ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 17, 2016

ඉතිහාසය පුරාවටම දකින්නට ඇත්තේ ජාතිකවාදය හා අපේකම ය.

එහෙත් රටේ ඇතැම් දේශපාලනඥයන් ඇතුළු ලොකු පොරවල් එසේ බන්ධනාගාර රෝහලේ නතර වෙද්දී මේ රටේ පොලිසිය "මීක්‌" කියා හඬක්‌ නඟනු අම්මා මුත්තා කාලේදීවත් අප නම් අසා නැත. එසේ පෙර වාර්තා තබා ඇති පොලිසිය මෙම සිද්ධිය හමුවේ රට බේරා ගත් යුද හමුදා

සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් බන්ධනාගාර රෝහලේ සිටින බව පවසමින් හඬ නැඟුවේ කුමක්‌ නිසාද?

ඔවුන් එසේ සිටීම පොලිසිය සිදු කරනු ලබන එක්‌නැලිගොඩ විමර්ශනයට බාධාවක්‌ නොවන බව බැලූ බැල්මටම තහවුරු වන්නේය. එසේ නම් පොලිසිය එවන් කතාවක්‌ මතු කරනු ලැබුවේ මේ රණවිරුවන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ තරහවකින් පසුවන නිසාද? එය අද රටේ ජනතාවට ඇති වී තිබෙන ගැටලුවක්‌ බවද මෙහිදී කිව යුතුය.
දුටුගැමුණු නිරිඳුන් එදා එළාර පරදා මේ රට එක්‌සේසත් කළේය. ඒ දස මහා යෝධයන් ප්‍රධාන සිය සේනාවන්හි ශක්‌තිය හමුවේය. ඒ විජයග්‍රහණයෙන් පසු දුටුගැමුණු රජතුමෝ විසිහතර වසරක්‌ එකීය ශ්‍රී ලංකාවේ රජ වූහ. සම්බුද්ධ ශාසනය මනා පෝෂණය කරන අතරේ රට සශ්‍රීක කළෝය.

දුටු ගැමුණු නිරිඳුන්ගේ අවෑමෙන් ඉතිහාසයට අනුව මේ රට භාර වූයේ සද්ධා තිස්‌ස නිරිඳුන්ටය. එතුමෝද 18 වසරක්‌ම රට පාලනය කළහ. නමුත් දුටුගැමුණුගෙන් පසු බලයට ආ සද්ධා තිස්‌ස එකී 18 වසරක පාලන කාලය තුළ කිසි තැනකදීවත් එළාරගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ තියන්නට ගියේ නැත. දුටුගැමුණු නිරිඳුන්ගේ යුද වීරයන් වූ දස මහා යෝධයන් හිරේ විලංගුවේ දැමූ වගක්‌ද අප අසා නැත.

එළාර පැරදූ දුටුගැමුණු සටනේදී ද ඇතැම්වට අද ඇමරිකාව ප්‍රධාන ජිනීවා කස්‌ටිය කියන ආකාරයේ දේ සිදු වූවා විය හැකිය. එහෙත් සද්ධා තිස්‌ස ඒ කුණුකන්දල් සොයන්නට නොගියේය. ඔහු කළේ තව තවත් රට සශ්‍රීක කිරීමය. මෙහිදී දුටුගැමුණු රජු හා පැවැති සහෝදර බැම්මටත් වඩා සද්ධා තිස්‌ස නිරිඳුන් තුළ මේ රට මගේය කියන හැඟීම ඉස්‌මතු වූවා සිකුරුය.

අපේ ඉතිහාසය දෙස බැලීමේදී ඇතැම් තැන්වලදී පාවා දුන්නෝ හමුවන්නාහ. නමුත් අප දන්නා අපට මතක සිංහල රාජාවලියේ එවැන්නෝ නොවූහ. රජවුරු 179 දක්‌වා විහිදී එන ඒ ඉතිහාසය පුරාවටම දකින්නට ඇත්තේ ජාතිකවාදය හා අපේකම ය.

එහෙත් ඉතිහාසය එසේ වුවද අද අපට කුමක්‌ සිදුව තිබෙන්නේද? අපේ නූතන මහාවංසය අනාගතයේදී කෙසේ ලියෑවෙනු ඇතිද?

දස මහා යෝධයන් හා සමාන සුරුවිරුකම් පෑ අපේ පරපුරේ වීරයන් පිරිසකට මිනීමරුම් චෝදනා එල්ල වී තිබෙන ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩුව ඉකුත් සතියේ හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගත් අවස්‌ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස්‌ මහතා අධිකරණය හමුවේ එක්‌ සුවිශේෂී සඳහනක්‌ කරනු ලැබීය.

ඒ අධිකරණ නියෝගයක්‌ ලබා දී තිබියදීත් එක්‌නැලිගොඩ විමර්ශන සඳහා අවශ්‍ය කරනු ලිපි ලේඛන ලබා දෙමින් රහස්‌ පොලිසියට සහාය වීමට යුද හමුදාව ක්‍රියා නොකරන බව පවසමිනි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එසේ සඳහන් කිරීමත් සමඟ, යුද හමුදාව සහාය නොදෙන්නේ නම් අධිකරණ නියෝගය කඩ කිරීම හමුවේ යුද හමුදාපතිවරයාට එරෙහිව නඩු පැවරීමට රහස්‌ පොලිසියට හැකියාව ඇති බව හෝමාගම ගරු මහෙස්‌ත්‍රාත් රංග දිසානායක  දැනුම් දුන්නේය.

එපමණක්‌ද නොව මෙහිදී පැමිණිලි පාර්ශ්වය මගින් මහෙස්‌ත්‍රාත්වරයාට තවත් කරුණු දෙකක්‌ද ඉදිරිපත් කළේය. ඒ මෙම සිද්ධිය හමුවේ සිරගත කෙරුණු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රණවිරුවන් බන්ධනාගාර රෝහලේ නතරව සිටින බව සහ ඔවුන්ට හමුදාව කෑම බීම ගෙනවිත් දෙන බව පවසමිනි.

රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පුද්ගලයකු යනු වරදකරුවකු නොව සැකකරුවෙකි. එහෙයින් ඔහුට හිමි අයිතිවාසිකම් බොහෝ තිබේ. එය වෙනම කතාවකි. චිරාත් කාලයක සිට මේ රටේ දේශපාලනඥයන් ඇතුළු ලොකු පොරවල් බන්ධනාගාරගත කෙරුණු කල්හි ඔවුන් නතර වූයේ බන්ධනාගාර රෝහලේ බව ප්‍රසිද්ධ රහසක්‌ වන්නේය.

චෝදනාවට වරදකරුවන් වී සිරගත කෙරුණු කල්හි මේ ඇතැම් පොරවල් සඳහා ලබා දීමට විශේෂ පහසුකම් ඇති සිර මැදිරිද බන්ධනාගාරයේ ඇත. ෆීල්ඩ් මාෂල් සරත් ෆෙන්සේකාද රඳවා සිටි විජය කුමාරතුංග වාට්‌ටුව නමින් ප්‍රසිද්ධ වැලිකඩ බන්ධනාගාරයේ සිර මැදිරිය එවන් එකකි. (සරත් ෆෙdන්සේකා වැනි වීරයකු එදා සිරගත නොකළ යුතුව තිබුණකි. එසේම ඒ අභාග්‍යසම්පන්න ඉරණම හමුවේ ඔහු වැන්නකුට එවන් පහසුකමක්‌ ලබා දීම ගැටලුවක්‌ ද නොවේ)

එහෙත් රටේ ඇතැම් දේශපාලනඥයන් ඇතුළු ලොකු පොරවල් එසේ බන්ධනාගාර රෝහලේ නතර වෙද්දී මේ රටේ පොලිසිය "මීක්‌" කියා හඬක්‌ නඟනු අම්මා මුත්තා කාලේදීවත් අප නම් අසා නැත. එසේ පෙර වාර්තා තබා ඇති පොලිසිය මෙම සිද්ධිය හමුවේ රට බේරා ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් බන්ධනාගාර රෝහලේ සිටින බව පවසමින් හඬ නැඟුවේ කුමක්‌ නිසාද?

ඔවුන් එසේ සිටීම පොලිසිය සිදු කරනු ලබන එක්‌නැලිගොඩ විමර්ශනයට බාධාවක්‌ නොවන බව බැලූ බැල්මටම තහවුරු වන්නේය. එසේ නම් පොලිසිය එවන් කතාවක්‌ මතු කරනු ලැබුවේ මේ රණවිරුවන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ තරහවකින් පසුවන නිසාද? එය අද රටේ ජනතාවට ඇති වී තිබෙන ගැටලුවක්‌ බවද මෙහිදී කිව යුතුය.


ඒ කතා කෙසේ වෙතත් ගරු හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා එසේ යුද හමුදාපතිවරයාට නඩු පැවරීමේ අවස්‌ථාව රහස්‌ පොලිසියට ඇතැයි යනුවෙන් දැනුම් දීමත් සමඟ ඊට පසු දින රටේ ජාතික පුවත්පත් ඒ ප්‍රවෘත්තියට ඉහළ ප්‍රචාරයක්‌ ලබා දෙමින් ප්‍රධාන සිරස්‌තලය ලෙස වාර්තා කර තිබිණි.

එලෙස ජාතික පුවත්පත් මගින් මේ කතාව මතු කිරීමත් සමඟ ඊට පසුදා තවත් අපූරු දෙයක්‌ද සිදු විය. ඒ යුද හමුදා තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායේ ගිරිතලේ පිහිටි ප්‍රධාන කඳවුරට මුද්‍රd තබා එහි කටයුතු යුද හමුදා පොලිසියට භාර කරමින් ඉතිහාසයේ පළමු වතාවට හමුදා කඳවුරක්‌ සීල් තැබීමට යුද හමුදාපතිවරයා පියවර ගැනීමය.

ඉකුත් 2002 වසරේදී සිදු වූ කුප්‍රකට මිලේනියම් සිටි බුද්ධි අංශ පාවා දීමේදීවත් මෙවැන්නක්‌ සිදු නොවීය. එහෙයින් එම සිද්ධියටද රටේ මාධ්‍ය ලබා දුන්නේ ඉහළ ප්‍රචාරයකි.

ගිරිතලේ කඳවුර සීල් කිරීමේ කතාවට ලැබුණු එම ප්‍රචාරයත් සමඟ, කඳවුර සීල් තැබීමක්‌ සිදු නොකළ බවත් එහි තිබෙන කබඩ් කිහිපයක්‌ අගුළු දමා යුද හමුදා පොලිසියට සහ කොළඹින් ගිය නීති අංශයේ පිරිසකට පරීක්‍ෂණ සඳහා භාර දුන් බවත් යුද හමුදාව කියන්නට විය.

නමුත් ඒ කතාව ඇසූ එදා සතුරාට එරෙහිව මේ රට වෙනුවෙන් පෙරට ගිය බොහෝ රණවිරුවන් කියන්නට වූයේ "එදා වගේ නෙමේ අද හමුදාවේ ඉන්න සමහර ලොක්‌කන්ට කොන්දක්‌ හෙවත් හරියට පිහිටි කශේරුකාවක්‌ නැතැයි" කියාය.

එපමණක්‌ නොව මෙහිදී යුද හමුදා නීති අංශයේ එක්‌තරා ලොක්‌කකු පිළිබඳ විශේෂයෙන් සිහි කර අප නොදන්නා ලිංග බේදයක්‌ පිළිබඳ සහතික දෙන්නටද ඔවුහු කටයුතු කළහ. ඒ ගිරිතලේ කඳවුරේ සිද්ධිය හමුවේ බිඳ වැටෙන්නේ රටේ බුද්ධි නිලධාරීන්ගේ මානසිකත්වය බවද සඳහන් කරමිනි.

යුද හමුදා තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායට අයත් මෙකී ගිරිතලේ කඳවුර යනු කුමක්‌ද? ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි රෙජිමේන්තුවට අයත් සන්නද්ධ බුද්ධි නිලධාරීන් දැනට වසර ගණනාවක සිට ක්‍රියාත්මක වනුයේ ඒකක හෙවත් බළකා හතක්‌ යටතේය.

මේ වන විට වන්නි ආරක්‍ෂක සේනා මූලස්‌ථානය කේනද්‍ර කරගෙන පළමුවැනි සන්නද්ධ බුද්ධි බළකාය කටයුතු කරන අතර දෙවැනි සන්නද්ධ බුද්ධි බළකාය ක්‍රියාත්මක වන්නේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්‌ථානයේය.

ගිරිතලේ පිහිටියේ මුතූර් සිට පානම දක්‌වා වූ නැගෙනහිර ප්‍රදේශය ආවරණය වන ලෙස ක්‍රියාත්මක වූ මේ වන විට ප්‍රශ්නගත තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකාය ය. සිව්වැනි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට කිලිනොච්චිය ප්‍රදේශය භාර වූ අතර අප ජීවත් වන බස්‌නාහිර පළාතද ඇතුළු රටේ බටහිර කොටසේ ඔත්තු සේවා රාජකාරී පැවරී තිබෙන්නේ පස්‌වැනි සන්නද්ධ බුද්ධි බළකායට ය.

හයවැනි සන්නද්ධ බුද්ධි බළකායට ප්‍රභාකරන්ගේ මාරකය පල දුන් මුලතිව් ප්‍රදේශය භාර විය. මේ අතරේ තුන්වැනි බුද්ධි බළකායට අයත් නැගෙනහිර ප්‍රදේශයේ පවතින විශාලත්වය හේතුවෙන් හත්වැනි සන්නද්ධ බුද්ධි බළකායට ත්‍රිකුණාමලය, කන්තලේ ප්‍රදේශ මූලික කරගත් නැගෙනහිර පළාතේ ඉහළ කොටසේ ඇතුළත ප්‍රදේශයේ බුද්ධි රාජකාරි භාර කෙරිණ.

මේ අනුව බලන කල පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකාය යනු නැගෙනහිර පළාතේ මුතූර්වලට පහළ සිට සහ මින්නේරිය, හබරණ, මඩකලපුව, ත්‍රිකොAණමඩු, සිත්තන්ඩි, කාත්තන්කුඩි, කාරතිව්, නින්දවුර්, පාලමුණේ, තිරුක්‌කෝවිල්, අම්පාර, පොතුවිල් සහ පානම දක්‌වා වූ ප්‍රදේශ ආවරණය වන ලෙස ක්‍රියාත්මක වූ බුද්ධි බළකාය බවය.

යුද හමුදාපතිවරයාගේ නියෝගය අනුව මුද්‍රd තැබූ බව කියන ගිරිතලේ පිහිටා තිබුණේ එකී බුද්ධි බළකායට අයත් වර්තමානයටද අතිශය වැදගත් වන්නා වූ ප්‍රධාන බුද්ධි කඳවුරය. ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුර යෑයි කියනුයේ එයටය.

ප්‍රභාකරන් නමැති මිනීමරුවා වැනසූ ඉකුත් යුද සමයේ මුලින්ම නැගෙනහිර පළාත ජයගනිමින් අපේ වීරෝදාර රණවිරුවන් කරගෙන ගිය විජයග්‍රාහී සටනේදී මෙකී ගිරිතලේ කේන්ද්‍රීයව ක්‍රියාත්මක වූ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායෙන් සිදු වූයේ සුවිශේෂී මෙහෙවරකි. ශීත කාමරවල සිටිමින් යුද්ධය ගැන කතා කළ උන් නොව යුද්ධයේ රස හඳුනන්නෝ එය මැනවින් දන්නාහ.

එල්ටීටීඊය වැනසූ යුද්ධයේදී කරුණා පාර්ශ්වය අපේ කර ගත්තේ මෙකී තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායේ විරුවන් සිදු කරනු ලැබූ මෙහි සටහන් කරන්නට බැරි එමෙන්ම සටහන් කළහොත් කිසිවකුටත් අදහා ගන්නටද නොහැකි වන අන්දමේ බුද්ධි මෙහෙයුම් හමුවේය. මාවිල්ආරුවෙන් ඇරඹි සටනෙaදී අපේ විරුවන් මුලින්ම නැගෙනහිර විජයග්‍රහණය කරමින් තොප්පිගලට ගොඩවූයේද මෙකී බුද්ධි නිලධාරීන්ගේ එඩිතර බවට පින්සිදු වන්නටය.

මේ සියල්ලේ නියමුවා ලෙස තම නිලධාරීන් මෙහෙයවමින් කටයුතු කරනු ලැබුවේ රට වෙනුවෙන් පෙරට ගොස්‌ අද එක්‌නැලිගොඩ සිද්ධිය හමුවේ හිරබත් කන තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායට අණදුන් ලුතිනන් කර්නල් ශම්මි කුමාරත්න ය. මෙතෙක්‌ කිසිවකුත් නොදැන සිටි යථාර්ථය ඇත්තේ එතැනය.

මේ සටහන් කෙරුණේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායට අදාළ අතීත කතාවය. එහි වර්තමාන සහ අනාගත කතාව කෙසේ වී තිබුණේද?

අප මේ ගෙවා දමමින් සිටිනුයේ අයිඑස්‌ ත්‍රස්‌තවාදය මුළු ලෝකයම සසල කරන අතරේ ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ද එහි කොටස්‌කරුවන් වී සිටින බව කියෑවෙන කාලපරිච්ඡේදයකි. වන්දනාවේ යන බව පවසා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ සිරියාවට ගොස්‌ ඉන් කිහිප දෙනකු අයිඑස්‌ ත්‍රස්‌තයන්ට එකතුවී තිබෙන බව ඉකුත් දිනවල ආරක්‍ෂක ලේකම්වරයාම ප්‍රකාශ කළේය.

අලුත් කතාව එසේ වෙද්දී අතීතයේ මෙන්ම වර්තමානයේත් නැගෙනහිර පළාතේ බුද්ධි තොරතුරු රැස්‌ කිරීමේ වගකීම පැවරි තිබුණේ තුන්වැනි බුද්ධි බළකායට ය. නැගෙනහිර පළාත යනු මේ වන විටත් අපේ මිතුරන් වූ මෙරට සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන්ටත් හිසරදයක්‌ වී තිබෙන දැඩි මතධාරී මුස්‌ලිම් අන්තවාදයට ගොදුරු වෙමින් තිබෙන ප්‍රදේශයක්‌ බව පැහැදිලි වෙමින් තිබෙන්නකි.

ඉකුත් 2014 නොවැම්බර් මාසයේදී මේ ලියුම්කරු නැගෙනහිර පළාත පිළිබඳ ලැබුණු වැදගත් තොරතුරු සමුදායක්‌ ඔස්‌සේ එහි සංචාරයක නිරත විය. එහිදී මුතූර් සිට පහළට වන්නට ඇති මුහුදු කලාපය ආශ්‍රිතව රට තුළට විහිදී එන ප්‍රදේශයේ පැහැදිලිවම ගොඩනැගෙන අරාබි කලාපයක්‌ දකින්නට ලැබිණ. එපමණක්‌ නොව, හිටපු කොටි සාමාජිකයකු වූ "සා මොහොමඩ්" නම් පාතාල අවි ඒජන්තයකු හා සම්බන්ධ වෙමින් එක්‌ රාත්‍රියකදී මුතූර් වෙරළේ සිට ඔහුගේ ගෝලයකු සමග මයික්‍රෝ පිසිතෝලයකට ව්‍යාජ ඩීල් එකක්‌ දමන්නටද හැකි විය. කතාව තිබුණේ එතැනය.

එසේ අයිඑස්‌ ත්‍රස්‌තවාදයේද සෙවනැළි මතුවන වර්තමානයට අදාළව මේ ගෙවී යමින් තිබෙන්නේ යුද හමුදා තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකායේ සේවය රටට අත්‍යවශ්‍ය කාලපරිච්ෙච්දයක්‌ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු නැත. අප පෙළ ගැසිය යුත්තේ අතීතයට නොව අනාගතයටය.

එහෙත් ඇතැම් සිද්ධීන් හමුවේ බුද්ධි නිලධාරීන් සිරගත කෙරෙද්දී ගිරිතලේ කඳවුරටත් මුද්‍ර තැබුණේ නම් කුමක්‌ සිදු වනු ඇද්ද? බිඳ වැටෙන්නේ බුද්ධි නිලධාරීන්ගේ මානසිකත්වය සහ ධෛර්ය ය.

එහිදී ඔවුන් වර්තමානය දෙස බලන අතරේ අනාගතය ගැන සිතා ඉල්ලන් කනවාට වඩා නිකම් සිටීම යෙහෙකැයි සිතමින් කටයුතු කරන්නට වුවහොත් රටට එහි විපාක විඳින්නට සිදුවීම කිසිවකුටත් වැළකිය නොහැකිය.

අනේ මහත්වරුනේ යමක්‌ කරන්නට පෙර මේ පිංබිම දෙස බලා මේවා ගැන සිතන්නට ඔබ කාටවත් නොහැකිද? තිස්‌තුන් කෝටියක්‌ දේවතාවුන්ගේ ආශීර්වාදයෙන් ඒ ශක්‌තිය සියලු දෙනාට ලැබේවායි අපි පතන්නෙමු. ඒ මතු පරපුරට මේ රට ඕනෑ නිසාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.