ගුවන් විදුලි ශිල්පීන් අතර ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු ප්‍රවේශය වර්ධනය කිරීම උදෙසා ප්‍රධාන මාධ්‍යජාලයන් හා ප්‍රජා ගුවන්විදුලි සේවාවන් උනන්දු කරවීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා ගුවන් විදුලි තරංග හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතිකිරීම ආදී අරමුණු ඇතිව යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම පෙබරවාරි 13 දින ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර ඇත.වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්නගේ සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
ලෝක ගුවන් විදුලි දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනය මහාචාර්ය සේන නානායක්කාර විසින් පවත්වනු ලබන අතර එදින ගුවන් විදුලි ක්ෂේත්රය පිළිබඳව ලිපි ඇතුලත් ශාස්ත්‍රීය ග්රන්ථයක් එළිදැක්වීමට ද කටයුතු යොදා ඇත.