ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 28, 2016

.ඩී.එල්. පෙරේරා

.ඩී.එල්. පෙරේරා වූ කලී අද අපට සිටින ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන්, නාට්‍යවේදීන් අතළොස්ස අතුරින් ප්‍රමුඛයෙකි. බ්‍රිතාන්‍යයේ නාට්‍ය සංසදයෙන් නාට්‍ය රංගනය හා නිෂ්පාදනය ද ඉන්දියාවේ පූනා සිනමා විශ්වවිද්‍යාලයෙන් B.B.C ආයතනයෙන් ගුවන් විදුලි හා රූපවාහිනි වාර්තාකරණය ද හදාළ ඔහු බ්‍රිතාන්‍යයේ හැරෝ මහා විද්‍යාලයෙන් වෘත්තීය කළමනාකරණ උපාධිය ලැබුවේය.

සිනමා රසවින්දනයද ලන්ඩන් සිනමා පාසලෙන් සිනමාකරණය හා රූපවාහිනි නිෂ්පාදනය ද ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිනමා ඉතිහාසය හා විචාර කලාවද එංගලන්තයේ
කඳුළු, මනමාලකම, තම්මැන්නා, සාමා, සක්කරවට්ටං, රතු රෝස, මෙහෙව් ලෝකෙක, මඟුල් මතේ, තොටුපළ වැනි වේදිකා නළු ද සාමා, දහසක් සිතුවිලි, රෝමියෝ ජුලියට් කතාවත්, චක්‍රායුධ වැනි සිනමා කෘති ද ‘රට ගිය ඇත්තෝ’ වැනි ටෙලි නළුද බිහි කළ හේ එක ම ලාංකේය ඉංගිරිසි ළමා චිත්‍රපටය වූ ’peter of the elephants’ හි නිර්මාතෘවරයා ද වේ. ජී.ඩී.එල්. මෙලෙස නිර්මාණ බිහි කිරීමෙන් මතු නොව තම ‘කලා පෙළ’ සංවිධානය ඔස්සේ වැඩමුළු, පාඨමාලා පැවැත්වීමෙන් වත්මනෙහි ප්‍රවීණයන් බවට පත්ව සිටින නව පරපුරක් බිහි කිරීමට ද එදා පුරෝගාමී වූයේ ය. එතුමෝ අද 77 වියෙහි පසු වෙත්.

මීට වසර 55 කට ඉහත ඔබගේ ‘කලා පෙළ’ සංවිධානයෙන් මෙරට පුරෝගාමී සිනමා, වේදිකා පාඨමාලාව ආරම්භ කළා. වසර ගණනාවක් විදෙස්ගතව සිටි පැමිණ මෑතකදී එය යළිත් පණ ගැන්වීමට ක්‍රියා කිරීමේදී ඔබ මුහුණ පෑ අභියෝග මොනවාද?
”1955 වසරේදීයි මා ‘කලා පෙළ’ ආරම්භ කළේ. 1969 දී මා එංගලන්තයට ගියා. 30 වසරකට පසුව නැවත මා ලංකාවට පැමිණියේ 1999 දීයි. එංගලන්තයේ සිටියදී මට වැටහුණු දෙයක් තමයි ලංකාවේ ක්‍රමානුකූල සිනමා පාසලක් එදත් අදත් තවමත් ස්ථාපිත වී නොමැති බව.
මේ නිසා එංගලන්තයේදී මා ඉපැයූ මුදල් එක්රැස් කරලා මහනුවර ඉතා දර්ශනීය ස්ථානයක පිහිටි අක්කර 3 ක භූමි භාගයක සියලු ගොඩනැගිලි මා ඉදිකළා. ඉන්පසු ළමයි විසිදෙනෙක් තෝරා ගෙන දෑ අවුරුදු පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම් කළා. නමුත් එය පවත්වාගෙන යෑමේ පිරිවැය හැටියට වසරකට රු. ලක්ෂ දෙකක පමණ වියදමක් දැරීමට සිදුවෙනවා.
එංගලන්තයේ සිටින මගේ මිත්‍රයෝ මේ සඳහා රු. ලක්ෂයක පමණ මුදලක් පරිත්‍යාග කිරීමටත් සූදානම් වුණා. සංස්කෘතික අමාත්‍යාංශයටත්, ජාතික චිත්‍රපට සංස්ථාවටත්, ජාතික රූපවාහිනියටත් ගිහින් මා ඉල්ලීමක් කළා. එනම් මට වසරකට රු. 50,000 ක ආධාරයක් මේ සඳහා ලබා දෙන්න. වසරකට පැය භාගයේ කෙටි චිත්‍රපට යුගලක් මේ නවක ළමයි ලවා නිර්මාණය කොට ඒ වෙනුවට ඔවුන්ට ලබා දෙන බව මා කීවා. ඔවුන්ගෙන් මට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.
කථිකාචාර්යවරුන් පස් හය දෙනකු යොදා ගෙන තනි මිනිසකු ලෙස සිනමා පාසලක් පවත්වා ගෙන යෑමට බැරි නිසා මා ඒ අදහස අතහැර දැම්මා. මේ සඳහා මා පැවැත්වූ සමහර සාකච්ඡා අවසන් වුණේ් දේශපාලන අරමුණුවලින්. කලාවට දේශපාලනය හවුල් වෙනවා දකින්න මා කැමැති වුණේ නැහැ. කිසිදු දේශපාලන පක්ෂයක අතකොළුවක් වෙලා මෙබඳු ආයතනයක් පටන් ගැනීමට මා අකැමැති වුණා.
මෙසේ කිසිවක් නොකොට කාලය ගතවෙද්දී මා ඒ වෙනුවෙන් සැදූ ගොඩනැගිලි නාස්තිවී ගියා. මේ අතර මටත් නිර්මාණ කිරීමට අවශ්‍ය වුණා. ඉතිං ඒ සඳහා නවක පිරිසක් අවශ්‍යයි. මා පදිංචි වී සිටින කරල්ලියැද්ද අවට වෙසෙන කුසලතා සපිරි නමුත් අඩු ආදායම් ලාභී, වරප්‍රසාද අඩු දරු දැරියෝ ඒකරාශි කර ගෙන මා නොමිලයේ කලායතනයක් ආරම්භ කළා. ඒ පිරිස රංගනය හරහා නාට්‍ය කලාවටත් එතැනින් ටෙලි නාට්‍ය මාධ්‍යයටත් එමඟින් සිනමාවටත් රැගෙන යෑමට මා උත්සාහ කළා. මෑතකදි බිහිවූ ‘ලක්ෂ්මී මායා සුගත්’ එහි ප්‍රතිඵලයක්.
නොබෝදා මෙහි පිටපතක් නැරඹූ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගමයන් පැවසුවේ ‘මේ නිර්මාණයට දායක වූ තරුණ පිරිස සිනමා මාධ්‍යය හොඳින් හදාරා ඇති බව මෙයින් පෙනෙන බවයි.’ එය මට විශාල ගෞරවයක්. අඩුපාඩු පෙන්වා දීලා මේ තරුණ පිරිස අපි හදා ගත්තොත් ඔවුන්ගෙන් මහා සිනමාකරුවන් මේ රටට දායාද කරන්න අපට පුළුවන් වේවි. 2002 අපි මේ කාර්යය පටන් ගත්තේ. වසර 10 කට ආසන්න කාලයක් පුරා මේ තරුණ පිරිස ඉතාම කැපවීමෙන් සිනමාව, වේදිකා නාට්‍ය කලාව හදාරනවා.”

කලා පෙළ පාඨමාලාව අලුතෙන් පටන් ගන්නා බවට ප්‍රචාරය ලබාදෙමින් ඉල්ලුම් පත් කැඳවූ අවස්ථාවේ ඊට ලැබුණු ප්‍රතිචාර සතුටුදායක වූයේ නැහැ නේද?
”මට සරසවිය සම්මාන උළෙලකදී කලාකරුවකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමි වන රණතිසර සම්මානය රුපියල් ලක්ෂයක මුදලක් සමඟ ලැබුණා. එම මුදල මා පදනමක් ලෙස තැන්පත් කරලා එවකට ජීවතුන් අතර සිටි තිස්ස අබේසේකර, ඩී.බී. නිහාල්සිංහ සහ මම පෙර පරපුරෙනුත් ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, බූඩි කීර්තිසේන හා විමුක්ති ජයසුන්දර නව පරපුරෙනුත් බොරැල්ලේ නාමෙල් - මාලිනි පුංචි රඟහලට රැස්වෙලා අපි සාකච්ඡා කළා, කලා පෙළ පාඨමාලාව යළිත් මහනුවර ආරම්භ කිරීමට. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරගෙන පුවත්පත්වලින් ප්‍රචාරය ලබා දීලා ඉල්ලුම්පත් කැඳවූවා. විශ්වාස කරන්න 11 යි ඉල්ලුම් පත් ඉල්ලා තිබුණේ. එයිනුත් 2 යි ඉල්ලුම් පත් පුරවලා එව්වේ. පළමුවැනි දහ දවසෙ නේවාසික වැඩමුළුවට රු. 2000 ක් වැනි සුළු මුදලක් අපි අය කළේ. සිනමාව ගැඹුරින් හදාරන්න අපේ තරුණ පරම්පරාවේ තිබූ උනන්දුවේ තරම තමයි මෙයින් පෙනෙන්නේ. ඉතින් අපි වැඩේ අත්හැරලා දැම්මා.”

ළඟදී ම ඔබේ සාමා, දහසක් සිතුවිලි, නඥබඥප ධට බඩඥ ඥතඥනඩචදබඵ ඵවැනි චිත්‍රපටත් ‘තොටුපළ’ වේදිකා නාට්‍යයත්, ‘රටගිය ඇත්තෝ’ ටෙලි නාට්‍යයත් ච්.ඍ. ච් මාධ්‍යයෙන් එළි දකිනවා. සිනමා සංරක්ෂණාගාරයක් නොමැති රටේ ච්.ඍ. ච් මාධ්‍යයෙන් කලාත්මක නිර්මාණ ඉදිරිපත් කරන ටොරානා වීඩියෝ මූවිස් අධිපති කුමාර කොතලාවලයන්ගෙන් ඉටු වන්නේ මිල කළ නොහැකි ජාතික මෙහෙවරක්.
”පැහැදිලිවම. කුමාර කොතලාවලයන් මේ ඉටු කරන සේවය ඉතාමත් වටිනවා. මගේ ‘සාමා’ (1965), ‘දහසක් සිතුවිලි’ (1968) යන චිත්‍රපට මෙරට සිනමා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන ලෙස විචාරකයන් පිළිගන්නවා. සිනමාව හදාරන විද්‍යාර්ථින්ට පරිශීලනය කිරීමට, සංවාද පැවැත්වීමට මේවා නැරඹිය යුතුයි. එසේම මේවා මතු පරම්පරාව සඳහා සංරක්ෂණය විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේවා රූපවාහිනි නාළිකාවල විකාශය වුණත් ඒ එක දවසකවත් මගේ නිර්මාණ මා දුටුවේ නැහැ. හෙන්රි ජයසේන දුම්පානය කරන දර්ශන නිසා ‘දහසක් සිතුවිලි’ මුළු චිත්‍රපටයම කපලා. රූපවාහිනියට අයිතියක් තිබෙනවා පවතින රජයේ නීති රීති අනුව එසේ ක්‍රියා කිරීමට. එහි කිසිම වරදක් නැහැ.
ඒ වගේම චිත්‍රපටයේ නිර්මාණකරුවා ලෙස මටත් අයිතියක් තිබෙනවා, මගේ නිර්මාණ රූපවාහිනි තිරයේ පෙන්වනවා නම් එය විකෘති නොකොට පෙන්වන ලෙස ඉල්ලා සිටින්න. එසේ කළ නොහැකි නම් මට කරන ලොකුම උපහාරය තමයි මගේ නිර්මාණ නොපෙන්වීම. ච්.ඍ. ච් මාධ්‍යයෙන් එළිදැක්වූ විට මේ විකෘතිය සිදු වන්නේ නැහැ.
දැන් අපට යුරෝපයේ හෝ ඉන්දියාවේ ඕනෑම චිත්‍රපටයක් හැදෑරීමට අවශ්‍ය වුවහොත් ඉතා සුළු මිලකට ඒවා ච්.ඍ. ච් මාධ්‍යයෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මා එබඳු ච්.ඍ. ච් මිලට ගෙන කිහිප වරක් නරඹා විශාල ආස්වාදයක් ලබනවා, සිනමාව ඉගෙන ගන්නවා. නමුත් අපේ උසස් චිත්‍රපටයක් එලෙස නැරඹීමේ අවකාශය තිබෙනවද? චිත්‍රපට සංරක්ෂණාගාරයක් තවමත් ස්ථාපිත වී නැති පසුබිමක අලුත් පරම්පරාවට සිනමාව ඉගෙනීමට පැරැණි සිංහල චිත්‍රපට නැරඹීමට මඟක් නැහැ. ඒ නිසා කුමාර කොතලාවල මහතා ඉටු කරන්නේ ජාතික මෙහෙවරක්, සංරක්ෂණ කාර්යයක්. ඔහු ලාභ ඉපැයීම සඳහා අවර ගණයේ චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය ච්.ඍ. ච් බවට පත් කළේ නැහැ. කුමාරගේ මේ අගනා වෑයම නිසා ගම්පෙරළිය, පරසතුමල්, රේඛාව, දෙලොවක් අතර ප්‍රමුඛ කලාත්මක චිත්‍රපටත් හුණුවටයේ කතාව, කැලණි පාලම බඳු වේදිකා නාට්‍යයත් දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, සුදු සහ කළු වැනි ටෙලි නාට්‍යයත් නව පරපුරට සංරක්ෂණය වී තිබෙනවා.”

අඩසියවසක කාලයක් සිනමාවෙහි නියැළුණු ප්‍රවීණයකු ලෙස මේ කලා මාධ්‍යයේ ස්වරූපය පිළිබඳ ඔබේ විග්‍රහය කුමක්ද?
”සිනමාව ලෝක භාෂාවක්. මේ කලාව ඇතුළත අපගේ අනන්‍යතාව රැක ගත යුතුයි. දැන් මට සත්‍යජිත් රේගේ චිත්‍රපටයක් රසවිඳින පරිද්දෙන් ස්ටීවන් ස්පීල්බර්ග්ගේ චිත්‍රපටයක් රසවිඳින්න බැහැ. නමුත් ස්පීල්බර්ග්ගේ චිත්‍රපටයක දක්නට ලැබෙන සිනමා භාෂාව, ශෛලිය, තාක්ෂණය හැදෑරීම සිනමාකරුවකු ලෙස මට ඉතා වැදගත්.
සිනමාව ආරම්භ වෙන්නේ යුරෝපයෙන්. ප්‍රංශයෙන් ඉතාලියෙන් කලාව ඇරැඹුණා. ඇමෙරිකාවෙන් තාක්ෂණය පටන් ගත්තා. තවමත් අපේ රටේ කාටවත් කැමරාවක් නිපදවා ගන්න පුළුවන් වුණාද? අඩු තරමේ දළ මුද්‍රණ සේයා පටලයක් නොඑසේ නම් පිටපත් මුද්‍රණ යන්ත්‍රයක් නිපදවා ගන්න හැකි වුණාද? සිනමාවට අපි ආදරේ නම් එය රස විඳින්න පුළුවන් අලුත් පරපුරක් බිහි කරන්න ඕනෑ.
ඔවුන්ට අපි අවස්ථා ලබා දීම අත්‍යවශ්‍යයි. 60 දශකයේ විමලසිරි පෙරේරා, ජයවිලාල් විලේගොඩ, ඩී.සී. රණතුංග, සුමනා සපරමාදු වැනි පත්‍ර කලාවේදින් එදා තරුණයන් ලෙස අපේ දක්ෂතා අගය කළා. මේ ඇගැයීම් නිසා අපි අවර ගණයේ චිත්‍රපට, නාට්‍ය හදන්න බය වුණා. අද හොඳ චිත්‍රපටයක් බිහි කරලා කන්න බොන්න දීලා එය නරඹන්න ඇරැයුම් කළත් පත්‍රකලාවේදීන් එන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. එදා චිත්‍රපට සංස්ථාව බිහි කිරීමට අප්‍රමාණව වෙහෙස වූ කලාකරුවන් අතළොස්සෙන් එක් අයෙක් මම. නමුත් එය පිහිටුවීමෙන් අපි බලාපොරොත්තු වූ සේවාව සිදු වූයේ නැහැ. අපේ චිත්‍රපට සංරක්ෂණය කිරීමට, කලාව හා කර්මාන්තය වර්ධනය කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් එහි දකින්න ලැබෙන්නේ නැහැ.”

මෙරට ප්‍රථම සිනමා පාඨමාලාවේ ආරම්භකයා ලෙස වත්මනෙහි චිත්‍රපට සංස්ථාව මෙහෙයවන සිනමා පාඨමාලාව පිළිබඳ ඔබේ අදහස් කෙබඳුද?
”චිත්‍රපටයක් කිරීමට කවරකු ඉදිරිපත් වුවත් චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි විය යුතුයි. දැන් එංගලන්තයේ ලියාපදිංචි කරන චිත්‍රපටයකට එරට කාර්මික ශිල්පීන් 40% ක් ඇතුළත් විය යුතු වීම නීතියක්. චිත්‍රපට සංස්ථාවේ පාඨමාලාවෙන් බිහිවන විවිධ අංශවලට දක්ෂතා දක්වන ශිෂ්‍යයන් පස් දෙනෙකුටවත් අර ලියාපදිංචි වන චිත්‍රපටවල අවස්ථා ලබා දිය යුතු බවට නීතියක් ස්ථාපිත කරන්න චිත්‍රපට සංස්ථාවට බැරි ඇයි? අනෙක මේ පාඨමාලාවේ උගන්වන බහුතරය සිනමාව පිළිබඳ විශේෂඥ ඥානයෙන් හෙබි අයද යන්නත් සැක සහිතයි.
මේ පාඨමාලාවේ දේශනයක් සඳහා කවදාවත් මට ඇරැයුමක් ලැබී නැහැ. මට දැන් වයස අවුරුදු 75 යි. තව කී දවසක් මා ජීවත්වෙයිද කියා දන්නේ නැහැ. අපි අවුරුදු 55 ක් සිනමාවට ඇති දැඩි ඇල්මෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මේ ඥානය අපි ඊළඟ පරපුරට ලබා නොදුන්නොත් කොහොමද අපි අනාගතයක් ගැන බලාපොරොත්තු තියා ගන්නේ. මට හැකි පමණ සීමිත පිරිසකට මේ දැනුම ලබා දෙනවා.
ළමයින්ගෙන් මුදල් අය කර ගැනීම වෙනුවට ඔවුන්ට මුදල් දීලයි මා ඒ වැඩේ කරන්නේ. මා මේ රටේ මාධ්‍යවේදීන්ගෙන්, විචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මගේ මේ තරුණ පිරිස කරන නිර්මාණ නරඹලා ඔවුන්ගේ ගුණ දොස් විචාරයට ලක් කරලා ඉදිරියේ වඩාත් උසස් නිර්මාණ බිහි කිරීමට ඔවුන් දිරිගන්වන ලෙසයි. චිත්‍රපටය මි.මී. 35 ද, 16 ද, ගෘහස්ථ සිනමාව ද යන්න නොවෙයි වැදගත්. නිර්මාණයේ අන්තර්ගතය සිනමානුරූපී නම් එහි සිනමාව තිබෙනවා.
එදා මගේ කලා පෙළ හරහා විවිධ අංශවලින් බිහි වූ නවකයන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කළොත් ඔබට පත්‍රයේ පිටුව පුරාම එය පළ කරන්න වේවි. කලා පෙළ ප්‍රථම පන්තියට සහභාගි වූ විසි දෙනාම පසුව සිනමාවට සම්බන්ධ වී එහි ප්‍රවීණයන් බවට පත් වුණා. පී. යූ. ඩී. පෙරේරා, අයි. එන්. හේවාවසම්, ස්ටැන්ලි ද අල්විස්, බර්මින් ලයිලි ප්‍රනාන්දු, සුසීමා දමයන්ති, චන්දන සිල්වා, ලාල් පියසේන ආදීන් මුල් කණ්ඩායමේ සිටියා. දෙවැනි කණ්ඩායමේ සිටි අය අතර හරිස්චන්ද්‍ර වීරසිංහ, රෝලන්ඩ් අබේපාල, එම්.ඒ. සංඝදාස, බුද්ධදාස ගලප්පත්ති, බන්දුල පද්ම කුමාර, සුන්දර නිහතමානී ද මැල්, ප්‍රභාත් කුමාර, කුමුදු කුසුම් කුමාර මා මතකයට නැඟෙනවා.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.