ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 15, 2016

රාජපක්ෂ පවුලේ ආදායම සහ වියදම....!!!


රාජපක්ෂ පවුලේ ආදායම සහ වියදම....!!!

CSN ආයතනයත් රාජපක්ෂලාගේය. රාජපක්ෂ පදනමත් රාජපක්ෂලාගේය. එදා ආණ්ඩුවත් රාජපක්ෂලාගේය. ඉතිං නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යැයි ජනවහරේ කියන්නේ මෙන්න මේ වාගේ වැඩවලටය. රාජපක්ෂ සංස්ථාවේ වැඩ කෙරුණේ එහෙමය.
ඉකුත් දස වසර පුරාම පවුල් ගහේ අස්වැන්න සරු වූ එක් විදිහක් වූයේ අඳ ගොළු බිහිරි, වයෝවෘද්ධ, අන්ත අසරණ මිනිසුන් වෙනුවෙන් සරණක් වෙන බව පෙන්වා දී අටවා ගත් පදනමේ නාමයෙන් මුදල් ගරා ගැනීමෙනි. සමාජ සුබසාධනය කරනවා යැයි පෙන්වා දෙමිනි. මේ පොළොව මත ජීවත් වූ අන්ත අසරණ මිනිසුන් මෙන්ම මිය ගිය ඞී.ඒ. රාජපක්ෂ ද ශ‍්‍රී රෝහණ ජනරංජන විශ්ව කීර්ති වෝහාරපති මහින්ද රාජපක්ෂ විසින් විකුණාගෙන කන ලදී.



වික්ටෝරියා රැජිනගේ වැඩිමහල් පුත් ඇල්බට් එඩ්වඩ් ‘රාජකීය වෙල්ස් කුමාරයා’ ලෙස ඉගෙන ගන්නා කාලයේ නිතර නිතර සිය මවගෙන් මුදල් ඉල්ලා එවන සිරිතක් පැවතියේය. ඒ සෑම විටකම රැජින සිය පුත‍්‍රයාට සුළු මුදලක් බැගින් යැව්වේය.
වරක් ඇල්බට් එඩ්වඩ් කුමාරයා මෑණියන්ගෙන් වැඩිපුර මුදලක් ඉල්ලා ලිපියක් යැව්වේය. එම ලිපියට පිළිතුරු වශයෙන් සුළු මුදලක් යැවූ මහ රැජින ඒ සමඟම ”රාජකීයයකු වුව ද වැඩිය මුදල් වියදම් කරන්නට පුරුදු වන්න එපා” යනුවෙන් අවවාදයක් සහිත ලිපියක් සිය අත්සන ද සමඟින් පුතුට යැව්වාය. ටික දිනකින්ම ඇල්බට් කුමාරයාගෙන් රැජිනට පිළිතුරක් ලැබුණි. එහි මෙසේ සටහන් විය. ”ඔබතුමියගේ අවවාදය මම ඉතා ඉහළින්ම පිළිගතිමි. ඔබතුමියගේ අත්සන සහිත ලිපිය දුටු මගේ යහළුවකු පවුම් පහක් දී එම ලිපිය මිලට ගත්තේය. එහෙයින් මීට පසු අමතර වියදම් එවන විට ඔබතුමියගේ අත්සන සහිත ලිපියක් ද එවනු මැනවි.” ලිපිය කියැවීමෙන් පසුව මහ රැජිනට තරු පෙනුණේය. පසුව ඇය තීරණය කර තිබුණේ පුතුට අවශ්‍ය අමතර මුදල් යැවීමේ දී අත්සන වෙනුවට ‘අම්මා’ යනුවෙන් පමණක් සඳහන් කර ලිපි යැවීමටය.
මේ සිදුවීමෙන් පෙනෙන්නේ රාජකීය වැඩිමහල් පුත‍්‍රයා සිය අම්මාගේ නැතහොත් මහ රැජිනගේ ‘අත්සන’ත් විකුණං කන්නට සැරසුණු බවය. මහ රැජින ඊට ඉඩ තැබුවේ නැත. ඒ එංගලන්තයේය. එංගලන්තයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැත.
දැන් කියන්නට යන්නේ අප්පුච්චාගේ නම විකුණා පරම්පරාවට දේපළ මිල මුදල් රැස් කළ, කළු සල්ලි සුදු කළ ලංකා පුත‍්‍රයකු ගැනය. පාර්ලිමේන්තුවේ සිටි සහ සිටින මහජන නියෝජිතයෝ බොහෝ දෙනකුට විවිධ ‘පදනම්’ තිබේ. මේවා එක්කෝ තම පියා නමින් අටවා ගත් ඒවාය. නැතිනම් තමන්ගේ නමින් අටවා ගත් ඒවාය. අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා යන ලේබල් අලවා ගනිමින් මේ බොහෝ පදනම් කරන්නේ ජනතා සේවයට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලබා දෙන විමධ්‍යගත ප‍්‍රතිපාදන ගසා කෑමය. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, මැති ඇමැතිවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් දක්වා මේ ඕනෑම අයකුගේ නමින් හෝ ඔවුන්ගේ සමීපතම ඥාතියකු නමින් පිහිටුවා ගත් බොහෝ පදනම් අපේ රටේ තිබේ. රාජ්‍ය බලය නැතහොත් දේශපාලන බලය තිබෙන විට මේවායින් කරන අලූගුත්තේරුකම් රටේ ජනතාවට දැනගන්නට ලැබෙන්නේ නැත. ඒවා ජනතාවට දැනගන්නට ලැබෙන්නේ බලය ගිලිහී ගිය පසුවය. සියලූ අකටයුතුකම් හෙළිදරව් වීමට පටන් ගන්නේ එතැන් සිටය.
x රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනම
1997-2001 කාල සීමාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය හොබවන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ මූලිකත්වයෙන් 1998 අංක 23 දරන රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ පනත) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරවා ප‍්‍රසිද්ධ කරන ලදී.
x රාජපක්ෂ අනුස්මරණ පදනම පිහිටුවා ගත් දිනය
1998 මැයි මස 19 වන දින
Helidarauwa 2
x 1998 අංක 23 දරන රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනතෙ හි සඳහන් සංස්ථාවේ පොදු පරමාර්ථ
මාර්ග සංවර්ධනය, නිවාස යෝජනා ක‍්‍රියාත්මක කිරීම, ආරෝග්‍ය ශාලා, කලායතන පවත්වාගෙන යාම, අධ්‍යාපන හෝ ප‍්‍රජා සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, දිළිඳු දරුවන්ට ඇඳුම් පැලඳුම්, අධ්‍යාපනික වියදම් සපයා දීම, ශිෂ්‍යාධාර, පුස්තකාල හා සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීම, බෞද්ධ දර්ශනය සහ බෞද්ධ ජීවන මාර්ගය ආරක්ෂා කිරීම හා ප‍්‍රචාරය සඳහා ආධාර කිරීම, වෘත්තීය අධ්‍යාපන පාඨමාලා පැවැත්වීම, ශිෂ්‍යයන්ට කුඩා කර්මාන්තවල පුහුණුව ලබා දීම, පිරිවෙන් සහ වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථාන ඇති කිරීම, දුප්පත් අනාථ සහ රෝගී තැනැත්තන්ට වෛද්‍ය සහන, ආහාර, නිවාස සැපයීම, අනාථ නිවාස, මහලූ නිවාස පිහිටුවීම, අඳ ගොළු බිහිරි සහ ආබාධිතයන්ට පහසුකම් සැලසීම හා නේවාසිකාගාර පිහිටුවීම, රාජපක්ෂ අනුස්මරණ නිවාඩු නිකේතනයක් සහ උද්භිද උද්‍යානයක් ඇති කිරීම.
x පනතේ සඳහන් සංස්ථාවේ බලතල
* සංස්ථාවේ කාර්යය සඳහා මුදල් ණයට ගැනීමට හෝ ලබා ගැනීමට.
* විනිමය බිල්පත්, චෙක්පත්, පොරොන්දු නෝට්ටු සහ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත‍්‍ර සැදීමට, ලිවීමට, භාර ගැනීමට, වට්ටම් දීමට, ගනුදෙනු කිරීමට, මිලට ගැනීමට, විකිණීමට, නිකුත් කිරීමට සහ බැංකු ගිණුම් විවෘත කිරීමට, ක‍්‍රියාත්මක කිරීමට සහ වැසීමට.
* සංස්ථාවේ කාර්යය සඳහා වහාම අවශ්‍ය නොවන යම් අරමුදල් සභාව විසින් සුදුසු යැයි සලකනු ලබන ආකාරයකින් ආයෝජනය කිරීමට.
* දායක මුදල් සම්මාදම්, ප‍්‍රදානයන්, පරිත්‍යාග සහ සියලූ වර්ගවලට අයත් ත්‍යාග ඉල්ලා සිටීමට සහ භාර ගැනීමට.
* සංස්ථාවේ පරමාර්ථ ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හෝ අවස්ථානුකූල වෙනත් සියලූ දේ කිරීමට සංස්ථාවට බලය ඇත්තේය.
x පොත්ත සහ ඇත්ත
රාජපක්ෂ අනුස්මරණ පදනමේ පොදු පරමාර්ථවලින් කියැවෙන්නේ පරිත්‍යාගශීලී, ප‍්‍රශංසනීය, පූජනීය, උතුම් අරමුණු එහි තිබෙන බවයි. මුළු මහත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් එකඟ කිසිවකු මේ පරමාර්ථයන් ප‍්‍රතික්ෂේප කරන්නේ ද නැත. එහෙත් මේ පදනමේ කල් ක‍්‍රියාව විසින් පෙන්වා දෙන්නේ සමාජය පිළිගන්නා හොඳ, උතුම් අරමුණු පදනමේ පොත්ත සඳහා පමණක් භාවිත කළ බවය. තවත් සරලව කිවහොත් පොදු පරමාර්ථ පදනමේ ව්‍යවස්ථාවේ පමණක් තිබූ ඒවා බවය. සමාජ සුබසාධනය වෙනුවට රාජපක්ෂ පරපුරේ ඊළඟ පරම්පරාවට ආයෝජන අවස්ථාවන් ලබා දීම පිණිස මෙම පදනම යොදාගෙන ඇති බව දැන් තහවුරු වී තිබෙන්නේය.

x පදනම වෙනුවෙන් ඉඩම් ලබා ගැනීම
2003 අපේ‍්‍රල් 05 වන දින එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍ය එම්.එච්. මොහොමඩ් මහතාගෙන් රාජපක්ෂ පදනමට ඉඩමක් ඉල්ලා සිටියේය. එහි දක්වා ඇත්තේ D.A.Rajapaksa Memorial Educational Cultural & Social Services Foundation යනුවෙනි. ඉඩම ඉල්ලා ඇත්තේ ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනම වෙනුවෙනි. රාජපක්ෂ පදනමට ඉඩම ලබා ගැනීම වෙනුවෙන් මහින්ද අප්පොච්චාගේ නම විකුණුවේය.
විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම සලකා බලමින් බස්නාහිර ප‍්‍රදේශ සංවර්ධන අමාත්‍යවරයා ඞී.ඒ. රාජපක්ෂ පදනමට ඉඩමක් ලබා දීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා 19/2003 කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කළේය. ඊට කැබිනට් අනුමැතිය ලැබුණේය. ඒ අනුව පර්චස් 29කින් යුතු ඉඩමක් රාජපක්ෂ පදනමට ලැබුණේය. අංක 236/01, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි මෙම ඉඩම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යාබද ඉඩමය. තිස් අවුරුදු බදු ක‍්‍රමය යටතේ ලබා දුන් ඉඩම රාජපක්ෂ පදනමේ පොදු පරමාර්ථ සාධනය පිණිස මිස වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට අවසර තිබුණේ නැත. එකී වගන්තියට වලංගුභාවය තිබුණේ මහින්ද රාජපක්ෂට දේශපාලන බලය ලැබෙනතුරු පමණි. අඳ, ගොළු, බිහිරි පිරිස් වෙනුවෙන් අසරණ වැඩිහිටියන් වෙනුවෙනුත් නිවර්තන නිවාස තනා දීමට ලබා ගත් ඉඩම මහින්ද රාජපක්ෂ සිය පවුලේ ආයෝජන අවස්ථා පුළුල් කරන මධ්‍යස්ථානයක් ගොඩනැගුවේය. අද එම ඉඩමේ පවත්වාගෙන යන්නේ CSN රූපවාහිනී නාලිකාවය. මේ සඳහා රාජපක්ෂ පදනමේ සෙසු සාමාජිකයන්ගෙන් හෝ නිලධාරි මණ්ඩලයෙන් කිසිදු අවසරයක් හෝ අනුමැතියක් ලබාගෙන තිබුණේ ද නැත. කොටින්ම මේ ගැන කිසිවක් දන්නේ ද නැත.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම රාජපක්ෂ පදනමේ පරමාර්ථවලින් බැහැර ව්‍යාපෘතියකට යොදවමින් සිටින නිසා අවශ්‍ය නම් නාගරික සංවර්ධන අධිකාරියට නැවත මේ ඉඩම පවරා ගැනීමට නෛතිකව අවසර තිබේ. එහෙත් දේශපාලන ඞීල් තිබෙන්නේ නීතියට ඉහළින්ය.
x ගිණුම් සහ විගණනය
ගිණුම් සහ විගණනය සම්බන්ධව රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සහ සමාජ සේවා පදනමේ පනතේ සඳහන් වගන්ති දෙකකි.
(9) (1) සංස්ථාවේ ආදායම සහ වියදම, වත්කම් සහ බැරකම් අනෙකුත් සියලූ ගනුදෙනු පිළිබඳව නිසි ගිණුම් පොත් තැබීමට සංස්ථාව විසින් කටයුතු සැලැස්විය යුතුය.
(2) සංස්ථාවේ ගිණුම් යටත් පිරිසෙයින් වර්ෂයකට වරක් පරීක්ෂා කර විගණනය කරනු ලැබිය යුතුය.
වගන්ති එසේ තිබුණත් රාජපක්ෂ පදනම පිිහිටුවා ගත් දිනයේ සිට මේ දක්වාම (වසර 17ක්) ගිණුම් පොත් පවත්වාගෙන යාමක් හෝ ගිණුම් විගණනය කිරීමක් සිදු කර නැත. මහින්ද රාජපක්ෂ අගමැතිව සිටි සමයේත් ඔහු විධායක ජනාධිපති ධුරයේ සිටින සමයේත් රාජපක්ෂ පදනමට දෙස් විදෙස් රටවලින් මුදල් ආධාර පරිත්‍යාග ලැබුණේය.
එසේ ලැබුණු මුදල් හා ආධාර ප‍්‍රමාණය රුපියල් කෝටි ගණනකි. ඒවාට සිදු වූයේ කුමක්දැයි දන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු පුත‍්‍ර සමාගමය. රාජපක්ෂ පදනමට ඉඩම් ලබා ගැනීම හෝ ඒවා පවත්වාගෙන යන්නේ කෙසේදැයි කිසිවක් නොදන්නා බව රාජපක්ෂ පදනමේ සෙසු සාමාජිකයෝ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම්වලට පවසා ඇත. පදනමේ සභාපති චමල් රාජපක්ෂ එහි භාණ්ඩාගාරික ලලිත් චන්ද්‍රදාස මහතා ඉඩම් ලබා දීම, පරිත්‍යාග ලබා ගැනීම, ගිණුම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට ප‍්‍රකාශ ලබා දී ඇතැයි ද දැනගන්නට ඇත. මෙයින් පෙනී යන්නේ රාජපක්ෂ පදනම මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතිකත්වය මත පවත්වාගෙන ගිය එකක් බවය.
මෙම අත්තනෝමතික හා නීති විරෝධී ක‍්‍රියාවලිය වසා ගන්නට 2015 ජනවාරි 14 වන දින රාජපක්ෂ පදනමට අයත් ඉඩම CSN ආයතනයට බදු ගිවිසුමක් යටතේ පවරා දීමේ හදිසි බදු ගිවිසුමක් අත්සන් කෙරෙන්නේය. මේ හදිසිය ඇති වූයේ 2015 ජනවාරි 08 වන දින මහින්ද රාජපක්ෂට ගෙදර යාමට සිදු වූ නිසාය. පාර්ලිමේන්තුවේ සම්මත කළ රාජපක්ෂ සංස්ථාගත පනතට අනුව පදනමට අයත් ඉඩම් හෝ දේපළ පදනමේ පරමාර්ථවලින් බැහැර ව්‍යාපෘති සඳහා ලබා දීමට නොහැකිය. එසේ තිබියදීත් මෙකී වංචාව වසා ගැනීමට කඩිමුඩියේ බදු ගිවිසුමක් අත්සන් කළේය.
CSN ආයතනයත් රාජපක්ෂලාගේය. රාජපක්ෂ පදනමත් රාජපක්ෂලාගේය. එදා ආණ්ඩුවත් රාජපක්ෂලාගේය. ඉතිං නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යැයි ජනවහරේ කියන්නේ මෙන්න මේ වාගේ වැඩවලටය. රාජපක්ෂ සංස්ථාවේ වැඩ කෙරුණේ එහෙමය.
ඉකුත් දස වසර පුරාම පවුල් ගහේ අස්වැන්න සරු වූ එක් විදිහක් වූයේ අඳ ගොළු බිහිරි, වයෝවෘද්ධ, අන්ත අසරණ මිනිසුන් වෙනුවෙන් සරණක් වෙන බව පෙන්වා දී අටවා ගත් පදනමේ නාමයෙන් මුදල් ගරා ගැනීමෙනි. සමාජ සුබසාධනය කරනවා යැයි පෙන්වා දෙමිනි. මේ පොළොව මත ජීවත් වූ අන්ත අසරණ මිනිසුන් මෙන්ම මිය ගිය ඞී.ඒ. රාජපක්ෂ ද ශ‍්‍රී රෝහණ ජනරංජන විශ්ව කීර්ති වෝහාරපති මහින්ද රාජපක්ෂ විසින් විකුණාගෙන කන ලදී.
දයා නෙත්තසිංහ
ජායාරූප : අජිත් සෙනවිරත්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.