ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 19, 2016

රනිලාට පිළිතුරු සමගින් වෛද්‍ය සංගම් ලේකම්ගෙන් දරුණු ප‍්‍රහාරයක්..

දෙරණ රූපවාහිනියේ ‘අලූත් පාර්ලිමේන්තුව’  සංවාද වැඩමටහනේදී මෙවර සාකච්ඡවට ගැනුනේ ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අචර අත්සන් තැබීමට නියමිත ගිවිසුම ගිළිබඳවයි. ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සුමනසිරි ලියනගේ, උපායමාර්ගක ව්‍යවසාය කලමණාකාරන ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්  යන මහත්වරුන් සහභාගී වූහ. වෛද්‍ය නලින්ද හේරත්  පමණත් ගිවිසුම සම්බ්න්ධයෙන් කරුණු දක්වද්දී අනික් තිදෙනාම කෙටුම්පතක් හෝ අතේ නැතිව නොදුටු ගිවිසුමක ගුණ වයන්නට වූහ. මෑතකදී කැබිනට් අනුමැතියෙන් ඉන්දීය ගිලන් රථ සේවාව නිසා ඇති වී තිබෙන අධි අවදානම ගැන වෛද්‍ය හේරත්  එකී කැබිනට් පත‍්‍රිකාව පෙන්වා කරුණු දක්වද්දී අන් කිසිවෙකුත් ඊට විරුද්දව මත නොදක්වන්නට ප‍්‍රවේශම් වූහ.  සම්පූර්ණ වැඩසටහන පහතින්
දෙවැනි වටයේදී අනෙක් විද්වතුන් තිදෙනාම වෛද්‍යවරයා ඉලක්ක කරමින් දැඩි ලෙස අදහස් දක්වද්දී නිහඬව අසා සිටි හේරත් මහතා සිය අවස්ථාව ලැබුණු සැනින් මහාචාර්යවරුන්ට කට උත්තර නැතිවෙන අභියෝගයක් කලේය. තමන් වෛද්‍යවරුන් ලෙස ශ‍්‍රි ලංකාවේ වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය ලෝකයේ සියලූ දර්ශකයන්ගේ ඉහලම තත්වයට ගෙන්වා ඇති බව කියූ ඔහු ‘ඔබලා ආර්ථික විශේෂඥයින් ලෙස ලංකාවට කර ඇත්තේ කුමක්ද. මේ දක්වා ලංකාවෙන් ඉන්දියාවට වැඩිපුරම යවා ඇත්තේ කරුංකා පමණයි. කරුංකා යවන්න ගිවිසුම් ගමන්න ඔබලා වැනි විශේෂඥයින් කුමටද’ යි අසද්දී විද්වතුන් ඇතැමෙක් පුටුව කරකවන්නට වූ අතර ඇතැමෙක් උඩ බිම බලන්නට වූහ.
 තුන්වැනි වටයේදී අදහස් දක්වමින් වෛද්‍ය නලින්ද හේරත්  කියා සිටියේ ලංකාව මේ වන විටත් බෙහෝ රෝගයන්ගෙන් තොර රටක් බවත් ඉන්දියාව එසේ නොවන නිසා නිදහසේ ඉන්දියානුවන් මෙරට පැමිණෙන්නට ගහහොත් මෙරට සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිවන අවදානම ගැන වගකියන්නේ කවුදැයි ප‍්‍රශ්න කලේ අන් විද්වතුන්ට කිසිත් කියන්නට ඉතිරි නොකරමිනි.
 සම්පූර්ණ වැඩසටහන පහතින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.