ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 20, 2016

ස්‌විස්‌ පෙඩරල් විද්වතුන් ඉදිරියේ කපටි විග්නේශ්වරන් සම ස්‌වෛරීභාවය ඉල්ලීම..!!!

අපිට සම ස්වෛරීභාවය අවශ්‍යයි. යෑයි උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් යාපනයේ දී" පෙඩරල් ක්‍රමය"

මැයෙන් පැවැති සමුළුවක්‌ අමතා ප්‍රකාශ කර ඇත. මේ පෙඩරල් ක්‍රමයේ මෙහෙයුම්කරුවෝ ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රීබුග් නගරයේ පෙඩරල් ආයතනයයි.
විග්නේශ්වරන් පසුගියදා කොළඹ ස්‌විස්‌ තානාපති වෙත සන්දේශයක්‌ යවමින් ප්‍රිබුග් විශ්වවිද්‍යාලයේ සිටින පෙඩරල් ක්‍රමය ගැන දන්නා විද්වතුන් යාපනයට එවන ලෙස ඉල්ලීමක්‌ කළේය.ඒ අනුව කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරීන් ඩේවිඩේ විගානයි විගස ප්‍රීබුග් ප්‍රිබුග් විශ්වවිද්‍යාලයේ පෙඩරල් ක්‍රමවේදී ආයතනයේ ප්‍රධානියාවූ ඊවා මරියා අමතා විග්නේශ්වරන්ගේ ඉල්ලීම දැනුම් දුන්නේය.

ඊවා මරියා නමැත්තිය සමඟ කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිකෝ ස්‌ටේයිට්‌ලර් ද මෙරටට පැමිණියේය. ඊට තවත් අයෙක්‌ එක්‌විය. ඒ සටන් විරාම සමයේ ජර්මානු බර්ග්හොප් සංවිධානයේ සේවය කළ මොරිසියෝ මැගටෙට්‌යී සටන්විරාම සමයේ ව්‍යාජ සාම ව්‍යාපෘති මෙහෙය වූයේ බර්ග්හොප් සංවිධානයයි.

උතුරේÊඅධි ආරක්‍ෂක කලාප ඉවත් කිරීම සඳහා අප්‍රිකානු කොන්ග්‍රසයේ හිටපු ත්‍රස්‌තයකු වූ රොකී විලියම්ස්‌ මෙරටට කැඳවා යාපනයට යෑව්වේ බර්ග්හොප් නායක නෝබට්‌ රූපර්ය. උතුරට ගිය විලියම්ස්‌ බර අවි ඉවත් නොකරන ලෙස කොටින්ට උපදෙස්‌ දුන්නේය. මේ සියලු අතීතය අප සතුව ඇත. ඒ අතීතය වසන් කළ හැකිද? දැන් ඒ බර්ග්හොප් මෙහෙයුම් කරු පෙඩරල් වෙස්‌ මුහුණ යටතේ යළි මෙරටට පැමිණ සිටී.

මේ තිදෙනා ඉදිරියේ තබාගෙන විශ්නේශ්වරන් කියන්නේ උතුර නැගෙනහිර ඒකාබද්ධ කර අපට සම ස්‌වෛරීභාවය ලබා දෙන ලෙසයි.

මේ අයුරින් ඇමරිකාව සිය ස්‌වෛරීභාවය දෙකඩ කරා සියයට පනහක්‌ රතු ඉන්දියානුවන්ට ලබාදී තිබේද? ඉන්දියාව සිය ස්‌වෛරීභාවය, ඇසෑම්, බෝඩෝලන්ත, නාගාලන්ත මිසෝරාම්, තමිල්නාඩුව ඇතුළු වෙනත් ප්‍රාන්තවලට ලබා දී තිබේද යන්න විමසිය යුතුය.

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් තවදුරටත් කියන්නේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනයට හිමිකම් ඇති බවයි. එසේම බලය බෙදා හරින්නේ නම් මූල්‍ය බලතල, සම්පත් නීතිය හා සාමයට අදාළ බලතල සමග සම තත්ත්වයේ ස්‌වෛරීභාවය අවශ්‍ය බවයි.

2002 දී ප්‍රභාකරන් ඉල්ලා සිටියේ සම සෛවරිභාවයයි. මෙලෙස අපේ සෙබළුන් 6000 කට අධික සංඛ්‍යාවක්‌ දිවි පිදුවේ විග්නේශ්වරන්ට බන්දේසියක තබා ස්‌වෛරීභාවය දීමටද? මෙහිදී මතු වන තවත් බරපතල ප්‍රශ්නයක්‌ නම් කොළඹ ස්‌විස්‌ තානාපතිවරයා විග්නේශ්වරන්ගේ ලිපිය මත ස්‌විස්‌ පෙඩරල් ක්‍රමයේ විද්වතුන් කණ්‌ඩායමක්‌ මෙරටට කැඳවීමයි.

ස්‌විස්‌ තානාපතිගේ මේ ක්‍රියාව තානාපතිවරුන් උදෙසා වූ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක්‌ නොවේද? ස්‌විස්‌ හා දකුණු අප්‍රිකානු පෙඩරල් විශේෂඥයන් ගෙන්වා සාකච්ඡා කිරීමට මෙරට ජනතාව ඡන්දය පාවිච්චි කළේ නැත. විග්නේශ්වරන් තවදුරටත් පවසන්නේ ස්‌විට්‌සර්ලන්තයේ කෑන්ටන් (ප්‍රාන්ත) ක්‍රමය අනුව බලතල බෙදිය යුතු බවයි.

කුරුඳුවත්තේ සිට යාපනයට ගිය විග්නේශ්වරන් පැළඳ සිටින්නේ ප්‍රජාතන්ත්‍ර වෙස්‌ මුහුණක්‌ නොවන බව පැහැදිලිය. වසර 14 කට පෙර ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ කිව්වේ මට සම තත්ත්වය අවශ්‍ය බවයි. එම ප්‍රකාශයම විග්නේශ්වරන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාවෙන් පනහට පනහ ඉල්ලා සිටී.

2002 සටන් විරාම සමයේ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා ස්‌විට්‌සලර්ලන්තය සහාය විය. යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමේ යෝජනාවට ජන්දය දුන්නේද ස්‌විට්‌සර්ලන්තයයි. දැන් ස්‌විස්‌ රජය මෙරට පෙඩරල් ක්‍රමවේදය බිහි කිරීමට දායක වී ඇත.

එහෙත් දකුණේ ජනතාව උතුරේ සිදු වන මේ බෙදුම්වාදී නාටකය ගැන අවධානය යොමු කර නැත. එක්‌සත් පාලනයක්‌ යටතේ ස්‌වයංපාලනයක්‌ ලැබිය යුතු යෑයි විග්නේශ්වරන් වැඩිදුරටත් පවසා ඇත.

ඔහු ඉල්ලන සම ස්‌වෛරීභාවය හා ස්‌වයංපාලනය යනු බෙදුම්වාදයේ ප්‍රධාන ඉලක්‌ක වේ.

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට ඉහත කී කරුණු ඇතුළත් කළ යුතු බවද විග්නේශ්වරන් පවසා ඇත.

මේ ඉල්ලීම් දීම යනු උතුරේදී දිවි පිදූ අපේ ගෞරවනීය මළවුන්ට කරන විශාල අවමානයකි. බෙදුම්වාදීන්ට අපේ නිවසේ දොරකඩ අසලට පැමිණීමට ඉඩ නොදිය යුතු" යෑයි රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් වරක්‌ පැවසීය.

එහෙත් උතුරේ බෙදුම්වාදීහු දැන් අපේ දොරකඩට පැමිණ ඇත. මේ පසුබිම මැද මනෝ ගනේෂන් ද උතුර නැගෙනහිර පළාත්වලින් පිටත සිටින ලක්‍ෂ 16 ක ද්‍රවිඩ ජනතාවට බලය ලබා ගැනීම සඳහා යෑයි කියමින් කමිටුවක්‌ පත් කර යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.

මින් මෙරට බරපතල අර්බුදයක්‌ ඇති නොවන්නේද? මෝදර, මට්‌ටක්‌කුලිය, වත්තල, හැඳල, වැල්ලවත්ත ඇතුළු ප්‍රදේශවලටද බලය බෙදාහැරිය යුතුද යන ප්‍රශ්නය මතු වී ඇත.

මේ අන්දමට විග්නේශ්වරන්ලා සහ මනෝ ගනේෂන්ලා නටන දේශපාලන නාඩගම්වලට ඉඩදිය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.