සංහිඳියාවට බාධාවක්.‘‘
බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම්
සිසුනුත් ඇතුළත් කළයුතුයි
- චන්ද්රිකා ( ඵකැස් මෘග අවතාරය )
ජාතිය හා ආගම අනුව දරුවන්ගේ පාසල තීරණය කිරීම ජාතික සංහිදියාවට බාධාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද්රිකා පවසයි.
මීගමුව ප්රදේශයේ පැවති තෛපොංගල් උත්සවයකට සහභාගී වෙමින් ඇය කියා සිටියේ තමන් ජනපති ධූරය දරන සමයේ ආනන්ද, නාලන්ද, විශාකාව ඇතුළු බෞද්ධ පාසල්වලට දමිළ හා මුස්ලිම් සිසුන් ඇතුළත් කරගත්තත් දැන් එය සිදු නොවන බවයි.
මේ හේතුවෙන් එම පාසල්වල සිසුන් මුස්ලිම් හා දමිළ දරුවන් කවුදැන් හදුනන්නේ නැති බවත් එය ජාතික සංහිදියාව ඇතිකිරීමට විශාල බාධාවක් වන බව ඇය පෙන්වා දෙයි.
තමාගේ පාලන කාලයේදීත් මෙම තත්වය වෙනස් කරන්නට උත්සාහ කළ බවත් ඇය පැවසීය.
යහපාලන රජයට වසරක් ගතවී ඇතත් තවම රට සංවර්ධනය කිරීමට නොහැකි වී ඇත්තේ භාණ්ඩාගරය හිස් නිසා බවත්, මහින්ද රාජපක්ෂ ඇතුළු පසුගිය ආණ්ඩුව හොරකම් කිරීම නිසා එය හිස්වී ඇති බවත් චන්ද්රිකා කුමාරතුංග වැඩිදුරටත් පැවසීය.