ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 27, 2016

අර්ජුණ රණතුංගගේ ශුද්ධවන්තභාවය රෙද්ද පල්ලෙන් ....!!!

රණතුංග මනීෂාට මෙතරම් සලකන්නේ ඇයි....?
 වරාය ඇතුලේ මසාජ් ක්ලිනික් එකක්....!!!
යහපාලන ආණ්ඩුව තුල ඉතාමත් ශුද්ධවන්ත චරිතයක් ලෙස සමාජය ඉදිරියේ වැජඹෙන වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංගගේ ශුද්ධවන්තභාවය රෙද්ද පල්ලෙන් බේරීමට පටන් ගෙන ඇත ඔහුගේ සුදු රෙදි කඩතුරාව විවර කර බැලීමේදී සුරූපී කාන්තාවන්ට සුර සැප දීම ස`දහා ඔහු දරණ වෙහෙස මහන්සිය එයට කදිම නිදසුනකි’ මෙහි මූලික පුරුකක් වන්නේ ශ‍්‍රීලංකා වරාය කළමණාකරණ උපදේශන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බියංකා මනීෂා කන්නන්ගරය’ ඇයට ඇමතිවරයා සිය බලය අබිබවා අසීමිත ලෙෂ වරප‍්‍රසාද ලබා දීමට පියවර ගෙන ඇත’ ඒ ඇයි? එය වරායේ සේවකයන් තුළ කතා බහට ලක්වී ඇති ප‍්‍රබල කරුණකි’


     
      
        ශ‍්‍රී ලංකාවේ වරාය කළමණාකරණ උපදේශන සේවා සමාගම ආරම්භ කරනු ලැබුවේ දිවංගත ලලිත් ඇතුලත් මුදලි වරාය හා නාවික කටයුතු ඇමති ලෙස ක‍්‍රියා කල කාලයේ සිටය’ නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එම කාරණයෙන් පිට පැන උපදේශන සේවා සමාගම වරායට කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සේවකයන් බ`දවා ගැනීමේ ආයතනයක් ලෙස වෙනස් කරනු ලැබීය’ එය තව දුරටත් විග‍්‍රහ කළහොත් උපදේශන සේවා ම`ගින් පිටස්තර සමාජයෙන් සේවකයන් බ`දවාගෙන ඔවුන්ව වරාය අධිකාරියට විකුණා මුදල් උපයනු ඇත’ නැවියන් පුහුණු කිරීමට ලලිත් ඇතුළත්මුදලි ඇරඹූ උපදේශන සේවා සමාගමේ අද තත්වය එයයි’ මෙය නීතියට අනුව කොතෙක් දුරට එක`ගද යන්න විමසා බැලිය යුතු කරුනකි’

        ශ‍්‍රී ලංකා වරාය කළමාණාකරණ උපදේශන සේවා සමාගමේ සභාපතිවරයා වන්නේද නිල බලයෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අර්ජුණ රණතුංග ඇමතිවරයාගේ මල්ලී ධම්මික රණතුංගය’ මෙම සමාගමේ 60%ක කොටස් හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් වන අතර ඉතිරි 40% වරායට අයත් වේ’ නමුත් උපදේශන සේවා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුර පත් කිරීමේ අයිතිය ඇත්තේ වරාය අධිකාරියේ සභාපතිවරයාටය’  ඒ අනුව ඇමති අයියාගේ හිතවතියට ඔහුගේ අවශ්‍යතාවය මත වරාය අධිකාරියේ සභාපති මල්ලී විසින් ශ‍්‍රී ලංකා වරාය කළමණාකරන උපදේශන සේවා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට බියංකා මනීෂා කන්නන්ගර පත් කර ඇත’ ඇයට මෙවැනි බලවත් තනතුරක් දැරීමට තරම් තනතුරට හිමි වෘත්තීය හෝ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? වරාය සේවකයන් ප‍්‍රකාශ කල අකාරයට ඇයට ඇකි මූලික සුදුසුකම අර්ජුණ රණතුංග ඇමතිවරයාගේ සමීප සබ`දතාවයයි’ ඒ හැර පිළිගත හැකි වෙනත් සුදුසුකමක් නැති බව ඔවුන්ගේ මතයයි’ එය නිවරදි නම් ඇමතිවරයා කර ඇත්තේ බලවත් වරදකි’ සිය හිතවතියන්ට රාජ්‍ය ආයතන වල තනතුරු ලංබා දීමකි’ ඇමතිවරයා නිවරදි යුක්ති ගරුක පුද්ගලයෙක් නම් කල යුතුව තිබුණේ තනතුරට සුදුසු පුද්ගලයන්ගේ අයදුම්පත් කැ`දවා නිවරදි දක්ෂ අයෙකුට එම තනතුර ලබා දීමයි’ එසේ නොකර තමන්ගේ සුරතළියක් මෙසේ පත් කරලීම ඔහුට එල්ල වී ඇති චෝදනාවට මූලික හේතුව වී ඇත’ ඊටත් වරාය කළමණාකරණ උපදේශන සමාගම වැනි ප‍්‍රබල ආයතනයකට මනීෂා කන්නන්ගර වැනි ල`ද බොල`ද ගැහැණියක් දෙන උපදෙස් මොනවාද? සිදු ව ඇත්තේ ඇමති යෙහෙළියක් සැනසවීමට මහජන මුදල් කාබාසිනියා කිරීමකි’ මායගේ මාසික වැටුප රුපියල් 150 000’00 ක් පමණ වෙයි’ ඊට අමතරව ඇයට සුපිරි මෝටර් රථයක් ඉන්ධන හා වෙනත් දීමනා පහසුකම් ලබා දී ඇත’ එවිට සමස්තයක් වශයෙන් බලන කල ඇය වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ  5කට අධික මුදලක් දැරීමට සිදුව ඇත’ යහපාලනයේ වෙනස මෙයද?

        මෙහි තවත් දෙයක් නම් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව පිටුපස ඇති වරාය අධිකාරියට අයත් නිවාස අධිකාරියේ නිවසක්ද ඇයට ලබා දී ඇත’ මෙහි වරායට අයත් නිවාස 10ක් ඇත’ ඉන් එකක් දැනට පවතින්නේ හිස්වය’ සෙසු නිවාස 9ය වරායේ අනිත් පිරිස් වෙත ලබා දී ඇත’  ඉන් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අංක 380/76 දරණ නිවස මෙලෙස බියංකා මනීෂා කන්නන්ගරට ඇමතිවරයා විසින් ලබා දී ඇත’ ඒ 2015 ජූනි මාසයේ දී පමණය’ මෙහි මුලින් සිටියේ මහින්ද රාජපක්ෂගේ සම්බන්ධිකරණ ලේකම් දයා ගාල්ලගේය’ ආණ්ඩුව පෙරළී යාමත් සම`ග ඇයට එම නිවසින් පිටත් වීමට සිදු වූ අතර ඇය දැන් සිටින්නේ තලංගම කොස්වත්තේය’ ශ‍්‍රීලංකා වරාය අධිකාරියට අයත් මෙම නිවාස වල පදිංචි වීම උදෙසා ශ‍්‍රීලංකා වරාය අධිකාරියේ උපදේශන සේවා සමාගමේ අයට ලබා දීමේ අයිතියක් නැත’ එබැවින් දේශපාලන උප්පරවැට්ටියක් භාවිත කර වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න නමින් මෙම නිවස මනීෂා කන්නන්ගරට ලබා දී ඇති බවට වරාය තුල කතා බහක් ඇත’ එය කොතෙරම් දුරට නිවරදිද යන්න පැහැදිලි නැතත් දැනට එම නිවසේ මනීෂා කන්නන්ගර නීති විරෝධි ලෙස පදිංචිව සිටින බව නම් සැබෑය’ සංජීව විජේරත්නද දේශපාලන පත් වීමකින් වරායේ පත් වීම ලද අයෙකි’ එනම් වරාය පනතට අනුව වරායේ විධායක අධ්‍යක්ෂ ධූරයක් නැත’ නැති තනතුරක ඇති කොට පත්මක් ලබා දෙන්නේ නම් එය දේශපාලන පත් වීමක් නොවන්නේ කෙසේද?


        මනීෂා කන්නන්ගරට මෙම නිවස මුලින් ලබා දීමට මහන්සි වී ඇත්තේ අර්ජුණ රණතුංගගේ මස්සිනා කෙනෙකු වන වරාය විධායක අධ්‍යක්ෂක ධූර තනතුර දැරූ අශෝක ගුණසේකරගේ නමිනි’ නමුත් ඔහු ඊට කැමති වී නැත’ එය හේතු කොට ගෙන ඔහුට වරාය විධායක අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත්ව යාමට සිදුව ඇත’ දැන් ඔහු සේවය කරන්නේ මාලදිවයිනේ හෝටලයක බව කියවේ’ ඉන් පසුව සංජීව විජේරත්න වරාය විධායක අධ්‍යක්ෂ ධූර තනතුරට පත් කර එම`ගින් මනීෂා කන්නන්ගරට එම නිවස ලබා දී ඇති බව කියවෙයි’ කුමන මති මතාන්තර තිබුණද අශෝක ගුණසේකර මෙහිදී තම ගරුත්වය රැුකගෙන අයුතු ක‍්‍රියාවකට අත නොගසා විධායක අධ්‍යක්ෂක ධූරයත් දමා ගසා ගෙදර යාමට පියවර ගැනීමෙන් තමාගේ අභිමානය අර්ජුණ රණතුංගට පෙන්වා ඇති බව පසක් වෙයි’

        අර්ජුණ රණතුංගගේ බල මහිමයෙන් මනීෂා කන්නන්ගර භාවිතා කරන මෙම නිවසේ විදුලි දුරකථන ජල බිල්පත් වෙනුවෙන් වැය කරන්නට සිදු වන්නේ මහජන මුදල්ය’ මේවා සම්බන්ධයෙන් යහපාලන ඇත්තෝ ඇස් කන් පියා ගෙන සිටීම කාලකණ්නි කමේ  ප‍්‍රතිමුර්තියක් වනු ඇත’ දැන් මනීෂා කන්නන්ගර වරාය සංකීර්ණය තුල සුපිරි වෙළ`ද සංකීර්ණයක් ඉදි කිරීම උදෙසා ස්ථානයක් සොයමින් සිටින බවටද කට කතාවක් සේවකයන් තුල ඇත’ ඇයට මුදල් හම්බ කිරීමට වරාය සංකීර්ණය තුල ඉඩ සලසනවාද? නැද්ද යන්න වෘත්තීය සමිති මීට වඩා ශක්තිමත් තැනක සිට කටයුතු කිම වැදගත්ය’

         එසේම ජයබාහු පර්යන්තයේ කාර්යාල පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය දැනට සිදු කරන්නේ ජේ’සී’ටී ආයතනය මගිනි’ එයට දැනට ලක්ෂ 10ක පමණ මුදලක් ගෙවනු ඇත’ ඉන් එය ඉවත් කර එය පිරිසිදු කිරීමේ කටයුතු ලක්ෂ 30ක පමණ මුදලකට මනීෂා ක්ලීනිං සර්විස් කිරීමට ප‍්‍රයත්න දරණ බව පැවසේ’ මේවා මහජන සුබසෙත උදෙසා පෙන්වා දීම අපගේ යුතුකමකි’ එහි හරි වැරදි භාවය සොයා බලා අවශ්‍ය පියවර ගැනීම යහපාලන නිලධාරී ප‍්‍රධානීන්ගේ වගකීමකි’ එහෙත් එය කොතෙක් දුරට ඉෂඨ වෙනවාද යන්න ප‍්‍රශ්නයකි’

        මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 ජනවාරි මස 08 වෙනිදා පරාජය කරමින් මෛත‍්‍රීපාල  රනිල් අනුර යහපාලන ආණ්ඩුව බලයට පත් වී 2016 ජනාවාරි 08 වන දිනට වසරකි’ එය සැමරීම උදෙසා මනීෂා කන්නන්ගර විධායක අධ්‍යක්ෂ ධූරය දරණ වරාය කළමණාකරණ සමාගම විසින් වරාය භූමිය තුල ආයුර්වේද මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත’ එම සමාගමට එවැනි දෙයක් කිරීමට බලයක් තිබේද? එසේ නම් එය ඇරඹුවේ කුමන බලයක් යටතේද? එය වෙන කිසිවක් නිසා නොව අර්ජුණ රණතුංග ඇමැතිවරයාගේ අසීමිත බලය නිසාය’ මෙම ආයුර්වේදයේ ප‍්‍රධාන පාලිකාව ලෙෂ සුරූපී යුවතියක්ද පත් කර ඇත’ වරාය සේවකයන් පවසන්නේ මෙය ආයුර්වේද මධ්‍යස්ථානයක් නොව මසාජ් ක්ලිනික් එකක් කියාය’ එහෙත් ඒ ගැන අපි හරියට දන්නේ නැත’
     

  මෙතරම් බලයක් ලබාගෙන වරාය උපදේශන සේවා සමාගමේ විධායක අධ්‍යක්ෂ ලෙස වැජඹෙන මනීෂා කන්නන්ගර යනු කවුරුන්ද? ඇය කොළඹ 07 කුරු`දුවත්ත අංක 07 දරණ ස්ථානයේ පදිංචිව සිටි මාධව වත්තේගමගේ බිරි`දය’ ඇයගේ අහිතකර ක‍්‍රියා කලාපයන් නිසා මාධව ඇයව පවුලෙන් ඉවත් කර ඇත’ දැන් ඇය අර්ජුණ රණතුංගගේ සෙවනේ වැජඹෙමින් දියත් කර ඇති ක‍්‍රියා කලාපයන් වරාය සේවකයන්ගේ බලවත් විරෝධයට හේතු වී ඇත’ එය යහපාලනයේ යහපත් පොත්ත ගැලවී කලූ පැල්ලම් මතු කිරීමට හේතුවී ඇති බව නොකිවමනාය’

වරාය යනු අර්ජුණ රණතුංග ඇමති වරයාගේ පුද්ගලික බූදලයක් නොව මහජන දේපලකි’ මහජනතාව ඔහුව ඡුන්දයෙන් බලයට පත් කර වරාය ඇමති ධූරයට පත් කලේ මහජන මුදලින් සුරූපිනියන්ට සැප දීමට නොව නියමිත නීති රීති වලට අනුකූලව ක‍්‍රියා කරමින් වරාය රටේ මහජන සුභසාධනය උදෙසා නිවරදි දිශාවකට රැුගෙන යාමටය...ඉන් පිට පැන රණතුංග ඇමැතිවරයා තමන්ගේ සුරූපිනියන් සතුටු කිරීමට වරාය යොදා ගන්නේ නම් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට  ඕනෑම අයෙකුට අයිතියක් ඇත’ අප මේ සිදු කරන්නේ එම අයිතියට ගරු කරමින් මහජනතාවට වරායේ සිදු වී ඇති කණගාටුදායක අවලං ස්වභාවය පෙන්වා දීමටය’ අප වැරදි නම් ඒබ ව පෙන්වා දීම ඇමතිවරයාගේ වගකීම වනු ඇත’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.