මෑතක සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන
කටයුත්තක් ලෙස ක්‍රියාත්මක වන SLT SPEEDUP JOURNEY වැඩසටහන මෛත්‍රීපාල
සිරිසේනගේ බාල සහෝදරයා වන සභාපති කුමාරසිංහ සිරිසේන හදිසියේම ආයතනයේ
බැහැර මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් වන Red Cherry Adverting
Pvt Ltd වෙත පවරා තිබේ.
මෙහි පළමු ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන මීගමුව නගරය කේන්ද්‍රගත
කරගනිමින් සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්දිත ශ්‍රී
ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව් කළමනාකරණ ආයතනය විසිනි. මෙම වැඩසටහන
ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය වසර 20ට පසු සංවිධානය කල ඇති සාර්ථක වැඩසටහනකි.
මෙම වැඩසටහනේ දෙවන අදියර කොළඹ නගරය කේන්ද්‍රගත කරගනිමින් සංවිධානය
කරන්නට කටයුතු සුදානම් කෙරෙන අවස්ථාවේ එක්වරම මෙම වැඩසටහන ශ්‍රී ලංකා
ටෙලෙකොම් rainbow pages ඉසව් කළමනාකරණ ආයතනයෙන් ඉවත්කොට ඉහල නියෝගයක් මත
වෙනත් පෞද්ගලික ආයතනයකට භාර දෙන ලෙස පහල නිලධාරීන්ට උපදෙස් ලැබුණි.
Red Cherry Adverting Pvt Ltd නමින් හඳුන්වන මෙම ආයතනය මෛත්‍රීපාල
සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් ලෙස තොරතුරු වාර්තාවේ. අංක 18, සුලෙඉමන්
ටෙරස් හි මෙම ආයතනය පවත්වාගෙන යයි. මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයට
අදාලව සකසන ලද ගීතයේ රූප රචනාව කල ජනක නම් කැමරා ශිල්පියා මෙම ආයතනය
ජනාධිපතිතුමන්ගේ දියණිය වෙනුවෙන් මෙහයවයි. ජනක උපරිම බලය යොදාගනිමින්
සියලුම රාජ්‍ය ආයතනවල වෙළඳ ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු වලට අත ගසමින්
සිටින බව වාර්තා වේ.
මෙම Red Cherry Adverting Pvt Ltd ආයතනය කෙලින්ම තම ව්‍යාපාර කටයුතු
කරනු වෙනුවට උපක්රමිකව Media Gang Pvt Ltd නමින් තවත් ආයතනයක් හරහා තම
ව්‍යාපාර මෙහෙයවයි. මෙම ආයතනය ද ඉහත ලිපිනයේම පිහිටුවා තිබේ. මෙම ආයතනය ද
මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් ආයතනයක් ලෙස තොරතුරු වාර්තාවේ
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ උක්ත වැඩසටහන වෙනුවෙන් ජනක නම් පුද්ගලයා මෙම
ආයතන හරහා ඉහල මිලගණන් ඉදිරිපත් කර ඇති අතර ටෙලිකොම් නිලධාරීන්ට එම
මිලගණන් අනුමත කරන්නට සිදුවී ඇත. අනෙක් කරුණ නම් එතෙක් ඇති සාර්ථකව ශ්‍රී
ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව් කළමනාකරණ ආයතනය විසින් කරන ලද මෙම
ප්‍රවර්ධන වැඩසටහන සම්පුර්ණයෙන්ම අසාර්ථක වීමයි.
එයට හේතුව වී ඇත්තේ මින් පෙර මෙම Red Cherry Adverting Pvt Ltd හා Media
Gang Pvt Ltd ආයතන වලට මෙම ක්ෂත්රයේ පළපුරුද්දක් නොමැති කමයි. එම හේතුව
නිසා විශාල ප්‍රමාණයේ මුදල් නාස්තියක් සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකා ටෙලෙකොම් rainbow pages ඉසව් කළමනාකරණ ආයතනය විසින් ලක්ෂ 90ක
මුදලක් මෙම වැඩසටහන සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබු අතර ජනක නම් පුද්ගලයා
මෙහෙයවන, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ දියණියට අයත් ආයතනය ඉදිරිපත්
කර තිබු මිල ලක්ෂ 160 ආසන්නය. එම මුදල ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයා
අනුමත කර තිබීමද විශේෂත්වයකි. ටෙලෙකොම් නිලධාරින් මෙම ප්රශ්නය නිසා දැඩි
අසීරුතාවයකට පත්ව ඇත.
දිගින් දිගටම අසාර්ථක වන මෙම වැඩසටහන කෙතරම් අසාර්ථක වුවත් තෙවන අදියරත්
ඉහල මිල ගණන් යටතේ අදාළ ආයතනයටම ලබා දී තිබේ. එය අරඹ කල පළමු දිනයේම මෙය
අසාර්ථක වී තිබේ. තෙවන අදියර මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබයි.
ජනක නම් පුද්ගලයා තම බලය යොදාගනිමින් ජාතික ලොතරි මණ්ඩලයේද ප්‍රචාරණ
කටයුතු වලට විනිවිද භාවයෙන් තොරව අතගසා ඇති අතර රජයට අනුබද්දිත ආයතනවලට
සේවා සැපයීමේදී ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වුවත්
නාධිපතිතුමන්ගේ දියණියට අයත් ආයතනවලට නම් ය අදාළ නොවන බව වාර්තාවේ . ශ්‍රී
ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්දිත ශ්‍රී ලංකා ටෙලෙකොම් Rainbow Pages ඉසව්
කළමනාකරණ ආයතනය පවා තම සේවා සපයා එත්තේ ටෙන්ඩර් පටිපාටිය අනුව බව වාර්තාවේ.
රවුම්කර ඇත්තේ ජනක නැමැත්තාය .
අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙත
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, February 17, 2016
සිරා ගැහිලි එළිපිටම ගහන සිරාගේ දූ සිඟිත්ත.....!!!
2016-02-17T10:07:00+01:00
lankanews
chathurika|chathurika sirisena|daham sirisena|kumarasinghe sirisena|lankanews online Sinhala Newspaper|meithreepala family|srilanka telecom|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
