ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 3, 2016

පුස් කෑ විහිළු කළ සිරිසේන....!!!

මෛත්‍රීපාල සිරිසේන  අමුතු නැටුමකට සැරසෙනු පෙනේ. දැන් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ

විජාතික තුරුලේ සනීපයට නිදියගත් සිරිසේනට හිටි අඩියේ අපේකම - සදාචාරය - සම්ප්‍රදාය මතක් වී තිබේ. විජාතිකත්වය දෝතින් ගත්තවුන්ට මඩු වලිගෙන් තැලිය යුතු බවටත් තව දුරටත් කිසිවෙකුටත් "තනපට අහසට විසි කිරීමට" ඉඩ නොදෙන බවටත් සිරිසේන  මවාගත් ස්වරයෙන් පවසද්දී අපට නම් සිහියට ආවේ මීට වසකරකට පෙර 'බකිංහැම් මාලිගයෙන් අශ්වයන් , ලැම්බෝගිනි , 1000% කොමිස් ආදී පුස් කෑ විහිළු කළ සිරිසේනය.ඵහිදී සදාචාරය ගැන කථා කරන්නේ පට්ට පල් බේගලයකී. http://www.lankanews.org/2015/12/blog-post_91.html 
තම පුතා වන දහම් සහ බෑණා වන තිළිණද ඵකී සංගීත සංදර්ශණය නැරඹීමට ගොස් තිබුණේ හිතවත් බූරුවන්ද බුරුතු පිටින් රැගෙනය .
බැලූ බැල්මට මෛත්‍රීපාල සිරිසේන ඔහුට ජනාධිපතිවරණයේදී සහය පළකළ මතවාදී පෙරමුණ සමග ගැටුමකට ගොස් තිබේ. කතිකාචාර්‍ය මහින්ද පතිරණ ගේ 'තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි'  ලිපියේ මේ කාමවාදය ඔසවා තබන පෙරමුණ ගැන පැහැදිලි කිරීමක් අඩංගුය. සිරිසේන ට ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සහාය ලබාදුන්නේ මේ සමාජ කණ්ඩායම බව සිරිසේන  නොදැන සිටින්නට හේතුවක් නැත. සිරිසේනට යෂ්ඨිය  ලැබුනේම සිංහල ජාතිකත්වය තීරණාත්මකව පරාජය කිරීමේ මෙහෙයුමේ ඊලඟ රවුම දුවන්නටයි. (ඒ කෙසේද යන්න වැඩි විස්තර නිර්මාල් රංජිත් දේවසිරි ගෙන් අසා දැනගත හැක . සිංහල ජාතිකවාදය පැරදවීමේ මෙහෙයුමේ මුල් රවුම් සෝභිත හිමියන් සමග එක්ව අමාරුවෙන් දිව්වේ නිර්මාල් දේවසිරිලාය.  )  පසුගිය අවුරුද්ද පුරාවටම සිරිසේන මහත් උජාරුවෙන් දිව්වේ ඒ රවුමේ කොටසකි . එහිදී ඔහුට "අපේකමක්" නිකමටවත් මතක් වූ බවක් පෙනුනේ නැත. එසේ වූවේනම් මහරැජිණ මේස් ගලවා අතට අත දීම මහත් උජාරුවට හිරිකිතයක් නැතිව ප්‍රසිද්ධිය පම්පෝරි ගසන්නේ නැත.

අද සංස්කෘතිය - සදාචාරය - සභ්‍යත්වය ගැන ලොරි ගනනින් දේශන දෙන සිරිසේන  ඒ කිසිවක් විශේෂයෙන් පසුගිය වසර පුරා තම භාවිතයෙන් පෙන්වා ඇතිද? තමාගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ම යෝජනා කර සම්මත කළ අපේක්ෂකයාට එරෙහිව විරුද්ධ පිළ සමග එක්ව චන්ද කරන්නට හැක්කේ , තමන් දෝහී වූ පක්ෂයේ සභාපතිධූරය නැවත බලහත්කාරයෙන් ගත හැක්කේ , මහ මැතිවරණයේදූ තමන්ගේ සෘජු මැදිහත්වීමෙන් පරාජය කරවූ අගමැතිධූර අපේක්ෂකයා වෙනුවෙන් ලැබුණු ජාතික ලැයිස්තුව මහ දවල් මංකොල්ල කා ජනතාව විසින් පරාජය කර ගෙදර යැවූ ජනතා ද්‍රෝහීන් යළි පාර්ලිමේන්තුවටත් ඉන් නොනැවතී කැබින්නට්ටුවේ ලොකු පුටුවලටත් දක්කාගෙන යා හැක්කේ සදාචාරය - සම්ප්‍රදාය -ජනතා මතය බල්ලට දැමූ බල ලෝභි තක්කඩියෙකුට මිස වෙක කාටද....?
 

එපමණක් නොවේ
  • ජිනීවා පාවාදීම හරහා රටේ ස්වෛරීභාවයත් අභිමානයත් රණවිරුවන්ගේ සහ රටේ ආරක්ෂාවත් තුට්ටු දෙකකට මායිම් නොකර අනතුරේ හෙළද්දී.
  • රණ විරුවන් සහ බුද්ධි අංශ විරුවන් ත්‍රස්තවාදය පැරදවීමේ වරදට අභූත චෝදනා නගා සිර කඳවුරු වල ගාල් කරමින් දරුණු ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කොටි ත්‍රස්තවාදීන් රජයේ සෘජු මැදිහත්වීමෙන් නිදහස් කරද්දී.
  • ත්‍රස්ත මර්දන සටනේ ඉදිරිපෙළ සිටි හමුදා නාකකයින් දූෂණ චෝදනා නගා නීති විරෝධී පරීජ්ෂණ කොමිෂන් සභා ගානේ රස්තියාදු කර අවමන් කරද්දී.
  • විල්පත්තුව වැනි මුස්ලිම් ජාතිවාදයේ ඇහැට පෙනෙන බලහත්කාරී විනාශය නෑසූකන්ව එහි චූදිත බදියුදීන් ඇමතිවරයා ආදීන්ට පෙරටත් වඩා ඇමති වරදාන පිරිනමා විල්පත්තුව හිඟන්නාග තුවාලයක් කර ගනිද්දී. 
  • කැසිනෝ , රුජිනෝ ආදී සූදු බද්ද අඩු කරමින් සූදුවටත් විදේශීය මත්පැනට තිබූ බද්දත් අඩු කර මතටත් ඉඩ සැලසූ අයවැය තම පඹ ඇමතිවරුන් ලවා 2/3  කටත් වඩා වැඩි චන්දයෙන් සම්මත කරගනිද්දී සිරිසේන මහතා ඒවාට එරෙහිව හ්ම්ම් සද්දයක් නැගුවේ නැත. ඒ වෙනුවට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා ඒ ලැජ්ජාසහගත ක්‍රියාකාරකම්වලට අවශ්‍ය බලය ලබාදුන්නේස් ඔහුය.
මේ ලැයිස්තුව මීට වඩා දිගය. මේ සියලු සදාචාර විරෝධී - අපේකමට එරෙහි - සම්ප්‍රදාය විරෝධී ජඩකම් හමුවේ අඳ ගොලු බිහිරිව නිවට නියාලුව සිටි සිරිසේන  ( මේ සමහර සිදුවීම් එතුමා දැනගත්තේ පත්තරේ ගියාටත් පසුව බව ඔහුම මීට පෙර කිහිප වරක් පවසා තිබිණ ) මේ නොමේරූ තරුණියක විසි කළ තන පටයකට එරෙහිව මාරාන්තික සටනකට ආවේ ඇයි? පසුගීය වසර පුරාවටම යටකරගෙන සිටි පොලොන්නරුවේ ගැමි උරුමය යළි මතු වී ඇතැයි අප සැනසුම් සුසුම් හෙළන්නද? අපට එසේ සිතන්නට ඉඩක් සිරිසේන ඉතිරි කර නොමැත. එසේ වූයේ නම් රට රැකි රණවිරුවන් ත්‍රස්තවාදීන් පැරදවීමේ වරදට හිරේ විලංගුවේ දමද්දී , කොටි ත්‍රස්තයන්ට නීති සහන හිමිවෙද්දී ගොලුවකු බිහිරකු ලාදුරු රෝගියකු ලෙස හිඳින්න නැත. එසේ වූයේ නම් කැසිනෝ /රුජිනෝ බදු අඩු කර කැසිනෝ ප්‍රවර්ධනය කරද්දී , විදේශීය මත්පැනට ගැසූ බද්ද අඩු කර ගිනි වතුර ලාබ කරද්දී  කිසිවෙකු කිසිම හොඳක් නොදකින තරමේ ජනතා විරෝධී එහෙව් අයවැයකට ශ්‍රීලනිප චන්ද කුට්ටිය දොළපිදේනියක් ලෙස පූජ කරන්නේ නැත.

එසේ නම් මේ හදිසි වෙස් පෙරළියට හේතුව කුමක්ද?
විම්සිලිමත්ව බැලීමේදී සිරිසේන  වරින් වර මෙවැනි ජනතා අවධානය එකවර මුඛ්‍ය අර්බුදයෙන් වෙනතකට යොමු කරන උත්සාහයන් ගෙන ඇති බව පෙනේ.

ජනවාරි 9 සිහියට එන්නේ එවිටයි.
ජනාධිපතිධූරයේ අහෝසිය ඉදිරියට දමා ජිනීවා පාවාදීමට අදාළ බෙදුම්වාදය පිනවන ව්‍යවස්ථා සංශෝධනයට මුල පුරන්නේ එදාටය. සහජීවනයේ නාමයෙන් රටේ ඒකීයභාවයට බුද්ධාගමට ආදියට එහිදී හිමිවන තැන ගැන චන්ද්‍රිකා මහත්මිය වැන්නවුන්  දැනටමත් ඉඟි පළ කර තිබේ. මෙරට ඉතිහාසයේ දැවැන්තම දේශපාලන ජඩකම මෙය වනු ඇති. ඒ වස ගුලිය  ජනාධිපති බලතල අඩු කිරීම යන රසවත් දවටනයේ ඔතා ගිල්ලවන්නට සිරිසේනලා මග බලා සිටී.ඒ වෙද්දී සම්ප්‍රදාය විරෝධියෙකු ලෙස සදාචාර විරෝධියෙකු ලෙස අපේකමට එරෙහිවූවකු ලෙස හංවඩුවක් වැදී තිබීම ඒ ක්‍රියාමාර්ගයට බාධාවකි. සිරිසේන මහතාගේ හදිසි වෙස් පෙරළිය ඒ සඳහා අවශ්‍ය වේදිකාව සකසාගැනීමට වීමට වැඩි ඉඩකඩක් පවතී. සිංහල ගොනා මෙවැනි ප්‍රයෝගවලින් රැවටිය හැකි බව සිරිසේන මහතා පසුගිය ජනවාරි 8  සිට ප්‍රත්‍යක්ෂයෙන්ම තහවුරු කර ගෙන ඇතිවාට සැක නැත.
එන්රික් වෙත අර තරුණිය විසිකළ තනපට සිරිසේන  ඉමහත් උද්යෝගයෙන් අල්ලාගන්නේ ඒ වෙනුවෙනි .සිරිසේනලා ඒ තනපටය අස්සේ සඟවන්නට හදන්නේ ජනාධිපතිධුර අහෝසිය නැමති පැනි තැවරූ දෙමළ බෙදුම්වාදය එහි ජයග්‍රණයේ සීමාවට කැන්දන ව්‍යවස්ථා සංශෝධන  නැමති හලාහළ විෂ ගුලිය නොවේද?

-යටියන ප්‍රදීප් කුමාර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.