ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 20, 2016

මම 14 වතාවක් භික්ෂු චරිතය රඟපෑ සතිස්..!!!

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ
සතිස්චන්ද්‍ර එදිරිසිංහ අපගේ කලා කෙත පෝෂණය කරන ප්‍රවීණ කලාකරුවෙකි. ඔහු රංගන ශිල්පියකු පමණක් නොව, වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. එසේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. එමෙන් ඔහු ලේඛකයෙකි; දේශකයෙකි. මෙම කලාකරුවා හමුවී කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ සුවඳ මතකයන් පිළිබඳව විමසීමට කැලණියේ පිහිටි ඔහුගේ නිවසට ගියේ පෙබරවාරි 11 වැනිදාය. එදින ඔහුගේ 75 වැනි උපන් දිනය යෙදී තිබුණු දිනයයි. 
 අප ඔහුට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමින්ම කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ සුවඳවත් මතකයන් පිළිබඳව විමසුවෙමු.

මගේ කලා ජීවිතය ආරම්භ වුණේ වේදිකාවෙන්. 1961 වසරේ කලාගුරු ජේ. ඩී. පෙරේරා මහතා නිර්මාණය කළ ‘වෙස්සන්තර’ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබීම මගේ කලා ජීවිතයේ අමතක නොවන සුවඳ මතකයක් බව මුලින්ම කියන්න ඕන. එතකොට මට අවුරුදු 20 යි. වෙස්සන්තර නාට්‍යයේ සිට රඟපාන්න ලැබුණු ඒ අවස්ථාව මට වැදගත් වන හේතු කීපයක්ම තියෙනවා. ඉන් එකක් තමයි, ඒ යුගයේ අතිශය ජනප්‍රියව සිටි රංගන ශිල්පි යුවළක් වන රුක්මණි දේවි - එඩී ජයමාන්න එම වේදිකා නාට්‍යයේ රඟපෑම. ඒ වන විට මම ආධුනික රංගන ශිල්පියෙක්. එවැනි කෙනකුට සිංහල සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් සමඟ එකට රඟපාන්න ලැබීම විශාල භාග්‍යයක්.
මම මුලින් මේ නාට්‍යයට සම්බන්ධ වුණේ සුළු චරිතයක් රඟපාන්න. නමුත් ටික දවසකදී නාට්‍යයේ ප්‍රධාන නිළියක වන ශීලා පීරිස් සමඟ ජූජක බමුණාගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඉන් කලකට පසුව හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, සුනන්ද මහේන්ද්‍ර, රංජිත් ධර්මකීර්ති වැනි අග්‍රගණ්‍ය නාට්‍යකරුවන්ගේ නාට්‍යවල රඟපාන්න මට අවස්ථාව ලැබීමත් මගේ කලා දිවියේ ඉතාම සුන්දර මතකයක්. ඒ අතරින් රංජිත් ධර්මකීර්තිගේ ‘චෙරි උයන’ වේදිකා නාට්‍යයේ ‘ලොපොකින්’ගේ චරිතය රඟපාන්න ලැබීමත් විශාල භාග්‍යයක්. ඒකටත් හේතුවක් තියෙනවා. ලේඛක චන්දන ගුණවර්ධන රුසියාවේ මොස්කව් නුවරට ගිය අවස්ථාවක ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි උයන් නාට්‍යයේ මුල් නිෂ්පාදනය දැක තිබෙනවා. චන්දන මට රුසියාවෙ ඉඳල ලියල එව්වා මගෙයි රුසියානු නළුවාගෙයි රඟපෑම දෙකම එකයි කියලා.”
“මගේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයක් වන ‘අත්තික්කා මල්’ වේදිකා නාට්‍යයට සංගීතය නිර්මාණය කරන්න මට ආරාධනා කළේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ට. ඒ; ඔහුගේ පළමු වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය ‘අත්තික්කා මල්’ වේදිකා නාට්‍ය ඇසුරින් තමයි මම ‘මාතර ආච්චි’ චිත්‍රපටය නිර්මාණය කළේ. ‘මාතර ආච්චි’ චිත්‍රපටය වගේම එහි ‘සඳකඩපහණක’ ගීතයත් ඉතාම ජනප්‍රිය වුණා. ඒ ගීතය තමයි මගේ මල්ලි සුනිල් එදිරිසිංහ‍යන්ගේ පළමු චිත්‍රපට ගීත ගායනය, වික්ටර් රත්නායකයන්ගේ පළමු චිත්‍රපට සංගීත නිර්මාණය, වොලී නානායක්කාරයන්ගේ පළමු ගී පද රචනය, වගේම මගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය.”
“මගේ චිත්‍රපට රංගන ජීවිතය ගැන කතා කරන විට සම්පත චිත්‍රපටයේ මම නිරූපණය කළේ පොඩි චරිතයක්. නමුත් සැඩොල් කඳුළු චිත්‍රපටයේ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ චරිතයක් මට නිරූපණය කරන්න ලැබුණා. එතැනින් ආරම්භ වුණු මගේ භික්ෂු චරිත නිරූපණය සරසවිය සම්මානයක් හිමි වීමට පවා හේතුවක් වුණා. මේ වන විට මම මගේ රංගන ජීවිතය තුළ 14 වතාවක් භික්ෂු චරිතය නිරූපණය කර තිබෙනවා. සරසවිය සම්මානය හිමි වුණේ ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කළ කොටි වලිගය චිත්‍රපටයේ තත්පර 90ක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ නිරූපණය කළ භික්ෂු චරිතය වෙනුවෙන්. මම හිතන්නේ ඒක ගිනස් වාර්තාවක් වෙන්න ඕන.”
“ඒ සම්මානය මට හිමි වුණු සරසවිය සම්මාන උලෙළේ නිවේදන කටයුතු සිදු කළේ මම. මම වැඩේ කරගෙන යන අතරතුරේ එකපාරටම එවකට සරසවිය පුවත්පතේ කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතා මා ළඟට ආවා. ඇවිත් ‘මට ඔබතුමාගේ නිවේදන කටයුතු නතර කරන්න සිදු වෙනවා’ කියලා කිව්වා. මාව එක පාරට ගල් ගැහුණා වගේ දැනුණා. මගේ අතින් මොනවත් වැරැද්දක් සිදුවෙලා ද කියලා මට හිතුණා. ඒ එක්කම ‘කොටි වලිගය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කුසලතා සම්මානය සතිස්චන්ද්‍ර එදිරිසිංහට පිරිනමනවා’ යන ප්‍රකාශනය ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් කියවුණා. මට මහා පුදුමයක් දැනුණා. එදා මට සම්මානය ගන්න ලැබුණේ එවකට මහවැලි අමාත්‍යවරයාව සිටි ගාමිණී දිසානායක ඇමැතිතුමා අතින්. ඒ වන විට මම රැකියාව කරමින් සිටියේ මහවැලි අධිකාරියේ. ඒකත් හරිම සුන්දර සුවඳ මතකයක්. ඒ සිදුවීම වුණේ 1985 දී.”
“මගේ ටෙලි නාට්‍ය රංගන ජීවිතය තුළත් ඉතාම සුන්දර සුවඳ මතකයන් තියෙනවා. රංජිත් ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘අරවින්ද සහ ඉන්දු’ ටෙලි නාට්‍යයේ උද්දච්ච අහංකාර පම්පෝරි ගහන පුද්ගලයෙක් හැටියට තමයි රඟපෑවේ. ඒ ටෙලි නාට්‍යයේ පිටපත රචනා කළේ කුමාර කරුණාරත්න මහතා. ඒ ටෙලි නාට්‍ය තුළදී මගේ මුවින් නිතර පිටවුණු කියමනක් තමයි, “බණ්ඩේ, අලියට කිතුල් කැපුවද බොල” කියන එක. අදත් බොහෝ දෙනකුට ඒ දෙබස් මතකයි. ටෙලි නාට්‍ය රංගනය තුළ මට බොහෝ විට රඟපාන්න ලැබුණේ වලව්වක හාමු කෙනෙක්, ධනපති පුද්ගලයෙක් වැනි චරිත. ඒකට මගේ දේහ ලක්ෂණයන් බලපාන්න ඇති.”
“භික්ෂු චරිතයක් නිරූපණය කරන විට සිවුර ඇඟට දමා ගත්තාම මට මහා විශාල වෙනසක් දැනෙනවා. මම හිතන්නේ මේ ලෝකේ සැහැල්ලුම ඇඳුම ස්වභාවික ද්‍රව්‍ය යොදල පඬු පෙවූ සිවුර කියලයි. සිවුර ඇඳගත්තාම හිතට ඉඩබ්ම සංවරයක් ලැබෙනවා. මට වෙලාවකට හිතෙනවා මේ සිවුර ඇඳගෙන ඇතැම් පුද්ගලයින් වැරැදි කරන්නේ කොහොම ද කියලා. භික්ෂු චීවරය පමණක් නෙමෙයි කතෝලික පියතුමන්ලා අඳන ලෝගුව ඇඳගෙනත් දෙවරක් රඟපාල තියෙනවා. ඒ වගේම අගරදගුරු තුමකුගේ චරිතයත් මම නිරූපණය කර තියෙනවා.”
“ ‘පළිඟු මැණිකේ’ ටෙලි නාට්‍ය මගේ රංගන ජීවිතයේ ඉතා වැදගත් ටෙලි නාට්‍යයක්. එහි මම නිරූපණය කළේ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ චරිතයක්. ‘පළිඟු මැණිකේ’ අධ්‍යක්ෂණය කළේ ධම්ම ජාගොඩ. සිනමා නිර්මාණයක හෝ ටෙලි නාට්‍යයක භික්ෂු චරිතයක් නිරූපණය කරන කාලසීමාව තුළ මම සම්පූර්ණයෙන්ම මස් මාංශවලින් වැළකිලා, පංචශීලය ආරක්ෂා කරමිනුයි ඉන්නේ. පළිඟු මැණිකේ ටෙලි නාට්‍ය කරන විට මම පන්සලේමයි නැවතිලා හිටියේ. ගමේ සමහර දායකයෝ නායක හාමුදුරුවෝ කියලා රැවටිලා මට දණ ගහල වැඳපු අවස්ථා තිබුණා.”
“මම මේ වන විට රංගනයට අමතරව ලේඛනයටත් නැඹුරු වෙලා ඉන්නවා. මහජනතාවට ඇමැතීමේ හැකියාවක් මට තිබෙන නිසා තරුණ අවධියේ පටන්ම මම විවිධ ආයතනවල දේශන පවත්වන්න යනවා. මගෙ මිතුරෙක් ඉන්නවා කරූ හීනටිගල කියලා. ඔහුට හිමි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින්ට දේශනයක් පවත්වන්න එක අවස්ථාවක මට ඇරයුමක් ලැබුණා. මම ඒ දේශනය කළාම ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා.
තවත් කර්මාන්ත ශාලා ගණනාවකම කලාව සහ ඵලදායිතාවය උපයෝගී කරගනිමින් මම දේශන පැවැත්වූවා. නමුත් එවැනි දේශනයකදී පැයක් පැය එකහමාරක් වැනි කාලයත් තුළ අපට ප්‍රකාශ කරන්න ලැබෙන්නේ අදහස් ටිකයි. ඒ නිසා මම කල්පනා කළා මගේ අදහස් පොතක් හැටියට සකස් කරලා ඔවුන්ගේ අයට දෙන්න. අන්න ඒ විදියටයි මම පොත් ලියන්න පෙලඹුණේ. මේ වන විට මම ළමා පොත් 8ක් ලියලා තියෙනවා. ආහාර පිළිබඳව පොතක් ලියලා තියෙනවා. ආදරය පිළිබඳවත් පොතක් ලියලා තියෙනවා. ලෝකයේ උසස් තලයකට පැමිණි පුද්ගලයින්ගේ වටිනා ප්‍රකාශන එක්රැස් කරගෙන ඒවා ඇතුළත් පොතක් මම ළඟදී එළිදැක්වූවා. මෙවැනි කෘති රචනා කිරීමෙන් මම විශාල තෘප්තියක් ලබනවා.”
“මේ ළඟදී මම රඟපෑවා ජැක්සන් ඇන්තනි නිර්මාණය කරන ටෙලි නාට්‍යයක කෙටි චරිතයක්; ඒ ‘ධාතුසේන පරමුඛ’ නම් චරිතය. ඒ චරිතය අන්ධ චරිතයක්. ඒ රංගනයෙන් මම පුදුමු විදියේ තෘප්තියක් ලැබුවා. ඒ වගේම ජැක්සන්ගේම දස්කොන් ටෙලි නාට්‍යයේ මහ අදිකාරම්ගේ චරිතය රඟපෑමෙනුත් මම විශාල තෘප්තියක් ලැබුවා. පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ පණ්ඩිත හාමුදුරුවන්ගේ චරිතයත් මම ඉතාම ආදරයෙන් රඟපෑ චරිතයක්. ඒ වගේම රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් සුදත් සේනාරත්න නිර්මාණය කළ ‘සිව්මංසල’ ටෙලි නාට්‍යයේ විශ්‍රාමික විදුහල්පතිවරයකු ලෙස මම නිරූපණය කළ චරිතයත් මම ඉතාම ආදරයෙන් රඟපෑ චරිත.”
මගේ පළමු වේදිකා නාට්‍ය නිර්මාණය ‘බකතපස්’, දෙවැන්න ‘අත්තික්කා මල් පිපිලා’. ‘අත්තික්කා මල් පිපිලා’ නාට්‍යයේ වැඩ කටයුතු අවසන් කරලා එහි ඡායාරූපයක් සිළුමිණ පුවත්පතේ පළ කරවාගන්න මට ලොකු ආශාවක් ඇතිවුණා. ඡායාරූපයක් සූදානම් කරගෙන නාට්‍යයේ විස්තරයත් ලියාගෙන මම ලේක්හවුස් එකට ගියා. ලේක්හවුස් ආයතනයේ හෝ සිළුමිණ පුවත්පතේ කවුරුවත් මම දැනගෙන හිටියේ නෑ.
ලේක්හවුස් ආයතනය ඉදිරිපිටට ගිහින් කර්තෘ මණ්ඩලයේ කවුරුන් හෝ හමුවෙන්න උත්සාහ ගත්තත් ඒකට ඉඩක් ලැබුණේ නෑ. ඒත් මම ටික වෙලාවක් ලේක්හවුස් ආයතනය ඉදිරිපිට හිටගෙන සිටියා. එතකොටම සිළුමිණ කර්තෘ මීමන ප්‍රේමතිලක මහතා එතැනින් ලේක්හවුස් ආයතනයේ ඇතුළට ගියා. මම දුවගෙන ගිහින් එතුමාගේ අතට මගේ නාට්‍යයේ ඡායාරූපය දීලා විස්තරය කිව්වා. එතුමා වචනයක්වත් කියන්නේ නැතිව ඒක අරගෙන ගියා. මම හිතුවේ නෑ ඒක පත්තරේ පළවෙයි කියලා. නමුත් ඒ ඉරිදම සිළුමිණ මුල් පිටුවේම මගේ නාට්‍යයේ ඡායාරූපය පළවෙලා තිබුණා.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.