ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 7, 2016

ස්වයංපෝෂිත යෝෂිත අත් අඩංගුවට ගත්තේ ඇයි...?


රාජපක්‍ෂ පවුල ආරක්‍ෂා කිරීමට ඔවුන් වෙනුවෙන් විශාල හඬක්‌ නැගීමට කැපවී සිටින



දේශපාලනඥයන් පිරිසක්‌ මේ වන විට රටේ මතයක්‌ ගොඩනඟමින් සිටිති. ලාබාල කෙලිලොල් තරුණයකු වූ යෝෂිත රාජපක්‍ෂ, පළිගැනීමේ ෙච්තනාවෙන් අත්අඩංගුවට ගත් බව කියමින් මේ දේශපාලකයන් උත්සාහ කරන්නේ ජනතාව නොමඟ යෑවීමට බව පැහැදිළිය.
 යෝෂිත අත් අඩංගුවට ගත්තේ ඇයි...?  කොහොමද...?
* දස මසක එෆ්.සී.අයි.ඩී විමර්ශණයක එක්‌ ප්‍රථිපලයක්‌ මෙසේය...
* එදා ආණ්‌ඩුවේ විශේෂ වරප්‍රසාද විඳිමින්  ක්‍රියාත්මකවූ සී.එස්‌.එන්. රූපවාහිනි...
* මූල්‍ය වංචා සහිතව 'ඕබිට්‍රැක්‌' යන්ත්‍රය එංගලන්තයෙන් ගෙන්වයි...
* යෝෂිත නාලිකාවට කිසිදු සම්බන්ධයක්‌ නැති බව ඒකාබද්ධ විපක්‍ෂය කියයි...
( මේ කාළකණ්නීන් ඵදා මේ හෙළුවැලි නැටුම් නටවමින් මහනුවර දළදා මැදුර වටා රේස් පැද්දේද මෙසේය....)



හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි පුත්‍රයා වූ ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ සහ සී.එස්‌.එන්. නාලිකාවේ අධ්‍යක්‍ෂවරුන් සිව් දෙනෙක්‌ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් ඉකුත් සතියේදී අත්අඩංගුවට ගැනීම මේ වන විට රටේ ප්‍රධානම මාතෘකාවක්‌ බවට පත්වී හමාරය.
යෝෂිත ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ කාල්ටන් ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌වර්ක්‌ හෙවත් සී.එස්‌.එන්. නාලිකාවේ සිදුවී ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ නීත්‍යනුකූල නොවන ක්‍රියාවන් රැසක්‌ සම්බන්ධයෙන්ය.

රාජපක්‍ෂ පවුල ආරක්‍ෂා කිරීමට ඔවුන් වෙනුවෙන් විශාල හඬක්‌ නැගීමට කැපවී සිටින දේශපාලනඥයන් පිරිසක්‌ මේ වන විට රටේ මතයක්‌ ගොඩනඟමින් සිටිති. ලාබාල කෙලිලොල් තරුණයකු වූ යෝෂිත රාජපක්‍ෂ, පළිගැනීමේ ෙච්තනාවෙන් අත්අඩංගුවට ගත් බව කියමින් මේ දේශපාලකයන් උත්සාහ කරන්නේ ජනතාව නොමඟ යෑවීමට බව පැහැදිළිය.

සී.එස්‌.එන්. නාලිකාවේ සිදුවී ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හෙවත් එෆ්.සී.අයි.ඩී. ය විමර්ශන ආරම්භ කරන්නේ ඉකුත් 2015 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිටය. ඒ පුරවැසි බලය සංවිධානය විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුවය.

මාස දහයක්‌ තිස්‌සේ සිදුකළ පුළුල් විමර්ශනවල ප්‍රතිඵලයක්‌ ලෙස අවසානයේ යෝෂිත ඇතුළු සැකකරුවන් පස්‌දෙනා අත්අඩංගුවට පත්වන්නේ රාජ්‍ය දේපළ වංචා කිරීම මහාපරිමාණ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු තවත් චෝදනා 7 ක්‌ සම්බන්ධයෙන්ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර එෆ්.සී.අයි.ඩී. ය අවස්‌ථා විස්‌සකදී හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත මේ සම්බන්ධ වැඩිදුර වාර්තා ඉදිරිපත් කරන්නේය.

සී.එස්‌.එන්. නාලිකාවේ සභාපතිවරයා ලෙස හඳුන්වන ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්නේ නාවික හමුදා මූලස්‌ථානයේදීය. ඒ පැය හයකට ආසන්න කාලයක්‌ ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම්වරයා මෙන්ම සී.එස්‌.එන්. නාලිකාවේ අධ්‍යක්‍ෂ රොහාන් වැලිවිට අත්අඩංගුවට ගන්නේ ඔහුගේ නිවසේ සිටියදීය.

සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා වූ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන් වූ කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු අත්අඩංගුවට පත්වන්නේ එෆ්.සී.අයි.ඩී. ය වෙත කැඳවීමෙන් අනතුරුවය.

රජයේ මුදල් වංචා කිරීම කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම, කූට ලේඛන සකස්‌ කිරීම, රජයේ මුදල් පිළිබඳ සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම, මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම යන චෝදනා යෝෂිත රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් පස්‌ දෙනා වෙත එල්ල වී තිබිණි.

එෆ්.සී.අයි.ඩී. ය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත රැගෙන යන්නේ ජනවාරි 30 වැනිදා සවස 4.45 ට පමණය.

සැකකරුවන් රැගෙන එන බව එෆ්.සී.අයි.ඩී. ය හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා වෙත කලින් දැනුම්දීමක්‌ කර තිබූ අතර මහෙස්‌ත්‍රාත්වරයා එදින සවස්‌වනතුරු සිය නිල කුටියේ රැඳී සිටියේය.

සැකකරුවන් පස්‌ දෙනා මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නේ විත්තියේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් සියල්ල ඉවත දමමින්ය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, කාලිංග ඉන්ද්‍රතිස්‌ස ඇතුළු නීතිඥයන් පිරිසක්‌ පෙනී සිටියහ. ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත්වරයාගේ අභිමතය පරිදි ඇප ලබා දිය හැකි බව නීතිඥවරුන් ඉල්ලා සිටියද ඒ සියල්ල ඉවත දැමූ මහෙස්‌ත්‍රාත්වරයා යෝෂිත ඇතුළු සැකකරුවන් බන්ධනාගාරගත කළේය.

යෝෂිත රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය වෙත රැගෙන එද්දී ශිරන්ති රාජපක්‍ෂද එහි පැමිණ සිටියාය. ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ මෙන්ම පසුගිය රජයේ ප්‍රබලයන්ව සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු හෝමාගම අධිකරණය වෙත පැමිණ සිටියහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හෝමාගම අධිකරණය වෙත පැමිණියේ සවස 6.00 ට පමණය. තම දෙවැනි පුත්‍රයා බන්ධනාගාරගත කිරීමේ පුවත ඇසීමෙන් මහින්ද රාජපක්‍ෂ දැඩි කම්පනයට පත්ව සිටි බවක්‌ පෙනෙන්නට තිබුණේය. දැඩි ආවේගයෙන් කතා කළ මහින්ද රාජපක්‍ෂ මාධ්‍ය හමුවේ කියා සිටියේ මේ සියල්ල දේශපාලන පළිගැනීම් මත සිදුවන බවයි.

එදින රාත්‍රි 8.00 ට පමණ යෝෂිත ඇතුළු සැකකරුවන් පස්‌ දෙනා දැඩි ආරක්‍ෂාව යටතේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගියහ.

කාල්ටන් ස්‌පෝර්ට්‌ස්‌ නෙට්‌වර්ක්‌ ආයතනය නීත්‍යනුකූල මාධ්‍ය ආයතනයක්‌ ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කරනු ලැබුවේ 2011 වර්ෂයේ මාර්තු මස 03 වැනිදාය. සී.එස්‌.එන්. නාලිකාව ස්‌ථාපිත කරන්නේ 2011 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදාට යෙදුණු සුබ මොහොතින්ය.
http://www.lankanews.org/2016/02/blog-post_78.html
රාජපක්‍ෂ ආණ්‌ඩුවේ විශේෂ වරප්‍රසාද සියල්ල භුක්‌ති විඳිමින් ක්‍රියාත්මක වූ සී.එස්‌.එන්. රූපවාහිනි නාලිකාව ක්‍රිකට්‌ තරග විකාශය කිරීමේ පූර්ණ අයිතිවාසිකම තමන් වෙත ලබා ගත්තේය.

එතෙක්‌ ජාතික රූපවාහිනිය ඔස්‌සේ මුළු රටේම ක්‍රීඩා ලෝලීන් නැරඹූ සජීවී ක්‍රිකට්‌ තරග යෝෂිත රාජපක්‍ෂට අයත් සී.එස්‌.එන්. නාලිකාව වෙත ලබා දෙන්න එවකට රජය කාරුණික වුණේය.

බොහෝ ප්‍රදේශවලට සී.එස්‌.එන්. නාලිකාව දර්ශනය නොවීම නිසා ක්‍රිකට්‌ ලෝලීන් දැඩි අසීරුතාවට පත්වුවද එය එවකට රජයට එතරම් රුදාවක්‌ වී තිබුණේ නැත.

ක්‍රිකට්‌ තරග විකාශන අයිතිය සඳහා ටෙන්ඩර් කැඳවීමේදීද මහා මගඩියක්‌ වී තිබුණේය. මේ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී රූපවාහිනි සංස්‌ථාවට වක්‍රාකාරව බලපෑම් කර එය නතර කිරීමට එවකට රජය පියවර ගත්තේය.


අවසානයේ වසර තුනක ක්‍රිකට්‌ විකාශන අයිතියේ කොන්ත්‍රාත්තුව කුණු කොල්ලයට සී.එස්‌.එන්. නාලිකාව වෙත ලබා දෙන්නට එවකට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය පියවර ගත්තේය.

එවකට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ නිශාන්ත රණතුංගය. ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ එම තනතුර දරද්දී නිශාන්ත රණතුංග සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක තනතුරද දැරුවේය.


2011 වර්ෂයේ සිට 2014 දක්‌වා වසර 3 ක ක්‍රිකට්‌ විකාශන අයිතිය සී.එස්‌.එන්. නාලිකාව ලබා ගත්තේ ඩොලර් මිලියන 125 ක මුදලකටය.

පසුව 2014 වර්ෂයේ සිට 2017 දක්‌වා වසර 3 ක කාලසීමාව සඳහා සී.එස්‌.එන්. නාලිකාව ක්‍රිකට්‌ විකාශන අයිතිය ලබා ගැනීමට ඩොලර් මිලියන 175 ක්‌ වැය කළේය.

එවර ජාතික රූපවාහිනිය සහ සිරස රූපවාහිනිය ක්‍රිකට්‌ විකාශන අයිතිය ලබා ගැනීමට තරග කළද රාජ්‍ය බලපෑම් මත ඒ සිsයල්ල හිමි වුණේ සී.එස්‌.එන්. නාලිකාව වෙතය.

රජයේ සහ පෞද්ගලික ආයතනවලට විවිධ බලපෑම් කළ එවකට රජය වෙළෙඳ දැන්වීම් තොග පිටින් සී.එස්‌.එන්. නාලිකාව වෙත ලබා දෙන්නට තරම් කාරුණික වුණේය.

ඒ හරහා සී.එස්‌.එන්. නාලිකාව ඉපයූ ධනස්‌කන්ධය කොතෙක්‌ දැයි දන්නේ එහි ප්‍රධානීන් සහ උඩ සිටින දෙවියන් පමණය. සී.එස්‌.එන්. නාලිකාව ස්‌ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 234 ක මුදලක්‌ වැයකර තිබුණේය.

රාජපක්‍ෂ රජය සමයේ ප්‍රබලම දේශපාලනඥයකු වූ සජින් වාස්‌ ගුණවර්ධනගේ බිරිඳට අයත් කොස්‌මෝ සමාගමෙන් රුපියල් මිලියන 100 ක ණය මුදලක්‌ ලබාගත් සී.එස්‌.එන්. සමාගම ප්‍රකට ව්‍යාපාරිකයකු වූ නිමල් පෙරේරාගෙන් රුපියල් මිලියන 52 ක ණය මුදලක්‌ද ලබා ගත්තේය.

එමෙන්ම සී.එස්‌.එන්. නාලිකාව ස්‌ථාපිත කිරීම සඳහා මෙරට මූල්‍ය ආයතනයකින්ද මුදල් ලබාගෙන තිබිණි. ඊට ඇප වශයෙන් තබා තිබුණේ විදේශ සමාගමක ස්‌ථාවර තැන්පතුවකි.

මෙම සමාගමෙන් ලබාගත් මුදල් ආපසු ගෙවීම පැහැර හරිනු ලැබූ සී.එස්‌.එන්. නාලිකාව ඊට විවිධ බලපෑම්ද එල්ල කළේය. අවසානයේදී මෙම මූල්‍ය ආයතනය සඳහා මුදල් ගෙවා තිබුණේ විදේශ සමාගමක්‌ විසින්ය.

සී.එස්‌.එන්. නාලිකාවේ විකාශනයන් සඳහා අවශ්‍ය ඕබිට්‍රැක්‌ යන්ත්‍රය ආනයනය කරනු ලැබුවේ එංගලන්තයේ සමාගමකින්ය.

මෙම යන්ත්‍රය ආනයනය කිරීමේදීද මහා පරිමාණ මූල්‍ය වංචාවක්‌ සිදුවී ඇති බව එෆ්.සී.අයි.ඩී.ය කළ විමර්ශන වලදී අනාවරණය වුණේය.

"ඕබිට්‍රැක්‌" යන්ත්‍රය ආනයනය කර ඒවා රේගු නිශ්කාශන සඳහා ඉදිරිපත් කර තිබූ ඉන්වොයිස්‌ සම්බන්ධයෙන් විශාල ගැටලු මතුවී තිබෙයි. නිශ්කාශන සඳහා වැය වූ රුපියල් මිලියන 90 ක මුදල සී.එස්‌.එන්. සමාගමෙන් ගෙවා නොමැති අතර එය ගෙවා ඇත්තේ වෙනත් සමාගමක ගිණුමකින් බව මේ වන විට හෙළිවී හමාරය.

ඉපයූ ආකාරය හෙළි කළ නොහැකි මුදල් (බ්ලැක්‌මනි) යොදාගෙන මෙම ගනුදෙනු බොහෝමයක්‌ සිදුවී ඇති බව එෆ්.සී.අයි.ඩී. ය කළ විමර්ශනවලින් අනාවරණය වෙමින් පවතී.

සී.එස්‌.එන්. නාලිකාවට යෝෂිත රාජපක්‍ෂගේ කිසිදු සම්බන්ධයක්‌ නොමැති බව ඒකාබද්ධ විපක්‍ෂය මාධ්‍ය හමුවේ කියා සිටියේය. එහෙත් එෆ්.සී.අයි.ඩී. ය මගින් කළ විමර්ශනයෙන් හෙළිවී ඇත්තේ සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධානියා සහ තීරණ ගන්නා පුද්ගලයා යෝෂිත රාජපක්‍ෂ බවය.

යෝෂිතගේ විද්යුත් තැපෑල පරීක්‍ෂා කළ එෆ්.සී.එයි.ඩී. නිලධාරීන් සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධානියා ඔහු බවට සාක්‍ෂි සහිතව තොරතුරු අනාවරණය කර ගත්තේය. යෝෂිතගේ විද්යුත් තැපැල් ලිපිනය වන හදියසඑය්?ජිබගකන ඔස්‌සේ එහි ගනුදෙනු බොහොමයක්‌ සිදුවී ඇති බවත් ඒ ගනුදෙනුවල සී.එස්‌.එන්. නාලිකාවේ ප්‍රධානියා ලෙස යෝෂිතගේ නම සඳහන්ව තිබූ බවත් මේ වන විට හෙළිවී හමාරය.

සී.එස්‌.එන්. නාලිකාවේ අධ්‍යක්‍ෂවරුන් දෙපිරිසක්‌ සේවය කළහ. ඉන් ප්‍රධාන තනතුරු අධ්‍යක්‍ෂ මණ්‌ඩල නිලධාරීන් විසින් දැරූ අතර ආයතනයේ එක්‌ එක්‌ අංශ භාරව ද අධ්‍යක්‍ෂවරුන් කටයුතු කළහ.
http://www.lankanews.org/2016/02/blog-post_78.html
මේ වන විට බන්ධනාගාරගතව සිටින වෛද්‍ය අශාන් ප්‍රනාන්දු අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයෙකි. යෝෂිතගේ පාසල් මිතුරකු වූ අශාන් වසර කීපයක සිට සී.එස්‌.එන්. නාලිකාවේ රාජකාරි කළේය.

කලක්‌ යෝෂිතගේ ප්‍රේමවන්තියක වූ යසාරා අබේනායක ද සී.එස්‌.එන්. නාලිකාවේ අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළාය.

සී.එස්‌.එන්. නාලිකාවේ ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන එෆ්.සී.අයි.ඩී. විමර්ශන කටයුතු අවසන් කර නොමැත. මෙම අක්‍රමිකතාවලට සම්බන්ධ එහි තවත් පිරිසක්‌ ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට එෆ්.සී.අයි.ඩී. ය සූදානමින් සිටියි.

හේමන්ත රන්දුණු

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.