ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 28, 2016

තරු මල් අතරින් රිංගාලා අපෙන් සමුගත් රංජිත්...!!!

සැනසුම් සුසුමන් පාවීලා -
සඳකැන් වතුරින් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා -
කොහි යන්නෙද මා තනි කරලා...
ගායනය - ටී.එම්. ජයරත්න
සිංහල චිත්‍රපට ගීතාවලියේ ගී මුතු වැල් අතර තමා පද ඇමුණූ ප්‍රථම ගීතයෙන් ම ගීත ලෝලී සිත් වසඟ කරන්නට සමත් වූ ඔහු ශ්‍රී ලාංකේය සිනමාවට වසර 64 ක් සපිරුණු  දුරුත්තේ සදහටම අපෙන් සමුගෙන ගියේ ය.

තමා ලියූ ගීත ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබුණත් අප්‍රකටව ජීවත් වූ රංජිත් වීරසිංහ නම් වූ ඔහු පිළිබඳව ලියැවෙන සමරු සටහනකි මේ...!
1936 දෙසැම්බර් 08 වැනිදා මෙලොව එළිය දුටු රංජිත් අධ්‍යාපනය ලැබුවේ මාතර, රාහුල සහ ගාල්ල මහින්ද විදුහල්වලින් ය. පාසල් සිසුවෙකුව සිටිය දී සිය ගමේ ම වේදිකා ගත කළ ‘පුදුම ඉරණම’ නාට්‍යයෙන් ගීත පද රචනයට පිවිසි ඔහු එවකට ජනප්‍රියව පැවති ගීතවල තනු අනුව එම ගී පද රචනය කළේ ය.
පාසල් අධ්‍යාපනයෙන් පසු නාවික හමුදාවේ තූර්ය වාදන කණ්ඩායමට බැදුණු ඔහුගේ දිවියේ සුවිශේෂ මංසලක් වූවේ ප්‍රේමලාල් දන්වත්ත සමඟ ‘රට වටේ’ නමින් සංගීත විචිත්‍රාංගයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබීමයි. 1967 වසරේ දී නාවික හමුදාවෙන් ඉවත් වී ‘දවස’ පුවත්පතට එක් වී රංජිත් 1969 දී ‘මහත්මා ගාන්ධි ගීත සංවත්සරය’ වෙනුවෙන් පැවති තරගයේදී තමා ලියූ ‘අවිහිංසාව අවිය දරන්’ (සංගීතය හා ගායනය - ඩබ්ලිව්.ඩී. අමරදේව) ගීත පද රචනයට ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය. තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘Water For Drinking’ නැමති වාර්තා චිත්‍රපටය සඳහා ගීතයක් රචනා කිරීමට රංජිත්ට අවස්ථාව ලැබුණේ ඒ අතරේ ය.
වෘත්තාන්ත සිංහල චිත්‍රපටයක් සඳහා ඔහුට ප්‍රථම ගීතය (සැනසුම් සුසුමන් පාවීලා) පද රචනය කිරීමට අවස්ථාව ලැබුණේ 1976 දී තිරගත වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘නෑදෑයෝ’ චිත්‍රපටයෙන් ය. එහි සංගීතය පේ‍්‍රමසිරි කේමදාස ශූරීන්ගෙන් වූ අතර රංජිත්ට ගීයේ පද රචනය කිරීමට සිදු වූවේ කේමදාස ශූරීන්ගේ තනුව අනුව ඔහු ඉදිරියේදී ම ය. ගීත නිබන්ධකයින්ගේ සංසදය පැවති සමයේ එක්තරා දිනක හමුවීමකදී ඔහු මා හා කියා සිටියේ තමා සමඟ නාවික හමුදා වාදක මණ්ඩලයේ සිටි සගයෙකුගේ ප්‍රේමය සම්බන්ධ අත්දැකීමක් සිහිපත් වීමෙන් ‘සැනසුම් සුසුමන් පාවීලා’ ගීතයේ පද රචනය ‘මාස්ටර්’ ඉදිරියේදීම ලියා දීමට හැකි වීම තමාට අපූර්ව අත්දැකීමක් වූ බවත් ය.
එය සත්‍යයකි. 1978 දී තිරගත වූ ‘ජනක සහ මංජු’ චිත්‍රපටයේ ටී.එම්. ජයරත්න ගායනා කළ ‘කෝ මා පැතූ ඔබෙ ආදරේ’ (සංගීතය ප්‍රේමසිරි කේමදාස) ගීත සංකල්පනාවට දායක වී ඇති පෙම්වතා ද රංජිත් සමඟ නාවික හමුදාවේ සේවය කළ ‘අම්බලංගොඩ’ සගයෙකි. දෙදෙනා ම දියතලාවේ පුහුණු කඳවුරේ සිටියදී අම්බලංගොඩ මිතුරා පෙම් බැඳි බණ්ඩාරවෙල සිටි යුවතියක් හා සම්බන්ධ වූ ආදර අන්දරය “කෝ මා පැතූ ඔබෙ ආදරේ’ ගීතය පද රචනය කරද්දී රංජිත් ගේ සිතුවිලි අවදි කර ඇත. එම ගීත දෙක මෙන් ම 1978 දී තිරගත වූ ‘සසර’ චිත්‍රපටයේ තම ගී පද රචනා සංගීතවත් කළේ ද ප්‍රේමසිරි කේමදාස ශූරීන් වීමත්, සිංහල චිත්‍රපට ගීත ක්ෂේත්‍රයේ ගී පද රචකයකු ලෙස සිය නම් සඳහන් කිරීමට හැකියාව කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සිනමාවේදියාණන්ගේ චිත්‍රපටවලින් ම ලැබීමත් විශේෂ කොට රංජිත් සැලකුවේ ය. 1994 තිරගත වූ ‘ධවල පුෂ්පය’ චිත්‍රපටයේ ලියූ ගී සංගීතවත් කර ඇත්තේ පසුගියදා අප අතරින් වියෝ වූ ග්‍රේෂන් ආනන්දයන් ය.
වාදන ශිල්පියෙකු හා ගීත පද රචකයෙකු පමණක් නොවී ලේඛකයෙකු, ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු හා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින් ද කටයුතු කළ රංජිත් ‘අමිල සෙනෙහස’ රූපවාහිනි නාට්‍යය සහ ‘යකාගේ කම්මල’ වේදිකා නාට්‍යය සංගීතවත් කළ අතර නිෂ්පාදන කටයුතු අතරමඟ නැවතුණ ‘ආ ගිය තැන’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ද වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.