ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 12, 2016

අපේ face book...!!!


මුහුණු පොත නැතිනම් ෆේස් බුක් අද අපේ රටේ ප්‍රධාන මාතෘකාවකි. රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට මේ සම්බන්ධයෙන් අද සෑම තැනම කතා වේ. නමුත් මේ කියන්න යන්නේ ෆේස් බුක් නැතිනම් මුහුණු පොත ගැන නොවේ. මීට වසර කිහියකට පෙර අපි දන්නා ෆේස් බුක් නොහොත් මුහුණු පොතක් තිබුනේ නැ. එදා තිබුනේ වෙස් මුහුණු, යක් මුහුණු වැනි මුහුණුය. පොත් පත් කඩදහියෙන් මුහුණු වසන අප හදුනන නොහදුනන මුහුණු හා මුහුණු පොත නොකියන ලංකාවේ පොත් පත්තර කඩදහි වෙස් මුහුණු කර්මාන්තය අද තිබෙන්නේ අනතුරේය.
ලංකාවේ පල්ප් කඩදාසියෙන් නිම කරන පරිසර හිතකාමි වෙස් මුහුණු අනතුරේ ඇති බව කඩදහි වෙස් මුහුණු නිපැයුම් සිදු කරන ලංකාවේ මුල්ම පරපුරේ සිට පැවැත එන අවසන් පරපුරේ ඇත්තෝ කියති.
මේ අය අද වන විට ලංකාවේ එක පවුලකට පවුල් කිහිපයකට සිමා වී සිටිනකොටසකි. පරපුරකි. තවත් කාලයක් ගත වන්නට පෙර මෙම වෙස් මුහුණු රස්සාවෙන් ඉවත් වු පසුව, ලංකාවේ කඩදහි වෙස් මුහුණු කර්මාන්තය විනාශ වී එම කර්මාන්තය අතීතයට එක්වන බව කඩදහි වෙස් මුහුණු සකස් කරන පරපුරේ අවසන් පුරුකේ රැදි සිටින, ගාල්ල අම්බලන්ගොඩ සේසිරි සෙනෙවිරත්න මහතා පවසයි.
සේසිරි සෙනෙවිරත්න මහතා පවසන්නේ මේ කඩදහි කර්මාන්තයේ ලංකාවේ වෙස් මුහුණු කර්මාන්තය සමඟින් කරලියට ආ වෙසක් කඩදහි නිපැයුම් ලංකාවේ මුලින්ම සකස් කරනු ලැබුවේ ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ බවයි . රූකඩ වලට වාගේම වෙස් මුහුණු වලටද සඳකැන් පාෂාණ වලටද අම්බලන්ගොඩ ප්‍රසිද්ධියක් දක්වයි. ලංකාවේ කිසිදු පරිසර අහිතකර ද්‍රව්‍යයක් නොගෙන ඉවත ලන පොත් පත්තර කඩදහි වලින් සකස් කරන වෙස් මුහුණු පරිසර හිතකාමී වේ. ඉවත ලන පොත් පත්තර කඩදහි සිහිනියට ඉරා තීරූ කර වතුරේ දමනවා. ඉන් පසුව පැය ගණනාවක් පිරිසිදු සිසිල් දියේ බහා තිබෙන්නට සලස්සනවා. පසුව, සිමෙන්තියෙන් අච්චු හෝ ලී මුහුණු අච්චු උපයෝගීකරගෙන මෙම කඩදහි වෙස් මුහුණු නිපැදවීම සිදු කරනවා.
මේ කර්මාන්තය කුඩා කාලයේ සිට අප පුරුදු කළ අත්වැඩ පාඩම් වල දී මෙන් මැටි, කොල,අතු ඉති මල්,කෝටු, ඉරටු, කොහු බත්, වැලි,ලී කුඩු හා වෙනත් පරිසරය ආශ‍්‍රීතව විවිධ දේවල් මේ මුහුණු සදහා යොදා ගන්නවා. අප වැඩි හිටියෝ අපේ ගුරුවරු, අපගේ පරපුරට දැනුම දුන්නේ, ඒ වාගේ දේශිය දේවලින් තමයි. අපේ ඇගිලි අපේ අත් වලට,සිතුම් පැතුම් ඒ මත පුහුණු කළා පුරුදු කළා එය ජිවිතයට වැදගත් උනා. ඇල් වතුරේ දමා සකස් කර ගත් ඉවත ලන පොත් පත්තර වලින් සකස් කරන නිපැයුම් අතරේ වෙස් මුහුණු ද අප හැදුවා. මෙය තමයි අපි යම් නිර්මානාත්මක බවක් දී කරලියට ගෙනවිත් තියෙන්නේ. නමුත්, මේ කටයුත්ත කරන්න අද හරිම අමාරුවෙලා තියෙනවා.
අපි මෙය පරම්පරා ගණනාවක්ම අරගෙන ආවා. නමුත්, අද මේ කඩදහි මුහුණු වලට ඉල්ලූම අඩුවෙලා. උත්සව සමයන් වලදී ප්ලාස්ටික් මුහුණු තමයි ජනතාව ගන්නේ මේවා පිටරටට වලින් ගෙන්වන්නේ. ඒ වෙස් මුහුණු වල කල් පැවැත්මක් නෑ. අපේ ඒවායේ වගේ සවි ශක්තියත් නෑ. ඒ මුහුණු අඩු මිලට විකුණනවා. මීට කලකට දෙසැම්බර් මාසය වැනි සංදර්ශන ඇති මාස වලදී වෙස් මුහුණු විශාල වශයෙන් අලවි වෙනවා. නමුත් දැන් එවැනි තත්වයක් නෑ. දැන් ගන්නේ පිටරටින් ගේන මුහුණු .පිටරට වෙස්මුහුණු පරිසරයද දුෂණය කරනවා. නමුත්, අපේ කඩදහි වෙස් මුහුණු සකස් කරන්නේ, ඉවත දමන පොත් පත්තර වලින් ඒ නිසා ඉවත දමන දේවලන් මනරම් නිපැයුමක් සිදු කරනවා. අනෙක අපේ සංස්කෘතිය,කලා චිත්‍ර ආදිය අපේ ආගම දහමට අනුව, තමයි මෙම වෙස් මුහුණු සකස් කරන්නේ. පරිසරය හානියක් නෑ. ලාභයි පහසුයි සුන්දරයි.
මේ අපේ දේවල් නිසා ආගම දහමට හානියක් වෙන්නේ නෑ. වෙස් මුහුණු කලාවෙන් ඇතිවන සාහිත්‍ය රසය වෙස් මුහුණු කලාවේ ඇති රුවගුණ වරුණ සියල්ලම වාගේ ම සාස්ත්‍රයට සුස්තරේ අනුව ඉතාම ඉහළ ආකාරයට අපි නිපැයුම් සිදු කරනවා. සිනහව හා සතුට ජනිත වන ආකාරයට වෙසක් මුහුණු සකස් කරනවා. නමුත් ළමා සිත් දුෂණය වන ආකාරයට අප වෙස් මුහුණු සකස් කරන්නේ නෑ. කඩදහි වෙස් මුහුණු සකස් කරන්නේ කැල්ලෙන් කෑල්ල කඩදහි පාන් පිටි දියකර ගත් පාප්ප වලින් සකස් කර ගත් කොල කැල්ල කෑල්ල එකමත එක සවි කරලා අලවලා, තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. මෙය ජිවිතයට සංයමයක්, පෙරහුරුවක්, කලාත්මක බවක්, හික්මීමක් මෙන්ම නිරාමිස සතුටක්ද තම නිර්මාන ශක්තියද නිපැයුමට නැතහොත් වෙස් මුහුණට ලැබෙනවා.

  ලංකින්ද නානායක්කාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.