මහා භාණ්ඩාගාරයේ පැරණීම සේප්පුව රවී කඩයි -වටිනා දේ රහසේම ගෙදරටකොළඹ කොටුවේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ පිහිටි මහා භාණ්ඩාගාර
ගොඩනැගිල්ලේ මුදල් ඇතුළු වටිනා දේ තැන්පත් කරන සේප්පුව කඩා ඉවත්කරීමේ
මුවාවේන් මිළකල නොහැකි භාණ්ඩ කිහිපයක්ම මුදල් අමාත්‍ය කරුපයියා
රහසෙම රැගෙන ගොස් ඇති බව ඇතැයි අපට වාර්තාවේ..
රාජ්‍ය මන්ත්‍රණ සභාව පැවති කාලයේ පටන් පැවත එන මෙම සේප්පුව කොන්ක්‍රීට්
යොදා, දැඩි ආරක්ෂාවක් සැලසෙන ලෙස ඉදිකර ඇති වර්ග අඩි 100කට වඩා විශාල
එකකි. මේ සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්ෂ 85ක් වන
අතර බෝර යොදා පසුගිය දෙසැම්බර් 30 දා සිට සේප්පුව විනාශ කිරීමේ වැඩ අරඹා
තිබේ.අදාළ කොන්ත්‍රාත්තුව ලබාදි ඇත්තේ කරුපයියාගේම කණ්ඩායමකට වන අතර ඒ සදහා
ටෙන්ඩර කැදවිමක්ද කර නෑ.
ඓතිහාසික වටිනාකමකින් යුත්, එසේම දැඩි ආරක්ෂිත ස්ථානයක් මෙසේ හදිසියේ
කඩා ඉවත්කිරීම පිළිබඳ බලවත් සැකයක් මතුවු බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු
සොයා යැමේදි මේම තොරතුරු අනාවරණය කර ගැනිමට අප වාර්තාකරුට හැකිවි තිබේ.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ කාර්යාලයෙන් කල විමසිමකදි එහි
ප්රකාශිකාවක් සදහන් කර ඇත්තේ කාර්යමණ්ඩලය සඳහා මෙම ස්ථානය භාවිතා කිරීමට
මෙම සේප්පුව ඉවත් කරන බවයි.