ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 2, 2016

රටින් පිට ඇතුළාන්තයේ විවරණයක්...!!! යහපාලනයේ නැලවෙන කොටි පාලන සිහිනය...!!!


ඩයස්‌පෝරාවේ ආක්‍රමණය...
යුද්ධය පැවති කාලයට වඩා යුද්ධය අවසන් වූ පසු ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, එක්‌සත් ජනපදය, නෝර්වේ, ස්‌වීඩන්, ඩෙන්මාර්ක්‌, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය හා එක්‌සත් රාජධානිය යන රටවල් පමණක්‌ නොව සිංගප්පූරුව හා මැලේසියාව ආදී ආසියාතික රටවල්වල පවා දෙමළ ඩයස්‌පෝරාව ක්‍රියාත්මක වන අන්දම ඒ රටවල්වල පදිංචි ශ්‍රී ලාංකිකයෝ හොඳින් දනිති.

  මේ ලිපිය ලියන්නට අදහස්‌ කළේ පසුගිය ඉරිදා (දෙසැම්බර් 20) දිවයින පුවත්පතේ පළ වූ වටිනා ලිපි දෙකක්‌ කියවීමෙන් පසුය. පළමුවැන්න ශමින්ද ෆර්ඩිනැන්ඩෝ විසින් ලියන ලද "ගෝලීය දෙමළ සංසදය සහ දෙමළ ජාතික සන්ධානය සන්ධානගත වීම" වන අතරම දෙවැන්න, කීර්ති වර්ණකුලසූරිය විසින් ලියන ලද "රටවල් 12 ක්‌ සහ එන්. ජී. ඕ. 26 ක්‌ කොටින්ට කෝටි 133 ක්‌ දුන් හැටි" යන ලිපියයි.

යුද්ධය පැවති කාලයට වඩා යුද්ධය අවසන් වූ පසු ඔස්‌ට්‍රේලියාව, කැනඩාව, එක්‌සත් ජනපදය, නෝර්වේ, ස්‌වීඩන්, ඩෙන්මාර්ක්‌, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය හා එක්‌සත් රාජධානිය යන රටවල් පමණක්‌ නොව සිංගප්පූරුව හා මැලේසියාව ආදී ආසියාතික රටවල්වල පවා දෙමළ ඩයස්‌පෝරාව ක්‍රියාත්මක වන අන්දම ඒ රටවල්වල පදිංචි ශ්‍රී ලාංකිකයෝ හොඳින් දනිති.

කීර්ති වර්ණකුලසූරිය පෙන්වා දී ඇති අන්දමට ටී. ආර්. ඕ. හෙවත් " දෙමළ පුනරුත්ථාපන සංවිධානය" විශාල වශයෙන් මුදල් එකතු කරන අන්දම පිළිබඳව උදාහරණ කිහිපයක්‌ පෙන්නුම් කළ හැකිය.

දෙමළ ඩයස්‌පෝරාව ඉතාමත් ප්‍රබල රටක්‌ වන්නේ ඔස්‌ට්‍රේලියාවයි. ඊට හේතුව 1983 (කළු ජූලියේ දී) ඉතාම අඩු වියදමින් සරණාගතයන් වශයෙන් ළඟා වන්නට පහසුම රට හා කිට්‌ටුම රට ඔස්‌ටේ්‍රලියාව වීමයි.

1983 ජුලි මාසයේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ අමානුෂික අපරාධය නිසා ලෝකයේ බොහෝ රටවල් ලංකාවේ දෙමළ ජනතාවට "දොරවල් විවෘත කළේය."

ආර්ථික හේතූන් නිසා විදේශගත වීමට බලා සිටි පුද්ගලයන්ට ද මෙය " ස්‌වර්ණමය" අවස්‌ථාවක්‌ විය. කොටි සංවිධානයට හිතවත් දහස්‌ ගණනක්‌ ඔස්‌ට්‍රේලියාවට සංක්‍රමණය විය.

දෙමළ පුනරුත්ථාපන සංවිධානය ඔස්‌ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පෙන්වා දීමට උදාහරණ කිහිපයක්‌ ගෙන හැර පෑ හැකිය.

ඔස්‌ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිංහල ව්‍යාපාරිකයන් බහුල නිසා දෙමළ ව්‍යාපාර ඇත්තේ ස්‌වල්පයකි. එහෙත් විශාල නරගය වූ සිඩ්නි නුවර බ්‍රිස්‌බේන්, ඇඩිලේඩ් හා පර්ත් වැනි නගරවල වැඩිපුරම ශ්‍රී ලාංකිකයන් තමන්ට අවශ්‍ය දේ මිල දී ගන්නේ දෙමළ ව්‍යාපාරික ස්‌ථානවලදීය. සිඩ්නි නුවර ශ්‍රී ලංකාවෙන් පළවන සිංහල හා ඉංග්‍රීසි ඉරිදා පුවත්පත් ද අලෙවි කරන්නේ දෙමළ ව්‍යාපාරිකයෝ ය.

මේ සියලු වෙළෙඳසල් තමන් අලෙවි කරන පුවත්පත්වලින් පවා පිටපතකට ඔස්‌ටේ්‍රලියානු ශත 10 ක්‌ (ශ්‍රී ලංකා මුදලින් රු 10 ක්‌) ටී. ආර්. ඕ. සංවිධානයට ගෙවිය යුතුය. සෑම වෙළෙන්දෙක්‌ම තමන් අලෙවි කරන සෑම භාණ්‌ඩයකින්ම 5% ක්‌ මේ "කප්පම" සඳහා වෙන් කළ යුතුය.

සිඩ්නි නුවර පදිංචි දක්‍ෂ දෙමළ ශල්‍ය වෛද්‍යවරයෙකු මේ ලියුම්කරු සමඟ පැවසූ පුවතක්‌ සඳහන් කිරීම ඉතා වැදගත්ය. මේ වෛද්‍යවරයා 1956 සිට 1960 දක්‌වා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකි. කොටින් විසින් ඝාතනය කරන ලද අමිර්තලිංගම්, යෝගේස්‌වරන්, ධර්මලිංගම් හා අලාලසුන්දරම් වැනි මන්ත්‍රීවරුන් මේ වෛද්‍යවරයාගේ පවුලේ කිට්‌ටු මිතුරන් හා ඥාතීන් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එම නිසා ඔහු කැමැත්තෙන් කොටින්ට ආධාර කරන්නෙකු විය නොහැක. එහෙත් ඔහු පැවසුවේ තමන් දෙමළ කඩවලින් මිලදී ගන්නා සෑම ද්‍රව්‍යයකින්ම කොටි සංවිධානයට මුදල් ලැබෙන බවය.

තවදුරටත් ඔහු මෙසේද පැවසීය. "පසුගිය සතියේ මගේ බිරිඳත් මාත් භාරත නාට්‍ය සංදර්ශනයක්‌ බලන්ට ගියා. ටිකට්‌ හතරක්‌ ඩොලර් 20 යි. මේ ඩොලර් 20 න් ඩොලර් දෙක හමාරක්‌ එල්ටීටීඊ තැරැව්කාරයන්ට යන බව මම දන්නවා. එහෙත් කරන්නට දෙයක්‌ නැහැ."

පසුගිය ජනවාරියේ පැවැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් පසු ජනවාරි 26 වැනිදා ඔස්‌ටේ්‍රලියාවේ ජාතික දිනය වෙනුවෙන් කොටින්ට පක්‍ෂපාතී "ටැමිල් ගාර්ඩියන්" පුවත්පතේ ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ පළ වූ විස්‌තරයකින් මේ ලිපිය අවසන් කිරීමට අදහස්‌ කරමි.

එම අතිරේකයේ පළ වූ විස්‌තර සැකවින් මෙසේය.

1977 දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වූයේ වෙනම දෙමළ රාජ්‍යයක අවශ්‍යතාවය සඳහා ප්‍රකාශනය නිකුත් කරමිනි.

අනාදිමත් කාලයක සිට පේදුරුතුඩුවෙන් ඇරඹි නැගෙනහිර කුඹුක්‌කන් ඔය දක්‌වා දෙමළ නිජබිමේ රාජ්‍යයක්‌ වූ බව එහිදී පැහැදිලි විය. උතුරු පළාතේ ජනතාව ඒකමතික වෙමින් මන්ත්‍රී කොට්‌ඨාස 14 ම දෙමළ එක්‌සත් විමුකති පෙරමුණේ අපේක්‍ෂකයන්ට ජය ලබා දුන්හ.

එහෙත් නැගෙනහිර පළාතේ පදිංචිකර සිටි සිංහල පිරිස්‌වල හා නොමග ගිය දෙමළ කතා කරන මුස්‌ලිම් පිරිස්‌ ද නිසා බලාපොරොත්තු වූ තරම් ආසන දිනා ගැනීමට නොහැකි විය.

තවදුරටත් ඔහු මෙසේ කියයි. "එසේ වූවද මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව පැවැති රජය සිදු කළ යුද අපරාධවලට ප්‍රතික්‍රියා දැක්‌වීමට 1977 ටත් වඩා උනන්දුවකින් පෙළ ගැසුනි.

යාපනය දිස්‌ත්‍රික්‌කයේ ප්‍රතිවාදී අපේක්‍ෂකයාට ඡන්ද 250,000 කට වඩා ලබා දුන් අතර ඒ ප්‍රතිශතය 74% ඉක්‌ම විය. වන්නි දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද 14,000 ක්‌ ලැබුණේ 78% ක ප්‍රතිශතයකින් ය. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ 210,000 ක්‌ ලැබුණේ 81% ක ප්‍රතිශතයකිනි. දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයේ 25,000 ක්‌ ලැබුණේ 68% ප්‍රතිශතයකිනි. මේ දිස්‌ත්‍රික්‌කයේ අම්පාර කොට්‌ඨාසයේ අලුතින් පදිංචි කරන ලද සිංහල ජනතාව බහුලය.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ 140,000 ක්‌ ලැබුණේ 71% ප්‍රතිශතයකින් ය. මේ දිස්‌ත්‍රික්‌කයේ ද පදිංචි කරන ලද සිංහල පිරිස්‌ බොහෝ වෙති. ඔවුන් ඡන්දය දුන් අපේක්‍ෂකයාට මේ ඡන්ද ප්‍රතිශතය කොතරම් ප්‍රයෝජනවත් වීද?

මේ අතරම ටැමිල් ගාර්ඩියන් තම අපේක්‍ෂාවන්ද පැහැදිලි කරයි. ඒ මෙසේය.

දෙමළ ජනතාවගේ අපේක්‍ෂාව ශක්‌තිමත් ෆෙඩරල් පාලනයකි. උතුරු නැගෙනහිර පළාත් දෙමළ නිජබිම වශයෙන් පිළිගත යුතුය.

එය එකම ප්‍රාන්තයක්‌ විය යුතුය. ඉන්දියාවේ ෆෙඩරල් ක්‍රමය ලංකාවේ දෙමළ ජනතාවට පිළිගත නොහැක්‌කේ ඉන්දියාවේ මධ්‍යම රජයට ප්‍රාන්ත රජයක්‌ තාවකාලිකව විසුරුවා හැරීමේ බලය තිබෙන නිසාය.

ඊළඟට ඔවුන් සුදුසුම ක්‍රමය යෝජනා කරයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ඔස්‌ටේ්‍රලියාව වැනි ෙµඩරල් රාජ්‍ය ක්‍රමයකි. නියම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු වන බහු සංස්‌කෘතික ඔස්‌ටේ්‍රලියාව ප්‍රාන්ත රාජ්‍යවලට දී ඇති බලතල ශ්‍රී ලංකාවේ ජනතාවට හොඳටම ප්‍රයෝජනවත් ය. දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ඒ සීමිත ස්‌වෛරී පාලනය පමණි.

ඇස්‌. පියසේන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.