ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 12, 2016

මුස්ලිම් ජනතාව තුන් ආකාරයකින් අවධානය යොමු කල යුතුය! ...!!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව තුන් ආකාරයකින් අවධානය යොමුකිරීම තුලින් යථාර්තවාදිව තීරණ ගැනීමට හැකිය” යනුවෙන් යහපාලනය සඳහා වන ජාතික ව්‍යපාරයේ සභාපති එම්.එම්. අබ්දුර් රහුමාන් ප්‍රකාශ කර ඇත.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සඳහා වන සංවිධාන සම්මේලනයේ ප්‍රධානත්වයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දේශපාලන සම්මන්ත්‍රණයත් 2016.02.07 වන දින අදාල සම්මේලනයේ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත. මෙම වැඩසටහනට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා සහ වාද විවාද මේ වන විට තීව්‍ර වී ඇත. සැබෑ වශයෙන්ම රජයේ අරමුණ ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය තවමත් නිල වශයෙන් නිවේදනයක් කර නොමැත.

නමුත්, 2016.01.09 වන දින අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාවේ නිර්දේශ සහ මහ ජනතාවගෙන් අදහස් විමසීම යනාදිය දෙස බැලීමේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට වත්මන් රජය උත්සාහ කරන බව පැහැදිලිව තේරුම් ගැනීමට හැකිය.

වසර 183ක ඉතිහාසයක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවේ ඇත. ශ්‍රී ලංකාව සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රථම ලේඛනය 1883 වර්ෂයේදී සකස් කර ඇත. නමුත්, 1947 වර්ෂයේදී සකස් කල ‘සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ ශ්‍රී ලංකාව යන නමින් සකස් කල එකකි. ඉන් අනතුරුව 1972 සහ 1978 යන වර්ෂයන්හිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කරන ලදි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රධාන කරුණු 03ක් අරමුණු කරගත් එකකි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ බලය බෙදාහැරීම යනාදිය කරුණු 03 ප්‍රධානය. මෙම කරුණු සම්බන්ධයෙන් ලාංකීක මුස්ලිම් ජනතාව වන අප තුන් ආකාරයකින් අවධානය යොමු කල යුතුව ඇත. මුස්ලිම් ජනතාව ලාංකීක පුරවැසියන්ය යන කරුණ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අවධානය යොමුකල යුතුය.

මෙරටේ ජිවත්වන ‍බොහෝ සුළු ජාතික ජනතාව අතරින් මුස්ලිම් ජනතාව එක් ජනවර්ගයක් යන කරුණ සම්බන්ධයෙන් දෙවනුව අවධානය යොමුකල යුතුය. තෙවන කරුණ ලෙස, අප මුස්ලිම් ජනතාව මධ්‍යයේ සිටිමින් මේ පිළිබඳව අවධානය යොමුකල යුතුය. මේ ආකාරයෙන් බැලීම තුලින් යථාර්වාදීව නිසි තීරණ ගැනීමට හැකිය” යනුවෙන් එම්.එම්. අබ්දුර් රහුමාන් ප්‍රකාශ කර ඇත. කාත්තාන්කුඩි ප්‍රදේශයේ බොහෝ දේශපාලඥයින්, බුද්ධිමතුන් සහ නීතිඥවරු මෙම සම්න්ත්‍රණයට සහභාගි වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.