සහල් ජාවාරමක් හෙළිවේ....!!!
දේශියව නිෂ්පාදනය කරන රතු සහල් වලට රෝස පැහැති මිනිස් පරිභෝජනයට නොසුදුසු යැයි පැවසෙන වර්ණ කාරකයන් යොදා සහල් අලෙවි කිරීමේ ජාවාරමක් වතුකරයේ ප්රධාන නගරවල ජයමට සිදු කරගෙන යනු ලබනවා.මඩකලපුව, කල්මුනේ, සමන්තුරේ, අමිපාර යන ප්රදේශවල ගොවින්ගෙන් මිළිදි ගන්නා රතු සහල් වි සහල් මෝල් වලට ගෙනවිත් එහිදි සුද්ද කර පොලිශ් කිරිමෙන් පසු රතු සහල් වලට මෙම වර්ණකාරකය යොදවන බවයි වෙළසැල් හිමියන් පවසන්නේ.


මෙසේ රහසිගතව වර්ණ ගන්වන සහල් කිලෝවක් රුපියල් හැත්තෑවක් වැනි මිළකට වෙළදපොලේ අලෙවි කරන අතර එම සහල් මිළිදි ගැනිමට පාරිභෝගිකයන් දැඩි රුචිකත්වයක් දක්වන්නේ බැලූ බැල්මට එම සහල් සිත් ඇද ගන්නා සුළුවිම නිසාය.


මෙම සහල් මඩකලපුව සහ අමිපාර, කල්මුනේ ප්රදේශවල සහල් මෝල් හිමියන් විසින්ම වතුකරයට මෙම සහල් ලොරි රථ වලින් රැුගෙන විත් තොග මිළට අලෙවි කරන බවයි වෙළදුන් පවසන්නේ. මේ සමිබන්ධයෙන් නුවරළිය පාරිභෝගික සේවා අධිකාරියේ ප්රධානි විමලසිරි ඉලූක්කුඹුර ගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ මෙවැනි වර්ණ ගැන්වු සහල් අලෙවි කිරිම සපුරා තහනමි බවයි.

මෙවැනි සහල් අලෙවිකළ වෙළදුන් රැුසකට එරෙහිව අධිකරණය හමුෙවි නඩු පවරා දඩ මුදල් අයකර ඇති බවත් තවත් මෙවැනිම වර්ණ ගැන්වු සහල් සාමිපල් කිහිපයක් වාර්තාවක් ලබා ගැනිම සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි.
