ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 16, 2016

"ඇම්මට කොස්‌ඇට කැස්‌සට තිබ්බටු"

පොලිස්‌ තුන්කට්‌ටුව අං තට්‌ටු තැබීමෙන්

තප්පුලන දකුණේ අමන රැළ
දකුණේ අම්බලන්ගොඩ, මීටියාගොඩ, හික්‌කඩුව, නළාගස්‌දෙණිය, රංගල්ල සහ රත්ගම ප්‍රදේශයන්හි ජන හදවත්වලට මරණයේ භිතිය ගෙන දෙමින් යළි මතුවී තිබෙන දකුණේ පැරණි පාතාලයේ අලුත්ම සෙල්ලම් පිළිබඳ කතාව රටට අනාවරණය කිරීම  ආරම්භ කළෙමු.
මේ ආරම්භයත් සමග පොලිස්‌ දෙපාර්තමේන්තුව මෙකී පාතාලයන් මර්දනය කිරීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යෙදවීමටද ඉකුත් සතියේ පියවර ගෙන තිබිණි. එය සාධනීය කරුණකි. නමුත් පොලිසිය එසේ කටයුතු කළද දකුණේ පාතාලයට වැට බඳින්නට නම් වහාම ගලවා දැමිය යුතු නරක්‌ වූ පොලිස්‌ දත් තුනක්‌ අද දවසේ ගාල්ල ඇල්පිටිය කොට්‌ඨාශයට අයත් පොලිසි දෙකක සහ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේද ඇති වග මුලින්ම පොලිසියට මතක්‌ කර දිය යුතුය.

කලකට ඉහත මෙකී පාතාලයේ කෙරුමා වූයේ මනෝඡ් මෙන්ඩිස්‌ය. ඔහු එසේ රජවී සිටියදී ඉහතකී පොලිස්‌ දත් තුන පෝෂණය ලැබුවේ මනෝඡ් මෙන්ඩිස්‌ගෙන්ය. "ඇම්මට කොස්‌ඇට කැස්‌සට තිබ්බටු" කීවා සේ මොවුන් තිදෙනාට එදා නොලැබුණු දෙයක්‌ද නොවීය.

ඔවුහු සියල්ලෙන් සපිරි ජීවිතයක්‌ ගත කළහ. ඒ මනෝඡ්ගේ අවලංකම්වලට දැක්‌වූ සහයෝගය හමුවේය. අවසානයේ ඔවුන් තිදෙනා මනෝඡ්ගේම පිහිටෙන් දේශපාලන උසස්‌වීම් තුනක්‌ද ලැබ අද සිටින තැන්වලට ගියේය. මොවුහු එසේ වැජඹෙද්දී සිදුවූ තවත් දෙයක්‌ද තිබිණ.

ඒ එවකට මීටියාගොඩ පොලිසියේ ස්‌ථානාධිපතිවරයාව සිටි නිලධාරියාට මනෝඡ් මෙන්ඩිස්‌ගේ දේශපාලන බලය හමුවේ පරාජයට පත්ව, ඈත වන්නියකට ස්‌ථාන මාරු ලැබ පිටව යන්නට සිදු වීමය. මේ සිද්ධි පෙළ මතක ඇති පොලිස්‌ ලොක්‌කන් අද දකුණේ සිටිත් නම් දැන් ඉහත කී නරක්‌ වූ පොලිස්‌ දත් තුන හඳුනා ගැනීමට පහසුය.

පොලිසියේ හක්‌ක පන්නන එකී දත් තුන ගලවා නොදැමුව හොත් අද දකුණ වනසන නරුමයන් මර්දනයට මොන විශේෂ කණ්‌ඩායම් යෙදවූවද වැඩේ අල වීමේ සම්භාවිතාව ඉහළය. මන්ද පොලිසිය හැරෙනකොට ඉලක්‌කය කුමක්‌දැයි මේ තිදෙනාගෙන් දැන ගැනීමට යක්‍ෂයන්ට හැකි වන නිසාය.

හික්‌කඩුව සහ මීටියාගොඩ ඇතුළු අවට ප්‍රදේශයන් ජනතාව භීතියෙන් මුසපත් කළාවූ දකුණේ පාතාලය ඉකුත් කාලයේ එක්‌වරම නිහඬ වූයේ අනපේක්‍ෂිත ලෙස සිදුවූ මනෝඡ් මෙන්ඩිස්‌ගේ ඝාතනයත් සමගිනි. මෙන්ඩිස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූයේ පොඩි ලැසීය.

"එදා පොඩි ලැසී ගියේ මනොඡ්ව මරන්න නෙමේ මහත්තයෝ .. මනොඡ්ගේ ළඟම ගෝලයා විදිහට හිටපු සංඛව මරන්න.. ඒත් මනෝඡ් එතනදී ලැසීගේ අතේ තිබුණ වෙපන් එක ඉදුරුවා.. ඒකයි මනෝඡ්ටත් වෙඩි තියලා තිබුණේ.. මේ වෙඩි ප්‍රහාරය නිසා අදටත් සංඛ ඉන්නේ එකතැන් වෙලා.. මනෝඡ් මැරුණා"

මේ එකී සිද්ධිය පිළිබඳ මැනවින් දන්නා අයකු ඉකුත් සතියේ අපට කී කතාවකි. අද යළි ඉස්‌මතු වී තිබෙන්නේ මෙසේ සිදු කෙරුණු මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනය හමුවේ ලෙයට ලෙය සොයා යැමේ මෙහෙයුමක්‌ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන කවුරුත් කියන කතාවකි.

නමුත් ඊට යටින් තිබෙන්නේ මෙන්ඩිස්‌ ඝාතනයට පලි ගැනීම නොව උණ්‌ඩයේ භීෂණය තුළින් එදා සිදු කෙරුණු කප්පම් ගැනීමේ සහ කුඩු ජාවාරමේ සින්නක්‌කර අයිතිය හිමි කර ගනිමින් මනෝඡ් මෙන්ඩිස්‌ගේ ඔටුන්න දමාගෙන රජකම් කිරීමට ඔහු වටා සිටි නාම්බන් පිරිසක්‌ දියත් කර ඇති මෙහෙයුමක්‌ බව යථාර්ථය දන්නා අය පවසන්නේය.

මෙහිදී මොවුන්ගේ ප්‍රධාන ඉලක්‌කයක්‌ වී ඇත්තේ හික්‌කඩුව, මීටියාගොඩ ඇතුළු මුහුදු තීරයේ පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් සහ ව්‍යාපාරයන්ගෙන් කප්පම් ලබා ගැනීමය. එය එදා ද මීටියාගොඩ නාම්බන්ගේ අතමිට යහමින් සරු කෙරුණු මහා පරිමාණ ජාවාරමක්‌ විය.

සංචාරක හෝටලයක්‌ හෝ වෙනත් ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යන්නේ නම් ආණ්‌ඩුවේ ලයිසන් එක කෙසේ වෙතත් මුන්ගේ අවසරය එදා අනිවාර්ය වී තිබිණි. මේ අන්දමින් මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනයේ වෛරය පෙරට දමා එයට සම්බන්ධ පොඩි ලැසී සමග සිටි හයදෙනාටම මරණය උරුම කර දෙන බවට වහසි බස්‌ දොඩවමින් අද මෙසේ වැඩ අරඹා ඇති මීටියාගොඩ නාම්බන් අතරින් පස්‌ දෙනකු පෙරමුණේම සිටිති.

ඒ කොමාණ්‌ඩෝ පොඩ්ඩා හෙවත් පොඩිමල්ලි, සුසන්ත, සිරියා, දසන්ත සහ අඩෝ ය. අප මේ ටික කියනුයේ අම්බලන්ගොඩ, හික්‌කඩුව, මීටියාගොඩ, නළාගස්‌දෙණිය, රංගල්ල සහ රත්ගම යන ප්‍රදේශවල ජීවත්වන ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ඇසෙන්නටය.

මනෝඡ් මෙන්ඩිස්‌ සමීපයේ සිටිමින් මෙලෝ වැදගම්මකට නැති හබරල ගස්‌ සේ හැදී වැඩුණු මුන් පැහැදිලිවම අපතයෝය. ගම කන්නට උපන් කාලකණ්‌ණිය. එහෙයින් මේ හරක්‌ නාම්බන් දුටු වහා අද "දිවයින"ට කතා කරන්නාක්‌ සේම නිර්නාමිකව හෝ පොලිසියටද තොරතුරු දෙන්නට ඔබට හැකි වුවහොත් ලෝක ප්‍රසිද්ධ හික්‌කඩුව සංචාරක පුරය ඇතුළු ඔබ උපන් ගමේ නම්බුව රැකෙනු ඇත.

මේ වන විට දකුණේ මිනිසුන් මෙකී කාලකණ්‌ණි න්ගේ පැටිකිරිය කියන්නට "දිවයින" කතා කරන අවස්‌ථා බොහෝය. පසුගිය සතිය පුරා ලිපි මාර්ගයේනද තොරතුරු ගලා එන්නට විය. ඉතින් මේ පෙරේතයන් හා කුම්භාණ්‌ඩයන් දකුණෙන් පන්නා දැමීමේ තොවිලය නටන්නට අප සුදානම්ය. ඉදිරියේදී ඒ සියල්ල පිළිවෙළින් එළියට එනු ඇත.

මෙකී මී නාම්බන් මෙතෙක්‌ සැඟවී තිබූ අවි අතට ගෙන ගම කන්නට සැරසෙද්දී පුත්‍ර ස්‌නේහය නිසාදොa වෛරයෙන් සිත ගිනියම් කරගෙන සිටින මීටියාගොඩ ප්‍රදේශයේ එක්‌තරා කාන්තාවක්‌ සහ මිනිසෙක්‌ මුන්ට ආශීර්වාද කරන්නට අද ඉදිරිපත් වී සිටින වගක්‌ද කියෑවෙන්නේය.

ඒ අනුව සිදුවන සියල්ලේ අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ ගිනි අවි ලෙල දෙන භීෂණය පිරි "චිකාගෝවක්‌" දකුණේ යළි නිර්මාණය වෙමින් තිබීමය. මෙසේ දකුණේ හිස ඔසවා ඇති අලුත් නාම්බන්ට අදාළ එක්‌ පාර්ශ්වයක කතාව එසේ වෙද්දී අනෙක්‌ පාර්ශ්වය ලෙස පෙරටවිත් සිටින්නේ මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ පොඩි ලැසීගේ කල්ලිය ය.

හිටි හැටියේ එල්ලවන සතුරු ප්‍රහාරයන්ගෙන් ජීවිත බේරා ගනිමින් සතුරා විනාශ කිරීම සහ දැනටත් තමන් සතුව තිබෙන මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරය හෙවත් සින්නක්‌කර අයිතිය රැක ගැනීම මෙහිදී පොඩි ලැසී කල්ලියේ අරමුණ වී ඇත. ඒ සඳහා මේ වන විට පොඩි ලැසී කල්ලියට රත්ගම පාතාලයේ ප්‍රබලයකු වන විධුර සිය ගෝලබාලයන් සිව් දෙනකුගේ සහාය ලබා දී තිබෙන බවද තවත් පැත්තකින් කියවෙන්නේය.

මේ වන විට පොලිසිය සඳහන් කරන මීටියාගොඩ නාම්බන්ගේ අලුත්ම කල්ලි දෙක වන්නේ මෙසේ කොමාණ්‌ඩෝ පොඩ්ඩා සහ පොඩි ලැසීට අයත් කණ්‌ඩායම් දෙකය. අද දකුණේ අලුත්ම සෙල්ලම් දමමින් සිටිනුයේ ඔවුහුය.

මොවුන්ගේ මෙකී කාලකණ්‌ණි කතාන්දරයේ මෑත කාලීන ආරම්භය සිදු වූයේ මීට මාසයකට පමණ ඉහතදී මීටියාගොඩ කලුපේ ප්‍රදේශයේදී යතුරු පැදියක ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකුට වෙඩි තබා සිදු කළ ඝාතනයත් සමගිනි.

එහිදී මිය ගිය එක්‌ තරුණයකු මීටියාගොඩ යකා වී සිටි මෙන්ඩිස්‌ට ප්‍රථම වතාවට අත උස්‌සා පහර දෙන්නට තරම් එඩිතර වූවකු බව එම ඝාතනයත් සමග වාර්තා විය. එය සිදුව තිබුණේ මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනය කෙරුණු දිනයේම සවස්‌ වරුවේය.

මෙම ද්විත්ව ඝාතනයත් සමග පොඩි ලැසී කල්ලියද වැඩ ඇරඹුහ. ඒ අනුව පොඩි ලැසී කල්ලිය විසින් මුලින්ම මනොඡ් මේනඩිස්‌ සිටියදී ඔහුව සමීපව ඇසුරු කළ යුද හමුදා සාජන් මේජර්වරයකුට වෙඩි තැබීය. නමුත් මේ වෙඩි තැබීමෙන් සාජන් මේජර්වරයාගේ ජීවිතයට හානියක්‌ සිදු නොවුණි. හේ ජීවිතය බේරාගත්තේය. මාරයන්ට ඉලක්‌කය වැරදිණි.

මෙම වෙඩි තැබීම සිදුවූ දිනම ක්‍රියාත්මක වූ කොමාණ්‌ඩෝ පොඩ්ඩාගේ නාම්බන් රැල එක්‌ව මනොඡ් ඝාතනයේ එක්‌ සැකකරුවකුගේ නිවසට ගොස්‌ ඔහු ඝාතනය කරන්නට උත්සාහ දැරීය. එහෙත් එම උත්සාහයද ව්‍යර්ථ විය. මෙසේ අනූනවයෙන් දිවි බේරා ගත්තේ මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනය කෙරුණු දා පොඩි ලැසී පැමිණි මෝටර් රථය පැදවූ තරුණයාය

මොවුන්ගේ ගැටුමේදී දක්‌කනට ලැබෙන එක්‌ විශේෂත්වයක්‌ද ඇත. ඒ එකට එක කිරීමක්‌ ලෙසින් ප්‍රතිවිරුද්ධ පිල සමග යාන්තම් ගෑවී සිටින වුන් පවා මරා දැමීමට උත්සාහ දැරීමය. මේ අන්දමින් දෙපාර්ශ්වය අතර සිදු වූ සටනේ අවසන් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ පොඩි ලැසී කල්ලිය විසිනි.

ඒ අම්බලන්ගොඩ මාදම්පෙ, ගලගොඩ ප්‍රදේශයේ නිවසකදී කුමාර නමැත්තකු ඝාතනය කිරීමෙනි. මේ කුමාර යනු හික්‌කඩුවේදී තරුණයන් දෙදෙනා ඝාතනයට සම්බන්ධ වූවකු බව මේ වන විට කියෑවෙමින් තිබෙන අතර තවත් පැත්තකින් කියෑවෙන්නේ ප්‍රදේශයේ වෑල්ඩින් කරුවකු වූ කුමාර කිසියම් පුද්ගලයකුට තනා දුන් යකඩ ගේට්‌ටුවක්‌ සඳහා ලැබිය යුතු මුදල් ඉල්ලා සිටීම ඔහු මරා දැමීමට හේතු වූ බවකි.

කෙසේ වෙතත් කුමාර ඝාතනය කෙරිණි. මේ අතරේ ඉකුත් සතියේ තවත් සිදු වීමක්‌ද වාර්තා විය. ඒ මීට මාස දෙකකට පමණ ඉහතදී හික්‌කඩුව කලුපේ ප්‍රදේශයේදී ඉන්දික සමීර මෙන්ඩිස්‌ නමැති තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියක්‌ සමබන්ධයෙන් මීටියාගොඩ පොලිසිය මගින් ටී. 56 ගිනි අවියක්‌ සහ මැගසිනයද සමගින් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීම
ය.

ටී. 56 ගිනි අවියද රැගෙන යතුරු පැදියක ගමන් කරමින් සිටියදී මීටියාගොඩ රංගල්ල පාලම අසළ හදිසි වැටලීමක්‌ කළ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මුලින්ම මෙයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව අනෙකා කොටු කරගෙන තිබිණි.

මෙසේ පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබුණේ රවීන්ද්‍ර පුෂ්පකුමාර නොහොත් පොඩි අමිල, සමන්ත කුමාර නොහොත් රත්තරන්, නීල් චන්දන සහ ධනුක රුක්‌මාල් නමැති සිව්දෙනෙකිs. හික්‌කඩුව සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වූ මොවුන්ද කලකට ඉහත මනෝඡ් මෙන්ඩිස්‌ සමීපයේ සිට ඔහුට "මනෝඡ් අයියා" කියමින් හැදී වැඩුණු තවත් පුංචි හබරල ගස්‌ කිහිපයක්‌ බවද ඒ පිළිබඳ තොරතුරු දැන සිටින්නෝ පවසති.

ජනතාව භීතියට පත් කරමින් මෙසේ සිදුවෙමින් තිබෙන දකුණේ අලුත්ම මීහරක්‌ ගැටුම අතරේ මේ සටහන තැබූ ඉකුත් බ්‍රහස්‌පතින්දා වන විට තවත් ම්ලේච්ඡ කුමන්ත්‍රණයක කතාවක්‌ද වාර්තා විය. ඒ කොමාණ්‌ඩෝ පොඩ්ඩා ඇතුළු නාම්බන් කල්ලියේ වුන් ප්‍රදේශයේ තිදරු මවක ඝාතනයට අරඅඳිමින් සිටින බවය.

ඇය වූ කලී මනෝඡ් මෙන්ඩිස්‌ ජීවතුන් අතර සිටියදීද ඔහුගේ දැඩි වෛරයට පාත්‍ර වූ තැනැත්තියක වූවාය. එකී වෛරය හමුවේ දෙවරක්‌ම ඇය ඝාතනය කරන්නට උත්සාහ දැරූ බවක්‌ද ඒ දිනවල වාර්තා විය.

ප්‍රදේශයේ කාන්තා ක්‍රියාකාරිණියක වූ ඇය සෘජුවම මෙන්ඩිස්‌ට අභියෝග කළ තැනැත්තියක වීම ඊට හේතු වී තිබිණ. වරක්‌ හික්‌කඩුව වැල්ලේ සිටින සුද්දන්ට අලෙවි කිරීම සඳහා යොදා ගත් කොල්ලන් තිදෙනකු සහ කෙල්ලන් දෙදෙනකු තැනක සිටියහ. මේ කාන්තා ක්‍රියාකාරිණිය ඔවුන් ඒ අපායෙන් මුදවාගෙන පාසලකට ඇතුළු කර ඒ දරුවන්ගේ දෙනෙත් පෑදුවාය. ඉතින් පාතාලයෝ ඇය සමග උරණ වූහ.

කෙසේ වෙතත් දකුණේ පාතාලය ගත් සියලු උත්සාහයන්හිදී දහසක්‌ මාරක මැද ජීවිතය ගලවා ගන්නට අදටත් ඇය සමත්ව සිටින්නීය.

මේ වන විට මනෝඡ් මෙන්ඩිස්‌ ඝාතනයේ වෛරය පෙරට දමා අවි අතට ගෙන සිටින දඩ බල්ලෝ ඇගේ ජීවිතයටද ඉව කරමින් සිටින බව අප සඳහන් කරනුයේ ඉතා වගකීමෙනි. එකී කාලකණ්‌ණින් එසේ තිදරු මවකගේ ජීවිතය බිලි ගන්නට සැරසෙනුයේ පරලොව ගිය මනෝඡ්ගේ ආත්මයට සැනසීමක්‌ ලබා දීමේ අදහසින් බවද මෙහිදී සටහන් කළ යුතුය.

මේ හමුවේ පෙනී යන එක්‌ පැහැදිලි කරුණක්‌ද ඇත. ඒ අද දවසේ දකුණේ අවි අතට ගෙන කරණම් ගැසීමට සැරසී සිටිනුයේ ගෑනු මරන්නටද කුමන්ත්‍රණ කරන තුට්‌ටු දෙකේ අපතයෝ රැලක්‌ය යන්නය. මේ අපතයෝ නටන නාඩගම මහුවේ මීළඟ ගොදුර කවුරුන් විය හැකිද?

දකුණේ අද සිදුවෙමින් තිබෙන මෙකී මීහරක්‌ ගැටුම පිළිබඳ කතා කිරීමේදී අවධානය යොමු කළ යුතු තවත් මානයක්‌ද ඇත. ඒ චිරාත් කාලයක සිට රංගල්ල ගඟේ කඩොලාන ප්‍රයෝජනයට ගනිමින් සිදු කෙරෙමින් තිබෙන මහා පරිමාණ කසිප්පු ජාවාරමය.

හික්‌කඩුව, මීටියාගොඩ ආදී ලෙසින් පොලිස්‌ දෙකක්‌ දෙපස තිබියදීත් මෙකී කසිප්පු ජාවාරම්කරුවන් නිදැල්ලේ සිය ජාවාරමේ යෙදීම පිළිබඳවද මේ වන විට දකුණේ ජනතාව තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි. ඒ අප්‍රසාදය හමුවේ ජනතාව පොලිසියට නම්බුනාම දෙන අවස්‌ථාව බොහෝය.


පාතාලයන් මතුවන්නේ මෙවන් ජාවාරම් හරහාය. එය කාලයක සිට මෙරට පාතාලයේ සිදුවූ ව්‍යාප්තිය දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යන්නකි. එහෙත් මේ රටේ හැමදාමත් සිදුවූයේ ගස මරන්නට මුල සිඳීම නොව අතු රැහීමය. එහෙත් සිදු විය යුත්තේ එයද?

රංගල්ල ගඟේ සිදුවන මෙකී කසිප්පු ජාවාරමේ සුලමුල සහ අද දකුණේ පාතාලයට යටින් සංචාරක හෝටල් කිහිපයක්‌ කෙන්ද්‍රකරගෙන සිදු වෙමින් තිබෙන කොකේන්, හෙරොයින් සහ කේරල ගංජා වෙළ¹මේ අපූරු කතාව ලබන සතියේ බලන්න.

සමන් ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.