ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 25, 2016

කුඩු දුමියාට ඉංග්‍රිසි බැරිලු...!!!


භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 11 වැනි විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදුණේ යෑයි කියන අවස්‌ථාවේදී ඔහු පැළැඳ සිටි බව කියන හිස්‌ වැස්‌මේ (කැප් තොප්පියේ) සිදුරක්‌ ඇතත් එම සිදුර අසල එක්‌ ලේ බින්දුවක්‌ හෝ ගෑවී නොතිබීම අනුව ඔහු පැළඳ සිටියේ එම හිස්‌ වැස්‌මද කියා තමාට පුදුමයක්‌ ඇති වන්නේ යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධිකරණ වෛද්‍ය විශේෂඥ අයන්ති ගුණසේකර මහත්මිය ඊයේ  කොළඹ මහාධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් පැවැසුවාය.

මම ඉංගී්‍රසි භාෂාවෙන් ඔහුට කතා කළා. මම හිතුවා ඔහුට හොඳට ඉංගී්‍රසි භාෂාවෙන් කතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා Please can you answer  කියලා මම ඔහුට ලියලා දුන්නා.ඒත් ඔහුට ඉංග්‍රිසි වචනයක්වත් බැරිබව මට තේරුණා. මම අහපු ප්‍රශ්න හා ඔහු දුන්න පිළිතුරු සටහන් කොළ තුනක තියෙනවා. සමහර ඒවාට ඔහු පිළිතුරු දුන්නේ හිසෙන්. ඔව් හෝ නෑ හරි කියපු ඒවා මම සටහන් කර ගත්තා.



ශ්‍රී   ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම රෝගියාගේ හිසේ සෙන්ටි මීටර් එකක්‌ දෙකක්‌ සහ සෙන්ටි මීටර් පහක්‌ පමණ වූ තුවාල තුනක්‌ හා ශල්‍යකර්මයක්‌ මගින් වෙනස්‌ වූ මැහුම් දැමූ තුවාල දක්‌නට ලැබුණා. පෙර කී තුවාල වෙඩි තැබීමකින් සිදුවූ තුවාල බව දැනගන්නට ලැබුණත් ඒවා අවට වෙඩි වැදීම්වලදී දක්‌නට ලැබෙන පිළිස්‌සුම් ලකුණු දක්‌නට නොලැබුණේ යෑයිද අධිකරණ වෛද්‍ය විශේෂඥ අයන්ති ගුණසේකර මහත්මිය පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් වැඩිදුරටත් පැවැසුවාය.

එම සාක්‍ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න, පද්මිණි එන්. රණවක ගුණතිලක හා එම්. සී. බී. එස්‌. මොරායස්‌ යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් සාක්‍ෂි දුන් අධිකරණ වෛද්‍ය විශේෂඥ අයන්ති ගුණසේකර මහත්මිය මෙසේද පැවැසුවාය.

මම 1994 සිට වෛද්‍ය වෘත්තියේ නිරතව සිටිනවා. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් ප්‍රථම වෛද්‍ය උපාධිය ලැබුවා. 1999 දී පශ්චාත් වෛද්‍ය උපාධිය ලැබුවා. 2002 දී වෛද්‍යපති උපාධිය ලැබුවා. මූලික උපාධියෙන් පසුව කොළඹ යුද හමුදා රෝහලේ සේවය කළා. 1998 සිට අද දින වන තෙක්‌ ශීS්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ සේවය කරනවා. අධිකරණ වෛද්‍ය විශේෂඥවරියක්‌ ලෙස කළුබෝවිල රෝහලට අනුයුක්‌තව සේවය කරනවා. 4000 කට අධික ප්‍රමාණයක්‌ පශ්චාත් මරණ පරික්‍ෂණ මා සිදුකර තිබෙනවා. මා අද අධිකරණයට ඇවිත් ඉන්නේ මා විසින් කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නියෝග මත සැකසූ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක්‌ ගැන සාක්‍ෂි දෙන්නයි. ආර්. දුමින්ද සිල්වා යන රෝගියාව මා පරීක්‍ෂා කළා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් 2011.10.10 කළුබෝවිල රෝහලේ අධ්‍යක්‍ෂවරයා වෙත කරනලද ඉල්ලීමක්‌ අනුව මා එම රෝගියාව පරීක්‍ෂා කළා. එදින සඳුදා දවසක්‌. එදින මා රාජකාරි කළේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරියක්‌ ලෙස. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී 2011.10.10 සවස 5.10 ට පමණ මා එම රෝගියාව පරීක්‍ෂා කළා. මා එම රෝගියාව දින තුනක්‌ පරීක්‍ෂා කළා. 2011.10.24 වැනිදාත් 2011.10.31 පෙ.ව. 11.15 ටත් ඔහුව පරීක්‍ෂා කළා. එම දින තුනක පරීක්‍ෂා කිරීමෙන් පසුවයි මා එම වෛද්‍ය වාර්තාව සකස්‌ කළේ. 2011.10.10 වැනිදා මුලින්ම පරීක්‍ෂා කරන්න යන විට රෝගියා කෘතිම ශ්වසනය ලබමින් යන්ත්‍රයකට සම්බන්ධ කර තිබුණා. ඔහු සිටියේ අර්ධ සිහි තත්ත්වයෙන්. රෝගියාව යන්ත්‍රයකට සම්බන්ධ කර සිටි බැවින් ඔහුගේ මවගෙන් හා පියාගෙන් රෝග ඉතිහාසය විමසීමක්‌ කළා. ඔහුගේ ශරීරයේ බාහිර තුවාල පරීක්‍ෂා කළා. බාහිර තුවාල පහක්‌ තිබුණා. හිසේ වම් පැත්තේ වම් ඇහි බැම්මට ඉහළින් තුවාලයක්‌ තිබුණා. ඒක සෙන්ටි මීටර් 1 ක්‌ පමණ වූ එකක්‌. එය ශල්‍යකර්මයක්‌ මගින් වෙනස්‌ වූ මැහුම් දැමූ තුවාලයක්‌. ප්ලාස්‌ටර් හා ගෝස්‌ ගලවා වෛද්‍යවරයකු මට එම තුවාලය පෙන්නුවා. මට තුවාලයේ නියමිත ප්‍රමාණය ගන්න බැරිවුණා. ආසන්න වශයෙන් තමයි තුවාලයේ ප්‍රමාණය කීවේ. එම තුවාලය ගිනි අවියකින් සිදුවූ තුවාලයක්‌ බව ආරංචි වුණා. ඒ නිසා මම ඒ ගැන සෙව්වා. එලෙස වෙඩි තැබීමක්‌ ළඟින් සිදුවූවානම් පිළිස්‌සීම් ලකුණු තිබිය යුතුයි.

අංක 2 තුවාලය හිසේ දකුණු පැත්තේ දකුණු ඇහි බැම්මට සෙන්ටි මීටර් 40 ක්‌ පමණ දුරින් සෙන්ටි මීටර් දෙකක්‌ පමණ වූ ශල්‍යකර්මයක්‌ මගින් වෙනස්‌ වූ තුවාලයක්‌ තිබුනා. එහෙත් වෙඩි වැදීම් පිළිස්‌සුම් ලකුණු තුවාල තිබුණේ නෑ. තුන්වන තුවාලය සෙන්ටි මීටර් 5 ක්‌ පමණ දිග ශල්‍යකර්මයක්‌ මගින් වෙනස්‌වූ තුවාලයක්‌ තිබුණා. එයින් පිළිස්‌සීම් ලකුණු හෝ කළු පැහැ ගැන්වීම් තිබුණේ නෑ. 4 වන තුවාලය දකුණු බාහුවේ වැලමිට හන්දියට සෙන්ටි මීටර් 15 පමණ දුරින් සෙන්ටි මීටර් දශම පහක්‌ පමණ වූ සීරීම් තුවාලයක්‌ තිබුණා. පස්‌වන තුවාලය දකුණු උප බාහුවේ සෙන්ටි මීටර් 3_ 2 නියමිත හැඩයක්‌ ඇති තුවාලයක්‌ තිබුණා. කුමක්‌ හෝ රලු පෘෂ්ඨයක වැදීමකින් එම තුවාලය සිදුවන්න පුළුවන්. මගේ වෛද්‍ය වාර්තාවේ මේ තුවාල 5 ගැන සඳහන් කර තිබෙනවා. අංක 4-5 තුවාල වැටීමකින් මොට ආයුධයකින් සිදුවූ බලයකින් සිදුවෙන්න පුළුවන්.

පැ. නීතිඥ- 1, 2, 3 තුවාල වෙලා තියෙන්නේ කුමන ආකාරයකින්ද?

සාක්‍ෂිකාරිය- ඇඳ ඉහපත බලා ඒ ගැන මා සටහන් දමා ගත්තා. එම රෝගියාට ශල්‍යකර්මයක්‌ කර තිබුණා.

පැ. නීතිඥ- මොන ආකාරයෙන් ද 1, 2, 3 තුවාල වෙලා තියෙන්නේ කියලා ඔබට කියන්න පුළුවන්ද?

සාක්‍ෂිකාරිය- ඇඳ ඉහපතේ සඳහන් පරිදි හිසේ වම්පැත්තේ සෙන්ටි මීටර් 2 ක පමණ තුවාලයක්‌ තිබිලා තියෙනවා. වෙඩි උණ්‌ඩයක්‌ ඇතුල්වීමේ තුවාලයක්‌ ලෙසයි අංක 1 තුවාලය සඳහන්වී තිබෙන්නේ.

පැ. නීතිඥ- ඒවා හිස ඇතුළට සිදුවූ තුවාලද?

සාක්‍ෂිකාරි- ඒ තුවාල 3 ගැන එකට විස්‌තර තිබුණේ. අංක 2 තුවාලයත් වෙඩි උණ්‌ඩයක්‌ ඇතුල් වූ තුවාලයක්‌ ලෙස ඇඳ ඉහපතේ සඳහන් කර තිබුණා. අංක 3 තුවාලය උණ්‌ඩයක්‌ පිටවීමේ තුවාලයක්‌ ලෙස සඳහන් වී තිබුණා.

පැ. නීතිඥ- වෙඩි උණ්‌ඩයකින් තුවාල සිදුවන විට එහි තත්ත්වය කොහොමද?

සාක්‍ෂිකාරිය- නොයෙකුත් කාරණා මත වෙනස්‌ වෙනවා. සමහරවිට ඇතුල්වීමේ තුවාලය පමණක්‌ දකින්නට පුළුවන්. එමෙන්ම එක ඇතුල්වීමේ තුවාලයකින් පිටවීමේ තුවාල කිහිපයක්‌ දකින්නට පුළුවන්. තාරකා හැඩැති තුවාල උණ්‌ඩ පිටවීමේ තුවාල ලෙස නිගමනය කරන්න පුළුවන්. ශල්‍යකර්මයේදී දැකපු දේවල් ගැන ඒ වෛද්‍යවරු සටහන් දමා තිබුණා. ප්ලාස්‌ටික්‌ බටයක්‌ දමා තිබුණා. හිස්‌ කබලේ සිට රුධිරය පිටතට ගන්න තමයි ඒ බටය දමා තිබුණේ. 2011.10.8 වැනිදා පස්‌වරු 4.20 ට ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේෂි විඡේරත්න, ස්‌නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ හිමන්සු කුලරත්න සහ ස්‌නායු ශල්‍ය වෛද්‍ය දුවනි, වෛද්‍ය පුබුදු, ෂේහාන් සිල්වා යන වෛද්‍යවරුන් එම ශල්‍යකර්මය කර තිබුණා. හිස්‌ කබලේ කොටස්‌ ඉවත් කළ බවත් එම කොටස්‌වලින් මොළයේ කැඩුණු කොටස්‌ ඉවත් කළ බවත් එම සටහන්වල තිබුණා.

පැ. නීතිඥ- වෙඩි උණ්‌ඩ 2 ක්‌ ඇතුල්වූ තුවාල හා වෙඩි උණ්‌ඩ 1 පිටවූ තුවාල බවට නේද ඒ තුවාල ගැන සටහන් කර තිබුණේ.

සාක්‌කිකාරිය- ඔව්.

පැ. නීතිඥ- ඒ තුවාල අනුව සිදුවූ දුර ප්‍රමාණය හා අවිය ගැන කියන්න පුළුවන්ද?

සාක්‍ෂිකාරිය- වෙඩි තියන අය හා වෙඩි තබන කෙනා අතර තියෙන දුර ප්‍රමාණය කියන්න පුළුවන්.

පැ. නීතිඥ- ඔබට කියන්න පුළුවන්ද වෛද්‍ය මතයක්‌? පිළිස්‌සුම් සලකුණු නොතිබීම අනුව මතයක්‌ කියන්න පුළුවන්ද?

සාක්‍ෂිකාරිය- යම් දුරක සිට වෙඩි තැබීමක්‌ සිදුවිය හැකියි කියා කියන්න පුළුවන්. අඩි 2-3 කට වඩා වැඩිදුරකින් වෙඩි තැබීමක්‌ වුණා යෑයි මතයක්‌ ලෙස කියන්න පුළුවන්. අඩුම ගානේ වෙඩි උණ්‌ඩ 2 ක්‌ ඇතුල් වුණා. කියන්න පුළුවන්. ඒත් මම තුවාල සැබවින්ම නොදුටු නිසා ඒක ස්‌ථිරවම කියන්න බෑ.

පැ. නීතිඥ- ඔබ කිව් තුවාල 1-2 අනුව මරණය සිදුවන්න පුළුවන්ද?

සාක්‍ෂිකාරිය- ඔව්. එලෙස සිදුවන්න පුළුවන්. ඒවාට වෛද්‍ය ප්‍රතිකාර නොදුන්නා නම් රෝගියා මිය යාමට පුළුවන්. අධික ලෙස රුධිරය වහනය වීමෙන් රෝගියා මිය යන්න පුළුවන්. එම වෙඩි තැබීම ඉදිරියෙන් සිදුකර ඇති බවට එම තුවාල අනුව නිගමනය කරන්න පුළුවන්. නමුත් මම එම වෙඩි තැබීමේ තුවාල සත්‍ය වශයෙන්ම නොදුටු නිසා මට ඒ ගැන මතයක්‌ කියන්න බෑ. ඕවල් ආකාරයක තුවාලයක්‌ ලෙස තමයි අංක 1 තුවාලය ගැන ඇද ඉහපතේ සටහන්වී තිබුණේ.

වෙඩි උණ්‌ඩය අවසානය වන විට පෙරලීමක්‌ වගේ වෙන විටත් එවැනි තුවාල වෙනවා. වෙනයම් දෙයක වැදීමකිනුත් එවැනි වෘත්තාකාර තුවාලයක්‌ වෙන්න පුළුවන්.

පැ. නීතිඥ- එම රෝගියා එම තුවාලය වන විට කැප් තොප්පියක්‌ පැළැඳ සිටියා නම් එම කැප් තොප්පිය ඔබට පෙන්නුවොත් ඒ තුවාල සිදුවූ ආකාරය ගැන කියන්න පුළුවන්ද?

සාක්‍ෂිකාරිය- ඔව්. සාමාන්‍යයෙන් කැප් තොප්පිය පළඳින ආකාරයෙන් එය පැළැඳ සිටියා වෙන්න පුළුවන්. එක වෙඩි උණ්‌ඩයක්‌ කැප් එකේ ගෑවිලා ඇතුළට ගිය බවත් අනෙක්‌ වෙඩි උණ්‌ඩය කැප් තොප්පියේ නොගෑවී ඇතුලට ගිය බවත් මතයක්‌ ලෙස කියන්න පුළුවන්. තොප්පියේ තියෙන පැල්ලම අනුව එම වෙඩි උණ්‌ඩය ඇතුල් වෙන්න පුළුවන්. මේකේ සිදුරේ නූල් එළියට ඇවිත්. මේක කවුරුහරි අල්ලලා තියෙනවා කියා මට කියන්න පුළුවන්. මට පුදුමයි ලේ බින්දුවක්‌වත් ගෑවී නොතිබීම අනුව මේ තොප්පියමද දමාගෙන හිටියේ කියන එක.

පැ. නීතිඥ- 24.10.2011 ඔබ දෙවන වර රෝගියාව නැවත පරීක්‍ෂා කළා කීවා නේද?

සාක්‍ෂිකාරිය- ඔව්. පළමු දිනයේ රෝගියාව හරවලා බලන්න මට ලැබුණේ නෑ. දෙවන දවසේ මම ඔහුගේ හිසේ පිටුපස තුවාල තියෙනවාද කියලා බලන්න ගියා. පළමු දවසේ දැකපු තුවාලවලට අමතරව තව තුවාල තිබුණේ නෑ. 2011.10.31 වැනිදා මම ඔහුව බලන්න ගියා. වෛද්‍ය එන්. කේ. ගමගේ එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා මට කිහිපවරක්‌ම කතා කරලා එම රෝගියාව පරික්‍ෂා කරන්න කීවා. ඔහුව පිටත ගෙනියන්න ඕනෑ. ඊට පෙර ඇවිත් බලන්න කියලා මට එතුමා කීවා. එදා යන විට ඔහු හිටියේ වාට්‌ටු අංක 18 අයි.සී.යූ එකේ. එදින රෝගියාගේ තත්ත්වය කලින් හිටියා වඩා හොඳ බව පෙනුණා.

පැ. නීතිඥ- 31 වැනිදා ඔබ රෝගියා සමග කතා කළාද?

සාක්‍ෂිකාරිය- ඔව්. මම ඔහුගෙන් ප්‍රශ්න ඇසුවා. ඔහු එදින ඇඳේ ඉඳගෙන හිටියේ. මට ඕන වුණා රෝගියාගෙන් තොරතුරු දැනගන්න.

පැ. නීතිඥ- මෙම රෝගියාගෙන් ඔබ සටහන් ගත්තාද? ඔබ කීවා කොළයක්‌ දීලා සටහන් ගත්තා කියලා?

සාක්‍ෂිකාරිය- ඔව්. රෝගියාට කියන්න බැරි දෙයක්‌ තියෙනවානම් ඒක ලියලා දෙන්න තමයි මම එම රෝගියාට කොළයක්‌ දුන්නේ. මම ඉංගී්‍රසි භාෂාවෙන් ඔහුට කතා කළා. මම හිතුවා ඔහුට හොඳට ඉංගී්‍රසි භාෂාවෙන් කතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා Please can you answer  කියලා මම ඔහුට ලියලා දුන්නා. මම අහපු ප්‍රශ්න හා ඔහු දුන්න පිළිතුරු සටහන් කොළ තුනක තියෙනවා. සමහර ඒවාට ඔහු පිළිතුරු දුන්නේ හිසෙන්. ඔව් හෝ නෑ හරි කියපු ඒවා මම සටහන් කර ගත්තා.

පැ. නීතිඥ- අධිකරණ වෛද්‍ය වාර්තාවේ පළමු පිටුවේ රෝගියා දෙන ලද කරුණු තියෙනවා නේද?

සාක්‌ෂිකාරිය- ඔව්. ඔහු ඔහුගේ රියෑදුරු සමග ගුවන්තොටුපළේ සිට එනවිට රාජගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්‌වුණා. එය සිදුවුණේ සති තුනකට කලින් කියලා ඔහු ප්‍රථමයෙන් කීවා. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී කීවා එය සිදුවුණේ වෙඩි තැබීමකින් බවත් ඒ වන විට ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් ඔහු සමග සිටිය බවත් ඔහු කීවා. තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත් ඔහු කීවා.

පැ. නීතිඥ- එම සටහන් කඩදාසි දැන් තිබෙනවාද?

සාක්‍ෂිකාරිය- ඔව්.

මෙම අවස්‌ථාවේදී සාක්‍ෂිකාරිය සටහන් කඩදාසි 4 ක්‌ අධිකරණයට භාරදුන් අතර විනිසුරු මඬුල්ල ඒවා පරික්‍ෂා කර බලන ලදි.

සාක්‍ෂිකාරිය- මා එදින රෝගියා සමග සාකච්ඡා කරන විට වාට්‌ටුව භාර සිස්‌ටර් එතන හිටියා. කළුපාට පෑනෙන් තියෙන්නේ රෝගියා මා ඉදිරිපිටදී තැබූ සටහන්.

පැ. නීතිඥ- ඔබ එදින එම රෝගියා සමග කොපමණ කාලයක්‌ ගත කළාද?

සාක්‍ෂිකාරිය- විනාඩි 35-40 ක්‌ පමණ කාලයක්‌. අවශ්‍ය සම්පූර්ණ විස්‌තර ලැබුණේ නැතත් යම් තොරතුරු ප්‍රමාණයක්‌ මට ලබාගන්න පුළුවන් වුණා. මා පරීක්‍ෂා කළ එම රෝගියා අද අධිකරණයේ සිටිනවා. (සාක්‍ෂිකාරිය 11 වන විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතාව හඳුනා ගනියි)

රජයේ අධිනීතිඥ ඔස්‌වල්ඩ් ලක්‍ෂ්මන් පෙරේරා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ චමින්ද අතුකෝරල යන මහත්වරුන් සමග නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පැමිණිල්ල මෙහෙය විය. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, අසෝක වීරසූරිය, නලින්ද ඉන්ද්‍රතිස්‌ස, අනුජ ප්‍රේමරත්න, දන්ත නිරන්ජන, සෞම්‍යා මුතුකුඩ, දර්ශන රන්මුතුගේ, නයනා දිසානායක, අයේෂා ජයරත්න, ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළේය.

ඒ. ඡේ. ඒ. අබේනායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.