ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 29, 2016

මහින්ද යන ගුවන් යානයට මිසයිල ගහන්න එක්නැලිගොඩ කොටි හා කුමන්ත‍්‍රණ කල හඬ පට මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප‍්‍රදේශයේ
නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.හඬ පට මෙන්න..

ප්‍රින්ස් සනීපවීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසංග වේදීකාවේ...!!!

ප්‍රවීන ගායන ශීල්පියෙක් වන ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය දිනවල ඉතාමත් බරපතල ලෙස රෝගාතුරව රෝහල් ගතව සිටි අතර, මේවන වටි ඔහු යථා තත්වයට පත්වෙමින් ඇත. ඔහු අසනීපවීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසංග වේදීකාවේ ගීතයක් ගයන අයුරු  පහත වීඩියෝවෙන් දැකගත හැක.

දහසකට වැඩි NGO සේනාවක් උතුරේ ගෙන් ගෙට ගොස් ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමේ මෙහෙයුමක්‌ අරඹයි...!!!


බෙදුම්වාදයට සහාය දක්‌වමින් ඉකුත් කාලයේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල එන්ජීඕ
ක්‍රියාකාරිකයෙක්‌ වන පාක්‍යසෝති සරවණමුත්තු මේ දිනවල උතුරු පළාතේ ගෙන් ගෙට යමින් යුද සමයේ මියගිය පුද්ගලයන්ගේ තොරතුරු රැස්‌ කරමින් ආරක්‍ෂක හමුදා දඩයම් කිරීමේ මෙහෙයුමක්‌ අරඹා තිබේ.
එන්ජීඕ මුදල් ලක්‍ෂ ගණනින් වැයකර සිය මෙහෙයුම සඳහා දහසකට ආසන්න සාමාජිකයන් පිරිසක්‌ද එක්‌කරගෙන ඇති මොහු උතුරේ වැසියන් හමුවී ඔවුන්ගේ ඥාතීන් මියගියේ කෙසේද මරණය සිදුවූයේ කොහෙදීද එම කාල සීමාවේ ආසන්නයේම පැවැති හමුදා කඳවුර සහ එහි රාජකාරි කළ නිලධාරීන් කවුරුන්ද ආදී ලෙසින් තොරතුරු රැස්‌ කරන බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තොපේ නීතිය එහෙට විතරයි……යාපනයේ දෙමළා පොලිස් නිළධාරියාට බිම දමා පහර දෙයි....!!! විඩියෝව



යාපනයේ හෙල්මට් පැලදිමෙන් තොරව මොටර් සයිකලයකින් ගමන් කල ද්‍රවිධ තරුණයෙකු නතර කල පොලිස් ටැෆික් නිළධාරියෙකුට එම තරුණයා විසින් පහරදිමේ විඩියෝවක් මේ වනවිට නිකුත්ව තිබේ.
ඔබලගේ නීතිය එහෙට විතරයි……මෙහේ එවාට ඉඩ නෑ කියමින් දිගින් දිගටම පොලිස් නිළධාරියා සමග දැඩිව බහින්බස් වු අදාළ ද්‍රවිධ තරුණයා අවසානයේ එය ගැටුමක් දක්වා වර්ධණය කර ගන්නා අයුරු විඩියෝවෙන්ද දැකිමට පුලුවන්.මේ වනවිටත් අදාළ තරුණයා අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වි නෑ.විඩියෝව

පැඩි ෆීල්ඩ් වල් විදානේව හමුදාපති කරපු හැටි ගෝඨාභය හෙළි කරයි...!!!

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මෙරට ජනතාවට අමතක නොවන චරිතයක් බවට පත් වූයේ තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන චරිතයක් වෙමින් රුදුරු ත්‍රස්තවාදයෙන් මව්බිම ගලවා ගැනීමත් සමගයි. හමුදා ජීවිතයේ විසිවසරක අත්දැකීම් ඇති ගෝඨාභය රාජපක්ෂ එම අත්දැකීම්

මොනවට ප්‍රදර්ශනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් වෙත පැවරූ ඒ භාරදූර අභියෝගය ජය ගත්තේය. ත්‍රස්තවාදය ජයගත් ගෝඨාභය අනතුරුව කොළඹ නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට නායකත්වය දෙමින් යුද්ධයක් ජය ගැනීම පමණක් නොව තවත් ශක්‍යතා රැසක් තමන් සතු බව කදිමට ප්‍රදර්ශනය කළේ ය. හමුදා නිල ඇඳුමට වැසුණු නිර්මාණාත්මක පරිසරවේදියා එළියට ආවේ කොළඹ සුන්දර නගරයක් කිරීමේ ව්‍යාපෘතිය හරහාය. 2015 ජනවාරි 08 ඇති වූ දේශපාලන බලමාරුවෙන් පසු පෙර තිබූ කාර්යබහුල ජීවිතයෙන් ඔහු තරමක් මිදී ඇත. ඔහු සොයා අප ගිය ගමනකදී ගෝඨාභය රාජපක්ෂයන්ගේ යටගිය දවස පිළිබඳ ඒ මතකය  ආවර්ජනය කළ අයුරුයි මේ.

සර්පයන් අතරට සර්පයෙක් ඇවිල්ලා....!!! වීඩියෝව

25 පස්වරු 3.00 පමණ වෙද්දී අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය කඩි ගුලක් සේ කැලඹීමට පත්වූ බවක්

දිස්විය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධීකරණයේ නඩු කටයුතු බොහෝ දුරට අවසන්ව තිබූ නමුදු කාර්යාල පරිශ්‍රයෙන් වඩාත්ම කාර්ය බහුල වෙමින් පැවති එම මොහොතේ කාගේත් සුවිශේෂී අවධානය උපරිමාධිකරණ සංකීර්ණයේ සිව්වන මහල වෙත යොමු වන්නට විය.
එම මහ‍ලේ විනිශ්චයකාර නිල මැදිරි පිහිටි ප්‍රදේශයට බාහිර කිසිවකුටත් ඇතුළුවීමට නොහැකි වීම නිසා හැමකෙකුම මුව අයා බලා සිටියේ සිදුව ඇත්තේ කුමක්දැයි යන්න කන වැකෙන තුරුය.
 වීඩියෝව

Sunday, February 28, 2016

තරුණ වෛද්‍යවරයෙකුගේ විශ්මිත වෙදකම....!!!

වසර 12 ඇවිදින්න, අත් උස්සන්න බැරිව
ආබාධිතව සිටි නිසංසලා සහ දිලිණි පැය 8න් සුව කළ

තරුණ වෛද්‍යවරයෙකුගේ විශ්මිත වෙදකම...!!!
හඳුනානොගත් රෝගයක් නිසා අතපය හරිහැටි උස්සාගන්න බැරිව වගේම ඇවිදගන්න බැරිවත් අවුරුදු 12ක් විතර මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනෙකුගේ ලෙඬේ පැය 8ක විශ්මිත වෙදකමකින් සුව කරන්න සමත්වුණු වෛද්‍යවරයෙක් ගැන අපිට ආරංචි වුණා.මේ රෝගයෙන් පීඩා විඳපු තරුණියන් දෙදෙනා පදිංචි වෙලා ඉන්නේ ගලේවෙල තෙන්නකොන්පුර. නිසංසලා සහ දිලිණි නම් වූ මෙම තරුණියන් දෙදෙනා ජිවිතයේ සොදුරුම කාලයේ කිසිවක් කරකියා ගන්න බැරුව ඉන්න හැටි දැකපු කාගේ වුනත් ඇස් දෙකට කඳුලක් එනවා නොඅනුමානයි.

රාජිතයත් FCID මගඅරින්න කුඩු දුමියගේ පාට් ඵක කළා වත්ද .....?

පසුගිය දිනවල රාජිත සේනාරත්න ඇමැතිවරයා වාර එකොළහකටත් වඩා එෆ්. සී. අයි. ඩී. (මූල්‍ය

අපරාධ කොට්‌ඨාසයෙන් ලද කැඳවීම් මඟහැර සිටි බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. "හදිසි අසනීපය" පිටුපස ඇත්තේ ද එය මඟහැරීම බවට ද ඇතැමුන් ප්‍රකාශ කරති. ඒ සියල්ලටම නිසි පිළිතුරු ලැබෙන්නේ "ප්‍රතිකාර" වලින් පසුව මෙරටට පැමිණෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී "කට" අරින මොහොතේය.
 රාජිතට ඇත්තටම මොකද වුණේ...

මෙන්න මෙයා බය වෙලා....!!!

ලක්‍ෂ ගණන් වටින සිව්‍ රු පොරවා ගත්. ව‍්‍යාපාරික උඩුවේ බය වෙලා...!!!
තමා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම වළකාලීමේ අතුරු තහනමක් නිකුත් කරන්න -  උඩුවේ ධම්මාලෝකයා  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආශිර්වාද පතා පිංකම් මාලාවක් පැවැත්වීම හා ඔහුට ඉකුත් ජනාධිපතිවරණයේදී සහය දීම නිසා ඊට පළිගැනීමක් වශයෙන් තමා අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් රජයේ බලවතුන් ක්‍රියාකරන බැවින් එය වළකාලීමේ අතුරු තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලා  උඩුවේ ධම්මාලෝකයා  (21වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බි.ආර්.එස්.ආර්. නාගහමුල්ල. එම දෙපාර්තමේන්තුව භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති රවි සෙනෙවිරත්න. ‍පොලිස්පති එන්.කේ.ඉලංගකොන්  හා රජයේ නීතිපතිවරයාද නම්කොට ඇත.

කොටි පරාජය කළ මහින්දට ආණ්ඩුව එතරම් දෙයක් නොවේ...සාටක සුණඛ බැසිල් රාජපක්ෂ...!!!

කොටි පරාජය කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සාටක සුණඛ බැසිල් රාජපක්ෂ  දෙහිඕවිට පැවැති උත්සවයකදී පැවසීය.රටම උලාකා

ඇමෙරිකාවේ කෝටි ගණනින් දේපල  මිළදී ගත් සාටක සුණඛ  බැසිලාට හොරා කෑමේ රස තේරී නැවතත් දේශපාලනයට ඒමට උත්සාහ දරයි.එහි කූඪ ප්‍රාප්තිය ලෙසින් උත්සව සභා ඇමතීමට පටන් ගෙන ඇත.රාජිතයාගේ අනුකම්පාව මැද සිර දඬුවමෙන් නිදහස් වුවද මූ මහ දවාලේ කළ කොමිස් ගැහිලි වල සියළුම දත්ත වාර්තා අප සතුව ඇත.මෙවන් නරුම අපතයනට කිසිදු අවස්ථාවක් නොදිය යුතුය.
 බැසිල් රාජපක්ෂ ගැන මටත් විවේචන තියෙනවා...තක්කඩි මිනීමරු නාමල් සිය බාප්පා වන සාටක සුණඛයා ගැන කියයි....!!!

දැන්නම් මං බබා චරිතය රඟන නාමල්...!!! ලංකාදීප විශේෂාංගයකට දැක්වූ සුරතල් අදහස්....

ලංකාදීප විශේෂාංගයකට  කෝටිපති මිනීමරු නාමල් බේබි දැක්වූ සුරතල් අදහස්..බැසිල් රාජපක්ෂ ගැන මටත් විවේචන තියෙනවා...තක්කඩි මිනීමරු නාමල් සිය බාප්පා වන සාටක සුණඛයා ගැන කියයි....!!!

  මෙවර “මුහුණට මුහුණ” හමුවීම හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි.
  ● නාමල්ලට මාර අපල කාලයක් නේද?
දේශපාලනයේ හැටි ඔහොම තමයි. දේශපාලනයෙදි බලය ඇතුවත් ඉන්නවා. නැතුවත් ඉන්න වෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ බලයට ආවම විරුද්ධ පක්ෂෙ අයගෙන් එළව එළව පළිගත්තේ නෑ. අද විපක්ෂෙ දේශපාලකයන්ගේ දරුවන්ගෙන් පවා පළිගන්නවනේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආපු හැමදාම ඕක වුණා. සිරිමාවෝ මැඩම්ගෙ ප්‍රජා අයිතිය පවා නැති කළානේ. සම්මුතිවාදි ආණ්ඩුවක් තිබිලත් මේවා වෙන එක තමයි පුදුමෙ.

අජන්තා දේහය සඳුදා ගුවන්විදුලියේ

ප්‍රවීණ ගීත රචක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජන්තා රණසිංහ  (27) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක අජන්තා රණසිංහ මහතාගේ අවසන් කටයුතු සඳුදා සවස 3.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
දැනට පන්නිපිටිය හිරිපිටියේ, රණසිංහ මාවතේ නිවසේ තැන්පත් කර ඇති දේහය සඳුදා (29) පෙරවරු 11ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

එදා රටට මිලියන ලක්ෂ ගණනක් වංචා කළ ඉන්දියානු සමාගමක් නැවතත් කරළියට...!!! හෙළිදරව්ව...!!! වීඩියෝව

ලංකාවට උතුරින් ඇත්තේ ඉන්දියාවය. මීට වසර මිලියන ගණනකට පෙර ගොඩ්වානාලන්තය ලෙස පැවැති මහද්වීපයේ ලංකාව හා ඉන්දියාව තිබුණේ එකට යා වී එකම බිම්කඩක් ලෙසය. ඉන්දියාවේ වෙස්ටන්ගාඩ් හා ලංකාවේ බොහෝ පරිසර පද්ධති සමාන ජීවී විවිධත්වයක් පෙන්වන්නේ එකී අතීත භූගෝලීය සාධකය

නිසාවෙනි. ගොඩ්වානාලන්තය කැබලිවීමත් සමග ලංකාව හා ඉන්දියාව ගොඩබිම් දෙකක් ලෙසත් පසුකාලීනව රටවල් දෙකක් බවටත් පත්විය. එහෙත් එදා සිට ලංකාව හා ඉන්දියාව අතර සහසම්බන්ධයක් පැවැති බව රහසක් නොවේ. විටෙක යහපත් ලෙසත්, විටෙක අයහපත් ලෙසත් පැවැති මේ සහසම්බන්ධයේදී බොහෝවිට ජයග්‍රහණය හිමිකර ගැනීමට කුප්‍රකට ඉන්දියාව සමර්ථ වූ බව ද දන්නෝ දනිති.
පසුගිය රජය පැවැති සමයේ බොහෝ සංවර්ධන යෝජනාක්‍රම පිටුපස චීන සෙවණැලි වැටී තිබිණි. එය ඉන්දියාවේ හා ඇමෙරිකාවේ නොරිස්සුම වර්ධනය වීමට හේතු විය. ඒ නිසාම ඉන්දියාව මූලික වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පෙරළා දැමූ බව ඇතැම්හු පවසති. ඊට ඉහත සන්දර්භය පදනමක් සකසන බවද සැබෑවකි. එහෙත් එම පාලන සමයේ පවා ඉන්දියානු සෙවණැලි ලංකාවේ බොහෝ ක්ෂේත්‍ර කෙරෙහි වැටී තිබූ බව දන්නේ කිහිපදෙනෙකි. වසර ලක්ෂ ගණනකට පෙර සිට භූගෝලීය වශයෙනුත් වසර දහස් ගණනකට පෙර සිට මානව ක්‍රියාකාරකම් මගිනුත් ඉන්දියාව හා ලංකාව අතර පැවැති සම්බන්ධතාව මේ ක්‍රියාවලි මගිනුත් තේරුම් ගැනීම අපහසු නැත.වීඩියෝව

රටම රැවටූ හෙර සිසිලියාගේ ස්වර්ණාභරන වෙන්දේසි කෙරේ...!!!

ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි (එෆ් ඇන්ඞ් ජී) සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 4.3ක් (කෝටි

430ක්) සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ පසුවන සිසිලියා කොතලාවල ගේ සේප්පුවේ ඇති රත්රන් භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් එම භාණ්ඩ සම්බන්ධයෙන් තක්සේරු වටිනාකම් සහතිකයක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය  (25) රහස් පොලිසියට දැනුම් දුන්නේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ එම රත්රන් භාණ්ඩ වෙන්දේසියේ විකුණා එයින් ලැබෙන මුදල් තැන්පත්කරුවන් වෙත මුදාහැරීම සඳහාය.

ගෝඨා ඇතුළට දැමීමට මාන බලන පැඩි ෆීල්ඩ් වල් විදානේ....!!!

රවිරාජ් ඝාතකයා සිංගප්පූරුවට -ගොඨා අල්ලන්න
කුමන්ත්‍රණයක්...!!! පසුගිය 2015 වසරේ අප්‍රියෙල් 6 වැනිදා අප අනාවරණය කල පරිදිම ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මත පැටවිමට සුදානම් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ශුද්ධවන්තයන් සේ සමාජය ඉදිරියේ පෙනී සිටින මුග්ධවන්තයෝ මුන් නොවේද....? VIDEO

මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහු වටා සිටි මන්ත්‍රීවරුන් අයතා ලෙස මුදල් ගනු දෙනු කළ ආකාරය සහ ජනතා දේපළ, රාජ්‍ය සම්පත් අයතා ලෙස පරිහරණය කළ ආකාරය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්  පසුගියදා ස්වර්ණවාහිණී නාලිකාවේ පැවති මහජන සේවය පිණිසයි දේශපාලන වැඩසටහනට එක්වෙමින් හෙළිදරව් කර සිටියේ ය.
එහිදී විජිත හේරත්  මෙහිදී හෙළිදරවු කර සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයට යැයි පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් කුලියට ගන්නා ලද රථ වාහන ජාතික නිදහස්පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතා සඳහා යොදවා ඇති බව ය. VIDEO

ඉන්දියාවෙන් ගෙන්වන වියළි මිරිස්වල වස...!!!

ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ‍්‍රලියානු රජය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී තිබේ.
මෙසේ දැනුම් දීමට හේතු වී ඇත්තේ මෙරට චිලී පේස්ට් නිෂ්පාදන ව්‍යාපාරිකයන් ඕස්ටේ‍්‍රලියාවට අපනයනය සඳහා චිලී පේස්ට් යොමුකර තිබිය දී එරට රජය විසින් කරන ලද සාම්පල් පරීක්ෂාවය. සාම්පල් පරීක්ෂාවෙන් පසුව අපනයනයට යොමු කළ චිලී පේස්ට් තොග ඕස්ටේ‍්‍රලියාව විසින් නැවත මෙරටට හරවා එවීමට කටයුතු කර ඇත.

Saturday, February 27, 2016

නාමල් මහත්හොරාගේ තවත් හොර මැර ජඩ කම් හෙලිවේ....!!! ඌත් චේතීය ගණයේ අමු හොරෙක්ලූ....!!!

නාමල් කොටුවෙයි- කෝටිගණන් ඉපයු විදිය කියන්න බැරිව ගොලුවෙලා...!!!

 අති විශේෂ අපක්‍ෂපාතී හෙළිදරව්වක්....

නීති විරෝධී ක‍්‍රමවලින් උපයා ගන්නා ලද මිලියන සිය ගණනක මුදල් ව්‍යපාරවලට යොදවා මූල්‍ය වෙළෙඳපොළට එක් කිරීමේ ජාවාරමක නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා යෙදී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ දෙපාර්තමේන්තුව (FCID) විසින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වේ.
ඔහුගේ හිමිකාරිත්වය යටතේ පැවැති සමාගම් 6ක් මෙම ජාවාරමේ යෙදී ඇති බව මේ වන විට මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය අනාවරණය කරගෙන තිබේ.

තාජුඩීන් ඝාතනයට සැකපිට නාමල් අත්අඩංගුවට....!!!

ජනප්‍රිය රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් පැහැරගෙන ගොස්‌ කෲර වධ හිංසා පමුණුවා

ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ  සහ ජනාධිපති ආරක්‍ෂක අංශයේ හිටපු නිලධාරීන් අටදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
දේශපාලනඥයාගේ නියෝග සහ උපදෙස්‌ මත පසුගිය රජය සමයේ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සිටි යුද හමුදා නිලධාරීන් අටදෙනකු විසින් තාජුඩීන්  පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දී ඔහු ඝාතනය කර සිරුර මෝටර් රථයට දමා පුළුස්‌සා ඇති බවට සාක්‍ෂි රැසක්‌ මේ වන විට පොලිසිය වෙත ලැබී තිබේ.

මේ ඝාතනයට සම්බන්ධ නාමල්


තාජුඩීන් මරලා දැන් මොකද වෙන්නේ?

සර්වබලධාරී දෙවියන් වහන්සේලාටවත් නොමැති බලයක්‌ සතුව තිබූ මේ නාමල්ට වසීම් තාජුඩීන් හාල්මැස්‌සෙකු බඳු විය. බලය තිබූ කල මොළය නැත්තකු ලෙස කටයුතු කරයි යන කියමන සැබෑ කරමින් මේ තරුණ දේශපාලනඥයා තාජුඩීන් අවසන් ගමන් යෑවීමට තීන්දු කළේය.
  මේ දේශපාලනඥයා ප්‍රමුඛව ඔහු වටා සිටි ගෝලබාලයන් එදා කටයුතු කළේ සදාකාලිකව දේශපාලන බලය ඔවුන් සතුව තිබෙනු ඇතැයි සිතාගෙනය. බලයෙන් අන්ධ වී සිටි මේ පිරිස වසිම් තාජුඩීන් අවසන් ගමන් යෑවීමට කටයුතු කළහ.

අර්ජුණ රණතුංගගේ ශුද්ධවන්තභාවය රෙද්ද පල්ලෙන් ....!!!

රණතුංග මනීෂාට මෙතරම් සලකන්නේ ඇයි....?
 වරාය ඇතුලේ මසාජ් ක්ලිනික් එකක්....!!!
යහපාලන ආණ්ඩුව තුල ඉතාමත් ශුද්ධවන්ත චරිතයක් ලෙස සමාජය ඉදිරියේ වැජඹෙන වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංගගේ ශුද්ධවන්තභාවය රෙද්ද පල්ලෙන් බේරීමට පටන් ගෙන ඇත ඔහුගේ සුදු රෙදි කඩතුරාව විවර කර බැලීමේදී සුරූපී කාන්තාවන්ට සුර සැප දීම ස`දහා ඔහු දරණ වෙහෙස මහන්සිය එයට කදිම නිදසුනකි’ මෙහි මූලික පුරුකක් වන්නේ ශ‍්‍රීලංකා වරාය කළමණාකරණ උපදේශන සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බියංකා මනීෂා කන්නන්ගරය’ ඇයට ඇමතිවරයා සිය බලය අබිබවා අසීමිත ලෙෂ වරප‍්‍රසාද ලබා දීමට පියවර ගෙන ඇත’ ඒ ඇයි? එය වරායේ සේවකයන් තුළ කතා බහට ලක්වී ඇති ප‍්‍රබල කරුණකි’

Friday, February 26, 2016

“අපේ යහපාලනය ලෝකෙටම ආදර්ශයක්.. ලංකාව දැන් ඉතිහාසගත තැනක” – අගමැති

රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් යහපාලන ආණ්ඩුවක් සෑදීමෙන් ශ්‍රී ලංකාව සමස්ත ලෝකයටම ආදර්ශයක් දුන්නේ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  ඊයේ (25) කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී

පැවසීය.
එසේම එලෙස ප‍්‍රධාන පක්ෂ දෙකක එකුවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවූ ආසියා ශාන්තිකර කලාපයේ ප‍්‍රථම රට ශ්‍රී ලංකාව යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ !

වර්තමානයේ දැඩි කතාබහට ලක්ව පවතින ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට එරෙහි වීම හේතුවෙන් තමන් වහන්සේට මරණීය තර්ජනය කර නිර්නාමික ලිපි ලැබෙන බව අස්ගිරි මහනාහිමියෝ පවසති.
මේ මාර්ගය විවෘත කිරීමට තමන් වහන්සේ කිසිසේත් ඉඩ නොදෙන බවද උන්වහන්සේ කීහ.
මේ මාර්ගය විවෘත කිරීමෙන් දළදා වහන්සේට අගෞරවයක් සිදු වන බවත් මේ නිසා තමන් වහන්සේ මුල සිට ඊට විරුද්ධ වූ බවත් මහනාහිමියෝ පැවැසූහ.

යාපනේ කීරමලේ ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවතට...!!!

යුධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් සේ සැළකෙන යාපනය කීරමලේ ප්‍රදේශයෙන් යුද හමුදාව ඉවත් වෙමින් සිටින බව වාර්තා වේ.
අද දිනය අවසන් වනවිට එම ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවත් වනු ඇති බවත්, පසුගිය රජය සමයේ ඉදිකරමින් පැවති, අතරමග වැඩ නවතා ඇති යාපනය ජනාධිපති මන්දිරයේ හමුදාව ස්ථානගත වනු ඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

මහා රාවණා රජුගේ සිරුර හා දඩුමොණරය සොයන්න ඉන්දියානුවන් ලංකාවට රිංගලා ( Video )

රාවණා මහ රජු සම්බන්ධයෙන් අදටත් ඉන්දියානුවන් තුල බයක් පවතින බව ඔවුන්ගේ ඇතැම් සිද්ධීයන් වලින් පැහැදිලි වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියානුවන් රාවණා රජු හා සම්බන්ධ පුරාවෘත්තයන් හා සාක්ෂි

සොයා ගවේෂණ සිදුකරන්නේද එම තත්ත්වය මතයි. එබැවින් වසර ගණනාවක සිට මෙරටට පැමිණෙන ඉන්දියානුවන් රහසින් රාවණා ඉතිහාසය සොයා යමින් සිටින බවද මේ වන විට හෙළිව තිබෙනවා. ඉන්දියානු මාධ්‍ය ආයතන කිහිපයක් එසේ මෙරටට පැමිණ රාවණා රජුට සම්බන්ධ ප‍්‍රදේශ ගල් ගුහා / උූමං ද්වාරයන් ආදියටද ගමන් කර ඇති බව මේ වන විට සාක්ෂි සහිතව හෙලිව තිබෙනවා. මෙරට ඇතැම් පුද්ගලයින්ද මුලදට වහල්ව ලාංකිකයින්ටත් ගමන් කිරීමට ඉඩ නොදෙන ස්ථානවලට පවා මෙම ඉන්දියානුවන් රැුගෙන ගොස් ඇති බවයි එම වාර්තා වැඩසටහන් වල දැක්වෙන්නේ. එහිදී රාවණා රජුගේ සිරුර තැන්පත් කර ඇති ස්ථානය බවට සැලකෙන ස්ථානයකට ද මෙම කණ්ඩායම් ගමන් කර තිබෙනවා. මේ ඒ අයුරින් ඉන්දියානුවන් ප‍්‍රකාශයට පත් කර ඇති වීඩියෝවක්.

Thursday, February 25, 2016

තවත් හොරෙක් මාට්ටු....!!! දොස්තර ජයලත්ගේ පුතා කාවින්ද ජයවර්ධන ( U N P ) අපතයත් රේල්ලුවට වංචා කරලා...!!!

එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඉකුත් පෙබරවාරි 01 හා 02 දිනයන්හිදී මගීන් 1000 ක් වෙනුවෙන් මැදිරි 11 කින් සමන්විත දුම්රියක් ජා-ඇල සිට මඩු දක්වා යාමට

සහ ඒමට මුදල් ගෙවීමකින් තොරව ලබාගෙන ඇති බවට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය චෝදනා කර සිටී.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසද එම සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වාට ලිපියක් ලියමින් ඉල්ලා සිටී.
මන්ත්‍රීවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් මේ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.

කැබිනට්‌ ඇමැති ධුරයේ කලවැද්දා '( වල් විදානේ ) දිවුරුම් දෙයි....

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ප්‍රාදේශීය සංවර්ධන කැබිනට්‌ අමාත්‍යවරයා ලෙස ඊයේ (25 දා) පස්‌වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  සිරිසේන  ඉදිරියේ දිවුරුම් දුන්නේය. ජනාධිපති

ලේකම් පී. බී. අබේකෝන්  සහ සරත් ෆොන්සේකා ගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

මැලේසියාවේදී අල්ලා එවූ කොටි සැකකරුවෙක් නීතිපති උපදෙසින් නිදොස්කොට නිදහස්...!

එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා ලැබ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ චෝදනා වලින් නිදහස්

කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල   24 නියෝග කළාය.
මෙලෙස මුදාහැරුණේ යාපනයේ පදිංචි සෙල්වදොරේ ගිරිබාදරන් නමැත්තාය. මොහු 2014 ජනවාරි 13 දා මැලේසියාවේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරට ත්‍රස්ත විමර්ශන කොට්ඨශය වෙත භාරදී තිබිණි.

තාජුඩීන් මරණය ඝාතනයක්‌...!!!

දහසය දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගනී
සැකකරුවන් අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි
අමානුෂික ලෙස පහරදීමට ලක්‌ව සිය මෝටර් රථය තුළ පිළිස්‌සී මියගිය රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්‌ බවට තීරණය කළ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඊයේ (25 දා) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී මොහොමඩ් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිය නිගමනය ප්‍රකාශයට පත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

කෝටි 12 දැවැන්ත අල්ලස සමග කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) මාට්ටු!

ශ්‍රී ලංකා අල්ලස් වැටලීම් ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම වැටලීම වූ රුපියල් කෝටි 12 හමාරක අල්ලසක්... අල්ලා ගැනීමට රේගු අධිකාරියේ ඉහලම මෝරු තිදෙනෙක් අල්ලස් දැලට හසුකර ගැනීමට ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සමත් වී ඇත .මෙසේ අල්ලස් දැලට හසුවූයේ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ රේගු නිලධාරී සුධීර පරාක්‍රම නමැති ජාතිභ්‍රෂ්ඨ වසලයන් තිදෙනා ය.

ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) හොරා කෑම...!!!

අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා” කියමින් ,අපේ උදාර ත්‍රිවිඩ හමුදාවම විහිළුවට ලක් කල නිවට නියාලු මහා බැංකු මුල්‍ය වංචාවේ ප්‍රභලයෙකු වන ත්‍රාඩ කපටි කරුප්පයියා ( යහපාලන තක්කඩි මුදල් ඇමති ) අවස්ථාවාදී, අත්තනෝමතික තීරණ නිසා ශ‍්‍රි ලංකා රේගුවෙන් රටට බිලියන ගණනක ආදායමක් අහිමි වන බවත් සිය යහපාලන ඥාතීන් සමග බල්ටි ගසමින් රේගුව විනාශ කරන බවට අප අවස්ථා ගණනාවකදි කල අනාවරණයන් අද රේගු නිලධාරීන්ගේ සංගමය විසින් තහවුරු කර තිබේ.
මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි….

සිංහල ත්‍රස්‌තවාදීන්ගෙන් දළදා වහන්සේ රැකගන්නටත් බෞද්ධයන් නැගී සිටිය යුතු ය..!!!


දළදා මාලිගාවේ පාර ඇරීමට එරෙහි අස්‌ගිරියේ පිළිවෙත

මෙම 19 වැනි දා උද්ඝෝෂණ සිදු කළේ දේශපාලනය හා වෘත්තීය සමිති ජීවන මාර්ගය කරගත් පළපුරුදු ගැටුම් නිර්මාපකයක්‌ පිරිසකි. එම පිරිසට අයිති නැත්තේ මහනුවර උසාවියේ ගිනිකන සිව්රළුවකු හා සෝභිත හිමියන්ගේ චරිතාරෝපනය සඳහා මෙසේ වූවොත් හොඳයි සිතා වීදි සටන්කරුවකු බවට පත්වන මහාචාර්ය කෙනකු පමණි. සිවුරක්‌ දරා සිටියා නම්, එම ගෞරවය හා වෙස්‌ගැන්ම යම්තරමකට හෝ එතුමාට ලැබෙනු නියත ය. සිංහල මහැදුරකු ලෙස අපගේ සිතෙහි මෙතෙක්‌ ඇඳුන සම්භාවිත රූපය එතුමාගේ බොදු විරෝධී හැසිරීම් නිසා කෙමෙන් මැකී යයි. 
 බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමේ නීතිමය තත්ත්වය රැක ගන්නටත්, සිංහල ත්‍රස්‌තවාදීන්ගෙන් දළදා වහන්සේ රැකගන්නටත් බෞද්ධයන් නැගී සිටිය යුතු ය.

“ඉරාජ් ඉස්ලාමයට අපහාස කරා.. ගීතය තහනම් කරනු” තව්හිද් ජමාත්, ISIS පන්නයේ වීඩියෝවක් නිකුත් කරමින් කියයි....!!!

සංගීත ශිල්පී ඉරාත් වීරරත්නගේ “මනුසතා” ගීත වීඩියෝවෙන් මුස්ලිම් ජාතිකයන් ගැන වැරදි පණිවිඩයක් සමාජයට ලබා දෙන බවත් එමගින් ඉස්ලාමයට අපහාසයක් සිදු කර ඇති බවත් වහාම එම ගීත වීඩියෝව තහනම් කළ යුතු බවත් පවසමින් “තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය” වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
“සංගීතය යනු මිනිසාට කිසිදු ප්‍රතිලාභයක් නොමැති, මිනිසාගේ විචාර බුද්ධිය හා මිනිසාට සිතා බලා තීරණ ගැනීමේ හැකියාව මොට කරන දෙයක්” බවයි එම සංවිධානය පවසන්නේ. සංගීතය ව්‍යාකූල දෙයක් බවත් එමගින් මිනිසාගේ මනස අවුල් වියවුල් වී යන බව විද්‍යානුකූලව ඔප්පු කිරීමට තමන්ට හැකි බවත් පිරිසිදු ඉස්ලාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වී සිටින බව පවසන එම සංවිධානය පවසයි.
 ISIS ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයද සිය මතයට විරුද්ධවාදීන්ට තර්ජනය කිරීම සදහා මෙවැනි වීඩියෝ පට නිකුත් කරනු ලබනවා. “ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය” අරාබි රටවල් කිහිපයක මුල්‍ය දායකත්වයෙන් මුලධර්මවාදී රැඩිකල් ඉස්ලාමය මෙරට මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රචලිත කරමින් සිටින බව මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජාතිකයන්ගෙන්ද චෝදනා එල්ලවනවා.

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති වැඳ නමස්කාර කරයි..

වැසිකිළි දෙකක් හදා දුන්
කාන්තාවකට ඉන්දීය අගමැති
වැඳ නමස්කාර කරයි..
එළිමහනේ නිදහසේ මළපහ කිරීම
සුව පහසු යැයි ඉන්දියානුවන්
බහුතරය කියයි..
ඉන්දියාවේ චතිස්ගාර් ප‍්‍රාන්තයේ කාන්තාවක විසින් වැසිකිළි දෙකක් සෑදුවේ යැයි ඉන්දීය රජය ඇයට උපහාර දක්වා තිබෙනවා. එම කාත්නාව වැසිකිළි දෙකක් සාදා ඇත්තේ සිය එළු පට්ටිය විකුණා ලබාගත් මුදලින්.ඇයගේ ක‍්‍රියාව අගය කරමින් ඉන්දීය ඇගමැති නරේන්ද‍්‍ර මෝදි ඇයට ප‍්‍රසිද්ධියේ දණ ගසා වැඳ ආචාර කර තිබෙනවා.

ඉහළින් ආ නියෝගයෙන් වැලිකඩ හිරගෙදර ධර්ම දේශනා අතරමග නවතයි..!!!

කතෝලික සහ ඉස්ලාම් පූජකයන්ට
තම ආගමික කටයුතු නිදහසේ
කරගෙන යාමට අවස්ථාව දෙයි..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ  පොහෝ දිනයේ සිදු කෙරුණු ශීල භාවනා වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.

‘සිංහලේ’ ලේ ගැන ඓතිහාසික සාක්ෂිය – මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්....Video –

පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසින් මේ රටට ආ පළියට මෙරට ස්වදේශිකයන් පෘතුගීසි, ලන්දේසි හෝ ඉංග්‍රීසීන් නොවුණා පරිදිම විජය ඇතුළු 700ක් වූ ඉන්දියානුවන් පිරිස මෙහි පැමිණීමෙන් අපගේ ලේ හෝ ජාන වෙනස් නොවූ බවත් අප උතුරු ඉන්දියානුවෝ හෝ ආර්යයෝ නොවූ බව මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙයි. අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකටත් එපිට ඉතිහාසයක් මෙරට ස්වදේශිකයන්ට ඇති බව ජීව විද්‍යාත්මක සාක්ෂිවලින්ද තහවුරු කරගෙන ඇති බවද මහාචාර්ය රාජ් සෝමදේවයන් හෙළි කරයි.
මෙරට ඉන්නා පුරාවිද්‍යව පිළිබදව ඉහළම ගනයේ විද්වතෙකු ලෙස සැළකෙන මහාචාර්ය රාජ් සෝමදේවයන් මෙරට ස්වදේශිකයන්ගේ සම්භවය පිළබදව දක්වන අදහස පහත පරිදිය.

Wednesday, February 24, 2016

අනෙක් ජන වර්ග වලට ආදරය කරන සිරිතක් අපේ නෑ - පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්දිරන්

අනෙක් ජන වර්ග වලට ආදරය කරන මානසිකත්වයක් අපේ නෑ. අපගේ නායකයින් තුලත් තිබුණේ නෑ. යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

එස්.වියාලේන්දිරන් ප්‍රකාශ කරයි. පසුගිය 22වන දින මඩකලපුව ශිවානන්දා ක්‍රීඩා සංගමය සහ කෝට්ටෙයිමුනෙයි ක්‍රීඩා සංගමය අතර ක්‍රීඩා තරඟාවලියේ අවසන් වැඩසටහනට සහභාගි වී කතා කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. මඩකලපුව කෝට්ටෙයිමුනෙයි ක්‍රීඩා සංගමයටත් කල්ලඩි ශිවානන්දා ක්‍රීඩා සංගමයටත් අතර 08 වන ක්‍රිකට් තරඟාවලියෙන් මඩකලපුව කෝට්ටෙයිමුනෙයි ක්‍රීඩා සංගමය ජයග්‍රහණය කර ඇත. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්දිරන් ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වීය. “අනෙක් ජන වර්ග වලට ආදරය කරන ‍මානසිකත්වයක් අප නෑ. අපේ නායකයින්ට තිබුණෙත් නෑ. අපි අතීතයෙන් ඉගෙනගත් පාඩම එයයැයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

එම වීඩියෝව

ඉංග්‍රීසි නොදැන හොලිවුඩයට පැමිණි බිලි වයිල්ඩර්...!!!

ශෛලිය කිහිපයකට විහිදුණු සුවිශේෂී කුසලතාවයෙන් පරිපූර්ණ වූ රචක, අධ්‍යක්ෂවරයෙකු වූ බිලි වයිල්ඩර්, හොලිවුඩ්හි බිහි වූ සැමදා මතකයේ රැඳෙන, ස්ථිර එක හා සමාන ගුණයකින් තම නිර්මාණ සියල්ලම පාහේ බිහි

කළ සිනමාකරුවෙකු වූවා පමණක් නොව, නිරන්තරයෙන්ම හොලිවුඩ් අභියෝගයට ලක් වන නිර්භය හා ධෛර්යසම්පන්න නිර්මාණ ශිල්පියෙකු ද වූවා. විවිධත්වයෙන් යුතු නොයෙකුත් ශෛලිවලින් බිහිවුණු නිර්මාණයෙන් නිර්මාණයට ඔහු එකල සමාජයේ කතාබහට ලක් නොවූ (තහනම්) එදිනෙදා විෂයයන් ගවේෂණය කළේ ඔහුටම ආවේණික වූ ගැඹුරු ඥානයෙන්, හාස්‍යයෙන් සහ පෞරුෂය මුවහත් වූ උපහාසයෙන්.
පරදාර සේවනය, අධික බීමත්කම, ගණිකා වෘත්තීය මේ මාතෘකා කිසිවක් වයිල්ඩර් ගේ චිත්‍රපටවලට (වැඩියෙන්) මතභේදාත්මක හෝ (වැඩියෙන්) නුසුදුසු වූයේ නැහැ.

Tuesday, February 23, 2016

යමක් දිහා බලලා ලොකු කතාන්දරයක් හිතින් මවා ගන්න එදත් මං හපනෙක්. !!!

මම කුරුමිට්ටන් වැඩට ගන්නෙ නෑ; මට ඕනෙ යෝධයො...

සිතිවිලි අතින් යෝධයො

ගාමිණි සපරමාදු
සභාපති - කෙන්ට් හෝල්ඩින්ග්ස්

ගිනිදැල් මත සියල්ල දැවෙන විට ඇතිවන වේදනාවත් අළු මතින් යළි නැඟිටින විට දැනෙන පන්නරයත්
ඔහුගේ ජීවිතයට ප්‍රහර්ෂය ගෙනාවේය. වටිනාකමක් එක් කළේය. ගාමිණි සපරමාදු නම් ඔහුගේ වෘත්තීය ජීවිතයට පදනම වැටුණේත් ව්‍යාපාරික ලොව ස්ථාවර වූයේත් දිනෙක තරුවක් බවට පත් වූයේත් ඒ සියල්ල හේතුවෙනි.

හැකියාවන් ශරීර ගතව, එහෙත් එළියට එන්නට මඟක් නොමැතිව දුක් විඳින මිනිසුන්ට ඔහු පූර්වාදර්ශයක් ම වන්නේ ය.

Monday, February 22, 2016

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත‍්‍ර ඇබිටිල්ලෝ ....!!!

ඉතා උසස් මට්ටමේ ගීත විකෘති කර ගායනා කිරීම මෙරට කසිකබල් වෙළඳ කලාව තුළ අද ඊයේ ඉස්මතු වූ ප‍්‍රවණතාවක් නොවේ. මෙය   ආරම්භ කළේ භාතිය ස්න්තූෂ් නම් මුග්ධයන් ගොං බානය.මූං ඵදා කෑවේ සිරි සංඝබෝධී ගීතය ...හපා විකා චප්ප කොට රැප් ( RAPE )කොටය.මෙහි ආසන්නතම ඛේදනීය සිදුවීමක් වන්නේ නන්දා මාලනීගේ හන්තාන අඩවියේ ගීතය කවුදෝ නවක තරු ගායිකාවක් විසින් අතිශය ජුගුප්සාජනක ලෙස ගායනා කිරීමය. එහි දිගුවක් ලෙසම මෙන් නිදහස් දින උළෙල දා ඔපෙරා ගායිකාවක විසින් දන්නෝ බුදුන්ගේ ගීතය ඇතුළු ගීත කීපයක්ම භක්ෂණය කර දමන ආකාරය අපට දැක ගන්නට ලැබිණි. මේ පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල තුළද ඉතා උනුසුම් වාද විවාද දියත් වෙමින් තිබිණි. එහිදී පැහැදිලිව පෙනී ගිය කාරණයක් වූයේ සාමාන්‍ය සිහියක් ඇති බොහෝ දෙනා පවා මේ නිර්මාණ සංහාරයට එරෙහි වන විට කිසියම් උගතුන්, විචාරකයන් යැයි කියා ගන්නා පිරිසක් ඊට පක්ෂව පෙනී සිටීමය. ප‍්‍රසිද්ධ ලේඛකයන් හා කවියන් ආදීහුද මේ අතර වූහ. ඔවුන්ට භාෂිගේ ගායනය පෙනීගොස් ඇත්තේ ලාංකේය ගීත කලාවේ ඓතිහාසික පෙරළියක් ලෙසය. මේ ලිපියේ අරමුණ වන්නේ මේ ගීත විකෘතිය හා ඊනියා විචාරකයන්ගේ භූමිකාව කුමක්දැයි සැකෙවින් විමසා බැලීමය.

Sunday, February 21, 2016

ඇන්ටන් ජෝන්ස් ද සමුගනී....!!!

ප‍්‍රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවුණා.ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ බයිලා ගායක ශිල්පියෙක් ලෙසයි.
ඔහුගේ දේහය කවුඩාන දෙහිවල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ (  05 වැනි පටුමග, කවුඩාන, දෙහිවල. ) තැන්පත් කිරීමට නියමිත අතර ලබන බදාදා ජාතික කලා භවනේ ද තැන්පත් කිරීමට නියමිතව තිබේ.
1950 දශකයේදී සිංගීත දිවියට පිවිසි ඇන්ටන් ජෝන්ස් මහතා මෙරට සිදුවූ විශේෂ සිද්ධීන් රැසක් අලලා නිර්මාණය කළ ගීත ගායනය කළ අතර ඔහු ගැයූ මිනිගවුම, ආසයි බයයි බෝට්ටුවෙ නමයි, ප්‍රේමවතී මනම්පේරි, පොඩි විජේ, සේපාල ඒකනායක, කන්දෙ හැපුනා මහවනන්තරේ වැනි ගීත අතිශයින් ජනප්‍රිය විය. 
වීඩියෝ

අළුත් පොතක් ...නව යුගයක්....!!! මහින්දගේ පුත් චිචී ට නැව ගිලුනත් බෑං චූන් ලු ...චන්දනගෙන් අලූත් සිංදුවක්....!!!

හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ බාල පුත‍්‍රයා වන රෝහිත චන්දන රාජපක්ෂ විසින් ගීතයක් ගායනා කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.  මෙම ගීතය ගායනය, තනු නිර්මානය හා පද රචනය යන සියල්ල රෝහිත රාජපක්ෂගේ වීම විශේෂත්වයක්. මං මුලාවී ලෙස නම් කර ඇති මෙම ගීතයට අදාලව මියුසික් වීඩියෝවක්ද නිර්මානය කර තිබෙනවා. එම ගීතය පහතින් ..

දෙනෙත් අඳ බබා වන්ගාගේ අනාවැකි...!!!

ඇය දැන් මිය ගිහින් නමුත් ඇයගේ පෙර අනාවැකි විශ්මිත ලෙසින් සැබෑ වෙමින් පවතී.ඉදිරි අනාගතයේදී මෙය කියවන ඔබ ගේ ජීවිත පරාසය තුළ

මේවා අත් දැකිය හැකියි .ඵසේම ඔබගේ ජිවිතය හමාරවු පසුව මේ ලෝකයේ අනාගතය කෙබඳු වේවිද....???

බල්ගේරියාවේ උපත ලද බාබා වන්ගා (1911*1996 ) විසින් සිදුකරනු ලැබූ අනාගත අනාවැකි විශාල සංඛ්‍යාවක් ඒ ආකාරයෙන්ම සත්‍ය වී ඇතැයි පැවසෙනවා. ඒ නිසා ඇයට ලොවපුරා ඉමහත් කීරිතියක් සහ ජනප‍‍්‍රියත්වයක්ද හිමිවුණා. ඇතැමෙක් ඇය අධිමානසික හැකියාවක් ඇති සාන්තූවරියක් ලෙසද හැඳින්වුවා.

2020 වර්ෂයෙන් පසු ඉදිරි අවුරුදු කිහිපය තුලදීද සිදුවිය හැකි සිදුවීම් ගණනාවක් පිළිබඳවද ඇය අනාවැකි රැුසක් මෙසේ පවසා තිබෙනවා. 
වීඩියෝ සහිතයි.

වර්ග කිලෝමීටරයකට ඩොලර් 1 ගෙවන ප්‍රංශ ඛණිජ තෙල් ගිවිසුම...!!!

ශ‍්‍රී ලංකා රජය හා ප‍්‍රංශ රජය අතර ඛනිජතෙල් ‍ගවේෂණය පිළිබද ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට පසුගිය 18 දා  එළැඹිණි.ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහු‍දේ බිම් කොටස් 2ක ගවේෂණ කටයුතු සඳහා වන ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමට ප‍්‍රංශයේ විශාලත ම තෙල් සමාගමක් වන ටොටාල් සමාගම සමග මෙලෙස අත්සන් තැබීය.මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විෂයභාර අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ හා අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න  ද ප‍්‍රංශය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ඉත්තෑවාගේ ගෙට කැබැලෑවා රිංගන ETCA අව-'මඟුල'

බුදු දහමට අවලාද කරන අලුත්ම උපක්‍රම ගණනාවක් ඇමරිකානු සහ ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහයෙන් දැන් ක්‍රියාත්මක වේ. වායු දූෂණයේ බලපෑමෙන් අපේ දූ දරුවන් රැකගනිමුයි කියා

පෙබරවාරි 19වැනිදා නුවරදී එන්.ජී.ඕ. උද්ඝෝෂණයකි. මහනුවර මහියංගණය ඒ 26 මාර්ගය විවෘත කිරීමට බලකරන බවද එසේ වසා තැබීමෙන් මහනුවර පාසැල් දරුවන් 23,000කට ස්වසන ආබාධ වැළදෙන බවට ඩොලර් මත යැපෙන මහාචාරවරයෙකුගේ පාඨයක් හුවා දක්වමින් මෙය සංවිධානය කරති. මේ උද්ඝෝෂකයෝ සිදුකිරීමට යන්නේ බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවූ දළදා මාලිගයේ ඉදිරිපිට පාර විවෘත කරගෙන සටන් විරාම කාලයේ ඇරියස් එක ගන්නටය. ‍ලෝක උරුමයක්වූ දළදා මාළිගයට දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන් පහරදුන් අතර ඉකුත් වසරේ දියවඩන නිළමේට එරෙහිව අවලාද ව්‍යාපාරයක්ද ගෙන යමින් බෞද්ධාගමට පහර ගැසුවේය.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් ඉට්කා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ හෙට දවස අඳුරු කරන වැඩපිළිවෙලකි. එය සමාජ, ආර්ථික සහ සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරවන අවමඟුලකි. එහෙත් මව්බිම විකුණා කෑමට සූදානම්වන ඉන්දීය ආර්ථික ආක්‍රමණිකයින් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන 'ආර්ථික ඔස්තාර්ලා'ට නම් මඟුලකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ඉට්කා යනු රටේ ආර්ථිකය ඉන්දියාවට බිලිදීමකි.ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 218කි. ඉන්දියාවේ ජනගහනය ලක්ෂ 12,670කි. ශ්‍රී ලංකාවේ විරැකියාව තුන් ලක්ෂ පනස් දහසකි. ඉන්දියාවේ විරැකියාව ලක්ෂ 372කි. ඉට්කා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත අයට පමණක් නොව රැකියාලාභීන්ටද දෙයියෝ සාක්කිය. එයට හේතුව වන්නේ ඉන්දීය ශ්‍රමය කුණු කොල්ලයට වෙළෙඳපොලේ ඇති බැවිනි. ඒ අනුව ඉට්කා ගිවිසුම සරළව කිවහොත් මහා ශ්‍රම කොල්ලයකි. කුණු එකතු කිරීමේ කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා ලංකාවේ රැකියා කේෂ්ත්‍රය මුළුමනින්ම ඉන්දීයාව විසින් ආක්‍රමණය කිරීමකි.
දැනුම නිෂ්පාදනය කල හැකි අති බහුතර ඉන්දියානුවන් එක්කෝ නවතින්නේ ඇමරිකාවේ හෝ යුරෝපයේය. ශ්‍රී ලංකාවට එනු ඇත්තේද ඉතිරිව ඇති අඩු සම්භාවිතාවයකින් යුත් ඉන්දීය 'හාල් කෑලිය'. ඉන්දියානු රැකියාද ඒ අනුව ශ්‍රී ලංකිකයින්ට විවෘත වනු ඇත. සිදුවන්නේ ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වගේ වැඩක් පමණි.

ප‍්‍රහසන නළු පේ‍්‍රමදාස විතානගේද සමුගනී....!!!


ජනප්‍රිය  විකට රංගන ශිල්පියෙකු වන පේ‍්‍රමදාස විතානගේ මහතා 18 අභාවප‍්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ
වයස අවුරුදු 63 කි.
කලක් තිස්සේ පිලිකා රෝගයෙන් පීඩා විඳි ඔහු මියගියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

Saturday, February 20, 2016

මම 14 වතාවක් භික්ෂු චරිතය රඟපෑ සතිස්..!!!

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ
සතිස්චන්ද්‍ර එදිරිසිංහ අපගේ කලා කෙත පෝෂණය කරන ප්‍රවීණ කලාකරුවෙකි. ඔහු රංගන ශිල්පියකු පමණක් නොව, වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. එසේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. එමෙන් ඔහු ලේඛකයෙකි; දේශකයෙකි. මෙම කලාකරුවා හමුවී කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ සුවඳ මතකයන් පිළිබඳව විමසීමට කැලණියේ පිහිටි ඔහුගේ නිවසට ගියේ පෙබරවාරි 11 වැනිදාය. එදින ඔහුගේ 75 වැනි උපන් දිනය යෙදී තිබුණු දිනයයි. 
 අප ඔහුට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමින්ම කලා ක්ෂේත්‍රය තුළ ඔහුගේ සුවඳවත් මතකයන් පිළිබඳව විමසුවෙමු.

දොඩම් විකුණා ලද මුදලින් ගමට පාසලක් හැදූ මිනිසෙක් ...!!! වීඩියෝ

ඉන්දියාව සැබැවින්ම පුදුමාකාර මිනිසුන්ගෙන් පිරි රටක් යැයි කිවහොත් එය මුසාවක් නොවේ. සෑම දිනකම පාහේ එරටින් වෙනත් මිනිසුන් නොකරනා ආකාරයේ ක්‍රියාවක නිරත පුද්ගලයකු හෝ දෙදෙනකු මුණ
නොගැසෙන්නේ නම් එය පුදුමයකි. මෙහි විශේෂත්වය වන්නේ ඒ වැඩි දෙනෙකුම පාහේ දුප්පතුන් වීමය. එයට හේතුව දුප්පතාගේ දුක දැනෙන්නේ දුප්පතාටම වීම නිසා විය හැකිය. මේ පවසන්නට යන අපූරු පුද්ගලයා එරට කර්නාටක ප්‍රාන්ත වැසියෙකි. නිව්පප්දු යනු කර්නාටක ප්‍රාන්තයේ මන්ගලාරු නම් ප්‍රදේශයෙන් කිලෝ මීටර් 25ක් තරම් දුර බැහැර දුෂ්කර ගම්මානයක් වන හරෙකලා ගමට ආසන්න දුහුවිල්ලෙන් පිරි ගම්මානයකි. අද ඒ ගම මුළු ඉන්දියා‍ව පුරාම ප්‍රසිද්ධව ඇත්තේ මේ පුද්ගලයා නිසාය. ඉන්දියානුවන් ඔහු හඳුන්වන්නේ හරෙකලා හජබ්බා 'අක්ෂර සාන්ටා' හෙවත් අක්ෂරයන්හි ශාන්තුවරයා ලෙසය.වීඩියෝ

සිංහලයාගේ ජාතකය සොයන්නට එන අවජාතකයන්ට පිළිතුරක්... !!!

“සිංහල සීයා සිංහයෙක්ද?” — ‘සිංහ ලේ’ සහ මරියතුමියගේ කන්‍යා භාවය

සිංහල ජාතියේ සම්භවය පිළිබඳ දීපවංශයේ සහ මහාවංශයේ දැක්වෙන සිංහබාහු කතා පුවත මුල් කරගෙන සංවාදයක් පැන නැගී ඇත. වංශකතා අනුව සිංහල ජාතියේ ජෛවීය මුලාරම්භය පිය පාර්ශවයෙන් සිංහයෙකු වෙතත් මව් පාර්ශවයෙන් වගුරට වගු රජුගේ දියණිය වෙතත් දිව යයි. සිංහයා සහ සුරූපි වගු රජුගේ දියණිය අතර සංවාසයෙන් බිහිවන්නේ සිංහබාහු සහ සිංහසීවලී නම් නිවුන් දරැ දෙපළකි. ඒ දෙපළගේ එකතුවෙන් බිහිවන වැඩිමහල් දරැවා විජය කුමරැ ය. බුදුරාජාණන් වහන්සේ පිරිණිවන් පෑ දිනයේ ලංකාවට ගොඩ බසින්නේ මේ විජය කුමරැය. එනම් වංශකතා අනුව විජය කුමරැගේ සීයා තිරිසන් සතකු වන සිංහයෙකි.

සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම ...!!!

සංඛ අමර්ජිත්ගේ වැඩ තහනම් කිරීමට දෙරණ ආයතනය තීරණය කර ඇත්තේ කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් ගීතය ගැයීම ගැන කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙනි. එය බලපෑමක් යටතේ සිදුවිණි ද නැද්ද යන්න ගැන මම නො දනිමි. එහෙත් එය රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී කරන ලද තවත් විශේෂ ප්‍රකාශයකට පසුව සිදු වී ඇත. දෙරණ මාධ්‍යවේදීන්ගෙන් මා තරමක් දන්නේ චතුර අල්විස් පමණ ය. සංඛ ඇතුලු අනෙක් ඇතැමුන් සමග මා වචන කිහිපයක් හුවමාරු කරගෙන ඇති මුත් දැන ඇඳුනුම් කමක් නැත. මේ වචන හුවමාරු ඇතැම් විට බහින් බස් වීම් බවට ද පත් වී ඇත. දෙරණ ආයතනය මට වඩා වැදගත්කමක් ජාතික ව්‍යාපාරයේ අනෙක් අයට ලබා දෙයි. මා සහ දෙරණ අතර විශේෂ සම්බන්ධයක් නැත. දෙරණ ද මා ප්‍රතික්‍ෂෙප කරයි...!

නරියන්ගේ මගුල හෙවත් ඉට්කා.....!!!


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ඉන්දු-ලංකා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම හෙවත් ඉට්කා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ හෙට දවස අඳුරු කරන වැඩපිළිවෙලකි. එය සමාජ, ආර්ථික සහ සංස්කෘතික පරාධීනත්වය යළි මෙරටට උරුම කරවන අවමඟුලකි. එහෙත් මව්බිම විකුණා කෑමට සූදානම්වන ඉන්දීය ආර්ථික ආක්‍රමණිකයින් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන ‘ආර්ථික ඔස්තාර්ලා’ට නම් මඟුලකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ඉට්කා යනු රටේ ආර්ථිකය ඉන්දියාවට බිලිදීමකි.ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 218කි. ඉන්දියාවේ ජනගහනය ලක්ෂ 12,670කි. ශ්‍රී ලංකාවේ විරැකියාව තුන් ලක්ෂ පනස් දහසකි. ඉන්දියාවේ විරැකියාව ලක්ෂ 372කි. ඉට්කා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ රැකියා විරහිත අයට පමණක් නොව රැකියාලාභීන්ටද දෙයියෝ සාක්කිය. එයට හේතුව වන්නේ ඉන්දීය ශ්‍රමය කුණු කොල්ලයට වෙළෙඳපොලේ ඇති බැවිනි. ඒ අනුව ඉට්කා ගිවිසුම සරළව කිවහොත් මහා ශ්‍රම කොල්ලයකි. කුණු එකතු කිරීමේ කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා ලංකාවේ රැකියා කේෂ්ත්‍රය මුළුමනින්ම ඉන්දීයාව විසින් ආක්‍රමණය කිරීමකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.