ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 25, 2016

‘ගොළු හදවතේ’ දම්මි සුගත් ගැන කියයි...!!!

වික්‍රම බෝගොඩ කියන්නේ මට කවදාවත් අමතක නොවන කෙනෙක්. ඒකට හේතු කිහිපයක්ම තිබුණත් ප්‍රධානම හේතුව තමයි, ඔහු මගේ ප්‍රථම ආදරවන්තයා වීම.
1962 අපි එහෙම මුණගැහුණෙ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙ රූගත කිරීම් වෙනුවෙන්.
වික්‍රම, තිස්ස වුණා. මං කතිරිනාගේ දූ ලැයිසා වුණා. බලදාස (ටෝනි), තිස්සත් අරන් කතිරිනා ගේ ගෙදර ආවම මං තිස්සට, හොරෙන් උකුළු මුකුළු කළ හැටි තවම මතකයි. තිස්සගෙ අතේ පේර ගෙඩියක් තිබුණා. ඒත් සෙල්ලක්කාර ලැයිසට කොයින්ද ලැජ්ජාවක වගක්. මං පැනපු ගමන් තිස්සගෙ අතේ තිබුණු පේර ගෙඩිය උදුර ගත්තා.

’තිස්ස මහත්තයට පිස්සුද...’ මං එහෙම අහන දර්ශනයකුත් තිබුණා මතකයි. ගම්පෙරළිය ෂූටින් දවසට කලින් දවසෙ තමයි මං බලපිටියට ගියේ. එදා රෑ මං නැවතුණේ ට්‍රිලිෂියා ගේ (අනුලගේ) කාමරේ.
ඒ රාත්‍රියේ ටෝනි, තිස්ස අබේසේකර, වික්‍රම සහ එතැන හිටි හැමෝම ‘ශාන්ත මේ රෑ යාමේ’ වගේ පරණ සින්දු හුඟක් කිව්වා. අපි හැමෝම බොහොම සැහැල්ලුවෙන් සතුටින් ඒ ගීතවලට සහභාගි වුණා. මිස්ට පීරිස් මාව ළඟින් වාඩිකරවාගෙන ‘හෙට ඔයා රඟපාන්නේ මෙයා එක්ක...’ කියලා වික්‍රම ඇතුළු හැමෝම හඳුන්වලා දුන්නා.
ඇත්තටම වික්‍රම එතැන හිටි හැමෝටම වඩා වෙනස් කෙනෙක්. හරි නිහඬයි. ඒත් විහිළු කරන වෙලාවට මොනව හරි කියල හිනාවෙනවා. එයාලා හුඟක් එකතු කට්ටියක්.. සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටිය’ විදිහට තමයි ටෝනි, තිස්ස, වික්‍රම, ජී.ආර් පෙරේරා, ජී.ඩබ්.සුරේන්ද්‍ර කියන මේ කට්ටිය එකතු වෙලා හිටියෙ.
දවස් දෙකක ෂූටින් වලින් පස්සෙ මං ගෙදර ආවා. ඒ එන ගමනෙදි මේ අය ‘රන්තෝඩු’ නාට්‍යය ගැන කතාවුණා. ටෝනි මගෙන් ඇහුවා එනවද කියල ඒකෙ රඟපාන්න.
’මීට කලින් මං ඇක්ට් කරලා නැති නිසා බලන්නම්...’ කියලා මං කිව්වා.
මං ‘රන්තෝඩු’වල රඟපාන්න ගියා. අනේ! වික්‍රමයි එතැනත් මගේ පෙම්වතා. එයා බොහොම සහෝදර ගතිගුණ ඇති කෙනෙක්. ඒ කාලෙ එයා වැඩ කළේ මහජන බැංකුවේ. එයාට තිබුණා ‘ෆොක්ස් -වැගන්’ කාර් එකක්.
ගොළු හදවතේ දම්මි - සුගත් ලෙස
අපේ ගෙදර හිටියේ කෙල්ලොම හතර දෙනෙක්. අපිට සහෝදරයෙක් නැති බව දන්න නිසා රන්තෝඩු කරන කාලේ වික්‍රම කාර් එක අරන් ඇවිත් අක්කලවයි මාවයි නාට්‍යයට, උත්සවවලට අරන් යනවා. කරුණාසේන ජයලත් සහ ලෙස්ටර් මහත්මයගෙ ඉල්ලීමටයි මං ගොළු හදවතේ ‘දම්මි’ වුණේ. ප්‍රධාන චරිතයක් නිසා මං තරමක් චකිතයකින් හිටියේ. ඒත් ‘සුගත්’ විදියට මාත් එක්ක ප්‍රධාන චරිතෙ රඟපාන්නේ වික්‍රම කියලා දැනගත්තම මට හරි සතුටක් දැනුණා. දන්න කෙනෙක් ඉන්න නිසා බයත් නැතිවුණා.
මට තවම මතකයි, රඟපෑම වෙනුවෙන් චෙක් එකක් ලැබුණු දවස. මං ඉස්කෝලෙ යන ළමයෙක්. අනේ වික්‍රම මාව බැංකුවට එක්ක ගිහින් චෙක් එකත් මාරු කරවලා දුන්නා.
එයා බැංකුවෙ හිටි නිසා මං කිසි රස්තියාදුවක් නැතිව සල්ලි මාරු කරගත්තා.
ඊට පස්සෙ මට ආයේ වික්‍රම මුණගැහුණෙ මං විවාහ වෙලා හුඟ කාලෙකටත් පස්සෙ. ඒ, ජී.ඩබ්.සුරේන්ද්‍රගෙ මළ ගෙදර දවසෙ. එදා මගේ මහත්තයයි මායි එක්ක වික්‍රම හුඟ වෙලාවක් කතා කර කර හිටියා. ඊට පස්සෙත් විටින් විට බෙල්ලන්විල පන්සලේදී වික්‍රම මුණගැහුණා. මං විවාහ වුණාට පස්සෙ රඟපෑමෙන් අයින් වුණත් වික්‍රම නිර්මාණ කිහිපයකටම දායක වුණා. ගම්පෙරළිය හා බැඳුණු කලියුගය, යුගාන්තය චිත්‍රපටවල වික්‍රමගෙ චරිතය දිගට විකාශය වුණා.
ඒත් ඊට කලකට පස්සෙ වික්‍රමත් වැඩිය ක්‍ෂේත්‍රයට ආවෙ නැහැ. බොහොම නිහඬ ජීවිතයක් ගතකළේ.
ඒත් මං ඔහු පත්තරේකට දීපු ඉන්ටවීව් එකක දැක්කා. මං ගැන බොහොම ගෞරවයෙන් කතා කරල තිබුණා.
ඔහු දීපු සහයෝගය නිසා, මං ‘දම්මි’ රඟපෑවේ බොහොම සැහැල්ලුවෙන්. ඒ කාලේ තානාපති කාර්යාලවල අපිට හරියට පිළිගැනීම් උත්සව තිබුණා. ඒ බොහෝ ගමන්වලට වික්‍රමගෙ කාර් එකේ තමයි අපි ගියේ.
කවදාවත් ඇල්මකින් – බැල්මකින් වත් වැරැදි විදියට හැසිරුණේ නැති කෙනෙක් ඔහු. ඒ නිසා මට ඔහු ගැන තිබෙන්නෙ අමරණීය මතකයක් විතරක් නෙවෙයි, හදවතින්ම එන ගෞරවාදරයක්.
වික්‍රම මිය ගිය පුවත මට බොහොම කනගාටුවක් දැනුණු කාරණයක්. දැන් මං පොඩි පුතා එක්ක පදිංචිවෙලා ඉන්නෙ මාතර.
අපිත් එක්ක හිටි අපිව හොඳින් බලාගත් අපේම සහෝදරයෙක් මියගියා වැනි හැඟීමකුයි මට ඔහු ගැන තිබෙන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.