ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 6, 2016

ජනප​ති සිරිසේන කථා කරයි....

 මම ඒ කාලේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. මම ඒ අන්තර් අමාත්‍යාංශ කමිටුවට ගියෙත් නැහැ. සම්බන්ධ වුණෙත් නැහැ. වනය අක්‌කර 3500 කට වැඩි ප්‍රමාණයක්‌ නිදහස්‌ කරන බව දන්නව නම් මම එදත් විරුද්ධ වෙනවා. ඒ කාලයේ මම විරුද්ධ වෙන්න ඕන දෙයට විරුද්ධ වුණා. කැමති වෙන්න ඕන දෙයට කැමති වුණා. නැවත පදිංචි කරවීමට විල්පත්තු වන විනාශය නොකර වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදීමට එවකට සිටි බලධාරීන්ට පුළුවන්කම තිබුණා. නමුත් ඉතාම පටු තීන්දු තීරණ අරගෙන ඒ කරන ලද වනාන්තර විනාශය හේතුවෙන් අද ඇතැම් අය අප වෙත චෝදනා එල්ල කරනවා.

රටේ දැනට පවතින වන ඝනත්වය සියයට 29 ක්‌ බවත් පරිසර අමාත්‍යංශයේ ඉදිරි තුන් අවුරුදු සැලැස්‌ම තුළ එය සියයට 32 ක්‌ දක්‌වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රකාශ කළේය.
වන ක්‍ෂේත්‍ර සහකාරවරුන් 290 දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙරේදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය. නව තාක්‍ෂණය සමඟ වේගයෙන් දියුණු වන ලෝකයේ පරිසර සංරක්‌ෂණය කෙරෙහි රාජ්‍ය නායකයන්ගේ විශේෂඥයන්ගේ, උගත් බුද්ධිමත් සෑම කෙනෙක්‌ගේම අවධානය යොමුව තියෙනවා. ඒ නිසා ජෛව විවිධත්වය සුරක්‌ෂිත කිරීමට අපේ යුතුකම් වගකීම් පිළිබඳව පුළුල් ලෙස අප අවධානය යොමු කළ යුතු කාලයයි මේ එළැඹ තිබෙන්නේ.

ලෝකයේ ඇතිවන කාලගුණික හා දේශගුණික වෙනස්‌වීම්වලදී ගෝලීය උණුසුමෙහි ඇතිවන වෙනස්‌කම් එක්‌ක මිනිසා ප්‍රමුඛ විශ්ව සමාජය පර්යේෂණ කරමින් පරිසර සංරක්‍ෂණය පිළිබඳ වැඩි අවධානයක්‌ මේ යුගයේ යොමු කරනවා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා අද ලෝකයේ සියලු රාජ්‍යයන් සමඟ පරිසර සංරක්‍ෂණ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරනවා. සංවාද කරනවා. තීන්දු තීරණ ගන්නවා. කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳව පර්යේෂණ තුළින් හා ප්‍රායෝගිකව ලබාගන්නා තොරතුරුත් සමඟ මිනිසා ප්‍රමුඛ සියලු සත්ව සමාජයේ පැවැත්ම සඳහා පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් සෑම රටක්‌ම අවධානය යොමු කරනවා.

අපේ රටේ භූමිය තුළ වන ඝනත්වය තිබෙන්නේ සියයට 29 ක්‌ පමණයි. මේ අමාත්‍යාංශයේ තුන් අවුරුදු සැලැස්‌ම තුළ සියයට 29 ක්‌ ව පවතින අපේ රටේ වන ඝනත්වය සියයට 32 දක්‌වා ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද මේ පත්වීම්ලාභී ඔබට විශේෂ වගකීමක්‌ තිබෙනවා. ඒ නිසා ඔබ සොබා දහමට ආදරය කරන ගෞරව කරන පිරිසක්‌ වනු ඇතැයි මා විශ්වාස කරනවා.

මීට සති කිහිපයකට පෙර ප්‍රංශයේ පැරිස්‌ නුවර පැවති එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙහෙයවන ලද කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට ලෝකයේ රාජ්‍ය නායකයන් රැසක්‌ සමඟ මමත් සහභාගි වුණා. එහිදී ගත් තීන්දු තීරණ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට රජය විදියට අපි බැඳී සිටිනවා. ඒ නිසා මේ වර්ෂයේ සිටම අපි ප්‍රමාදයකින් තොරව පැරිස්‌ සමුළුවේ එකඟතාවන් ක්‍රියාත්මක කිරීමටයි අපි කටයුතු කරන්නේ.

උතුරේ වන විනාශය පිළිබඳව විල්පත්තු වන සංහාරය පිළිබඳව බොහෝ අංශවල අවධානය යොමුවී තිබෙනවා. මාධ්‍ය තුළ මෙන්ම දේශපාලන ක්‍ෂේත්‍රයේ ද මේ සම්බන්ධයෙන් සංවාද ඇති වුණා. 2013 හා 2014 වර්ෂයේ එවකට රජය විසින් අන්තර් අමාත්‍යාංශ කමිටුවක ගත් තීන්දුවකට අනුව වන සංරක්‍ෂක දෙපාර්තමේන්තුවට අක්‌කර 3500 කට වැඩිය උතුරු ප්‍රදේශයේ නිදහස්‌ කර තිබෙනවා. ඒ නිදහස්‌ කර තිබෙන්නේ යුද්දෙන් අවතැන් වූ ජනතාව සඳහා නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන්.

මම ඒ කාලේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. මම ඒ අන්තර් අමාත්‍යාංශ කමිටුවට ගියෙත් නැහැ. සම්බන්ධ වුණෙත් නැහැ. වනය අක්‌කර 3500 කට වැඩි ප්‍රමාණයක්‌ නිදහස්‌ කරන බව දන්නව නම් මම එදත් විරුද්ධ වෙනවා. ඒ කාලයේ මම විරුද්ධ වෙන්න ඕන දෙයට විරුද්ධ වුණා. කැමති වෙන්න ඕන දෙයට කැමති වුණා. නැවත පදිංචි කරවීමට විල්පත්තු වන විනාශය නොකර වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදීමට එවකට සිටි බලධාරීන්ට පුළුවන්කම තිබුණා. නමුත් ඉතාම පටු තීන්දු තීරණ අරගෙන ඒ කරන ලද වනාන්තර විනාශය හේතුවෙන් අද ඇතැම් අය අප වෙත චෝදනා එල්ල කරනවා. මම ජනාධිපති ධුරයට පත්ව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගේ භාරයට ලබා ගැනීමෙන් පසුව පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් ඉදිරි තුන් අවුරුදු සැලැස්‌මක්‌ සකස්‌ කළා. එහිදී සියයට 29 ක්‌ ව පවතින වන ඝනත්වය සියයට 32 දක්‌වා ඉහළ නැංවීමට තීන්දු තීරණ ගනු ලැබුවා.

උතුරේ පමණක්‌ නොව සමස්‌ත ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික සම්පත් ආරක්‍ෂා කරන්න රජයක්‌ විදියට අපි දැඩි තීන්දු තීරණ ගන්නවා. පොලිතීන් සම්බන්ධයෙන් කළ තහනම අපි ගත් එක්‌ ක්‍රියාමාර්ගයක්‌. එය මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ ගැසට්‌ නිවේදනය මම පරිසර ඇමැතිවරයා විදියට සිටි 2006 දී නිකුත් කරලා තිබුණේ. නමුත් 2016 ජනවාරි පළමු වැනිදා වෙනකම් ඒ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක වුණේ නැහැ. අපි පසුගිය වසරේ ගත් තීන්දුවක්‌ අනුව පොලිතින් භාවිතය සම්බන්ධයෙන් ගැසට්‌ නිවේදනයේ සඳහන් පරිදි ඒ මයික්‍රෝන සංඛ්‍යාව මත පොලිතින් තහනම ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරලා තියෙනවා.

ඒ තහනම් කරන ලද පොලිතින් නිෂ්පාදන, අලෙවිය සිදු කළොත් ඒ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරනවා. වෛද්‍යවරුන් වගේම පරිසර විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා ඇස්‌බැස්‌ටෝස්‌ තහඩු මිනිසාගේ පිළිකා වර්ධනය සඳහා දැඩි ලෙස බලපානවා කියන කාරණය. එවැනි හේතු නිසා 2018 ජනවාරි මාසයේ සිට වහල සෙවිලි කරන ඇස්‌බැස්‌ටෝස්‌ තහඩු සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීන්දුවක්‌ ගත්තා.

ඒ වගේම 2020 සිට මේ රටේ සිගරැට්‌ දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අමාත්‍ය මණ්‌ඩලය සමඟ සාකච්ඡා පවත්වන්න මම අදහස්‌ කරනවා. සිගරැට්‌ දුම්කොළ වගාව එක්‌තරා යුගයක මේ රටේ ගොවීන් අතර ඉතාම ජනප්‍රිය වෙලා තිබුණා. ඒ වගේම ඉහළ ආදායමක්‌ ලබා ගන්න හොඳ ගොවිතැනක්‌ විදියට දුම්කොළ වගාව මේ රටේ ප්‍රචලිතව තිබුණා. නමුත් පසුගිය වසර ගණනාවක අප කරන ලද උපදෙස්‌ හා මග පෙන්වීම් තුළ සිගරැට්‌ දුම්කොළ වගාව අපේ රටේ අඩුවුණා. ප්‍රධාන වශයෙන්ම බෝනොවන රෝග වලදී දැඩි ලෙසම පිළිකා හා ශරීරයේ අනෙකුත් අවයව විනාශ කිරීම සඳහා කායික මානසික තත්ත්වයන් ඉතාමත් දුර්වල කිරීම සඳහා මරණයට පත්කිරීම සඳහා සිගරැට්‌ දුම්කොළය කොතෙක්‌ දුරට බලපානවාද කියන කාරණය ඔබ දන්නවා.

රටේ ආර්ථික ශක්‌තීන් පිළිබඳව කතා කිරීමේදී මිනිසාගේ යහ පැවැත්මට අවශ්‍ය දේ පමණක්‌ ආර්ථිකයේ නිෂ්පාදන ලෙස තෝරා ගැනීමටත් එවැනි කර්මාන්තවලට දිරි දීමටත් මිනිසාගේ සෞඛ්‍යයට දෛනික ජීවිතයට අභියෝගයක්‌ වන්නා වූ කර්මාන්ත සමාජයෙන් ඉවත් කිරීමටත් රජයක්‌ විදියට අපි කටයුතු කරන බව මා මෙහිදී කියන්නට ඕනෑ.

අද පත්වීම්ලාභී සියලු දෙනාට වන සංරක්‍ෂණය සම්බන්ධයෙන් ලබාදෙන පුහුණුවෙන් අනතුරුව ඔබේ වගකීම් ඉටුකිරීමට ඔබව යොමු කරාවි. ඒ පුහුණුවත් සමඟ පරිසර සංරක්‍ෂණය වෙනුවෙන් ඔබට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටුකරයි කියලා අපි ඔබ කෙරෙහි විශ්වාසය තබනවා. ඔබ දන්නවා මේ රටේ වනය විනාශ කරන, සල්ලිවලට පමණක්‌ ආදරය කරන ජාවාරම්කාර දූෂිත ව්‍යාපාරිකයන් සිටින බව. ඒ පිළිබඳව සිහියේ තබා ගෙන ඔබේ වගකීම් ඔබ ඉටුකළ යුතුයි. අනාගත පරම්පරාවට ස්‌වභාවික පරිසරය උරුමකර දීම ඔබේ වගකීමක්‌.

අද නව පත්වීම්ලාභී සියලු දෙනාට මම සුබපතනවා. ඔබේ වගකීම් ඔබ හරියාකාරව ඉටුකරනු ඇතැයි මා විශ්වාස කරන අතර මේ අවස්‌ථාවට මා හට ආරාධනා කිරීම පිළිබඳව නැවත වරක්‌ ස්‌තුතිවන්ත වෙමින් ඔබෙන් සමුගන්නවා. ස්‌තුතියි. තෙරුවන් සරණයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.