන්නුවා. අන්ධ බව වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් කියලායි මම දැන් විශ්වාස කරන්නේ. මගේ ඇස් පෙනුණා නම් මම බේබද්දෙක්, මංකොල්ල කාරයෙක්, සල්ලාලයෙක් වෙන්න ඉඩ තිබුණා. දෙවියන් වහන්සේ ඕක දන්න නිසා මාව අන්ධ කරලා තියන්න ඇති.’
ගතවූ කාලය ගැන ඔහු දරන්නේ එවන් වූ ආකල්පයකි. සියල්ල අවසානයේ ඔහුට මේ වනවිට පිහිට වන්නේ එකැසක් පෙනුණ කාලයේ තම ලොකු අක්කා ළඟ දැවටී උගත් පුටු විවීමේ කලාවයි.
‘ඉගැන්වීම නවත්වලා පුටු විවීම තෝරාගත්තේ ඇයි?’ මම ඔහුගෙන් අසමි.
‘ඒක වුණේ මෙහෙමයි. මම විවාහ වෙලා නෝනාගේ ගමට ගියා වාරියපොළ. එයාට එහේ ගෙයක් තියෙනවා. එහේදීත් මම ළමයින්ට උගන්වන්න පටන් ගත්තා. ඒත් ගම්වල ළමයින්ට ඒ තරම් මුදල් නැහැ. ඉගෙන ගත්තත් ඒතරම් යොමුවීමක් තිබුණේ නැහැ. ගමේ ඉද්දි අපිට කන්න බොන්න වත්ත පිටියෙන්ම හොයාගන්න හරි පුළුවන්. ඒත් ඒකද ජීවිතේ කියන්නේ?’ ඔහු මගෙන් විමසයි. නැවතත් කතා කරයි.
‘අපට රැුකියාවක් නැතිව හිටියා නම් කෙනෙක් පළවෙනි දවසෙ යමක් දෙයි. දෙවෙනි දවසෙත් දෙයි. තුන්වෙනි දවසෙත් ටිකක් කෙඳිරි ගානවා. ජීවිතේ ප‍්‍රශ්න පත්තරයක් නම් දන්නේ නැති ප‍්‍රශ්න මත්තෙම නහින්න නරකයි. ලේසි ප‍්‍රශ්නෙට උත්තරේ හොයාගෙන නොදන්න ප‍්‍රශ්නෙට උත්තර ක‍්‍රම ක‍්‍රමයෙන් හොයන්න ඕනෑ. මම කියන්නේ අපි ස්වශක්තියෙන් නැගිටින්න ඕනෑ. අපිට අනුකම්පාව නෙමෙයි සහයෝගය විතරයි ඕනෑ. ඒ නිසායි රැුකියාවක් කරන අදහසින් ආපහු කොළඹ ඇවිත් මේ රස්සාව පටන් ගත්තේ.’
සරත් අයියාගේ බිරිඳ ඔහුට හමුවී ඇත්තේද දෛවයේ අපූරු සිදුවීමක් ලෙසිනි. ඔහු ඒ මතකය මා හමුවේ තබයි.
‘මම විවාහ නොවෙන්නයි තීරණය කරලා තිබුණේ. ඒ විවාහයට අකමැති නිසාම නෙවෙයි. පවුලේ අනිිත් අය විවාහ වුණාට පස්සේ අම්මා, තාත්තා එක්කම ඉන්න ඕනෑ කියලා හිතුවා. මේ ලෝකේ උතුම් කාන්තාව අම්මා. අනිත් සහෝදර සහෝදරියන් ඒ අයට සැලකුවා. ඒත් අම්මාගේ ළඟින්ම කෙනෙක් ඉන්න ඕනෑ කියලා මම හිතුවා. 2000 දෙසැම්බර් 17 මගේ අම්මා නැතිවුණා. ඒ මම ජීවිතේ දෙවෙනියට කළකිරුණ දවස.
දවසක් මම පන්ති කරන අතරතුර මගේ යාළුවෙක් ඇවිත් කෑම එකක් කන්න රුපියල් සීයක් ඉල්ලූවා. එයා ටිකක් බොන කෙනෙක් නිසා මම කීවා කෑම එක කාලා ඔතපු පත්තර කොළේ ගේන්න කියලා. එයා ඒක ගෙනත් මට ඇහෙන්න කියෙව්වා. අන්න ඒ පත්තර කොලේ එදා මෙයා ගැන කුවේට්වල ඉන්න මෙයාගේ නංගි දාලා තිබුණ දැන්වීම තිබුණා. යාළුවා මට බල කළා උඹ මේක කරගන්නම ඕනෑ කියලා. පස්සෙ එයාගේ ඉල්ලීමෙන් රට හිටිය මෙයාගේ නංගිට ලියුමක් දැම්මා. එයාලා හෙව්වෙත් ඇස් නොපෙනෙන කෙනෙක් මයි. එයාට ලැබිලා තිබුණු ලියුම් හතළිහක් අතරින් මගේ ලියුම එයා තෝරලා තිබුණා.
මෙයයි ලොකු නංගියි ඒ කාලේ කොළඹ ෆැක්ටරියක වැඩ කළා. 2002 සැප්තැම්බර් 08 වැනිදා රත්මලානෙ අන්ධ විද්‍යාලේ ළඟදි මුලින්ම අපි හමුවුණේ. මම මගේ ඇස් පේන යාළුවෙක්ට කීවා මම කතා කරන කෙනා මොනවගේද කියලා බලාගෙන යන්න කියලා. හමුවුණු වෙලාවෙ මම කීවා අතරමග නවතිනවා නම් අපි දෙපැත්තට බෙදිලා යමු. ගෙදරම යනවා නම් කතා කරමු කියලා. මෙයාගෙ නංගි කීවා අපි එහෙම කරන්නෙ නෑ කියලා. මගේ යාළුවාත් මෙයාව බලාගෙන ගිහින් මට කීවා ඔයා එකයි නම් හොඳ, එයා දහයක් හොඳයි කියලා.’
අසළ තවමත් හිඳින බිරිඳ සිනාසෙයි. ඒ හඬ අතරින් ඔහු මෙවදන්ද ඊට එක් කරයි.
‘එදා බත් එක කන්න රුපියල් සීය නොදී සාක්කුවේ තියාගත්තා නම් අද මෙයයි මායි කොහේද දන්නෙ නෑ. මෙයා නිසා මට ගොඩක් දේ ලැබුණා. ඇස් පෙනෙන අයගේ පවුල් ජීවිත දිහා බැලූවාම අපේ ජීවිත සාර්ථකයි. අපි අතර සැකය, අවිශ්වාසය නෑ. පූර්ණ අවබෝධයක් තියනවා. අපි දෙන්නා මහමගට බැහැලා රුපියල් සීයක් හෙව්වත් ගෙදර එන්නෙ සතුටින්. රුපියල් දෙතුන් දාහක් හෙව්වත් අපිට දැනෙන්නේ ඒ සතුටමයි.’
සරත් අයියාගේ බිරිඳ ඔවුන්ගේ ජීවිතය ගැන සිතන්නේ කෙලෙසදැයි මසිත විමසයි. නිතරම සිනාසෙන ඇය සිනාසෙමින්ම මා වෙත සිතැඟි පවසයි.
‘විවාහ වෙන්න කැමැත්තක් තිබුණා. බලාපොරොත්තු වුණේ ඇස් නොපෙනෙන කෙනෙක්මයි. පෙනෙන කෙනෙක් බැඳලා මගේ ඇස් නොපෙනෙන නිසා ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. පෙනෙන අය අතරත් එවැනි දේ තියෙනවානේ.
සමහර ඇස් පෙනෙන පිරිමි අය ඇස් නොපෙනෙන කාන්තාවො බැඳලා අසරණ කරලා යන අය ඉන්නවා. අම්මා නැති කාලෙක මම අසරණ වෙයි කියලා නංගි ගොඩක් ඒ ගැන හිතුවා. මෙයා හමුවුණාම හොඳ කෙනෙක් කියලා දැනුණා. උත්සවයක් අරන් වැඩපොළේ අයත් ගෙන්නලා මඟුලක් ගන්නත් ආසාව තිබුණා. ඒත් මුදල් ප‍්‍රශ්න නිසා ඒක නම් බැරිවුණා. ඒත් අපි දැන් සංතෝසෙන් ඉන්නවා. ඇස් පෙනෙන අය අතරෙ තියෙන ගැටලූ අපි අතරේ නෑ. එක දෙයයි අපිට අඩු. අපිට දරුවො නෑ. ඒත් කවදාවත් ඒ ගැන අපි දොස් කියාගෙන නෑ. සමහර මාසවල හම්බකරන මුළු ගාණම ගෙවල් කුලී ගෙවනවා. ඒත් පුළුවන් කාලයක් අමාරුවෙන් හරි කාටවත් අත නොපා කීයක් හරි හොයාගෙන, බැරි කාලෙක වාරියපොළ යන්නයි අපි හිතන් ඉන්නේ.’
සරත් අයියා තුළ අසාමාන්‍ය ධාරණ හැකියාවක්ද ඇති බව මට අවබෝධවීමට වැඩිවෙලා නොගියේය. දෑස නොපෙනීමම ඔහුගේ බුද්ධියේ හා අවධානයේ තීව‍්‍රතාව ඔප් නංවා ඇතැයි සිතෙයි. ඔහු සියලූම සිදුවීම් පවසන්නේ නිවැරදි දින වකවානුද සහිතවය. කිසිදු දුරකතන අංකයක් ඔහුගේ දුරකතනයේ ගබඩා කරද නැත. සියල්ල මොහොතින් ඔහුගේ මතකයේ ගබඩා වෙයි.
අද උදෑසන මා ඔහු ඇමතූ පසු අසල්වැසියකු ලවා මගේ දුරකතන අංකය කියවාගෙන ඇති ඔහු එයද සැණෙකින් තම මතකයේ ගබඩා කරගෙන ඇත. ඇඟිලි තුඩු වේගයෙන් හා සීරුවෙන් නිවැරදි ලෙස දුරකතනය ගෙන යන ඔහු සැණෙකින් මා ඉදිරියේම මගේ අංකය අමතයි. මෙසේද පවසයි.
‘මෙතෙන්ට ලස්සන කෙනෙක් ආවොත් නෝනාගෙ ඇස් ඒ දිහාවට යනවා නේද? මට එහෙම නැහැ. ඒ නිසා මට මනස එක තැන තියාගෙන හිතන්න, නිර්මාණ කරන්න පුළුවන්. මට රූපෙ විතරයි පෙනෙන්නේ නැත්තේ. පසිඳුරන් කියන්නේ ඉන්ද්‍රිය පහක්නේ. මට අවබෝධ කරගන්න බැරි රූපය විතරයි.’
සරත් අයියා කවි ගායනයටද ප‍්‍රිය කරන්නෙකි. වැඩ කරන අතරතුරද කාන්සිය පාළුව මකන්නට ඔහු කවි ගයයි. මගේ ඉල්ලීමට ඔහු සුප‍්‍රසිද්ධ ජන කවියක් තාලයට ගයන්නේ බිරිඳ මෙන්ම මාද මහ හඬින් සිනාවක ගිල්වමිනි.
‘මාමගෙ හිතේ මා මරලා වැඩ ගන්න
නැන්දගෙ හිතේ උන්දැගෙ දූ දී ගන්න
අක්කගෙ හිතේ නංගිව දී බේරෙන්න
මගේ හිතේ දෙන්නම අරගෙන යන්න.’

දෑස් පෙනුණද විඳවමින් ජීවිත ගතකරන බොහෝ දෙනා අතර දෑස් නොපෙනුණද ජීවිතය විඳින ඔවුන් දෙපළ මහත් වූ ආදර්ශයක් නොවේදැ’යි ඔවුන් දෙස බලන ඕනෑ අයකුට සිතීම අරුමයක් නොවෙයි.
‘අත, පය, ඇස් නෑ කියලා යාචක තත්ත්වයට වැටෙන එක මම නම් පිළිකුල් කරන දෙයක්. මුකුත්ම කරකියාගන්න බැරිනම් කමක් නැහැ කියන්න පුළුවන්. සමහරු පුළුවන්කම තිබිලාත් ඒ දේ කරනවා. සමහර ඇස් පෙනෙන අයත් සුදු සැරයටි අරන් හිඟමන් යදිනවා. ඒ අතරේ දෘශ්‍යාබාධිත වුණත් හොඳින් ඉන්න අය ඉන්නවා. උපාධිධාරී ගුරුවරු ඉන්නවා, ස්වයං රැුකියා කරන අය ඉන්නවා.’ සරත් අයියාගේ අදහස් හා ධෛර්යවන්ත බව මුළු මහත් සමාජයටම ආදර්ශයකි.
‘ඔය දෙන්නා හරි සතුටින් හිනාවෙලා ඉන්නවා, ඔය දෙන්නාම එක වගේ. අර දෙන්නා යන ලස්සන, කාටවත් අතපාන්නේ නැතුව ජීවත් වෙනවා. ඒ වගේ දේ අපිට හුඟක් අය කියනවා. ඒ වචනවලට අපි ගොඩාක් කැමතියි.’
ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.