ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 26, 2016

පාකිස්තානයේ ගන්ධාර මූර්ති කලාවේ විශිෂ්ට නිර්මාණය...!!!

මෙහි දැක්වෙන ප්‍රතිමාව ගන්ධාර බුදු පිළිම කලාවට අයත් ය. මේ පිළිමය පාකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. ගන්ධාර බෞද්ධ කලාවේ පසුබිම ගැන ඉතා කෙටියෙන් පළමුව විමසා

බලමු.
ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට අයත් සෙල්ලිපිවල සඳහන් වන ගන්ධාර දේශය වූකලී ඉන්දියාවේ වයඹ දිග පළාත්වල සිට ඇෆ්ගනිස්ථානය තෙක් පැවැති ප්‍රදේශයකට නමකි. මේ ප්‍රදේශයෙහි දියුණු වූ බෞද්ධ කලාව 'ගන්ධාර කලාව' යන නමින් හඳුන්වනු ලැබේ. ගන්ධාර දේශය තුළ බුද්ධ ධර්ම ප්‍රචාරය කිරීම අසෝක අධිරාජයාගේ (ක්‍රි. පූ. 273 - 232) කාලයේ සිට ම සිදු විය. මේ ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ නොවූවද බෞද්ධ ජාතක කතා රැසකින් බෝධිසත්වයන් මෙහි විසූ බව දැක්වෙන හෙයින් බුද්ධාගමෙහි සහ බෞද්ධ කලාවෙහි වර්ධනයට එය උපකාරී විය. ගන්ධාර කලාව වූකලී කුෂාණ රාජ වංශික රජවරුන්ගේ දැඩි උත්සාහය නිසා හැඩ ගැසුණු බෞද්ධ කලාවයි.

මෙය ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසේ සිට පස්වැනි සියවස තෙක් කෙමෙන් වර්ධනය වූ බෞද්ධ කලා සම්ප්‍රදායකි. මධ්‍ය ආසියාවේ සිට පැමිණ, එකල ගන්ධාර ප්‍රදේශයට අධිපතිව සිටි ග්‍රීක් පාලකයන් හා ශක ජාතිකයන් යටත් කොට ගෙන සිය බලය තහවුරු කරගත් කුෂාණ වංශික රජවරු අලුත් ශිෂ්ටාචාරයකට පදනම ලූහ.
විදේශිකයන් වශයෙන් ඉන්දියාවට පැමිණි ඔවුහු ඉන්දියා සභ්‍යත්වයට අනුගත වීම පිණිස බුදුසමය වැලඳ ගත්හ. එසේම ඔවුහු ග්‍රීක හා රෝම සභ්‍යත්වවලින් ගන්ධාර බෞද්ධ කලාවට ආභාසය ලබා ගත්හ.
කුෂාණ සහ ග්‍රීක - රෝම කලාව සම්බන්ධ වී ද යත් පුරාණ භාරතයේ ග්‍රීසියේ හෝ රෝමයේ හෝ දක්නට නොලැබෙන අගනා බෞද්ධ කලා සම්ප්‍රදායක් ගන්ධාරයේ බිහි විය. නැ‍ඟෙනහිර හා බටහිර සංස්කෘතියක් ගොඩ නැංවීමට කුෂාණ රජවරුන් ලබාදුන් සහාය භාරතීය බෞද්ධ කලා ඉතිහාසයේ ලා අතිශයින්ම වැදගත් සිද්ධියක් වෙයි.
(දඹදිව බෞද්ධ කලාව - ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ පි. 14 (1962)
වයඹදිග ඉන්දියාවේ මෙකල පකිස්තානයේ පෙෂාවර් හෙවත් පුරුෂ පුරයෙහි කුෂාණ රජවරුන්ගේ පාලන මධ්‍යස්ථානය වූයේය. කනිෂ්ක රජතුමා මෙම කුෂාණ රාජ වංශික රජවරුන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම රජු ලෙසින් සැලකේ. කනිෂ්ක රජුට පෙර කැඩපයිසස් ආදි නරපතියන් සිටි නමුදු විදේශීය රටකින් පැමිණි රජ කෙනෙකු පුරාණ භාරතයේ ප්‍රථම වතාවට අධිරාජ්‍යයක් ගොඩ නැංවීමට සමත් වූයේ කනිෂ්ක රජතුමාය. අසෝක අධිරාජයාට පසුව බුදුසමය විදේශීය රටවල පැතිර වීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඔහුගේ කාලයේ දී මහායාන බෞද්ධ දර්ශනය ඉතා දියුණුවට පත් වූයේය.
ඊට ඉහත දී භාරතය පුරා පැවැති බෞද්ධ කලා ශිල්පවල (භාරුත් සාංචි හා බුද්ධගයා) බුදුරජාණන් වහන්සේ මානව රූපීව බෞද්ධ කලාවේ දැක්වූයේ නැත. ඒ වෙනුවට ශ්‍රී මහා බෝධිය, සිරි පතුල්, ධර්ම චක්‍රය, ඡත්‍රය වජ්‍රාසනය ආදි ලකුණු ඒ මූර්ති කැටයම්වල නිරූපණය විය. ප්‍රථම වතාවට බුදු රුවක් නිර්මාණය වූයේ කුෂාණ රාජ වංශික කනිෂ්ක රාජ යුගයේ රන් කාසියකය. මීට සමගාමීව මථුරා දේශයේ ද බුදු පිළිම නිර්මාණය වූ බව ආචාර්ය ආනන්ද කුමාර ස්වාමි ආදි විද්වත්හු පෙන්වා දෙති.
(භාරත - ලංකා බෞද්ධ උරුමය - සිරිසමන් විජේතුංග - පි. 29 - 30 (2006)
මේ පසුබිම යටතේ දුෂ්කර ක්‍රියාවට පූර්ව කාලයේ සිද්ධාර්ථ තවුසාගේ ක්‍රියාවලිය ගැන විමසමු.
රහල් කුමරු උපත ලද දිනයේම වයස අවුරුදු 29 දී සිය රජ මාලිගයෙන් මහභිනිෂ්ක්‍රමණය කළ සිදුහත් කුමරු අනෝමා ගංතෙරට පැමිණ තවුස් වෙස් ගෙන කිඹුල්වත් පුරයෙන් සැතපුම් 400ක් පමණ දුරින් පිහිටි රජගහ නුවරට සැපත් වූයේය. ඒ අනුව ආලාරකාලාම උද්දකාරාමපුත්ත යන තවුසන්ගේ ආශ්‍රමයේ මඳ කලක් සිටීමෙන් ද තම අභිප්‍රාය ඉටු නොවන බව දැනගත් සිද්ධාර්ථ තවුසා එහි සිට සැතපුම් 40 පමණ දුරින් පිහිටි උරුවෙල් දනව්වට පියමං කළේය. පරිබ්‍රාජකයන් පස් දෙනෙකු ද ඔහුගේ සහායට සිටියහ. මේ පිළිබඳ ලලිත විස්තරය නම් වූ මහායාන ග්‍රන්ථයේ ද විස්තර වෙයි. සිද්ධාර්ථ තවුසා ශරීරයට අධික දුක් දීමෙන් විමුක්තිය සොයා ගත හැකි ය යන අදහස පෙරදැරි කරගෙන අවුරුදු හයක්ම දුෂ්කර ක්‍රියාවේ යෙදුණේය.
ඒ බව දුටු පස්වග පිරිවැජියෝ සිය යහළු සිද්ධාර්ථ තවුසා හැර දමා යන්නට ගියහ. මෙම දුෂ්කර ක්‍රියාව නිරූපණය කරන ගන්ධාර කලාවට අයත් වූ මේ ප්‍රතිමාව ලොව පුරා ඉතා ප්‍රකට වූ ප්‍රතිමාවකි. (දඹදිව සිවු මහ පුදබිම් - සිරිසමන් විජේතුංග පි. 32 (2011)
මෙම ප්‍රතිමාවේ මුහුණ දෑත උදරය හා පපු ප්‍රදේශය වැහැරී තිබෙන ලෙසින් ද ගන්ධාර මූර්ති ශිල්පියා ඉතා දක්ෂ ලෙසින් මූර්තිමත් කර ඇත. වසර හයක් තිස්සේ සිදුහත් තවුසාගේ මේ 'දුෂ්කර ක්‍රියාව යන වචනය මෙකල සමහර ඉංග්‍රිසි ග්‍රන්ථවල ව්‍යවහාර කර තිබෙන අයුරු සාවද්‍යය.
දුෂ්කර ක්‍රියාව නිරූපණය කරන මේ පිළිමය ඇතැම් ඉංග්‍රිසි ග්‍රන්ථවල සඳහන් වන්නේ (ෆාස්ටිං බුද්ධ) FASTING BUDDHA යන වචනයෙනි. මෙහි වැරැදි දෙකකි. එකක් නම් FASTING යන ක්‍රියාව බුදු සමයට අයත් එකක් නොව ඉස්ලාම් ආගමට අයත් එකකි. අනෙක් වරද වන්නේ දුෂ්කර ක්‍රියාවේ යෙදුණේ බුදුරජාණන් වහන්සේ නොව සිදුහත් තවුසාය. දුෂ්කර ක්‍රියාව යන වචනය සඳහා නිවැරැදි ඉංග්‍රිසි වචනය වන්නේ SELF MORTIFICATION (සෙල්ෆ් මෝර්ටිෆිකේෂන්) යන වචන දෙකය. (ඉහත ග්‍රන්ථය පි. 34)
පාකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තිබූ මේ ප්‍රතිමාව 2006 වසරේ මැයි මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ද ගෙන එන ලදුව පසුව ආපසු එම කෞතුකාගාරයෙහිම තැන්පත් කරන ලදී.
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු
සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.