ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 20, 2016

යුද අපරාධ චෝදනාවේ ඇත්ත ....!!!

එසේම අතුරුදන් වූ බව කියන ද්‍රවිඩයන් 146,679 කවුද සහ ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි කිරීමට හිටපු බීබීසී

වාර්තාකාරි ප්‍රාන්සස්‌ හැරිසන් අසමත් වී ඇත. අතුරුදන් වූ හෝ මරා දැමූ බවට පවසා ඇති ද්‍රවිඩයන් 70000 ක පිරිස කවුරුන්දැයි හෙළි කිරීමට චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ පවා ක්‍රියා කර නැත. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා පැවසුවේ ලක්‍ෂ 2 ක ද්‍රවිඩයන් මියගිය බවයි. එහෙත් ඔවුන් කවුරුන්දැයි හෙළි කිරීමට ඇයට ද නොහැකි වී ඇත.
එසේ නම් මියගිය බවට හඬනගන මේ ද්‍රවිඩයන් අවතාර ද? මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු යෑයි සඳහන් කරන මානව හිමිකම් කවුන්සිලය යේමනය සම්බන්ධ පිටු 51 ක වාර්තාව ගැන කිසිදු පියවරක්‌ ගෙන නැත. මේ වත්මන් වාර්තාවෙන් බෝම්බ දැමීම් 119 ක්‌ මගින් සිවිල් වැසියන් ඝාතනයවී ඇති බවට දක්‌වා ඇතත් ජෝරදාන් රජය එම වාර්තාව ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.
තක්‌කඩි දේශපාලකයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇත.- ධවල මන්දිරයේ හිටපු කතා රචක - ඩේවිඩ් ප්‍රොම්

කොටි ඝාතක සමාගම පරාජය කර ලබන මැයි 19 වැනිදාට වසර 7 කි. එහෙත් කොටි පැරදවීම නිසා ශ්‍රී ලංකා හමුදාවට දැන් වන්දි ගෙවීමට සිදුවී ඇත. අල්කයිඩා නායක බින්ලාඩන් නමැති ත්‍රස්‌ත නායකයාව ඇමරිකානු නාවික සීල් භටයන් කණ්‌ඩායම විසින් මරා දැමූ අවස්‌ථාවේ ජනාධිපති බරක්‌ ඔබාමා සතුටට පත් විය.

"අපි බින්ලාඩන්ට විනිශ්චය දුන්නෙමු. ඇමරිකානු නාවික සෙබළුන් ලොව විශිෂ්ට ගණයේ යුදකාමීන් ලෙස ඉතිහාසයට එක්‌ වුණා යෑයි ඔබාමා තවදුරටත් කියා සිටියේය. එහෙත් බින්ලාඩන්ටත් වඩා බිහිසුණු ත්‍රස්‌තයකු වූ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි මිනීමරුවන් වැනසීම නිසා ශ්‍රී ලංකා හමුදාවට මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ යුද අපරාධ චෝදනා එල්ලවී ඇත. මේ චෝදනාවල පැමිණිලිකරු ඇමරිකානු රජයයි. 2012 අප්‍රේල් මස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිටු දහයක වාර්තාවක්‌ එරට කොන්ග්‍රස්‌ සභාවට ඉදිරිපත් කළේය.

මේ රහසිගත වාර්තාවෙන් කියා සිටියේය. ශ්‍රී ලංකාවට එරෙහි හයිබ්‍රිඩ් විමර්ශනයක්‌ කළ යුතු බවයි. ශ්‍රී ලංකා රජය දෙස්‌ විදෙස්‌ විමර්ශනයකට එකඟ විය යුතු බවත් එම වාර්තාවේ සඳහන් කර තිබුණි. මේ බව එම වසරේ අප්‍රේල් 10 දා ආරක්‍ෂක විශේෂාගයෙන් හෙළි කරනු ලැබීය.

මෙම හයිබ්‍රිඩ් විමර්ශනය 2015 ඔක්‌තෝබර් 1 දා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ගේ ප්‍රකාශයෙන් ඉදිරිපත් විය. ඉන් සනාථ වූවේ අත රිසොප්ගේ වුවත් හඬ ඡේකබ්ගේ ක්‍රියාදාමයයි.

මෙකී හයිබ්‍රිඩ් විමර්ශනය පසුබිමේ සිටියේ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ය. 2011 සැප්තැම්බර් 4 දා ආරක්‍ෂක විශේශාංගයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ඔපරේෂන් බ්ලේක්‌ මෙහෙයුම හෙළිකලත් රජයේ බලධාරීන් ඒ ගැන තැකීමක්‌ කළේ නැත. එහෙත් 2015 ඔක්‌තෝබර් මස මෙරටට පැමිණි ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් සම්මානයේ ප්‍රධානි බ්‍රැඩ් ඇඩම්ස්‌ ශ්‍රී ලංකාවට එරෙහි "සතුරා" කවුදැයි හෙළි කළේය. ඒ 2011 සැප්තැම්බර් මස අපි හෙළි කළ රොබට්‌ බ්ලේක්‌ය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයකට. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කළේද බ්ලේක්‌ය.

රොබට්‌ බ්ලේක්‌ වන්නි මෙහෙයුම නතර කිරිමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. කොටි පැරදවිය නොහැකි බව එවකට පැවැති රජයට කියා සිටියේය. එහෙත් බ්ලේක්‌ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. මේ නිසා ජයග්‍රාහකයන් පරාජිතයන් කිරීමේ ක්‍රියාදාමය ඔහු දියත් කළේය. ඒ සඳහා බ්ලේක්‌ අවස්‌ථාව එනතුරු බලා සිටියා. සහකාර රාජ්‍ය ලේකම් ලෙස පත්වීම ලැබූ විගස බ්ලේක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළා යෑයි බ්‍රැඩ් ඇඩම්ස්‌ පළ කළේය.

රොබට්‌ බ්ලේක්‌ගේ හයිබ්‍රිඩ් යෝජනාව එළි දැක්‌වුයේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.

මෙම යෝජනාවට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණයට ඩොලර් මිලියන 15 ක්‌ වැය විය. මේ මුදල් වැය කළේ කෙසේදැයි මානව හිමිකම් කවුන්සිලය මෙතෙක්‌ හෙළි කර නැත. පරීක්‍ෂණය සඳහා දෙස්‌ විදෙස්‌ සතුරන්ගේ සහය ද ඇමරිකාවට සහ මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලයට ලැබුණි. එම පරීක්‍ෂණ වාර්තාව 2015 සැප්තැම්බර් 30 දා ප්‍රකාශයට පත්වීමට පෙර අයර්ලන්තයේ ඩබ්ලින් සහ ජර්මනියේ බර්ලින් නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන විසින් නඩුවිභාග දෙකක්‌ පවත්වා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධවලට වරදකරු යෑයි තීන්දු කරනු ලැබීය.

මේ නඩු විභාග මෙහෙය වුයේ මෙරටින් අයර්ලන්තයට පැන ගිය ජූඩ්ලාල් ප්‍රනාන්දු නමැති හිටපු දේවගැතියෙකි. මේ නඩු විභාග පැය 24 ක්‌ ද පවත්වා තීන්දුවක්‌ ප්‍රකාශයට පත් විය.

එහෙත් වන්නි මෙහෙයුම සියෑසින් නොදුටු විදේශිකයන් සාක්‍ෂි දීමට ඉදිරිපත් වූහ. මේ එම පිරිසයි.

1. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ මෙන්ම රාජ්‍යනොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ වූ යස්‌මින් සුකා.

2. කොටින්ගේ අතිජාත මිත්‍ර එරික්‌ සෝල්හයිම්

3 ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවේල් පියනම

4. ප්‍රභාකරන්ගේ නීති උපදේශක රුද්රකුමාර්

5. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරි ගෝඩන් වෙයිස්‌

6. බ්‍රිතාන්‍ය රජය සතු චැනල් ෆෝ රූපවාහිනියේ කැලම් මැක්‌රේ.

7. හිටපු බී. බී. සී. වාර්තාකාරී ප්‍රැන්සිස්‌ හැරිසන්

8. මුලතිව් රෝහලේ හිටපු වෛද්‍ය වර්ධරාජා

9.ජර්මනියේ ඡේ. ඩී. එස්‌. සංවිධානයේ භාෂණ අබේවර්ධන.

10. කොටි සමග එක්‌ව කටයුතු කළ දමිල්වානි.

11. හිටපු මේජර් ජනරාල්වරයෙක්‌ (මොහුට තානාපති සේවයේ ධුරයක්‌ ලැබී ඇත.)

12. ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ඇති බොම්බඩියර් නමැති වාර්තාකරු

මේ පිරිසගෙන් වෛද්‍ය වර්ධරාජා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අසලදී අපට හමුවිය. ඔහු පැමිණියේ චැනල් ෆෝ අධ්‍යාපන කැලම් මැක්‌රේ සමගය. තමාට ඇමරිකානු රජය දේශපාලන රැකවරන දුන් බව අප කළ ප්‍රශ්න කිරීමේදී වර්ධරාජා හෙළි කළේය.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය දේශීය අධිකරණය තුළින් පහත දැක්‌වෙන කරුණු ඉටු කරන්නේද?

1. වන්නි මෙහෙයුම අවසන් වන විට ඩොලර් මිලියන 43 ක අවි කොටි සතුව තිබී සොයාගත් අතර එම අවි ලැබුණේ කෙසේද යන්න විමර්ශනයට ලක්‌ කරන්නේද?

2. සොයාගත් අවි අතර ඇමරිකානු රජය සතු අවි යෑයි සඳහන් අවි ද විය. එම අවි කොටින්ට සැපයූයේ කවුද?

3. කොටි රූකඩයක්‌ වූ ද්‍රවිඩ සංධානය යුද අපරාධවලට දායක වූයේද?

4. කොටින්ට කන්ටේනර් මගින් භාණ්‌ඩ සැපයූ විදේශිකයන් කවුද සහ එවන් විදේශිකයකු මෙරට උසස්‌ තනතුරක්‌ දරන්නෙහිද?

5. ජිනීවා මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දුන් අබිරහස්‌ සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ පිළිගන්නේ ද නැද්ද යන්න ගැන.

ශ්‍රී ලංකාවට එල්ලවී ඇති චෝදනා සම්න්ධයෙන් විදේශ විශේෂඥයන් තිදෙනකු පවසා ඇත්තේ සාවද්‍ය තොරතුරු හා ඇසින් දුටු සාක්‍ෂි නැතිව චෝදනා එල්ල කළ නොහැකි බවය.

එසේම අතුරුදන් වූ බව කියන ද්‍රවිඩයන් 146,679 කවුද සහ ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි කිරීමට හිටපු බීබීසී වාර්තාකාරි ප්‍රාන්සස්‌ හැරිසන් අසමත් වී ඇත. අතුරුදන් වූ හෝ මරා දැමූ බවට පවසා ඇති ද්‍රවිඩයන් 70000 ක
පිරිස කවුරුන්දැයි හෙළි කිරීමට චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේÊපවා ක්‍රියා කර නැත. එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්‌මින් සුකා පැවසුවේ ලක්‍ෂ 2 ක ද්‍රවිඩයන් මියගිය බවයි. එහෙත් ඔවුන් කවුරුන්දැයි හෙළි කිරීමට ඇයට ද නොහැකි වී ඇත.

එසේ නම් මියගිය බවට හඬනගන මේ ද්‍රවිඩයන් අවතාර ද? මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු යෑයි සඳහන් කරන මානව හිමිකම් කවුන්සිලය යේමනය සම්බන්ධ පිටු 51 ක වාර්තාව ගැන කිසිදු පියවරක්‌ ගෙන නැත. මේ වත්මන් වාර්තාවෙන් බෝම්බ දැමීම් 119 ක්‌ මගින් සිවිල් වැසියන් ඝාතනයවී ඇති බවට දක්‌වා ඇතත් ජෝරදාන් රජය එම වාර්තාව ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

නිතයානුකූල යේමන් රජයට එරෙහිව ත්‍රස්‌ත සංවිධානයක්‌ පලවා හැරීමට අපි යුද්ධ කළෙමු යෑයි ජෝර්දාන් නියෝජ්‍ය අගමැති නස්‌රත් ජුගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද්ගේ වාර්තාව හෙළා දකිමින් පවසා ඇත.

එහිදී සෙයිද් රාද් හුසේන් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි පැවසුවේ නැත.

යේමනයේ යුද මෙහෙයුම්වලදී සෞදි අරාබියාව ප්‍රමුඛ මිත්‍ර සංධානය භාවිතා කළ් ඇමරිකානු අවි සහ බ්‍රිතාන්‍ය බෝම්බයි. සිය නිජබිම වූ ජෝර්දානය සිදු කළ හෙළා දැකීම ගැන කිසිදු ප්‍රකාශයක්‌ නොකළ සෙයිද් රාද් හුසේන් මානව හිමිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් උතුරු නැගෙනහිර හමුදාව අඩු කළ යුතු යෑයි ද කියා සිටියේය. එය ඔහුගේ කාර්ය පටිපාරියට අයත් නොවේ. එහෙත් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ඊට එරෙහිව විරෝධතාවක්‌ එල්ලවූයේ නැත. උතුරින් හමුදාව අඩු කරන ලෙස ද්‍රවිඩ සංධානය විසින් මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලා තිබුණි.

සෙයිද් රාද් හුසේන් මෙරටින් පිටත්ව යැමෙන් පසු යුරෝපා කණ්‌ඩායමේ දූත පිරිසක්‌ ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ හමුදා ආඥාපතිවරයා හමුවී අධි ආරක්‍ෂක කලාප ක්‍රමය ඉවත් කරන ලෙසත් අවතැන්වූවන් පදිංචි කරලීමට කටයුතු කළ යුතු බවත් ඉල්ලා ඇත. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් උතුරේ ආරක්‍ෂක කටයුතුවලට මැදිහත්වීමට යුරෝපා සංගමයට හිමිකමක්‌ තිබේද යන්නයි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සම්න්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම යුරෝපා සංගමයේ කාර්යභාරයක්‌ නොවේ.

මේ අතර උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සංසදය උතුරු නැගෙනහිර බලය අල්ලා ගැනීම සඳහා ඉතා සූක්‍ෂම ක්‍රමවේදයක්‌ කෙටුම්පත් කර ඇත. ඒ නේටෝ සංවිධානය මැදිහත්වී බොස්‌නියාවේ ඇති කළ ඩේටන් ගිවිසුම හා අයි. ආර්. ඒ. ත්‍රස්‌ත සංවිධානය පරාජය කළ නොහැකි බ්‍රිතාන්‍ය රජය අයි. ආර්. ඒ. සංවිධානය සමග ඇති කරගත් මහ සිකුරාදා ගිවිසුම මෙන් සමාන ගිවිසමුක්‌ සඳහා ශ්‍රී ලංකාව එකඟ විය යුතු බව දෙමළ ජනතා සංසදය කියා සිටීමයි. මේ ගිවිසුමට ඉන්දියාව, ඇමරිකාව හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය යුතු බව ද එකී සංසදය තවදුරටත් දන්වා ඇත. එහෙත් ඩේටන් ගිවිසුම අත්සන් කෙරුණේ බලසම්පන්න සර්බියාව පරාජයවීම නිසාය. මහ සිකුරාදා ගිවිසුමට අත්සන් තැබුයේ බ්‍රිතාන්‍ය හමුදාවට අයි. ආර්. ඒ. ත්‍රස්‌තවාදීන්ට මුහුණදීමට නොහැකිවීම නිසාය. එසේ වුවත් ශ්‍රී ලංකා හමුදාව විසින් කොටි සංවිධානය පරාජය කරනු ලැබීය.

මේ පසුබිම මැද කොටි පරාජය කිරීම නිසා දැන් ජයග්‍රාහකයන්ට සිදුවී ඇත්තේ පරාජිතයන් වෙනුවෙන් බන්දේසියක තබා ගිවිසුමක්‌ දීමද?.

විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සංසදය හෙවත් බෙදුම්වාදී කල්ලිය උතුරු නැගෙනහිර බලය ඩැහැ ගැනීම සඳහා ඩේටන් හෝ මහ සිකුරාදා ගිවිසුමට සමාන ගිවිසුමක්‌ ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම මෙරට ජනතාවගෙන් වසන් වී ඇත. උතුරේ සංහිඳියාව මුවාවෙන් ඉදිරිපත් කර ඇති මෙමබෙදුම්වාදී ඉල්ලීම් අනාවරණය වීම වළක්‌වාලීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ පාර්ශ්ව දැඩි උත්සාහයක යෙදී ඇත.

මේ කිසිවෙක්‌ වන්නි මෙහෙයුම සමයේ හමුදාව පසුබිමේ සිටියේ නැත. ඔව්හු ප්‍රභාකරන්ට බියේ සලිතව සිටියහ. එහෙත් දැන් අළු ගසා දමා නැඟිට ඇත.

දෙමළ ජනතා සංසදයේ අරමුණු කෙරේ නිසි අවධානය යොමු කරන්නේ නම් ඔවුන්ගේ ඉලක්‌ක පැහැදිලි වේ. ඒ කොටි පරාජය තුළ හමුදාවට අන්තර්ජාතික යාන්ත්‍රණයක්‌ මගින් දඬුවම් දීමක්‌ උතුරු නැගෙනහිර ට විදේශ සහය මැද ගිවිසුමක්‌ මගින් බලය ලබා ගැනීමයි.

මෙයට සමානව පසුගිය 11 වැනිදා මන්නාරම දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අදහස්‌ ලබා ගැනීමේ සාකච්ඡාවේදී තමිලරසු පක්‍ෂයේ තරුණ කණ්‌ඩායමේ ලේකම් සී. ශිවහරන් නමැත්තා මෙලෙස ප්‍රකාශ කළේය.

උතුරු නැගෙහිර ඒකාබද්ධ කර දෙමළ ප්‍රාන්ත රජයක්‌ ලබාදියයුතුයි. ස්‌විට්‌සර්ලන්තය හා කොසවෝ වැනි රටවල ඇති පරිපාලන ක්‍රමයක්‌ මෙරට ද තිබිය යුතුයි. මෙවන් යාන්ත්‍රණ ලබාදීම ප්‍රතික්‍ෂේප කළහොත් බෙදුම්වාදය යළි හිස ඔසවන තත්ත්වයක්‌ මතුවනු ඇත.

මේ ප්‍රකාශයෙන් කියන්නේ ෂයිලොක්‌ නමැති යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලූ අයුරින් උතුරු නැගෙහිරට දෙමළ ප්‍රාන්ත රජයක්‌ දිය යුතු බවයි. මෙවන් ප්‍රකාශ ජාතිවාදී නොවන්නේද? යන්න මෙරට රාජ්‍ය බලධාරීන් තේරුම් නොගැනීම පුදුම සහගතය.

මේ අතර ජර්මනියේ බර්ග්හොප් නමැති රාජ්‍ය නොවන සංවිධානයෙන් යෑපුණු පාර්ශ්ව මානව හිමිකම් කොමසාරිස්‌ හුසේන් ශ්‍රි ලංකාවේ විමර්ශනයට සහන කාලසීමාවක්‌ ලබාදුන් බවට ජනතාව මුලා කර ඇත. මේ වසරේ ජුනි මස පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයට එක්‌ වාර්තාවක්‌ ද 2017 මාර්තු සැසිවාරයට තවත් වාර්තාවක්‌ ද ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් කොමසාරිස්‌ හුසේන් හයිබ්‍රිඩ් යන වචනය භාවිත කිරීමෙන් වැලකී සිsටියත් ජිනීවා යෝජනාව තුළ සියලු කරුණු අඩංගු වී ඇත.

මේ යෝජනාවට අදාළ වාර්තාවෙන් පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලංකා රාජ්‍ය ක්‍රමය වැරදි කර ඇති බව දන්වා තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණි සෙයිද් රාද් හුසේන් තවත් බොරුවක්‌ ද පැවසුවේය.

"අපි සිදු කළේ මානව හිමිකම් පරීක්‍ෂණයක්‌ පමණක්‌ යුද අපරාධ පරීක්‍ෂනයක්‌ නොවෙයි යෑයි ඔහු පළ කළේය. එහෙත් ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ යුද "අපරාධ" සම්බන්ධව 26 වතාවක්‌ සඳහන් කර තිබේ.

මේ අතර ව්‍යවස්‌ථා සංශෝධන කමිටුව වෙත උතුරු ප්‍රදේශයෙන් ඉදිරිපත් වූ යෝජනාවක්‌ වුයේ ස්‌වයංපාලන ලබාදන ලෙස ඉල්ලීමයි.

එසේම මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ දියයුතු බවට තවත් යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබේ. මේ තත්ත්වය මැද උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පලාලි ගුවන්තොටුපල පුළුල් කිරීම සම්බන්ධව විරෝධය දක්‌වා ඇත. පලාලි ගුවන් තොටුපල පුළුල් කිරීමෙන් මයිලඩ්ඩි වරායේ ධීවර කටයුතුවලට දුෂ්කරතා මතුවන බව ඔහු දක්‌වා ඇත. මින් තහවුරු වන්නේ කුරුඳුවත්තේ සිට උතුරට ගිය විග්නේශ්වරන් උතුරේ ආරක්‍ෂක කටයුතුවලටද මැදිහත්වන අයුරුයි.


 කීර්ති වර්ණකුලසූරිය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.