ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 14, 2016

මාධ්‍ය විකාශන අයිතිය භාවිත කරමින් කිසිවකුට අපහාස කිරීමට ඉඩ දෙන්නේ නෑ !!!

- අගමැති විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියයි

මාධ්‍යයේ විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විශේෂ ප්‍රකාශයක්‌ කරමින් බදුල්ලේදී  (13) පැවසීය.
මාධ්‍යයේ විකාශන අයිතිය අයුතු අයුරින් පාවිච්චි කරන මාධ්‍ය සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවද වික්‍රමසිංහ  සඳහන් කළේය.

ජාතික නිදහස්‌ දින උත්සවයෙන් පසුව පැවැති සංස්‌කෘතික ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ගායිකාවගේ ගායනය බැල්ලියකගේ කෑ ගැසීමකට සමාන කරමින් කළ ප්‍රකාශයක්‌ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකින් විකාශය කිරීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේය.

බදුල්ල හෙරිටේඡ් හෝටලයේදී විශේෂ ප්‍රකාශය කරමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ රනිල්  මෙසේද කීවේය.

''ජාතික දින උත්සවයෙන් පසු පැවැති ප්‍රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ එම ගායිකාව බැල්ලියක්‌ කෑ ගසනවා යෑයි පෞද්ගලික රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයේදී කියන ආකාරය මා දුටුවා.

ඕනෑම ගීතයක්‌ බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්‌ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්‌ත්‍රීය විවේචනයක්‌ කළ හැකියි. හොඳ මෙන්ම විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහ`ඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක්‌ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක්‌ ගායනා කළ කාන්තාවකට බැල්ලියක්‌ යෑයි පැවසීමට රූපවාහිනි නාලිකාවකට අයිතියක්‌ තිබේද? ගුවන් විදුලි නාලිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක්‌ කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක්‌ තිබෙන්නේ කාටද? තමන් හිතුවොත් ඕනෑම කෙනෙකුට බැල්ලී කියා කතා කරනවා.

රාජපක්‌ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්‌කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්‌ටැඹිරාළලා ගණනාවක්‌ තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්යුත් මාධ්‍යයේ එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම් වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක්‌ කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක්‌ යෑයි බනින කණ්‌ඩායමක්‌ අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සූදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලු වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැඳවනවා. මේ පිළිබඳව විනය පරීක්‌ෂණ කළාදැයි මම ඔවුන්ගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක්‌ ගන්නවා. රාජපක්‌ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක්‌ හැදෙන්න. වගකීමක්‌ ඇතිව වැඩ කරන්න. ජාති වාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.