ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 18, 2016

ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය...!!!

ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනට සියයට පනහකට වැඩි ඡන්දයක් ලැබුණු නමුත් ඒ සිංහල

බෞද්ධයන්ගෙන් නො වේ. සිරිසේනට ජනාධිපතිවරණයේ දී 52%ක් ඡන්ද ලැබිණි යැයි සිතමු. මෙරට ඡන්දය දීමේ දී ජනවාර්ගිකව සමජාතිය ව ඒ සිදුවන්නේ යැයි ද සිතමු. සිරිසේනට සිංහල බෞද්ධ නොවන ඡන්දවලින් 80%ක් ලැබිණි යැයි ද සිතමු. මේ ප්‍රතිශතය එයට වැඩි විය යුතු බව උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ, කඳුකරයේ, කොළඹ හා මීගමුව මධ්‍යස්ථානය කරගත් කතෝලික පෙදෙසෙහි ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වෙයි. මෙරට සිංහල බෞද්ධ නොවන අය 30%ක් පමණ වෙති. මෙයින් කියැවෙන්නේ සිරිසේනගේ ඡන්ද ප්‍රතිශතයෙන් 30 ශ 80/100 = 24ක්් ලැබී ඇත්තේ සිංහල බෞද්ධ නොවන්නන්ගෙන් බව ය. එවිට ඔහුගේ ඡන්ද ප්‍රතිශතයට සිංහල බෞද්ධයන්ගෙන් එකතු වී ඇත්තේ 52-24= 28කි. මෙය සිංහල බෞද්ධයන් වූ 70%කින් ලැබෙන්නකි. එබැවින් සිරිසේනට සිංහල බෞද්ධයන්ගෙන් ලැබී ඇත්තේ 28ශ100/70=40 ක ප්‍රතිශතයකි. වෙනත් වචනවලින් කියන්නේ නම් සිරිසේනට සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 40%ක්වත් ලැබී නැත.
මේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී බව සිංහල බෞද්ධයෝ ඉවෙන් මෙන් දනිති. නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන එකක් බව ඉහත කී ඇමැත්තන් නොදන්නාවට සිංහල බෞද්ධයෝ දනිති. අද කාදිනල්වරයා ආගම්වාදී ජාතිවාදී පක්‍ෂ තහනම් කළ යුතු යැයි කියයි. ගොනා හැරෙන්නේ කුමකට දැයි පැහැදිලි ය. කාදිනල්වරයා පළමුව ජාතිවාදය හා ආගම්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. ආණ්ඩුවේ සිංහල බෞද්ධ විරෝධය ඊනියා ථෙරවාද කතිකාවත් කෙටුම්පතින් ද පැහැදිලි වෙයි. මේ පිළිබඳ ව විස්තරාත්මක ව පසුව සඳහන් කළ යුතු ය. දැනට කිව යුත්තේ ආණ්ඩුව භික්‍ෂූන්වහන්සේ ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය යටතට ගැනීමට උත්සාහ කරන බව ය. භික්‍ෂූන් වහන්සේට බලපාන බුද්ධ නීතියක් (විනයක්) ඇත. එය ක්‍රිස්තියානි රාජ්‍ය නීතියට යටකිරීමට ඉඩ දිය නො හැකි ය.

 පසුගිය නවවැනිදා සම්මත කරගැනීමට බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත් පණත 12 වැනි දා දක්වා ද ඉන්පසු 26 වැනි දා දක්වා ද කල්තැබීමට ආණ්ඩුවට සිදු වී ඇත. ආණ්ඩුව එක් පියවරක් පස්සට ගෙන ඇත්තේ පසුව පියවර දෙකක් ඉදිරියට තැබීමට ද යන ප්‍රශ්නය අපට ඇත. ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ මේ කෙටුම් පත අස්කරගැනීමට ආණ්ඩුවට බල කර සිටීම ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර අනුමත කර නැති බව ආණ්ඩුවේ ම ඇතැම් ඇමතිවරු කියති. ඉතා පැහැදිලිව ම කෙටුම්පත් පනත අගමැතිගේ අවශ්‍යතාවට ඉදිරිපත් කරන ලද්දකි. ඔහුට මේ මොහාතේ අවශ්‍ය විධායක ජනාධිපති බලතල අහෝසිකර ඒ අගමැතිට පවරා ගැනීමත් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන ව්‍යවස්ථාවක් එංගලන්තයේ අවශ්‍යතාව පරිදි සම්මතකර ගැනීමත් ය. ඉන්දියාවට ද දෙමළ ජාතිවාදය සනසන ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙයි. එය එංගලන්තයට අවශ්‍ය සංශෝධනය ම වීම අනිවාර්ය නො වේ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අපි 2015 දෙසැම්බර් 30, 2016 ජනවාරි 03 හා 10 දිනවල රිවිර පුවත්පත මගින් සාකච්ඡා කෙළෙමු.
අප ඒ ලිපිවල මූලික ව කියා සිටියේ අවුල් ආණ්ඩුව හෙවත් ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවන ලද්දේ ප්‍රධාන චශයෙන් ම ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාවට බවත් ඒ පිටුපස වූයේ ඊනියා දෙමළ ප්‍රශ්නයට ව්‍යවස්ථාව මගින් ම විසඳුමක් ඉදිරිපත් කිරීම බවත් ය. එහෙත් කිසිවකු මේ විසඳන්නට යන ජාතික ප්‍රශ්නය යැයි කියන දෙමළ ප්‍රශ්නය කුමක් දැයි තවමත් කියා නැත. අප දශක දෙකහමාරකටත් වැඩි කලක් තිස්සේ අසන්නේ් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන්න ය. ඉන්දියාව අඩුම තරමෙන් 2005 ජනාධිපතිවරණයේ සිට ශ්‍රී ල නි ප හා එ ජා ප එකතුකිරීමට වෑයම් කෙළේ ය. ඒ එක් පක්‍ෂයක් බලයට පත් වී ඊනියා ජාතික ප්‍රශ්නය විසඳීමට තැත්කළහොත් අනෙක් පක්‍ෂය එයට විරුද්ධ වන බැවින් ය. රෝ ඔත්තු සංවිධානය ද රෝ සංවිධානයේ සිංහල ඒජන්තයෝ ද පක්‍ෂ දෙක එකතු කර ඊනියා ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට උත්සාහ කළහ. ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය එකතුකිරීමේ වාහකය වූයේ මෛත්‍රිපාල සිරිසේන ය. එහෙත් ඔහු ශී්‍ර ල නි පක්‍ෂය අත්හැර ගියේ ශ්‍රී ල නි පක්‍ෂය මරාදමමිනි. අද ශ්‍රී ල නි පක්‍ෂයක් නැත. එබැවින් ඉන්දියාවේ බලාපොරොත්තුව ද ඉටු වී නැත. අද එ ජා පක්‍ෂය සමග එකතු වී ඇත්තේ ශ්‍රී ල නි ප නොව දේශපාලන මළමිනියකි.
පසුගිය මැතිවරණයට පෙර අප කියා සිටියේ සංධානය වෙන ම පක්‍ෂයක් ලෙස තරග කළ යුතු බව ය. අපි ඒ බව ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් විරවංශ ආදීන් හමු වී කියා සිටියෙමු. එහෙත් මේ නායකයෝ අප කියන දෙයට සවන් නො දෙති. ඔවුන් කියා සිටියේ ඒ වන විට මෛත්‍රිපාල මහින්ද එකතුවක් ඇති වී තිබූ බවත් ඒ ජයග්‍රහණයක් බවත් එය තවදුරටත් වර්ධනය කළ යුතු බවත් ය. මෛත්‍රිපාල සිරිසේන ගැන විශ්වාසයක් අපට නොතිබුණ ද මේ නායකයන්ට එදා ඔහු විශ්වාස විය. දේශපාලන තීරණ ගැනීමේ දී එක්කෝ යම් ප්‍රචාදයක් (ප්‍රමාදයක් නො වේ) තිබිය යුතු ය. එසේත් නැත්නම් පරිණත අතීත අත්දැකීම් සහිතව අනාගතය දැකීමට හැකි විය යුතු ය. මේ නායකයන්ට ඒ එකක්වත් තිබිණි ද යන්න ගැන ඇත්තේ සැකයකි.
නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ චේතනාවෙන් ආණ්ඩුව පසුගිය නවවැනි දා විවාදයට ඉදිරිපත් කළ කෙටුම්පත් පණතේ පූර්විකාවේ වෙනත් දේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන්නාවූ ද, ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සපයන්නාවූ ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාව මතු වී ඇතැයි කියැවෙයි. ආණ්ඩුවේ සිටින බොහෝ ඇමතිවරු විදේශික නියෝජිතයන්ට අවශ්‍ය කුමක් දැයි නො දනිති. බොහෝ විට ඔවුහු ලිපි ලේඛන නො කියවති. ඔවුන් දන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් වාචිකව මැති ඇමතිවරුන්ට දැනගැනීමට සලස්වන දේ පමණ ය. කෙසේ වෙතත් ජාතික ප්‍රශ්නය යනු කුමක් දැයි අර්ථකථනය නොකර එය විසඳීමට යෑම සැකකටයුතු ය. මෛත්‍රිපාල සිරිසේන යනු වෙස්සන්තර කෙනකු යැයි නොසිතිය යුතු ය. ඔහු අවුරුදු පහකින් දේශපාලනික ව විශ්‍රාම යෑමට බලාපොරොත්තු නො වෙයි. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමැත්ත දැක්වූයේ මීළඟ අවුල් ආණ්ඩුවේ අගමැති වීමේ බලාපොරොත්තුවෙන් බව පැහැදිලි ය.
එහෙත් ප්‍රශ්නයක් මතු වී ඇත. අවුල් ආණ්ඩුවේ දීගය ගෙන යන්නේ හොඳින් නොවන බව පැහැදිලි ය. මෛත්‍රිපාල සිරිසේනගේ කණ්ඩායමේ මැති ඇමතිවරු හා එ ජා පක්‍ෂයේ මැති ඇමතිවරු කුලල් කා ගනිති. දීගය අවම වශයෙන් අවුරුදු දෙකක් ගෙන යෑමට බලාපොරාත්තු වූ නමුත් ඒ කළහැකි ද යන්න සැකසහිත ය. අත්හැරෙන දීගයේ සෙවණැල්ලත් ඇද බව විවාහකයකු නොවූවත් මංගල සමරවීර දන්නා බවට සැකයක් නැත. මීළඟ මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක තමන්ට අගමැතිකම නොලැබෙන බව මෛත්‍රිපාල සිරිසේන දනියි. එබැවින් ඔහු මහින්ද රාජපක්‍ෂ සමග සංධානගත වීමට කැමතිවනු ඇත. එහෙත් ඔහුට අවසාන වශයෙන් ක්‍රියාකිරීමට සිදුවනු ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව අනුව ය.
ආණ්ඩුවේ සිටින ශ්‍රී ල නි ප මළමිනිය උස්සාගෙන යන ඇමතිවරුන්ට හා එ ජා පක්‍ෂයේ සාමාන්‍ය මැති ඇමතිවරුන්ට රනිල් වික්‍රමසිංහගෙන් එතරම් තොරතුරු නොලැබෙන බව පැහැදිලි ය. අද ආණ්ඩුවට විදේශීය බලපෑම් නැතැයි මේ ඇමැත්තෝ කියති. ඒ ඇමැත්තන් හමුවීමට විදේශීය නියෝජිතයෝ නො පැමිණෙති. ඔවුන් ජෙනීවා ගියත් කළ හැක්කේ ආණ්ඩුවේ උපදෙස් මත ක්‍රියාකිරීම පමණකි. ආණ්ඩුව ක්‍රියා කරන්නේ බටහිර හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. අද ආණ්ඩුව ක්‍රියා කරන්නේ ලන්ඩන්, දිල්ලි හා ජෙනීවා අවශ්‍යතා පරිදි ය. විදේශීය නියෝජිතයකු මෙරට නොමැති සතියක් නැත. මේ ලිපිය ලියන මොහොතේ ද ඉන්දීය විදේශ ලේකම් මෙරට ය. බ්ලෙයාර් ජීවත්වන්නේ යාපනයෙහි දැයි ඇසිය යුතුව ඇත. ඔවුන් එන්නේ මංගල සමරවීරගේ මුහුණ බැලීමට නොවන බව ඇමතිවරයා ද දනියි. එහෙත් ඉහත කී ඇමැත්තන්ට මේ සම්බන්ධකම් ගැන කිසිම වැටහීමක් නැත. එබැවින් ඔවුහු විදේශ බලපෑම් නැතැයි කියති.
අර්ථදක්වා නොමැති ඊනියා ජාතික ප්‍රශ්නයක් විසඳීමට ව්‍යවස්ථාවක් ගෙන එන්නේ් සිංහල ජනතාවට අවශ්‍ය නිසා නොව විජාතිකයන්ට අවශ්‍ය බැවිනි. පසුගිය මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රිපාල සිරිසේන හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වරමක් නො පැතුවේ ය. එය 1970 මැතිවරණයේ දී බණ්ඩාරනායක මහත්මිය ක්‍රියා කළ ආකාරයෙන් වෙනස් ය. ඇය නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමට වරමක් පැතුවා පමණක් නො වේ. ඇයට ඒ සඳහා තුනෙන් දෙකක වරමක් ද ලැබිණි. එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වූ සෝල්බරි ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාව මගින් ම වෙනස් කිරීම යෝග්‍ය නොවන බැවින් හා අවශ්‍ය නොවන බැවින් එදා පාර්ලිමේන්තුවෙන් පිට රැස්වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් අවශ්‍ය විය.
එහෙත් අද තත්වය කුමක් ද? පසුගිය අගොස්තු මැතිවරණයෙහි දී රනිල් මෛත්‍රිපාල නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වරමක් නො ඉල්ලූහ. දෙදෙනාටම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ධුරය අහොසි කර විධායක අගමැතිවීමට ය. ඔවුන් වරමක් ඉල්ලුවේ නම් ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ය. ජාතික හෙළ උරුමයට ඒ අවශ්‍ය වී ද යන්න වෙන ම ප්‍රශ්නයකි. අප නම් දැන් කලක සිට කියා සිටින්නේ දෙමළ ජාතිචාදය පරාජය කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු බව ය. ඒ දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සමග පටළවා ගත යුතු නො වේ. දෙමළ ත්‍රස්තවාදය පැරදවීමේ දී ද ජනාධිපති ධුරය ආධාරයක් විය. එහෙත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් 1833 පමණ දේශපාලන වශයෙන් ඉංගිරිසි ක්‍රිස්තියානීන් විසින් බෞතීස්ම කරනු ලැබූ දෙමළ ජාතිවාදය අවසන් යැයි නොසිතිය යුතු ය. ඒ කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටවත් ජනතාවගෙන් වරමක් රනිල් මෛත්‍රිපාල අවුලට නො ලැබිණි. මේ අවුල පෙනී සිටියේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව බව සිංහල බෞද්ධයෝ ඉවෙන් දැන සිටියහ. ඒ කෙසේ වුවත් රනිල් මෛතිපාල අවුලට සියයට පනහකවත් ඡන්ද නො ලැබිණි. සිරිසේන පසුගිය ජනවාරි නවවැනි දා ව්‍යවස්ථා විරෝධීව රනිල් අගමැති නොකරන්නට අද අවුල් ආණ්ඩුවක් නැත. ව්‍යවස්ථා සංශෝධනයක දී ශ්‍රෙෂ්ඨාධිකරණයට ජනතාව යන්නේ හුදෙක් ජනමත විචාරණයක් සම්බන්ධයෙන් පමණක් නොවන බව නොදන්නා නීතිඥ ඇමතියෝ ආණ්ඩුවේ සිටිති. ආණ්ඩුව ජනමතවිචාරණය ද පැවැත්වීමට යන්නේ සියළු යෝජනා එක පොදියට ගෙන ය. එය ද ව්‍යවස්ථා විරෝධී ය. ආණ්ඩුව ව්‍යවස්ථාවට ගරු නො කරයි.
 නලින් ද සිල්වා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.