ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 13, 2016

හෝ ගානා පොකුණෙන් මතු වු දුම් රොකට්ටුව...!!!

කොළොම්පුරවරයේ උන්නු උමා ටීචර් හද්ද පිටිසර ගම්මානයකට එන්නේ කාලයක පටන් ඇගේ හිතේ තිබුණු හීනයක් හැබෑ කර ගන්න හිතාගෙන.  ගම්මානයටම තියෙන එකම බස්එකේ නැඟලා එන අතරමඟදි ඈ ඇතුළු ගම්මුන්ට සිද්ධ වෙන්නේ අකරතැබ්බයකට මුහුණ දෙන්න. ඒ සුපුරුදු විදියට බස් එක එදත් මඟ නතර වුණා. බස් එකෙන් බැස්ස උමා ටීචර් බස් එක තල්ලු කරන කණ්ඩායමට සහභාගි වුණේ ස්ව කැමැත්තෙන්. මේ අමුතු ගැහැනු ළමයා දිහා හැමෝම බැලුවේ අමුතුවට.

කොළොම්පුරවරයේ උන්නු උමා ටීචර් හද්ද පිටිසර ගම්මානයකට එන්නේ කාලයක පටන් ඇගේ හිතේ තිබුණු හී
“නෝනා මේ පළාතට අලුත් වගෙයි”
බස් කොන්දොස්තර මේ අමුතු නෝනව ඇමතුවේ හිතවත්කමට.
“ඒ වුණාට මේ වගේ වැඩවලට අලුත් නෑ. අල්ලමූ.......”
ඈ කිව්වේ හැබෑවටම හිනාවෙලා

නින්දේදී දකින හීන නින්දෙම අමතක නොවේලු
ඒ වගේ හීනයක් එක්ක අළුත් දිනක අවදි වන්න
ඒ වගේ හීනයක් එක්ක අළුත් ඉරට ඇහැ අරින්න
කැමතිද යාළු.. කැමතිද යාළු...
රෑට පේන කිරි හවා හඳේ ඉන්නවද සොයන්න
මිනිස්සු එකෝමත් කාලේක හඳට ගියාලු
ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලු
හඳට ගියාලු.

පසුගිය දිනවල ඈ මුණ ගැසෙන විටත්, මීට වසර කිහිපයකට පෙර ඒ විදියට හිනාවුණු හිනාව ඇගේ මුවඟේ තවමත් රැඳීලා තියෙනවා කියලා මට සිතුණේ ඉබේටම වගේ. මේ දිනවල තිරගත වන ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයෙන් ඔබ හමුවට පැමිණෙන උමා ටීචර්ට පණ පොවන අනසූයා සුබසිංහ කතාව ආරම්භ කළේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක.
“මේ වනවිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බලන විට එකිනෙකාට සම්බන්ධ නැති බොහෝදෙනාගෙන් එන අදහසක් තමයි ‘හඳයා’ගෙන් පස්සේ ආව එකම ළමා චිත්‍රපටය කියන කතාව. ඒ අදහස වරින්වර ෆේස්බුක් හෝ දුරකථන මාර්ගයෙන් මට එන ප්‍රතිචාරවලින් වඩාත් හොඳීන් හැඟෙනවා. ඒ සමාන බව හඳුන ගන්න උත්සාහ කරන විට හැඟෙන්නේ මේ චිත්‍රපටය සර්ව කාලීන, සර්ව භෞමික බවයි. ඒ කියන්නේ ඕනෑම කාලයක නරඹන්න පුළුවන්, නැවතත් නරඹන්න පුළුවන්, අපේ දරුවන්ටත් මේ චිත්‍රපටය නරඹන්න පුළුවන් කියන අදහසක් දෙන චිත්‍රපටයක් විදියට ‘හෝ ගානා පොකුණ’ බොහෝදෙනා අතර මේ වනවිට ගැනෙනවා. ඒ ලක්ෂණ මේ චිත්‍රපටයේ තියෙනවා. ඕනෑම වයසක කෙනෙකුට වෙන වෙන තලවලින් තේරුම් ගැනීමේ අවකාශයක් මේ නිර්මාණය ඇතුළේ ගොඩනඟලා තියෙනවා. ”
අනසූයාට ලැබුණු ප්‍රතිචාරත් සමඟ දැනුණු සතුට ඇගේ සිතේ කොණක හැංගිලා.
“ මේ ප්‍රතිචාරමද ලෝකයේ අනෙක් රටවල්වලදිත් සම්මානයට පාත්‍ර වෙන්න හේතුවක් වුණු බව ඔබ සිතන්නේ ? ”
‘සිනමා පැරඩිසෝ’ වගේ චිත්‍රපටයක් ගත්තත්, මජඩිගේ ‘චිල්රන්ඩ් ඔෆ් හෙවන්’ වගේ චිත්‍රපටයක් ගත්තත් ඒ මානුෂීය තත්ත්ව පොළොවේ කොහේ හිටියත් අපට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ තියෙනවා කියන එක කාටත් දැනෙන කාරණයක්. ඒ නිසාම වෙන්න ඇති ජාත්‍යන්තර සිනමා උලෙළවල්වලදි මේ නිර්මාණය සම්මානයට පාත්‍ර වෙන්න ඇත්තේ යැයි මා සිතන්නේ. ඇමෙරිකාවේ චිකාගෝවලදිත්, චීනයේදිත්, වියට්නාමේදිත්, හයිද්‍රාබාද්වලදිත් අපට ලැබුණේ එකම විදියේ ප්‍රතිචාරයි. අපව හඹාගෙන ඇවිල්ලා මේ ගැන කතා කරන්න තරම් ඔවුන් සැලකිලිමත් වුණා. මේ සෑම තැනකින්ම ලැබුණු ප්‍රතිචාරත්, ඔවුන් අපෙන් විමසුව සෑම ප්‍රශ්නයක්ම වුණත් එකම වගේ. ඒ නිසා මේ කතාව ලංකාවේ හද්ද පිටිසර ගමකට සීමාවුණු කතාවක් පමණක් නොවෙයි. එහෙම නැත්නම් මේ කතාව මුහුද බලන්න යන කතාවකුත් පමණක් නොවෙයි.”
එහෙනම් මොනවද ‘හෝ ගානා පොකුණ චිත්‍රපටයෙන් කතා කරන්නේ කියලා සමහරෙකුට හිතෙන්න පුළුවන්.
“ මීට එහි ගිය තවත් බොහෝ දේවල් ‘හෝ ගානා පොකුණ ඔස්සේ කතාබහ වෙනවා කියලාද ඔබ ඔය පවසන්නේ ? ”
“ අනෙක් විදියකින් බැලුවොත් මේ චිත්‍රපටයෙන් විශේෂ ආරාධනාවක් කරනවා. අපි මේ තියෙන සමාජ, දේශපාලන, ආර්ථික තත්ත්වයක් එක්ක හරඹ කරන්න ඉදිරිපත් වෙනවා නම් කොයි විදියට ඒක ප්‍රවිෂ්ට විය යුතු ද කියන ආරාධනාවට පුංචි ඉඟියක් දෙමින් එය කරන බවක් මට හැඟෙනවා. ඒ වගේම අපිම සමාජයක් විදියට කරන පුංචි පුංචි අරගල විශාල විප්ලවවලට ආදේශ කර ගන්න පුළුවන් නම් කියන අදහසත් මේත් සමඟම මගේ සිතේ ඇතිවන අදහසක්. ඕනෑම කාරණයකදි අනෙක් අයට බැණ බැණ ඉන්නවාට වඩා මොනවද කරන්නේ කියලා නැවතත් අපේ දෙසටම හැරිලා බලන්න කියන ආරාධනාවත් මේ චිත්‍රපටය ඔස්සේ කතාබහ කෙරෙනවා. තරුණ ජවය මීට වඩා අර්ථවත් විදියට යොදා ගන්න කියන පණිවුඩයත් මේ කාරණයටම අදාළ බවයි මා සිතන්නේ. ”
මේ අතර තරුණයන් ගැන වගේම ඇය ළමයින් පිළිබඳ කතා කරන්නත් අමතක නොකළා. ‘හෝ ගානා පොකුණ’ කියන්නේ ළමයින්ගේ චිත්‍රපටයක්.
“ ළමයින්ට මේ කාරණය අදාළ කර ගන්නේ කොහොම ද ? ”
“ මෙහිදී සුපිරි වීරයෙක් ගැනත් කතා කරනවා. පසුගිය දවස්වල සුපර් මෑන් කෙනෙක් හෝ ස්පයිඩර් මෑන් කෙනෙක් හෝ බෙන්ටෙන් හෝ තමාට වඩා අධිමානුෂීය බලයක් තියෙන කෙනෙකුටයි මිනිස්සුන්ව බේරා ගන්න පුළුවන් කියන පැන්ටසියක් ළමයින්ගේ විතරක් නොවෙයි වැඩිහිටියාගේ මනසටත් ඇතුළත් කළ කාරණයක්. ඒ අදහස ළමයාගේ වැඩීමට අවශ්‍ය කාරණයක්. එහෙම වුණත් ඒ වීරයා තමා ඇතුළෙන්ම සොයා ගන්න තියෙන අවශ්‍යතාව සහ ඒ ඇතුළේ අධ්‍යාපනය හා පෞරුෂයේ විය යුතු වර්ධනය පිළිබඳත් මෙහි යම් විදියක කතිකාවතක් තියෙනවා. ඒ සඳහා කොයිතරම් දුරට අධ්‍යාපනයේ හා වැඩිහිටියන්ගේ මැදිහත් වීම අවශ්‍ය ද කියලත් පැවසෙනවා. ළමයින්ගේ පෞරුෂය කියන කාරණයේදී තමන් ගැන තමන්ට තීරණ ගැනීමේ හැකියාව, ඔවුන්ටම වෙන් වූ තෝරා ගැනීම් තියෙනවා. එහිදි ඒ තෝරා ගැනීමට අවශ්‍ය පෞරුෂය නිර්මාණය කර ගැනීම අවශ්‍ය අවකාශය සකසා දීම කොයිතරම් වැදගත් ද කියලා මෙහිදි ප්‍රශ්න කෙරෙනවා. ළමයි දහඅට දෙනෙක් කියන්නේ පෞරුෂ දහඅටක්. ඒ අය හැමෝම යම්කිසි අවශ්‍යතාවක් වෙනුවෙන් ඉලක්කයක් දක්වා හඹා යන්න ඒ වගකීම ගැනීම ගැන අවධානය යොමුවිය යුතුයි. ඒ වගේම අපට පවසන්නේ පිටින් කෙනෙක් ඇවිත් එහෙමත් නැත්නම් ආණ්ඩුවක් ඇවිත් අපේ අරගලය ගොඩදාලා දෙනවා යැයි බලා ඉන්නවා වෙනුවට අපි විසින්ම ඒ උත්සාහය දැරිය යුතු බවත්. ”
අනසූයා විවාදයට තුඩුදෙන අදහසක් ගෙනහැර පෑවා. හරියට ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ අරගලයක් කළ උමා ටීචර් වගේ. උමාගේ උවන සිනමාවට අලුත්. නමුත් ඇගේ රුව අපට වේදිකාවේදී නම් නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි.
“ ඔබගේ රංගන කටයුතුවල ආරම්භය සැකසෙන්නේ කුමන පරිසරයක ද ?”
“මගේ ස්ථිර පදිංචිය දැනට හිඹුටාන ප්‍රදේශයයි. මුලින්ම මම පාසල් යන්නේ මියුසියස් විද්‍යලයට. ඊට පස්සේ සිරිමාවෝ විද්‍යලයටත්, නැවතත් මියුසියස් විද්‍යාලයටත් ගියා. ඒ පාසලේ දී මා බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණු ප්‍රමාණය වැඩියි. වේදිකාවට මගේ සහභාගි වීම ඇරඹෙන්නේ ඉංග්‍රීසි තියටර් එකෙන්. ඒ ජෙරම් ද සිල්වාගේ නිර්මාණත් සමඟයි. ඔහුත් සමඟ වැඩ කරන විට එතැනින් එහාට ගිය දෙයක් ඉගෙන ගන්නට මට උවමනා වුණා. වැඩිදුර අධ්‍යාපනය සඳහා නිව්සීලන්ඩ් වයිකටෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ මේ නිසයි.
ඒ සම්පුර්ණ කටයුතු අවසන් වුණාට පස්සේ මා එහේ ඉගෙන ගත්ත දෙයක් ලංකාවේ අයත් එක්ක බෙදා ගන්න ඕන කියලා හිතලා ලංකාවට එනවා. ඇවිත් ටික කාලයකට පස්සෙයි පියල් කාරියවසම්ගේ ‘මාස්ටර් බිල්ඩර්’ වේදිකා නාට්‍යයට සහභාගි වෙන්නේ. සිංහල වේදිකාවට මගේ මේ පිවිසීමත් සමඟ රාජිතගේ ‘ආපසු හැරෙන්න බෑ’, ඉන්දිකගේ ‘කොළම්බෝ කොළම්බෝ’ ආදී නිර්මාණ රැසකටම දායක වෙනවා. ඒ අතරයි මට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන්න ආරාධනා ලැබෙන්නේ. මේත් සමඟම මා මගේ ආචාර්ය උපාධිය කරන්න ඕස්ට්‍රේලියා වික්ටෝරියා විශ්වවිද්‍යාලයට පිවිසෙනවා. එහි ඉගෙනීම් කටයුතුවල යෙදිලා ඉන්න අතරතුරයි ‘හෝගානා පොකුණ ’ තිරගත වීම ආරම්භ වන්නේ. ”
අනසූයාගේ පළමු සිනමාවට පිවිසීමේ ආරම්භය සැකසෙන්නේ ‘හෝ ගානා පොකුණ චිත්‍රපටයෙන්.
“ ඔබ ලැබූ සිනමා ආගමනයේ අත්දැකීම මොන වගේ ද ? ”
මගේ පළමු චිත්‍රපටය වුණත් මේක යාළුවෝ ටිකක් එකතුවී කළ නිර්මාණයක්. මේ චිත්‍රපටය වාණිජමය පැත්තෙන් වුණු ගනුදෙනුවක් නොවෙයි. හිතවත්කම් සමඟ ගිය වැඩක්. ඒ නිසාදෝ තියටර් එකට එහා ගිය වැඩක් කියලා මට දැනුණේ නැහැ. මේ නිර්මාණ කටයුත්තේ අනෙක් කටයුතුවලටත් අධ්‍යක්ෂවරයා මාව සහභාගි කර ගන්නවා. නිෂ්පාදක කුසුම්සිරිත් ඒවාට දායක වෙනවා. ඒ නිසා කාර්යාලයීය වැඩකට එහා ගිය මානුෂිය සම්බන්ධතාවල එකතුවකිනුයි මේ නිර්මාණය සමාජ ගත වෙන්නේ. ”
චිත්‍රපටය රූගත කෙරෙන්නේ කොළොම්පුරවරයෙන් බොහෝ ඈත. පහසුකම් නැති දුෂ්කරව ගෙවුණු දින ගණනක රූගත කිරීම් ජීවිතයට අලුත් අත්දැකීමක්.
“ රූගත කිරීම් කළ ගම්මානයත් සමඟ ඇතිවුණු බැඳීම ගැනත් යමක් කියමු ? ”
මාසයක් පමණ මහව ගමේ නැවතිලා රූගත කිරිම් සිදුවුණා. චිත්‍රපටයට සහභාගි වුණු එක් ළමයෙක් ගමේම ළමයෙක්. ඒ කාලයේ ගමේ අයත් සමඟ අපූරු සබැඳීයාවත් අප අතර ඇතිවුණා කිව්වොත් නිවැරැදියි. ඒ අය දැනුත් මෙහේ යනවා. එනවා. අපි වුණත් ඒ වගේමයි. නොදැනුම්වත්වම අප දෙපිරිස අතර ඇතිවුණු ඒ මානුෂීය සම්බන්ධය මට ගොඩක් වටිනවා. තියටර් එකෙන් ආව කෙනෙක් විදියට වෙන්න ඇති මා ඒ මානුෂීය සම්බන්ධතා මේ තරමටම අගය කරන්නේ.”
වර්තමානයේ බොහෝ නිර්මාණවල සිටින නළු -නිළියන්ට ඇත්තේ රංගන දස්කමට වඩා එහා ගිය රූපමය හැඩයක්.
“ එහෙත් මේ කිව්ව කාරණය ‘හෝ ගානා පොකුණට අදාළ නොවන වගයි හැඟෙන්නේ ”
ඒ වේදිකාවෙන් ආවට පස්සේ ඉන්දික සොයා ගන්න එක් ඉඩහසරක්. පැහැදිලිවම පසුගිය දවස්වල සමාජයක් විදියට අතිශය ප්‍රතික්ෂේප කළ යුතු වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සිදුවුණා. උදාහරණයක් විදියට ඒ එක් වෙළෙඳ දැන්වීමක් මගින් රැකියාවට යන්න යන ළමයෙකුගේ විශ්වාසය ඇති කරන්න ගෙනැත් දෙන්නේ ආලේපන වර්ගයක්. ඒක විසින් කරන යෝජනාවට මා ඇතුළු සමාජයක් හරි නම් අතිශය විරුද්ධ වෙන්න ඕනෑ.
ඒ මොකද මේ ඔස්සේ බොහෝදෙනාගේ සිතේ වැරැදි මානසිකත්වයක් ගොඩනඟන නිසයි. අද වනවිට අපේ රටේ කළු සහ සුදු යන පැහැයෙන් ඉන්න මිනිස්සුන්ගේ ප්‍රමාණ කොයිතරම් ද කියන කාරණය ගැන පර්යේෂණ කරලා සොයාගෙන තියෙනවාද කියලා මං දන්නේ නැහැ. නමුත් අපේ ලංකාවේ පොදුවේ සමේ පැහැය අඳුරුයි. දේශගුණය අනුවයි අපට එවැනි වර්ණයක් හිමි වී තිබෙන්නේ. ඒක ඇතුළේ ඔබ කිව්ව වගේ යම්කිසි සුදු සහ කළු පැහැයේ මානසිකත්වයක් හදනවා. නමුත් ඒ අදහසට ඇති කරන පෙරළියක් ලෙසයි මා චිත්‍රපටයේ දි මේ කාරණය දකින්නේ. කාන්තාවගේ රූපය කියන දේ පිළිබඳ වෙනස් විදියකට හිතන්න ඕන කියන යෝජනාවක් චිත්‍රපටයෙන් ගෙනෙන එක්තරා අදහසක්. ඒක හොඳ දෙයක්. නිළියක් කියන කෙනෙකු සම්බන්ධයෙන් මේ කාලයේ ගොඩනැඟිලා තියෙන අදහස වෙනුවට රඟපෑමටයි මුල්තැන ලැබිය යුත්තේ.
තිලානි ශානිකා විතානාච්චි








 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.