2016 නව වසර මෝඩ කපටි දේශපාලුවන්ගේ කථාවලට සහ උපාය වලට නොරැවටෙන නිදහසේ ජිවත්
විය හැකි වසරක් වේවායි පතන්නෙමු.පසුගිය වසර තිස්සේ අපට අසන්නට දකින්නට ලැබුණේ උඩින් ජනතාව රවටමින් කියන කරනා කථා තුළින්ම යටින් මුළු රට ජාතියම අගාධයක් කරා ඉතා අන්තරාකාරී ලෙසින් ඇදගෙන ගිය අන්දමයි.අපේ ඇතැම් අය තම ජන්දය දී උන් පත්කලා කියා ලැබෙන දෙයක් කා වෙනදෙයක් දෙස ඔහේ බලා සිටීමේ නිද්‍රාශීලි ජනතාවකි. ඇස්වසා ජනතාව රවටා බලය අතට ගත් පමණින් මේ ලෙසින් රටක් විනාශ කොට මහා ජාතිය වඳ ජාතියක් බවට පත්කොට නිහීන ලෙසින් විදෙස් රටවල උපාය සඳහා තම රට ජනතාව පාවා දීමට උරුමක්කාර පොල්මක්කාර බලයක් නැති බවද උන් ද දැන ගත යුතුය.වෙන රටවල නම් රට ජාතිය වෙනුවෙන් සේවය කළ අභිතයන් සඳහා ස්මාරක ගොඩ නංවා බුහුමන් ලබද්දී අප රටේ අභිතයන් සිර ගෙවලට දක්කන නිහීන නීචයන් අතට බලය ලැබී තිබීම ඉතා අන්තරාකාරිය.
එම නිසා මේ තීරණාත්මක අවදියේ ඔබ අවදිව සිටිය යුතුය.එයට පාටක් පක්ෂයක් භේදයක් අවශ්‍ය නැත.අවශ්‍ය වන්නේ එකමුතු කමයි.ඒ එකමුතුකමේ සවිය සඳහා අපද හැකි පමණින් දායක වීමට සුදානම්ය.
ලංකානිවුස්