ශ්‍රී ලංකා අල්ලස් වැටලීම් ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම වැටලීම වූ
රුපියල් කෝටි 12 හමාරක අල්ලසක්... අල්ලා ගැනීමට රේගු අධිකාරියේ ඉහලම මෝරු
තිදෙනෙක් අල්ලස් දැලට හසුකර ගැනීමට ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන
කොමිසම සමත් වී ඇත .මෙසේ අල්ලස් දැලට හසුවූයේ සහකාර රේගු අධිකාරී
එම්.ඩී.යූ.ජී. පෙරේරා, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ රේගු නිලධාරී
සුධීර පරාක්‍රම නමැති ජාතිභ්‍රෂ්ඨ වසලයන් තිදෙනා ය.
ලංකා ගමනා ගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වන සමාගමක් විසින් ගෙන්වන ලද අමතර
කොටස් තොගයක් සඳහා රේගු ගාස්තු ලෙස රු.කෝටි 150 ක් වැනි අසාධාරණ මුදලක්
ගෙවන්නැයි සමාගමට පවසා ඇත. එතරම් රේගු ගාස්තුවක් ගෙවිය නොහැකි බව කියද්දී
මෙම වසල නිලධාරීන් තිදෙනා පවසා ඇත්තේ එම මුදල නොගෙවා නිදහස් කිරීමට නම් එක්
අයෙකුට කෝටි 5 බැගින් තමන්ට කෝටි 15 ක් අවශ්‍ය බවයි.
පසුව සමාගම මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම දැනුවත් කර ඇති අතර
කොමිසම සමාගමේ අයට පවසා ඇත්තේ ගණන හෙට්ටු කරන ලෙසයි. ඒ අනුව අවසානයේ දී
කෝටි 12 හමාරක් අල්ලස් ලෙස ලබා ගැනීමට ඉහත කී වසල රේගු ලොක්කන් තිදෙනා එකඟ
වී ඇත.
ඉන්පසුව ඵදින සවස කතිකා කර ගත් ස්ථානයකදී නියමිත අල්ලස් මුදල ලබා ගැනීමට
රේගු ලොක්කන් පැමිණි අතර වෙස් වලාගෙන සිටි අල්ලස් හෝ දූෂණ කොමිසමේ
නිලධාරීන් රේගු ලොක්කන් තිදෙනා අල්ලස් මුදල් සමගම අල්ලා ගත්හ.
මෙම වැටලීම සති දෙකක් පමණ කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව සිදුකර ඇති අතර
මේ තරම් මුදලක් ලබා දීමට අල්ලස් කොමිසම සතුවද සටහන් තබා ගන්නා ලද මුදල්
තිබී නැත. පසුව භාණ්ඩාගාරයෙන් මේ සඳහා මුදල් ලබා ගෙන ඇති අතර අල්ලස්
කොමිසමට මුදල් නෝට්ටු වල සටහන් තබා ගැනීමට දින 3 ක් ගත වී තිබේ.
පසුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම රේගු නිලධාරීන්ගෙන්
ප්‍රශ්න කෙරුණි. එහිදී රේගු නිලධාරී සුධීර පරාක්‍රම පැවසූයේ අදාල අල්ලස්
ගැනීම සඳහා තමන් පෙළඹූයේ මුදල් අමාත්‍ය කපටි කරුප්පයියාගේ කීම අනුව
බවයි. රේගු අධිකාරිය වර්තමානයේදී පාලනය වන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ ය.
රවි කරුණානායක ගැන පළ වූ හෙළිදරව්ව වසන් කිරීමට අල්ලස් කොමිසමේ
අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උත්සාහ දරන බව අපට
වාර්තා වෙයි.
අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙත
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 25, 2016
කෝටි 12 දැවැන්ත අල්ලස සමග කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) මාට්ටු!
Posted by
lankanews
at
February 25, 2016
Labels: corruptions ravi, fake ravi, finance minister, lankanews, lankanews online Sinhala Newspaper, ravi karunanayagam, ravi karunanayake, unp, yahapalanaya
කෝටි 12 දැවැන්ත අල්ලස සමග කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) මාට්ටු!
2016-02-25T22:08:00+01:00
lankanews
corruptions ravi|fake ravi|finance minister|lankanews|lankanews online Sinhala Newspaper|ravi karunanayagam|ravi karunanayake|unp|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
