කලක සිට රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය වේදිකා නාට්‍ය ඔස්සේ කලා ක්ෂේත්රයට පිවිසියාය.
එළාර - දුටුගැමුණු, සරදියෙල් ආදී වේදිකා නාට්‍ය ඇයගේ රංගන කෞෂල්‍යය මනාව ප්‍රකට කළ නිර්මාණ විය.
දරුවන් හය දෙනකුගේ මවක වූ සුසිලා කුරගම සිනමා නිර්මාණ කිහිපයකටද රංගනයෙන් දායකත්වය දුන්නාය.