හෝමාගම මහේස්ත්රාත්
නියෝග කරයි
"ඔව් ඕන දඬුවමක් දෙන්න...." අපි ලෑස්තියි භාර ගන්න. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි ආවේ......" යෑයි ඥනසාර හිමියෝ යළි හඬනගා පවසා අධිකරණ ශාලාවෙන් පිටව ගියහ.
ප්රගීත් එක්නැලිගොඩ නඩුව විභාගවෙද්දී විවෘත අධිකරණයේ කටයුතුවලට බාධාවන ලෙස හැසිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්රාත්වරයා ඊයේ (25 දා) පොලිසියට නියෝග කළේය.
ප්රගීත් එක්නැලිගොඩ නඩුව හෝමාගම මහෙස්ත්රාත් රංග දිසානායක හමුවේ ඊයේ විභාගයට ගැනිණි. සැකකාර යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා නිලධාරීන් හයදෙනා තවදුරටත් රිමාන්ඩ් කිරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කළ අවස්ථාවේදී විවෘත අධිකරණයේ සිටි ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ "කොටි මරලා රට බේරාගත් රණවිරුවන් මේ තුච්ඡ ආණ්ඩුවේ රාජ්ය නිලධාරීන් සිරගත කර තිබෙනවා" යෑයි හඬ නගා පැවසූහ.
මහෙස්ත්රාත්වරයා මේ අවස්ථාවේදී ඥනසාර හිමියන්ට කරුණු පැහැදිලි කර දුන් නමුත් උන්වහන්සේ සිය මතය වෙනස් නොකළහ. ඒ අවස්ථාවේදී මහෙස්ත්රාත්වරයා ප්රකාශ කළේ නීති ප්රකාරව තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බවය.
"ඔව් ඕන දඬුවමක් දෙන්න...." අපි ලෑස්තියි භාර ගන්න. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි ආවේ......" යෑයි ඥනසාර හිමියෝ යළි හඬනගා පවසා අධිකරණ ශාලාවෙන් පිටව ගියහ.
ඉන් අනතුරුව හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියෝගයක් කළ මහෙස්ත්රාත්වරයා අධිකරණයේ කටයුතුවලට බාධාවන ලෙස හැසිරීම සම්බන්ධව ඥනසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්රකාශ කළේය.
මෙම සිද්ධිය නිසා අධිකරණයේ කටයුතු පැය භාගයකට ආසන්න කාලයක් ඇනහිටිණි.