ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 28, 2016

කිරිදුන් අම්මලා සහ බත්දුන් අප්පලා...!!!

කිරිදෙන අම්මා යනුවෙන් අතීතයේ හැඳින්වූයේ එළදෙනියන් හා මී දෙනියන් ය. බත් දෙන අප්පා ලෙස ගම්මුන් ඇමතුවේ මී ගවයාටය. අද වන විට කිරි දෙන අම්මලා බත් දෙන අප්පලා ගම හැරදා ගොසිනි.
එහෙත් ඔවුන් අපේ සංස්කෘතිය ගොඩ නඟන්නට බොහෝ කැපකිරිම් කර ඇත. කාට ඒ ගැන අමතක වුවද වැව් බැඳි රටට එය අමතක කළ නොහැකි ය. ගමක සිරියාව ඔප වැටීමට ඉසුරුමත් බව තහවුරු වීමට ගව සම්පත අත්‍යාවශ්‍ය සාධකයක් විය.

වෙලට ලස්සනයි හීකැට හාන කොට
වැවට ලස්සනයි ඕලුමල් පිපෙන කොට
ගමට ලස්සනයි වස්සන් හඬන කොට
බතට ලස්සනයි දීකිරි බෙදන කොට




යනුවෙන් ඔවුන් පැවසුවේ මේ ගව සම්පතින් තොරව ගමක් නොපැවති නිසා ය. අද වන විට නුවර කලාවියේ වැව් සියල්ල පිටාර ගලමින් පවතී. වැව පිරෙන විට වෙල කලඑළිවීම අත්‍යාවශ්‍ය ය. එදා වෙල්යාය පුරාම මීහරක් බාන් නඟුලට බැඳී සිටියහ.

ඔවුන් කැලේ කාලා වෙලේ ලැගලා ගමේ අටුකොටු පුරවන්නට කරඋර දුන්හ. කිරිවස්සා - එළවිස්සා - කිරිදරුවා ආදී ආදර වදනින් අමතන ලද මී ගවයන් මේ දේශයේ අටුකොටු පුරවන්නට විඳි වෙහෙස අනන්තය. එහෙත් ගෙරිමසින් රස මවන්නට පරසුද්දන් වෙතින් පුරුදු වූ සිරිත් විරික් නිසාම අපට ගවයා කෙරේ පැවැති බැතිමත් බව ගිලිහී ගියේය.
අතීතේ ගවගාල ගමගෙදර වත්පොහොසත් කමේ සංකේතයක් විය. ගම ගෙදරට එළකිරි වලින් මෙන්ම මී කිරි වලින් ද අඩුවක් නොවිණි. හරකා මීහරකා - ගොනා - එළදෙන – යන වචනවලින් ගවයන් හැඳින්වීම උන්ට කෙරෙන අවමානයක් ලෙස සැලකූ ගැමියා ඔවුන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා වෙනම නම් පවා යොදාගෙන ගිබුණි. රත්තී – හඳී - පොහොරී – කළු වැස්සී - සුද්දී – එළවිස්සී ආදී නම්වලින් දෙනියන් හැඳින්වූ අතර බඩා - එළවිස්සා - කළුවා : පැටියා - කිරා ආදී නම්වලින් ගොනුන් සහ මීගොනුන් හැඳින්වූහ.
ගවයන්ගේ ලෙඩ රෝග හා ආරක්ෂාව සඳහා ම ඉළන්දාරි දෙවියන් (මංගාර දෙවියා) සඳහා වෙනමම වැඳුම් පිදුම් කළහ. බාර හාර ඔප්පු කළහ. ගමේ කිරි ඉතුරුම් මංගල්‍යය කරන දින සැන්දෑයාමේ වැව් කන්ද බෑවුමේ පුදන බුලත් ඉහාන (බුලත් යහන) පසෙකින් මයිල කොළ අතුරා ඒ මත මන්දක් සහ පොල්ලක් තබා සංකේතවත් කරන්නේ ඉළන්දාරි දෙවියන්ගෙන් ගව සම්පත ආරක්ෂා කිරීමයි. “මන්ද පොල්ල සුරත දරා මේ මල් යහනට වඩින්ඩ” යන කෝල් මුරවලින් ද කියැවෙන්නේ ගව සම්පත රැකගැනීම සඳහා කැප වූ ඉළන්දාරි දෙවියන් ගැන ය.
ගව සම්පත රැක ගැනීමට නිරතුරු ව ඇප කැපවූ අතීත ගමේ ඇත්තෝ ගව ගාල වටේට ගිනි මැල ගසමින් ගවයන් රැක බලා ගත් අතර ගවයන් තණ කෑම සඳහා මුදා හැරීමේදීත් ඔවුන් ඉන්නා තැන් දැන ගැනීමට ගවයාගේ බෙල්ලේ “සොකඩා” බඳින ලදී. (සොකඩය යනු අඟල් හයක් පමණ දිගින් හා අගල් 3 පමණ පළලැති අඟල් 1 1/4 පමණ ගණකමැති ලීයක් මැදින් හාරා එම කුහරයෙහි ඇඟිල්ලක් තරමේ මුව හෝ ගෝන අං කැබලි දෙකක් එල්ලා සාදා ගන්නා උපකරණයකි.
මෙය දෙපසින් විද ගවයාගේ බෙල්ලේ එල්ලයි. එවිට ඌ තණකොළ කන විට ඒ සෙළවීම අනුව සොකඩය තුළ එල්ලා ඇති අං කැබලි දෙක ශබ්ද නඟා සෙලවෙයි. ඒ සොකඩයේ හඬ අනුව තමන්ගේ ගවයන් ගැවසෙන ස්ථාන හඳුනාගනී.
මෙවැනි ආරක්ෂක ක්‍රම මඟින් ගවයන් රැකගත් අතීත ගැමියා ගවයන් ගොවි බිම්වලට ඇතුල්වී වගාවන් විනාශ කිරීමෙන් වළක්වා ගැනීමට ද ක්‍රමවේදයන් භාවිතා කළහ.
ඉනි වැටකින් ඇතුළු වීමට නොහැකි ලෙස ගවයාගේ බෙල්ලේ හරහට සිටින සේ අඩි හතරක පමණ ලීයක් බඳිනු ලැබේ. එයට දඬු ලී බැඳීම යැයි කියති. මේ හැර ගවයන් බාන් කිරීම ද කරනු ලැබේ. සීසෑමේදී ගවයන් හීයට යොදා ගන්නා ආකාරය අනුව ගවයන් නම් කරති.
වියගසේ කුඹුර පැත්තෙන් බඳින ගවයා “ඇතුල්පොළයා” යනුවෙන් හඳුන්වන අතර ඊට විරුද්ධ පැත්තෙන් වියගසට බඳින ගවයා පිටපොළයා” ලෙස හඳුන්වයි. කුඹුරු මැඩවීමේදී මෙන්ම කොළපෑගීමේ දී හතර පහ වශයෙන් ඈඳන මී හරකුන් හටද නම් දී තිබේ.
මුලින්ම බඳින මීමා මුදුනා වන අතර ඊට විරුද්ධ පැත්තේ බඳින මීමා ‘කලාතයා’ යනුවෙන් හඳුන්වයි. ඊට මැදින් යන හරක් ‘කැරැල්ලේ යන වුන්’ යනුවෙන් හඳුන්වති.
එවන් මෙහෙවරක් කරමින් ගමට රටට සම්පතක් අපේ ගව සම්පත මේ බිමෙන් තුරන්වී යමින් ට්‍රැක්ටරය සුනාමිය – බූතයා වැනි යන්ත්‍ර ගොවිබිම ආක්‍රමණය කරද්දී ඒ දෙස බලාහිඳීම පමණක් අපට උරුම වී ඇත. නවීකරණය වන ලෝකයේ ගමන් මඟ හරස් කළ නොහැකි මුත් බත්දුන් අප්පලා මෙන්ම කිරිදුන් අම්මලා ගැන සිහිපත් කිරීමට තරම්වත් අප කෘතවේදී විය යුතුය. මේ ඒ සඳහා පුංචි ම පුංචි සටහනක් පමණි. එහෙත් කුඹුරුයායවල් දහස් ගණනක් කරලින් බර කළ දේශයක් කිරෙන් පෝෂිත කළ කිරිදුන් අම්මලාත් බත්දෙන අප්පලාත් අපේ යටගියාවේ සදාකල් ම රැඳී පවතිනු ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.