ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 25, 2016

පර්සියාවේ සයිරස් සේම නිදහස අගය කළ පත්තර ලෝකයේ සයිරස්....!!!

මීට වසර 65කට ‍පමණ පෙර අපේ කථානායකයා මුල් වරට මට දැක ගන්නට ලැබිණි. එවකට මා දොළොස්

හැවිරිදි ළමයෙකි. ග්‍රෑන්ඩ්පාස්හී කොස්ගස් හන්දියේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ අප පදිංචිව සිටි නි‍ෙවසට යාබද යකඩ, ලෝහ, තඹ ආදිය වාත්තු කරන කර්මාන්ත ශාලාවක් තිබිණි. එහි අයිතිකරු වූ සුරේන්ද්‍ර ලොකු බාසුන්නැහේගේ පුතුන් දෙදෙනා වන විමල් හා සුසිල් යන දෙසොහොයුරෝ මගේ වැඩිහිටි මිතුරෝ වූහ.
විමල් අයියා දක්ෂ මූර්ති හා කැටයම් ශිල්පියෙකි. ඒ දිනවල ඔහු කාය වර්ධනය පිළිබිඹු කරන මිනිසකුගේ (බොඩි බිල්ඩර් කෙනෙකුගේ) මූර්තියක් නෙළමින් සිටියේය. එම මූර්තිය විමල් අයියා අතින් ක්‍රමානුකූලව ගොඩනැගෙන ආකාරය ඇස පිය නොහෙළා බලා සිටියේ, මා කලාවට ඇති අසීමිත ඇල්ම නිසාය. විමල් අයියා පසු කලෙක ජගත් කීර්තියට පත් කැටයම් ශිල්පියෙක් විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශාල රිදී දොරටුව සහ සබා ගැබේ දිසා ධජ පන්තිය නිර්මාණය කළේ ඔහු ය.
දිනක් මේ කර්මාන්ත ශාලාවට සුදු ම සුදු ජාතික ඇඳුමින් සැරසුණු උත්තුංග දේහධාරි අමුත්තෙක් පැමිණ ඒ මූර්තිය දෙස බලා සිටින අතර මගේ හිස අතගා “කවුද මේ ළමයා, බොහොම ඉවසිල්ලෙන් මේක දිහා බලන් ඉන්නෙ,, ඇසීය.

පැමිණි අමුත්තා පුංචි බාප්පා ලෙස මට හඳුන්වා දුන් විමල් අයියා, “මේ බාප්පා ඔයාගේ තාත්තාගෙත් යාළුවෙක්,, කීවේය. තාත්තාගේ නම අසා ගත් අමුත්තා “එහෙමද? යමු තාත්තා බලන්න. කාලෙකින් දැක්කේ නෑ.,, කියමින් මගේ අතින් අල්ලාගෙන අපේ නිවෙසට ආවේය.
අමුත්තා කතා කොට ගිය පසු තාත්තා කීවේ - “ඒ ආව මහත්තයා මහා පඬිවරයෙක්, රේඩියෝ එකෙත් කතා කරනවා. ලොකු ලේඛකයෙක්. එයාගේ නම සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර,, කියා ය. බොහෝම කාලයකට ඉස්සර (1944) තාත්තාගේ අච්චු කන්තෝරුවේ මුද්‍රණය කළ කපිල සෙනෙවිරත්න කවියාගේ සඟරාවකට සුරේන්ද්‍ර මහතා ලිපි ලියූ බව මට දැන ගන්නට ලැබිණි. මා එදා සයිරස් මහතා දැන ගත්තේ 1960 මාර්තු මැතිවරණය පැවැති සමයේය. මේ මැතිවරණයේ දී සුරේන්ද්‍ර මහතා ගම්පහ ආසනයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 106ක් බව පසුව දැනගන්ට ලැබිණි.

පණික්කි වීදියෙන් ආවාහයක්
“පෙරදිග සිටින හොඳම චිත්‍රපට නිළිය කවුරුන්දැයි මම නොදනිමි. ඇය කවුරුන් වුවත් ගම්පෙරළියේ පුණ්‍යාට ඇය සමඟ ලෙහෙසියෙන් තරග කළ හැකි යැයි,, සයිරස් එදා ලිව්වේය.
සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර නම් චිත්‍රපට නළුවා මා දුටුවේ ඔහු ප්‍රධාන චරිතය රඟ පෑ 'ඩිංගිරි මැණිකා' චිත්‍රපටයෙනි. කෝන්ගොඩ වික්‍රමපාල නම් රහස් පරීක්ෂකයා ලෙස රඟපෑ ඔහු ගැයූ මේ ගීත සිනමා රසිකයන්ට ලෙහෙසියෙන් අමතක නොවේ.
“මෙදා පොටේ වැඩේ හරි කාලේ හොඳා,,
ඔහු මේ ගීතය ගයමින් රඟපෑවේ මැගී ලෙස රඟපෑ සීතා නානායක්කාර සමඟිනි. (එහි පසුබිම් ගායනය මොහිදීන් බෙග් හා සීතා නානායක්කාර ගෙනි.)
සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර ගැන කළ හොඳම හැඳින්වීම ලියා තිබුණේ විමලේන්ද්‍ර වතුරේගම කවියාය. සයිරස් කවුද? යන්නට එය කදිම පිළිතුරකි:
“සිංහල, පාලි, සංස්කෘත, වංග, ඉංග්‍රීසි ආදි ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා හීත්, තර්ක, ව්‍යාකරණ, ඉතිහාසය, ජ්‍යොතිෂය, ආයුර්වේද, ආදී වේදාංගයන්හීත්, කාව්‍ය, නාටක ප්‍රබන්ධ සාහිත්‍යාදි කලාවන්හීත් එකසේ ලබන ලද ප්‍රවීණ ඇති ලේඛකත්වය මෙන්ම කථිකත්වය සඳහා ඔසවන ලද ජය කොඩිය ඇති, නඟන ලද කාහල නාද, ඇති සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර ගත්කරුවකු, පත්‍රකලාවේදියකු, වාගීශ්වරයකු වශයෙන් ලබා සිටි ස්ථානය, දිනා සිටි ආසනය තුට්ටුවකට ගණන් නොගත් එකම මිනිසා ය.,,
ලංකා බාබුජි නමින් ලිපි
ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ
කෝන්ගොඩ වික්‍රමපාල

 
1904 වසරේ පෙබරවාරි 09 වැනිදා මාතර කඹුරුගමුවේ වැව ළඟ ගෙදර දී උපත ලැබු සයිරස් වික්‍රම සුරේන්ද්‍ර මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ඔහු හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා විය. ඔහුගේ පවුලේ වැඩිමහල් අයියලා විවිධ කර්මාන්තවල විස්කම් පෑ අසාමාන්‍ය මිනිස්සු ය. එක් සොහොයුරෙකුගේ පුතෙකි සම්මානනීය රංගන ශිල්පී ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර. තවත් සොහොයුරෙකුගේ පුතෙකි මූර්ති හා කැටයම් කලාවෙන් ලොවක් දිනූ විමල් වික්‍රම සුරේන්ද්‍ර.
මාතර ඉගෙනීමට වඩා විශාල ලෝකයක් සයිරස්ට මැවී පෙනිණි. ඔහු සාහිත්‍ය රචකයකු වශයෙන් උපන්නේ වයස අවුරුදු 14 දීය. කවි බැඳීමෙහි මනා හුරුවක් ළදරු වියෙහි දී ම ලද හෙතෙම පුවත්පත් සඟරාවලට විවිධ විෂයයන් පිළිබඳ ලිපි සැපයීමෙහිදී චින්තකයකු වශයෙන් ප්‍රසිද්ධ විය. 1924 දී කොළඹ පැමිණි ඔහු මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට බැඳුණේ, එහි දී පාලි, සංස්කෘත භාෂා හදාරා ඩොනල්ඩ් ඔබේසේකර ශිෂ්‍යත්වය ලබා ගත්තේය. වෛද්‍ය ශිෂ්‍යත්වයක් ලැබ අවුරුදු 13ක් පමණ කල්කටාවේ ආයුර්වේද විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබද්දී පෙර අපර දෙදිග වෛද්‍ය ශාස්ත්‍රය ද භාෂාවන් ද උගත් හෙතෙම එහි රාජකීය ග්‍රන්ථාලයයෙහි ද සංස්කෘත සාහිත්‍ය පර්ෂදයෙහි ද පස් වසක් තුළ සාමාන්‍යයෙන් වෛදික සාහිත්‍යය ද විශේෂයෙන් සිංහල අකුරුවල ක්‍රම විකාශය ද පිළිබඳ සූක්ෂම විචාරයක යෙදුණේය. එකල කල්කටා විශ්වවිද්‍යාලයේ ඔහුගේ සමකාලීන ශිෂ්‍යයකු වූයේ වෛද්‍ය ආර්. බී. ලෙනෝරා ය.
අවුරුදු 13ක් පමණ වූ සයිරස්ගේ භාරතීය ජීවිත‍යේදී හින්දි හා වංග භාෂාවේ හුරුව ලබා ආයුර්වේදය ගැන සිළුමිණ, 'දිනමිණ' පුවත්පත්වලට 'ලංකා බාබුජි' නමින් ලිපි ලිවීය. පසුව ඔහු ලංකාවට පැමිණියේ “කවිරාජ් එස්. ඩබ්ලිව්. සුරේන්ද්‍ර නමින් එල්. ඒ. එම්. එස්. (කල්කටා) උපාධියත් හිමිකරගෙනය. ලංකාවට පැමිණි පසු අනාගරික ධර්මපාල තුමාගේ ඇසුර ලැබීම නිසා ඔහු තුළ ජාතික හැඟීම් පිබිදිණි.
විවාහය දා
1926 වසරේ සුරේන්ද්‍රයන් ලියූ මුල්ම සාහිත්‍ය කෘතිය වූ 'හිඟන කෙල්ල' නිකුත් විය. පත්‍ර කලාවේදී ඩී. වී. සෙනෙවිරත්නයන් (1968 ජනවාරි 30 - ලංකාදීප) පවසා ඇත්තේ හිඟන කෙල්ල එකල කොතරම් ජනප්‍රිය වී ද යත් එහි මුද්‍රණ කීපයක් නිකුත් වූ බව ය. එකල දකුණු පළාතේ මහත් ආන්දෝලනයක් ඇති කළ ශ්‍රී පරමානන්ද විහාර වර්ණනාව (ගාල්ලේ අටපට්ටන් විහාරය ගැන) සුරේන්ද්‍රයන් අතින් ලියැවුණේත් මේ සමයේ බව උදය දේවනාරායන ලියා තිබිණි.
මාතර ප්‍රදේශයේ වඩාත් ප්‍රිය වූ වෙදැදුරා වී ඇත්තේ සයිරස්ය. එහෙත් කොළඹ පණික්කි වීදියේ ධනවත් පවුලකින් ආවාහයක් කර ගත් පසු කොළඹ නැවතීමට සිතුවේ ලේඛන කලාව සඳහා නොව තවත් වෛද්‍යවරුන් පිරිසක් සමඟ ආයුර්වේද ප්‍රතිකාරයට වුවමනා අරිෂ්ට, අර්ක ආදි බෙහෙත් සාර සම්පාදනයට බව ලේඛක කේ. බී. සුගතදාස පවසා තිබිණි. ඔහු තවදුරටත් මෙසේ ද කියයි:
“දෙවැනි ලෝක සංග්‍රාම සමයේ පටන් ගත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි සිංහලාංශය භාරව, පසුව රාජ්‍ය මන්ත්‍රීවරයකු වූ ඊරියගොල්ලේ මහතා සමඟ අප වැඩ කරද්දී එහි පුවත්පත් නිරීක්ෂක අංශයේ සිංහලය ගැන මනාව දන්නෙකුට පුරප්පාඩුවක් ඇති වූයේ ඒ අංශයේ සිටි හැමෝම ඉංග්‍රීසියෙන් පමණක් දක්ෂයින් වූ හෙයිනි. එතැනට සුදුසු කෙනෙකු දනීදැයි ඊරියගොල්ලේ මහතා නැඟු ප්‍රශ්නයට මා පිළිතුරු දුන්නේ,
“ඇයි, සයිරස් ගන්නට පුළුවන් නම් කදිමයි,, යනුවෙනි.
ඊරියගොල්ලේ මහතාට සයිරස් මතක් විය.
“මා සයිරස් සොයා ගිය දෙවැනි වාරයේ ඔහු හමු විය. කාරණය දැන්වූ විට වෛද්‍ය කටයුතුවලට වඩා පුවත්පත් කටයුතු ප්‍රිය කළ සයිරස් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පත්වීමකට කැමැති විය.,,

ආනන්ද තිස්ස ද අල්විස් සමඟ
සාහිත්‍ය ශිරෝමණී කේ. බී. සුගතදාසගේ ඒ උපුටනය 1969 ජනවාරි 28 දිනමිණ පත්‍රයෙනි.
ඊළඟ සතියේ පත්වීම ලද සුරේන්ද්‍රයෝ පුවත්පත් ලේඛන කාර්යයන්ට හැරුණේ ඉන් පසුවය. සුගතදාසයන් කියා ඇති පරිදි මහා ලේඛක හේමපාල මුනිදාස සමඟ තමා සිංහල බෞද්ධයා පත්‍රය කරද්දී විශේෂයෙන් වෙසක් කලාපවල සයිරස් කව් ලියා එවූයේ කල්කටාවේ වෛද්‍ය ශාස්ත්‍රය හදාරමින් සිටියදීය. ඔහුට එහි කවක් මතකය.

බිහිවුණි ගසක් යට බුදු වුණි ගසක් යට
පිරිනිවි ගසක් යට එනිවන පසක් කොට
සැපතැනුදුක් මකා ගස කම්හලක් කොට
ඔබ ගත පුදමි මගෙ හද පන්සලක් කොට

ඉන්දියාවේ ආයුර්වේදය ඉගෙන
සිය රට පැමිණි කාලයේ
යුද සමයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී හඳුනා ගත් ආනන්ද තිස්ස ද අල්විස් (පසුව අමාත්‍ය) සමඟ 'ලංකා' නමින් සංස්කරණය කළ සඟරාවේ අගසව් වූයේ සයිරස් ය. චිත්‍ර සංස්කාරක වූයේ රෙජී කන්දප්පා ය. එහි මුල් කලාපය 1945 ඔක්තෝබර් මස නිකුත් වී ඇත. 'ලංකා' දෙවන කලාපයේ සයිරස් ලියූ 'හමුවීම' කෘතිය ගැන දැන්වීමක් මෙසේ පළ වී තිබිණි.
“සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර විසින් ලියන ලද 'හමුවීම' පොත සෑම සිංහල ගෙදරකම කියවිය යුතුය. සිංහල වාක්‍ය රචනාවේ පැරැණි සම්ප්‍රදායෙන් ඉවත්ව ලියැවුණු එහි අලුත් රචනා ශෛලියකි. අලුත් පිළිගැන්වීමකි.
“ලංකා සඟරාව ප්‍රසිද්ධ කර ඇති ලංකා ප්‍රචාරක සමාගම විසින් සමාජයට අඳුන්වා දෙනු ලබන්නේ මේ රටේ සිංහල සාහිත්‍යයේ උඩු මහලට නැඟුණු ශ්‍රේෂ්ඨ සිංහල කතුවරයන් ටික දෙනාගේ ගණයට අයිති ලේඛකයෙකි. පොතක මිල රුපියල් 2.00 කි. පහත ඇති කූපනය පුරවා මුදල් එවා කොපියක් වෙන් කර ගනු මැනවි.,,

රෙජී කන්දප්පාගේ පිටකවරය
හමුවීම කෘතියේ පිටකවරය නිර්මාණය කර තිබුණේ ලංකා සඟරාවේ චිත්‍ර සංස්කාරක රෙජී කන්දප්පා විසිනි. කතුවරයාගේ ඡායාරූපය ජෝර්ජ් ඒ. කෝක් විසින් ගන්නා ලද්දකි. මේ කෘතිය අගය කළ නවකතා කතුවර ඩබ්ලිව්. ඒ. සිල්වා හා පත්‍රකලාවේදී හේමපාල මුනිදාස නම් ලේඛකයන් අගනා විචාර දෙකක් ලියා තිබිණි. කොළඹ පන්නිකි වීදියේ නම්වර 130 දරන නිවසේ පදිංචි සුරේන්ද්‍රයන් 1946 මැයි මස පළමු වැනිදා ලියා ප්‍රකාශයට පත් කළ හමුවීම පොත පිළිගන්වා ඇත්තේ තම පුතු (ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි) බිනෝයි සුරේන්ද්‍රටය:
“පළමුවන රාත්‍රියෙහි පෙම්වතියගේ
කතාවෙන් තොර සිනාවටත්,
උපන් හැටියේ දරුවාගේ ඇසිපියෙන්
වැසුණු නේත්‍රයෙහි දෘෂ්ටියටත්
පූර්ණ චන්ද්‍රයාගේ මුග්ධ භාෂාවටත්,
දිළිඳු විනය කුමාරගේ නොදන්නා
අනාගතයටත්, ඒ නිසාම මගේ නෙත'ගෙහි
නැ‍ඟෙන කඳුළටත් මෙය පිළිගැන්වේ.,,
නැන්සි පෙරේරා
සුරේන්ද්‍රයන් මේ පොත පළ කරන විට ඔහුගේ පුත් බිනෝයිට වයස අවුරුදු හයකි. පොතේ පිටපතක් පුතුට ප්‍රදානය කර ඇත්තේ පුංචි කවියක් ලියමිනි.
“තාත්තා දුක්පති
ඒ නිසා පුතත් දුක්පති
තාත්තාගේ නුවණැ'ති
පුතුට පොහොසත් වන්න ඒ ඇති,,
සයිරස් ලංකා සඟරාවේ නියෝජ්‍ය කර්තෘ ලෙස සිටිය දී ප්‍රබන්ධ නම් තේමාව යටතේ ලියූ කෙටි සංකල්පනා වරෙක ගද්‍ය කාව්‍ය ස්වරූපයක් පිළිබිඹු කරයි. ක්‍රවුන් සයිස් එම සඟරාවේ තනි පිටුවේ ඒවා පළ වී ඇත. එහි එක ප්‍රබන්ධයකි 'බඩගිනි යි'. එසේ පළ වූ සුරේන්ද්‍රයන් ගේ 'සලීල ප්‍රබන්ධ' ගැන ලේඛක උදය දේවනාරායන අලුත් මතයක් පළ කර තිබිණි:

මුලින් නිසඳැස් ලිව්වේ ඔහු ද?
“නිසඳැස් කවි සම්ප්‍රදාය සිංහල සාහිත්‍යයට එකතු කළේ ජී. බී. සේනානායකයන් යි සමහරු කියතත්, සත්‍ය වශයෙන් ම එකී සම්ප්‍රදායේ පුරෝගාමියා සුරේන්ද්‍රයන් බව මා කියන්නේ ජී. බී. ට නිගරුවක් කරන අටියෙන් නොවේ. ලංකා සඟරාවට ඔහු වරින්වර සැපයූ සලීල ප්‍රබන්ධ නිසඳැස් කවි නමින් එදා කිසිවකු හැඳින්වූයේ නැත. එසේ කළේ නම් සිංහල නිසඳැස් කවියේ නිර්මාතෘවරයා ගැන වාදයක් නැත‍.,,
(දිවයින 1992 ජනවාරි 27)
රැජිනගේ හටන ගුවන් විදුලියෙන්
ගුවන් විදුලියේ සජීව විස්තර කථනය කළ සුරේන්ද්‍රයන් අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ අවමංගල්‍යය, දෙවැනි එලිසබත් මහ රැජිනගේ ලංකා ගමන, නුවර දළදා පෙරහර, ජනාධිපති මාෂල් ටිටෝගේ ලංකා සංචාරය ශ්‍රාවකයාට මැවී පෙනෙන ලෙස අපූරු වාං මාලාවක් උපයෝගී කර ගත්තේය. ඔහු මේ විස්තර කථන කර ඇත්තේ එච්. එම්. ගුණසේකරයන් සමඟය. එපමණක් නොව ගුවන් විදුලියෙන් සතිපතා ප්‍රචාරය වූ 'ගම රට තොරතුරු', 'විවිධ විචාර', 'විදෙස් වෙදෙස', 'අනෙක් පැත්ත', 'ගමින් ගමට' ආදිය යටතේ විවිධ කතා පැවැත්වීය. නොකඩවා ඇද හැලෙන ජල ධාරාවක් සේ ඔහුගේ වචන මාලාව ගැන හිටපු පරිපාලන නිලධාරියකු වූ එඩ්මන්ඩ් ජයසූරිය අපට මෙසේ විස්තර කළේය:
“ඒ කාලයේ මම ගුවන් විදුලියේ විචාර ඉදිරිපත් කළා. මට කිසිදු සටහනක් නැති විචාර ඉදිරිපත් කිරීමට පුළුවන් වුණේ සුරේන්ද්‍ර මහතා ගුවන් විදුලි කතා කරනවා දැකීමෙන්. ශබ්ද පරිපාලක නාරද දිසාසේකර (ප්‍රවීණ ගායක) මගේ මිත්‍රයෙක්. නාරද මැදිරියේ මහ මේසය ළග මයික්‍රෆෝනය සූදානම් කරගෙන සුරේන්ද්‍ර මහතා එනතුරු බලා ඉන්නවා. ඔන්න සුරේන්ද්‍ර මහත්තයා මැදිරියට එන්නේ “කොහොම ද ළමයි ලෑස්ති ද,, කියල හිනාවක් දාගෙන, මැදිරියේ කොනක තියෙන පුටුවක් ගාවට. නාරද තවත් මයි‍ක්‍රෆෝන් එකක් අරගෙන එතැනට යනවා. මේසයක් නෑ. රතු එළිය පත්තු වෙනවා. කාලීන මාතෘකාවක් ගැන ඔහු කතා කරනවා කිසිම සටහනක් නෑ. හරියට විනාඩි 14කින් කතාව නතර වෙනවා. ඒ කතාව අහන් ඉන්න මීයට පිම්බ වගේ. කිසිම පැකිළීමක් නෑ. රිද්මයට කතාව ගලා ගෙන යනවා.,,

සිසී සුරේන්ද්‍ර
ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ
දිනමිණේ 'ලීඩර් රයිටර්' ලෙස
1940 දිනමිණ පත්‍රයේ උප කතුවරයකු හා ලීඩර් රයිටර් කෙනෙකු ලෙස කර්තෘ වාක්‍ය ලියූ සුරේන්ද්‍රයන්ගේ මේසය අසල ආසනවල සිටියේ ජී. බී. සේනානායක, මීමන ප්‍රේමතිලක, ආනන්ද කුමාර යන ලේඛකයෝය. එදා දිනමිණ කර්තෘ පියසේන නිශ්ශංකය. 1950 වසරේ මැයි විසි අට වැනි දින කොළඹ නගර ශාලාවේ රංග ගත කළ පියදාස සිරිසේනගේ රහස් පරීක්ෂක නවකථාවක් ලෙස ගැනුණු ඩිංගිරි මැණිකා නාටකයේ සයිරස් රඟපා ඇත. පියදාස සිරිසේන අනුස්මරණය දින වෙනුවෙන් අගනුවර සාහිත්‍යවේදී සංගමයට ආධාර පිණිස රඟ දැක්වූ ඒ නාට්‍යයේ කෝන්ගොඩ වික්‍රමපාල ලෙස සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍රත්, රන් බණ්ඩා ලෙස ආනන්ද සරත් විමලවීරත්, (ගීත රචක) ඩිංගිරි මැණිකා ලෙස චන්ද්‍රකාන්ති රේණුකාත්, බබා සිඤ්ඤෝ ලෙස සුදාස් මාසකෝරාලත්, මීවිටිගල නිලමේ ලෙස ජී. ඩබ්ලිව්. සුමනතිලකත්, රඟපෑ බව මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියූ සිංහල නාට්‍ය හා රංග (1932 - 1956) කෘතියේ III වැනි පිටුවේ සඳහන්ව ඇත.
1956 'ජනතා' නම් සවස නිකුත් කරන ලද පුවත්පතේ නියෝජ්‍ය කතුවර ලෙස කටයුතු කොට ඇත. එහි ප්‍රධාන කර්තෘ වූයේ ඩෙන්සිල් පීරිස් ය.

ජනතා පත්තරේ නියෝජ්‍ය කර්තෘ
“මගේ තාත්තගේ හොඳම යාළුවෙක් මෙරට සිටි විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ සෝමබන්දු විද්‍යාපති. මට මතකයි එතුමා අපේ පන්නිපිටියේ නිවසට ඇවිත් ජනතා කියන අකුරු තුන (ශීර්ෂ පාඨය) ඇඳලා දුන්නා.,, සුරේන්ද්‍රයන්ගේ පුතු බිනෝයි සුරේන්ද්‍ර අපට මතක් කළේය.
සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍ර නම් චිත්‍රපට නළුවා ද සිනමාවට එක් වන්නේ 1955 වසරේය. පියදාස සිරිසේනයන්ගේ ඩිංගිරි මැණිකා නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට නීතිඥ එස්. ඩී. එස්. සෝමරත්න සැලසුම් කොට එහි කෝන්ගොඩ වික්‍රමපාලගේ චරිතය සඳහා නළුවකු ගැන විපරමින් සිටියේය. දිනක් ඔහුට ආරංචියක් ලැබිණි. මීට කලකට ඉහත පියදාස සිරිසේන අනුස්මරණ උත්සවයකදී වේදිකාගත වූ ඩිංගිරි මැණිකා නාට්‍යයේ රඟපෑ අපූරු හා විශිෂ්ට නළුවකු ගැනය. මේ නළුවා දැන් පන්නිපිටිය පැත්තේ සිටින බව ද ආරංචිකරු පවසා තිබිණි. සෝමරත්න හා සුරේන්ද්‍ර මුණ ගැසුණේ මේ අයුරින් බව ජී. ටී. වික්‍රමසිංහ 1956 මැයි 08 වැනිදා සිළුමිණ පුවත්පතට ලියූ ලිපියකින් අනාවරණය වෙයි.
ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සුරේන්ද්‍ර තිර පිටපත සකස් කිරීමේදී පත්‍රකලාවේදී එස්. පියසේන ද සහාය වී ඇත. එපමණක් නොව චිත්‍රපටයේ ඇල්පිනාගේ චරිතය රඟපෑවේ සුරේන්ද්‍රයන්ගේ දෙවන බිරිය වන සිසී පෙරේරාය. මේ චිත්‍රපටයේ ඩිංගිරි මැණිකා ලෙස විමලා වැනිෂියාත්, රන්බණ්ඩා ලෙස තේජා සෙනෙවිරත්නත්, බබා සිංඤ්ඤෝ ලෙස ලූමන් රාජපක්ෂත්, අගෝරිස් ලෙස බන්ධුල ශ්‍රී සරත්චන්ද්‍රත් රඟපෑහ.
සුරේන්ද්‍රයන්ගේ පුතෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බිනෝයි කුමාර් වික්‍රම සුරේන්ද්‍ර ලේක්හවුස් හි දිනමිණ පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස වසර 34ක් සේවය කොට නියෝජ්‍ය කර්තෘ ලෙස ඉසඹු ලබා දැන් වැල්ලම්පිටියේ කිත්තම්පහුව නිවසේ විශ්‍රාම සුවයෙන් පසුවෙයි. බිනෝයිගේ දෙවැනි දියණිය වූ ආත්මා රක්කී වික්‍රම සුරේන්ද්‍ර මිහිර ළමා පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස සේවය කරයි. ඔහුගේ වැඩිමහල් දියණිය චන්දිමා ලඩ්කි ය. තුන්වැනි දුව විනෝදා සුචිත්‍රාය. විශ්ව රංග බාල පුතාය.

පියාගේ ජීවිතය පුතුගේ ඇසින්
බිනෝයි සුරේන්ද්‍ර අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයෙනි. ඔහුගේ සමකාලීන සිසුන් වූයේ තිස්ස අබේසේකර, වික්‍රම බෝගොඩ, ප්‍රේම රංජිත් තිලකරත්න, රොහාන් දළුවත්ත (හිටපු හමුදාපති) ආදීහුය. විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකු වූ කේ. එච්. කේ. විජේදාස (හිටපු ජනාධිපති ලේකම්) මහතා බිනෝයිගේ පංති භාර ගුරුවරයා විය. බිනෝයි ටික කලක් ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයේ ද ඉගෙන ගෙන ඇත.
“මගේ තාත්තා අසාර්ථක ජීවිතයක් ගත කළා කියලයි, මම හිතන්නේ. තාත්තාගෙ තරම තාත්තා දැන හිටියේ නෑ. ඔහු කාටත් හිස නැමුවේ නැති, හැම විට ම හරි දේ කළ කෙනෙක්. ඔහු කිසි දින කර්තෘ පදවියක් බාර නොගත්තේ ඒ නිසා. තාත්තා විවාහ වුණේ 1938 වසරේ. මගේ අම්මගේ නම නැන්සි පෙරේරා. මේ දෙන්නා විවාහ වන විට තාත්තාට අවුරුදු 34 යි. අම්මට වයස අවුරුදු 21 යි. මම ඉපදුණේ 1940 දී. අම්මා ළය රෝගයකින් මිය යන කොට අම්මගෙ වයස 23 යි. මට අවුරුදු දෙකයි. මම හැදුණේ වැඩුණේ කොළඹ ආච්චි ගාව. 1952 වසරේ තාත්තා අපේ අම්මගේ නංගී සිසී පෙරේරා සමඟ විවාහ වුණා. පුංචි අම්මාට දරුවන් හතර දෙනෙක් හිටියා. ලොකු නංගි රුක්මී දෑසමන්, දෙවැනියා ඩීනා දිල්කුෂි නංගි. ලක්ෂ්මි මේනකා තුන්වැනි නංගි. බාලයා සිදත් ශ්‍රී මල්ලි.
අම්මා මියගිය පසු බිනෝයිව බලා ගත්තේ ආච්චිය. (අම්මගේ මව) කොළඹ පන්නික්කි වීදියේ ආච්චිට උගස් බඩු ගන්නා කඩයක් තිබුණාය. එමෙන්ම ඇය ධනවත් කාන්තාවක්.
පුතා - බිනෝයි
වෙදකමට ගියත් හිත පත්තරේට
සයිරස් ඩබ්ලිව්. සුරේන්ද්‍රයන්ට අවශ්‍යව තිබුණේ තමා මෙන්ම බිනෝයි පුතාවත් දේශීය වෛද්‍යවරයකු කිරීමටය. 1963 ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට බැඳුණු ඔහුගේ සිත තිබුණේ පුවත්පත් කලාවටය. බිනෝයිගේ බිරිය හමු වුණේ වෛද්‍ය විද්‍යාලයේදීය. ඇගේ නම මැණික් ගමගේ මල්ලිකා හේමලතාය. ඇය ඩී. අයි. එම්. එස්. සමත් වෛද්‍යවරියකි. මේ අතර බිනෝයි දවස ආයතනයට බැඳුණේය. මේ වන විට සයිරස් දිනමිණෙන් ඉවත්ව දවස, සවස, රිවිදින පුවත්පත්වල උප කර්තෘවරයකු ලෙස ද, ශ්‍රී සඟරාවේ ආරම්භක කර්තෘ ලෙස ද කටයුතු කොට ඉන් ඉවත් වී ලංකාදීප පත්‍රයට බැඳී සිටියේය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙන් පසු වගතුග තීරු ලිපිය ලිව්වේ සයිරස්ය.
“තාත්තා වගතුග තීරු ලිපියෙන් කන්ද උඩ දේශනාව නමින් එකල රජයෙන් පාසල් පොත් මුද්‍රණය කිරීමට ගත් තීරණයට පක්ෂව ලිපියක් ලිව්වා. ඒ කාලේ අධ්‍යාපන ඇමැති ඊරියගොල්ලේ තාත්තාගේ අතී සාර මිත්‍රයා. මම ඒ කාලේ දවසෙ පේළි ගණනට වාර්තා ලියනවා. පේළියකට ශත හතර බැගින් අපට ලැබුණේ. මේ වගෙ වාර්තා ලියන තව දෙන්නෙක් හිටියා. තිහාරියේ මානෙල් පෙරේරා (පසුව ගීත රචක) හා ධර්මප්‍රිය ලොකුහේවා (නවකතා කතුවර)
තාත්තාගේ වගතුග තීරු ලිපිය පළ වූ දා මම දවසට ගියා. දවස පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ ඩේවිඩ් කරුණාරත්න මහත්තයා මා ළඟට ඇවිත් අඬගහගෙන ප්‍රධාන කර්තෘ ධනපාල මහත්තයා ගාවට එක්ක ගියා.
“පුතා අද ලංකාදීපෙ තාත්තා ලියපු වගතුග කියෙව්වද,, ධනපාල මහත්තයා ඇහැව්වා.
'ඔව්' මට ඉබේටම කියවුණා.
“වගතුගවලින් අපට හොඳට ගහලා ලියලා. පුතා දන්නවනේ පාසල් පොත් ගහන ගුණසේන සමාගම තමයි මේ ආයතනයත් පාලනය කරන්නෙ.,, ඩේවිඩ් කරුණාරත්න මහතා ඇහැව්වා.
“තාත්තා මෙතැන හිටිය කෙනෙක්. එහෙම හොඳ ද අපිට විරුද්ධව ලියන්න. මේක අපේ තීරණයක් නෙවෙයි, ඉහළින් ආපු නියෝගයක්. අනෙක පුතා ස්ථිර සේවකයෙකුත් නෙමෙයිනේ. අපිට කනගාටුයි. අද ඉඳලා පුතාගේ වැඩ තහනම්.,,

පියාගේ ලිපියට පුතා ගෙදර යවයි
“මට දැන් ඇ‍ඬෙන්න එනවා. මම ජීවිතය පටන් ගත්තා විතරයි. මම කෙළින්ම ගියා තාත්තා බලන්න ලංකාදීපෙට. මගේ ඥාති සහෝදරයා (බාප්පගේ පුතා) ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර දවස ප්‍රවෘත්ති කර්තෘ. ඔහු ස්ථිර සේවකයකු නිසා එයා බේරුණා. තාත්තා මාව කොටුවේ අම්බාල් කැෆේ එකට එක්ක ගියා. මගේ කතාව අහලා තාත්තා හිනා වුණා.
“එහෙනං මගේ වගතුගෙන් ඒ ගොල්ලන්ට හොඳට රිදිලා.,, තාත්තා හයියෙන් හිනා වුණා.
“මම ලංකාදීපෙට කතා කරන්න ද,, තාත්තා යළිත් ඇසුවා.
“එපා තාත්තේ, තාත්තා ඉන්න තැනක මම ඉන්න එක හොඳ නෑ,,
“ඔව්, ඒකත් ඇත්ත. එහෙනම් යමු ලේක් හවුස්.,,
“කොච්චර එකක් ද?,, මට කියවුණා.
තාත්තා මාව දිනමිණ කර්තෘ ධර්මපාල වෙත්තසිංහ මහතා ගාවට එක්ක ගියා.
“හෙට ඉඳලා වැඩට එන්න.,,
මේ 1966 වසර. මම ගිහින් ප්‍රධාන උප කර්තෘ ආනන්ද වීරවර්ධන මහතාට වාර්තා කළා. ඔහු අත දික් කරලා අජන්තා රණසිංහ හා සිරි රණසිංහ ගාව අසුනක ඉඳගන්න කිව්වා. එතැන ඉඳලා වසර 34ක් කර්තෘ මණ්ඩලයේ හිටියා.,, බිනොයි කීවේය.
බිනෝයි කියන්නේ තම පියා දරු දුක නමින් අවසන් වරට පොතක් ලියමින් සිටි බවය.
“තාත්තා මිය ගියාට (1968 වසරේ) පස්සේ දවසක අපට තාත්තා පාවිච්චි කරපු රැවුළ බාන උපකරණ සහිත පුංචි පෙට්ටියක් හම්බ වුණා. එහි පතුලේ කඩදාසි කැබැල්ලක තාත්තාගේ අත් අකුරින් ලියපු කඩදාසි කැබැල්ලක් හමු වුණා.
“මගේ මරණය 1968 ජනවාරි...?,,
තාත්තා ජ්‍යෙතිෂය දැන සිටි නිසා මරණය කල්තියා දැනගෙන තියෙනවා.,,
බිනෝයි කඳුළු පිරි දෙනෙතින් බොල් හඬින් පැවැසීය.
මුල්ලපිටියේ මුහන්දිරම් කේ. එච්. ද සිල්වා සයිරස් හඳුන්වා දී ඇති මේ ඡේදයෙන් මේ ලිපිය අවසන් වෙයි:
“සුරේන්ද්‍ර යනු ඔහුගේ පෙළපත් නාමයයි. මවුපියන් විසින් තබන ලද නම සයිරස් ය. ඉතිහාසයේ මහා සයිරස් නම් වීර පුරුෂයකු ගැන සඳහන් වන්නේය. පර්සියානු අධිරාජ්‍යයේ නිර්මාතෘවරයා වන ඔහු නිදහස ප්‍රිය කළ නිර්භීත පාලකයෙකි. මාතර සයිරස්ගේ ද සිත පුරා පැතිරී තිබුණේ ජාතියේ භාෂාවේ
නිදහස් ආලෝකයයි.,,


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.