ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 31, 2016

ෆොන්සේකාගේ කීර්තිමත් හමුදා සේවයෙන් බිදක්....!!!

යුධ හමුදාවේ ඉන්ටේක් 03 කෙඩෙට් නිලධාරී පාඨමාලවේ අන්තිමයා.
1975.12.25 දින මේජර් ජෙනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේ මෙහෙකාරිය වූ මැදවචිචියේ ධනවතී නැමැත්තියව දියතලාව හමුදා කදවුරේදී දූෂණය කලේය. පසුව විවාහ කරගන්නා බවට පොරොන්දුවී රු 500 දී ඇය ගෙදර යැවීය. ධනවතීට පසුව පිස්සු සෑදුනි. මේ සම්බන්ද ෆොන්සේකාගේ පෞද්ගලික ලිපිගොනුවේ වූ විනය පරීෂණ වාර්තාවඅතුරුදහන් වුවද දියතලාව කදවුයේ නිලධාරීන්ගේ පොදු විනය ලිපිගොනුවේ එය සුරක්ෂිතව ඇත
හමුදා සේවයේ නිකැලැල් චරිතය සංකේතවත් කරන උත්තම සේවා පදක්කම අහිමි ලොව එකම හමුදාපති.
හමුදා නිලධාරී නිවස්නයන්හි සේවය කරන දුප්පත් ළමා බැටිමන්වරුන් ලිංගික කටයුතු වලට යොදාගත් නිලධාරියා.

අසව්.... අසව්.... අසව්.... යුගයේ ගායිකාව පහළ වී තිබේ...!!!

රූපවාහිනි නාලිකාවල මේ දිනවල හරිම ජනප්‍රිය "රියෑලිටි සංගීත වැඩසටහන් බලන්නට මා පෙළඹුණේ එම්. ඩී. ධනුෂ්ක නිසාය. එම්. එස්‌. ප්‍රනාන්දු නම් ප්‍රතාපවත් ගායකයාගේ "හඬ පෞරුෂය" නොනසා ඔහුගේ ගී හරි අපූරුවට ගැයූ ධනුෂ්කගේ ගායනා ශෛලිය හා ගායන විලාශය මා සිත් ගත්තේය.
එතැන් පටන් ඉඩක්‌ ලද හැම විටකම මම දෙරණ නාලිකාවේ "ඩී්‍රම් ස්‌ටාර්" ප්‍රමුඛ යම් යම් රියෑලිටි වැඩසටහන් බලන්නට පුරුදු වූයෙමි. මේ වායේ ගී ගැයූ සමහර තරුණ තරුණියන්ගේ ඇතැම් ගායනා "මුල් ගැයුම්" වලටත් වඩා නිර්මාණශීලීව හා ආකර්ෂණීයව අප හදවත් මෝහණයට පත් කළා මට මතකය.
එහෙත් මේ හැම රියෑලිටි වැඩසටහනකම මම දුටු අප්‍රසන්න කොටස එළැඹෙන්නේ එම ගායනා පිළිබඳ විනිශ්චය කරන විනිසුරුවෝ තම තම විවරණ සපයද්දීය. මේ ඇතැම් විනිසුරුවෝ මොන තරම් "බක පණ්‌ඩිතකම්" සම්භාරයකින් පරිපීඩිත දැයි හැඟෙන්නේ ඒ විවරණ අසද්දීය. සංගීත විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ හෝ කිසිsදු ගායන හැකියාවක්‌, ව්‍යවහාරික ඥානයක්‌ නැතිවුවත් "කට වාචාලකම" පමණක්‌ නොමඳව ඇති ඕනෑම අයෙකුට මේ තරග විනිශ්චය කිරීමට සුදුසුකම් ඇති බව මා දැනගත්තේ එහිදීය. 
මගේ හිත තුළ කොනක කලක්‌ තිස්‌සේ පැලපදියම්ව තිබූ එම අදහස අතිශයින් නිවැරැදි බව පසුගිය දිනක එක්‌තරා නාලිකාවක රියෑලිටි වැඩසටහනක්‌ බලද්දී එහි ගැයුණු ගීතයක්‌ හා ඊට එක්‌තරා විනිසුරු එළදෙනක්‌ ලබාදුන් විවරණයක්‌ අසද්දී තහවුරු විය.

සෝභිත හිමි අපවත් වීමට ‍හේතු වූ හදවත් සැත්කමේ අභිරහස…?

කොළඹ පෞද්ගලික රෝහලකදී මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් සිදුකළ හදවත් සැත්කමේදී වෛද්‍යවරුන් අතින් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් රුධිර නාලයකට හානි සිදුවී ඇති අතර සැත්කමෙන් පසු සෝභිත හිමියන්ගේ තත්ත්වය බරපතල වූ බැවින් හිමි භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයා කැදවූ නමුත් ඔහු පැමිණ ඇත්තේ ඔහුගේ පෞද්ගලික චැනල් සේවාවේ රෝගීන් 21 දෙනෙකු පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Thursday, January 28, 2016

තරු මල් අතරින් රිංගාලා අපෙන් සමුගත් රංජිත්...!!!

සැනසුම් සුසුමන් පාවීලා -
සඳකැන් වතුරින් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා -
කොහි යන්නෙද මා තනි කරලා...
ගායනය - ටී.එම්. ජයරත්න
සිංහල චිත්‍රපට ගීතාවලියේ ගී මුතු වැල් අතර තමා පද ඇමුණූ ප්‍රථම ගීතයෙන් ම ගීත ලෝලී සිත් වසඟ කරන්නට සමත් වූ ඔහු ශ්‍රී ලාංකේය සිනමාවට වසර 64 ක් සපිරුණු  දුරුත්තේ සදහටම අපෙන් සමුගෙන ගියේ ය.

කිරිදුන් අම්මලා සහ බත්දුන් අප්පලා...!!!

කිරිදෙන අම්මා යනුවෙන් අතීතයේ හැඳින්වූයේ එළදෙනියන් හා මී දෙනියන් ය. බත් දෙන අප්පා ලෙස ගම්මුන් ඇමතුවේ මී ගවයාටය. අද වන විට කිරි දෙන අම්මලා බත් දෙන අප්පලා ගම හැරදා ගොසිනි.
එහෙත් ඔවුන් අපේ සංස්කෘතිය ගොඩ නඟන්නට බොහෝ කැපකිරිම් කර ඇත. කාට ඒ ගැන අමතක වුවද වැව් බැඳි රටට එය අමතක කළ නොහැකි ය. ගමක සිරියාව ඔප වැටීමට ඉසුරුමත් බව තහවුරු වීමට ගව සම්පත අත්‍යාවශ්‍ය සාධකයක් විය.

වෙලට ලස්සනයි හීකැට හාන කොට
වැවට ලස්සනයි ඕලුමල් පිපෙන කොට
ගමට ලස්සනයි වස්සන් හඬන කොට
බතට ලස්සනයි දීකිරි බෙදන කොට




යනුවෙන් ඔවුන් පැවසුවේ මේ ගව සම්පතින් තොරව ගමක් නොපැවති නිසා ය. අද වන විට නුවර කලාවියේ වැව් සියල්ල පිටාර ගලමින් පවතී. වැව පිරෙන විට වෙල කලඑළිවීම අත්‍යාවශ්‍ය ය. එදා වෙල්යාය පුරාම මීහරක් බාන් නඟුලට බැඳී සිටියහ.

.ඩී.එල්. පෙරේරා

.ඩී.එල්. පෙරේරා වූ කලී අද අපට සිටින ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන්, නාට්‍යවේදීන් අතළොස්ස අතුරින් ප්‍රමුඛයෙකි. බ්‍රිතාන්‍යයේ නාට්‍ය සංසදයෙන් නාට්‍ය රංගනය හා නිෂ්පාදනය ද ඉන්දියාවේ පූනා සිනමා විශ්වවිද්‍යාලයෙන් B.B.C ආයතනයෙන් ගුවන් විදුලි හා රූපවාහිනි වාර්තාකරණය ද හදාළ ඔහු බ්‍රිතාන්‍යයේ හැරෝ මහා විද්‍යාලයෙන් වෘත්තීය කළමනාකරණ උපාධිය ලැබුවේය.

සිනමා රසවින්දනයද ලන්ඩන් සිනමා පාසලෙන් සිනමාකරණය හා රූපවාහිනි නිෂ්පාදනය ද ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිනමා ඉතිහාසය හා විචාර කලාවද එංගලන්තයේ
කඳුළු, මනමාලකම, තම්මැන්නා, සාමා, සක්කරවට්ටං, රතු රෝස, මෙහෙව් ලෝකෙක, මඟුල් මතේ, තොටුපළ වැනි වේදිකා නළු ද සාමා, දහසක් සිතුවිලි, රෝමියෝ ජුලියට් කතාවත්, චක්‍රායුධ වැනි සිනමා කෘති ද ‘රට ගිය ඇත්තෝ’ වැනි ටෙලි නළුද බිහි කළ හේ එක ම ලාංකේය ඉංගිරිසි ළමා චිත්‍රපටය වූ ’peter of the elephants’ හි නිර්මාතෘවරයා ද වේ. ජී.ඩී.එල්. මෙලෙස නිර්මාණ බිහි කිරීමෙන් මතු නොව තම ‘කලා පෙළ’ සංවිධානය ඔස්සේ වැඩමුළු, පාඨමාලා පැවැත්වීමෙන් වත්මනෙහි ප්‍රවීණයන් බවට පත්ව සිටින නව පරපුරක් බිහි කිරීමට ද එදා පුරෝගාමී වූයේ ය. එතුමෝ අද 77 වියෙහි පසු වෙත්.

Tuesday, January 26, 2016

යුගයේ ගායිකාව සහ යුගයේ “එළදෙන”

යුගයේ ගායිකාව සහ යුගයේ “එළදෙන”
(පසුගිය සතියේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ ගීයක් ගැයූ යුවතියක ‘යුගයේ ගායිකාව ලෙස’ හඳුන්වා දුන්නේ යුගයේ එළදෙනකි. මේ ඒ ගැන කෙටි සහ සරල විරෝධයකි) ජාතියේ යශෝරාවය වූ නන්දා මාලනියගේ ගීතයක් උමාරා, උමාරියා ස්ටයිල් එකට ගයලා, පොඩි චේගුවෙරා ඇක්සන්ට් එකක් දාලා, ගීතයේ වචන ටික ලංසි ප්‍රනවුන්සේෂන් එකක දාලා පොඩ්ඩක් තුප්පහි කරලා, ඇස් පොඩි කරලා, කට උල් කරලා, පශ්චාත්භාගය වනලා, නටවලා, තටමලා, පොඩි කැට් වෝක් දෙක තුනක් දාලා සිංදුවක් කියපු ගමන් මේ ගායිකාව යුගයේ ගායකාව කරපු යුගයේ එළදෙනකට මුලින්ම මාගේ දැඩි විරෝධය පළ කරමි.

සිරගත කරන්න මොහොතකට පෙර ඥාණසාර හිමි කල හෙළිදරවුව මෙන්න..!!!

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද දිනයේ රක්‍ෂිත බන්ධනාගාරග කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පොලීසියට බාර වන්නට පෙර මාධ්‍ය ඇමතීය.

පාකිස්තානයේ ගන්ධාර මූර්ති කලාවේ විශිෂ්ට නිර්මාණය...!!!

මෙහි දැක්වෙන ප්‍රතිමාව ගන්ධාර බුදු පිළිම කලාවට අයත් ය. මේ පිළිමය පාකිස්තානයේ ලාහෝර් කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. ගන්ධාර බෞද්ධ කලාවේ පසුබිම ගැන ඉතා කෙටියෙන් පළමුව විමසා

බලමු.
ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට අයත් සෙල්ලිපිවල සඳහන් වන ගන්ධාර දේශය වූකලී ඉන්දියාවේ වයඹ දිග පළාත්වල සිට ඇෆ්ගනිස්ථානය තෙක් පැවැති ප්‍රදේශයකට නමකි. මේ ප්‍රදේශයෙහි දියුණු වූ බෞද්ධ කලාව 'ගන්ධාර කලාව' යන නමින් හඳුන්වනු ලැබේ. ගන්ධාර දේශය තුළ බුද්ධ ධර්ම ප්‍රචාරය කිරීම අසෝක අධිරාජයාගේ (ක්‍රි. පූ. 273 - 232) කාලයේ සිට ම සිදු විය. මේ ප්‍රදේශය බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ නොවූවද බෞද්ධ ජාතක කතා රැසකින් බෝධිසත්වයන් මෙහි විසූ බව දැක්වෙන හෙයින් බුද්ධාගමෙහි සහ බෞද්ධ කලාවෙහි වර්ධනයට එය උපකාරී විය. ගන්ධාර කලාව වූකලී කුෂාණ රාජ වංශික රජවරුන්ගේ දැඩි උත්සාහය නිසා හැඩ ගැසුණු බෞද්ධ කලාවයි.

ඥාණසාර හිමි බන්ධනාගාරගත කෙරේ…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම පොලීසිය වෙත බාර වී තිබේ.හෝමාගම පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ එන මස නව වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ජැක්සන්ට ඌගේ කථා අමතකය....!!!

දුටුගැමුණු කියන්නේ දුෂ්ටයෙක්ලු..

පසුගියදා දෙරණ නාලිකාවේ සාකච්ඡාවකදී නව පරපුර යැයි කියාගන්නා NGO අපත හාල්පාරුවෙක් දුටුගැමුණු රජතුමා සහ සම්බන්ධ ඉතිහාසයට ගරහමින් අදහස් දැක්වූයේය.මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේද නිවේදකයෙකු යැයි  කියාගන්නා අපතයෙකී.

Monday, January 25, 2016

කුඩු දුමියාට ඉංග්‍රිසි බැරිලු...!!!


භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 11 වැනි විත්තිකාර ආර්. දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදුණේ යෑයි කියන අවස්‌ථාවේදී ඔහු පැළැඳ සිටි බව කියන හිස්‌ වැස්‌මේ (කැප් තොප්පියේ) සිදුරක්‌ ඇතත් එම සිදුර අසල එක්‌ ලේ බින්දුවක්‌ හෝ ගෑවී නොතිබීම අනුව ඔහු පැළඳ සිටියේ එම හිස්‌ වැස්‌මද කියා තමාට පුදුමයක්‌ ඇති වන්නේ යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධිකරණ වෛද්‍ය විශේෂඥ අයන්ති ගුණසේකර මහත්මිය ඊයේ  කොළඹ මහාධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් පැවැසුවාය.

මම ඉංගී්‍රසි භාෂාවෙන් ඔහුට කතා කළා. මම හිතුවා ඔහුට හොඳට ඉංගී්‍රසි භාෂාවෙන් කතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා Please can you answer  කියලා මම ඔහුට ලියලා දුන්නා.ඒත් ඔහුට ඉංග්‍රිසි වචනයක්වත් බැරිබව මට තේරුණා. මම අහපු ප්‍රශ්න හා ඔහු දුන්න පිළිතුරු සටහන් කොළ තුනක තියෙනවා. සමහර ඒවාට ඔහු පිළිතුරු දුන්නේ හිසෙන්. ඔව් හෝ නෑ හරි කියපු ඒවා මම සටහන් කර ගත්තා.

අවසානයේ උන්වහන්සේද දඟගෙට දැමීමට අමණයෝ අණ කළාහුය....!!!


ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න
හෝමාගම මහේස්‌ත්‍රාත්
නියෝග කරයි

"ඔව් ඕන දඬුවමක්‌ දෙන්න...." අපි ලෑස්‌තියි භාර ගන්න. මේවා බලා ඉන්න බැරි නිසා තමයි අපි ආවේ......" යෑයි ඥනසාර හිමියෝ යළි හඬනගා පවසා අධිකරණ ශාලාවෙන් පිටව ගියහ.

පනත කෙටුම්පත මාරය. එය සම්මත වූවහොත් ශාසනය හමාරය....!!!

බුද්ධ ධර්මය සුබවාදීද නොවේ. අසුබවාදීද නොවේ. බුදුදහම ඇත්ත ඇති සැටියෙන්ම දක්නා හෙයින් එය යථාර්ථවාදීය. මිනිසා මුසාවෙන් නළවා මායා ලෝකයක සැතැප්පීමක් හෝ බොරු බියවලින් සහ පව්වලින් තැතිගැන්වීමක් හෝ බුද්ධ ධර්මයේ නැත්තේය. බුදුදහමට තිබූ මෙම පූජනීය හා රාජ්‍යතාන්ත්‍රීක වැදගත්කම වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ජනතාව විසින්ම රජුන්ටත් ඉහළින් ස්‌ථානගත කරන ලදී. මෙම පිළිගැනීමට ගරුකිරීමට උඩරට ගිවිසුම ඇතිකර ගන්නා අවස්‌ථාවේදී ඉංග්‍රීසි පාලකයින්ට පවා සිදුවිය.
වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ තිබූ පන්සල් සංඛ්‍යාව 8,582ක් වූ අතර එහි සිටි උපසම්පදා භික්ෂූන් සංඛ්‍යාව 14,681කි. එමෙන්ම සිටි සාමනේර හිමිවරුන් සංඛ්‍යාව 16,741කි. මෙම සියළු 31,422 භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ සියම්, අමරපුර සහ රාමඤඤ ප්‍රධානම නිකායන් 3ක් යටතේ පිහිටුවාගෙන ඇති පිළිගත් පාර්ශවයන් 32කට අයත් විය. සියම් නිකාය මල්වතු අස්ගිරි නමින් පිලිගත් ප්‍රධාන පාර්ශවයන් 2ක් ඇති බැවින් ලංකාවේ සිටින මුල් පෙළේ මහා නාහිමිවරුන් සංඛ්‍යාව 4කි.

‘ගොළු හදවතේ’ දම්මි සුගත් ගැන කියයි...!!!

වික්‍රම බෝගොඩ කියන්නේ මට කවදාවත් අමතක නොවන කෙනෙක්. ඒකට හේතු කිහිපයක්ම තිබුණත් ප්‍රධානම හේතුව තමයි, ඔහු මගේ ප්‍රථම ආදරවන්තයා වීම.
1962 අපි එහෙම මුණගැහුණෙ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙ රූගත කිරීම් වෙනුවෙන්.
වික්‍රම, තිස්ස වුණා. මං කතිරිනාගේ දූ ලැයිසා වුණා. බලදාස (ටෝනි), තිස්සත් අරන් කතිරිනා ගේ ගෙදර ආවම මං තිස්සට, හොරෙන් උකුළු මුකුළු කළ හැටි තවම මතකයි. තිස්සගෙ අතේ පේර ගෙඩියක් තිබුණා. ඒත් සෙල්ලක්කාර ලැයිසට කොයින්ද ලැජ්ජාවක වගක්. මං පැනපු ගමන් තිස්සගෙ අතේ තිබුණු පේර ගෙඩිය උදුර ගත්තා.

පර්සියාවේ සයිරස් සේම නිදහස අගය කළ පත්තර ලෝකයේ සයිරස්....!!!

මීට වසර 65කට ‍පමණ පෙර අපේ කථානායකයා මුල් වරට මට දැක ගන්නට ලැබිණි. එවකට මා දොළොස්

හැවිරිදි ළමයෙකි. ග්‍රෑන්ඩ්පාස්හී කොස්ගස් හන්දියේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ අප පදිංචිව සිටි නි‍ෙවසට යාබද යකඩ, ලෝහ, තඹ ආදිය වාත්තු කරන කර්මාන්ත ශාලාවක් තිබිණි. එහි අයිතිකරු වූ සුරේන්ද්‍ර ලොකු බාසුන්නැහේගේ පුතුන් දෙදෙනා වන විමල් හා සුසිල් යන දෙසොහොයුරෝ මගේ වැඩිහිටි මිතුරෝ වූහ.
විමල් අයියා දක්ෂ මූර්ති හා කැටයම් ශිල්පියෙකි. ඒ දිනවල ඔහු කාය වර්ධනය පිළිබිඹු කරන මිනිසකුගේ (බොඩි බිල්ඩර් කෙනෙකුගේ) මූර්තියක් නෙළමින් සිටියේය. එම මූර්තිය විමල් අයියා අතින් ක්‍රමානුකූලව ගොඩනැගෙන ආකාරය ඇස පිය නොහෙළා බලා සිටියේ, මා කලාවට ඇති අසීමිත ඇල්ම නිසාය. විමල් අයියා පසු කලෙක ජගත් කීර්තියට පත් කැටයම් ශිල්පියෙක් විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශාල රිදී දොරටුව සහ සබා ගැබේ දිසා ධජ පන්තිය නිර්මාණය කළේ ඔහු ය.
දිනක් මේ කර්මාන්ත ශාලාවට සුදු ම සුදු ජාතික ඇඳුමින් සැරසුණු උත්තුංග දේහධාරි අමුත්තෙක් පැමිණ ඒ මූර්තිය දෙස බලා සිටින අතර මගේ හිස අතගා “කවුද මේ ළමයා, බොහොම ඉවසිල්ලෙන් මේක දිහා බලන් ඉන්නෙ,, ඇසීය.

Saturday, January 23, 2016

දෙදිනකදී සමුගත් සිවුදෙනෙක් ...!!!

සෙනසුරාදා හැන්දෑව ගෙවෙමින් පැවතිණ. ඊට පෙරදා තෛපොංගල් දිනය බැවින් එය දිගු සති අන්තයක් විය.

සිකුරාදාව ආරම්භවීමත් සමඟ අපට ලැබුණේ කණගාටුදාක ආරංචි දෙකකි. ඒ චන්ද්‍රසිරි කොඩිතුවක්කු හෙවත් අබිලිං සහ ගීත රචක ශාන්ත දේශබන්ධු හදිසියේම අභාවප්‍රාප්ත වූ බවය. ඒ වන විටත් සටන් අධ්‍යක්ෂ සරත් සිල්වා සහ චිත්‍රපට නිෂ්පාදක වෛද්‍ය එන්. එස්. නිරංජන් අප අතරින් සදහටම සමුගෙන ඇති බව දැන අප කම්පා වෙමින් සිටියෙමු. සිකුරාදා ලද පුවත හේතුවෙන් අපි තවත් ශෝකයට පත් වුණෙමු. ඒ අනුව බලන කළ ඉකුත් සති අන්තය අප කලා කෂේත්‍රයට අභාග්‍ය සම්පන්න එකක් විය. සරත් සිල්වා යනු අපට සිටි පැරැණිතම සටන් අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ කලා ජීවිතයට දශක හතරක් ඉක්මවා ගොසිනි. වයස කිව්වහොත් ඔහු මිය යද්දී හැට පැනලාය. එනමුදු සිනමාවේ යම් උත්සයක් වේද ඔහු ඊට පැමිණියේ දහ අටක තරුණයකු පරිද්දෙන් ජවසම්පන්නවය.

කන්න තිබෙන හාල් බොන්න තියෙන බියර් වලට විකිණූ යහපාලනයේ පොන්න ඇමති ....!!!

 හාල් ගිනි ගණන්... කමක්‌ නැහැ බියර් බීපල්ලා

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පසුගිය කාලයේ රටේ උණුසුම් පුවත් රැසක්‌ මැවූ ස්‌ථානයක්‌ විය. දේශපාලන හේතු මත හෝ රටේ අවාසනාවට හෝ ලොව වී ගබඩා කළ මුල්ම ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉතිහාස ගත වූ මත්තල දිගින් දිගටම උණුසුම් පුවත් මවමින් සිටී. දැන් අලුත්ම සිදුවීම එදා ප්‍රදේශයේ ජනතා විරෝධය මත මත්තල ගුවන් තොටුපලේ තැන්පත් කළ වී තොග රජය විසින් මිලදී ගත්තාටත් වඩා අඩුමිලට මද්‍යසාර සමාගමකට විකුණා දැමීම නිසාය.

පරාජිත හැත්ත නැවතත් ලැයිස්තුවෙන් ගන්න වෑයමක්...!!!

පරාජිත ෆොන්සේකාටත්
ජාතික ලයිස්තු පින පෑදෙයි..
MKDS වෙනුවට යෝජනා වෙයි..
රෝසි පත් කරන ලෙසද ඉල්ලීම්..ඉඩම් අමාත්‍ය එම්. කේ. ඒ. ඞී. එස්‌. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

සිල් බිඳ ගත්තේ නදීශා විතර ද....? ඉරාජ් නම්වූ වඳුරු පෝතකයා සහ අපේ සංගීතය


සුනිල් එදිරිසිංහ  ‘‘නරක වැඩ කරන්න එපා මල්ලියේ‘‘ කියද්දීත් ‘‘ගිය අවුරුද්දේ ගේමක් දීලා වැලිකඩ ඉදලා එළියට ආව‘‘ සුනඛ පුත‍්‍ර ඉරාජ් නමැති ගායකයෙක් නැවත සමාජ ජාලා තුළ හතර විලිලජ්ජාවක් නැතුව බුරන්නට පටන්ගෙන තිබේ.ඔහුගේ සිංදු යැයි කියන වචන පෙළ ඇසූ විට ඔහුට සුනඛ පුත‍්‍ර යැයි කීම ප‍්‍රමාණවත් නැතැයි මට සිතේ. කොළඔත් සීමිත ප‍්‍රදේශවලට සීමා වූ බොලිවුඞ් හෝ හොලිවුඞ් සංස්කෘතිය ලංකාවේ සමස්ත සංස්කෘතිය ලෙස සිතන මොහු ඇතැම් විටෙක ලිං ගෙම්බෙකි.
ඒ කෙසේ වෙතත් ස්ත‍්‍රී පුරුෂ යුගලයකයේ ආනන්දයේ ප‍්‍රතිඵලයක් නිසා මෙලොවට බිහි වූ මොහු අපට එකී ආනන්දය සමාජ සංස්කෘතීන් බිද දමා වින්දනය කරන ආකාරය අපට උගන්වන්නට පටන්ගෙන තිබේ.

තවමත් රට කොටවන ඵකැස් මෘග අවතාරය නිසා රට අනතුරේ...!!!


‘‘ජාතිය හා ආගම ජාතික
සංහිඳියාවට බාධාවක්.‘‘
බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම්
සිසුනුත් ඇතුළත් කළයුතුයි
- චන්ද‍්‍රිකා ( ඵකැස් මෘග අවතාරය )
ජාතිය හා ආගම අනුව දරුවන්ගේ පාසල තීරණය කිරීම ජාතික සංහිදියාවට බාධාවක් බව හිටපු ජනාධිපතිනී චන්ද‍්‍රිකා  පවසයි.

මෛත්‍රී තනපටය අස්සේ හැංගුවේ මොනවාද...?

මෛත්‍රීපාල සිරිසේන  අමුතු නැටුමකට සැරසෙනු පෙනේ. දැන් වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ විජාතික තුරුලේ සනීපයට නිදියගත් සිරිසේනට හිටි අඩියේ අපේකම - සදාචාරය - සම්ප්‍රදාය මතක් වී තිබේ. විජාතිකත්වය දෝතින් ගත්තවුන්ට මඩු වලිගෙන් තැලිය යුතු බවටත් තව දුරටත් කිසිවෙකුටත් "තනපට අහසට විසි කිරීමට" ඉඩ නොදෙන බවටත් සිරිසේන  මවාගත් ස්වරයෙන් පවසද්දී අපට නම්

සිහියට ආවේ මීට වසකරකට පෙර 'බකිංහැම් මාලිගයෙන් අශ්වයන් , ලැම්බෝගිනි , 1000% කොමිස් ආදී පුස් කෑ විහිළු කළ සිරිසේන ය.

බැලූ බැල්මට මෛත්‍රීපාල සිරිසේන  ඔහුට ජනාධිපතිවරණයේදී සහය පළකළ මතවාදී පෙරමුණ සමග ගැටුමකට ගොස් තිබේ. කතිකාචාර්‍ය මහින්ද පතිරණ මහතාගේ 'තනපට විසිකිරීම මෛත්‍රී කඳවුරේ තාර්කික අවසානයයි'  ලිපියේ මේ කාමවාදය ඔසවා තබන පෙරමුණ ගැන පැහැදිලි කිරීමක් අඩංගුය. සිරිසේන ට ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සහාය ලබාදුන්නේ මේ සමාජ කණ්ඩායම බව සිරිසේන  නොදැන සිටින්නට හේතුවක් නැත. සිරිසේනට යෂ්ඨිය  ලැබුනේම සිංහල ජාතිකත්වය තීරණාත්මකව පරාජය කිරීමේ මෙහෙයුමේ ඊලඟ රවුම දුවන්නටයි.

අහිමිකල සිංහලේ සොයා….යන සටන ඇරඹේ….!!!

සිංහලේ උරුමය මංකොල්ල කෑමට හඹා එන බල මුලු රාශියකි. දෙමල බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉන් එකකි.

එල්.ටී.ටී.ඊ යේ අවසානය යනු බෙදුම්වාදයේ අවසානය නොවේ.සිදුව ඇත්තේ ඔවුන්ගේ තුවක්කු බට නිහඩ වීම පමනි. බෙදුම්වාදී සටන පෙරට වඩා වැඩි ජවයකින් ක්‍රියාත්මකය. ලංකාවට එරෙහිව ලෝකය අවුලුවන්නේ මොවුන්ය. එ.ජා මානව හිමිකම් සැසිවාරයේ සම්මත කල යෝජනා, යුධ අපරාධ පරීක්ෂණ,විධායකය අහෝසි කිරීම, නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථා, ෆෙඩරල් පාලන ක්‍රම පසුපස සිටින්නේ තුවක්කු බට නිහඩ කල දෙමල ත්‍රස්තවාදයයි.අහිමි වූ සිංහලේ උරුමය සොයා යාමට සියලු දේශප්‍රේමින්ට කරන ඇරයුමයි.
අධිෂ්ඨානයේ ප්‍රතිඥාව ,2016 ජනවාරි මස 23 සවස 3.00ට ඓතිහාසික සෙංකඩකල මහ මළුවේදී

අධිකරණ ඇමතිට ශාසනය භාර දීමේ විද්‍යාත්මක හේතුව

නව රජය විසින් කැබිනට් මණ්ඩලය පත් කළේ ඔවුන් පවසන පරිදි විද්‍යාත්මක ක්‍රමයකටය. විජයදාස

රාජපක්ෂ ට අධිකරණ අමාත්‍ය ධූරයට අමතරව බුද්ධ ශාසන අමාත්‍ය ධූරයත් ලබා දුන් විට මා තුළ පසුබෑමක් හට ගත්තේය. ඒ රජය විසින් බුද්ධ ශාසන අමාත්‍යංශය ඉතාම විද්‍යානුකූල ලෙස ලබා දුන් බැවිනි. එකල එම විද්‍යාත්මක හේතුව මා හට දැනුනේ, එය එසේමදැයි යන කුකුසක්ද සමඟ බව කිව යුතුය. විජයදාසට අධිකරණ ඇමති ධූරය සමඟ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ලබා දීම අතිශය විද්‍යානුකූල බව දැන් මට වඩාත් පසක් වී ඇත.

Wednesday, January 20, 2016

ස්‌විස්‌ පෙඩරල් විද්වතුන් ඉදිරියේ කපටි විග්නේශ්වරන් සම ස්‌වෛරීභාවය ඉල්ලීම..!!!

අපිට සම ස්වෛරීභාවය අවශ්‍යයි. යෑයි උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් යාපනයේ දී" පෙඩරල් ක්‍රමය"

මැයෙන් පැවැති සමුළුවක්‌ අමතා ප්‍රකාශ කර ඇත. මේ පෙඩරල් ක්‍රමයේ මෙහෙයුම්කරුවෝ ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රීබුග් නගරයේ පෙඩරල් ආයතනයයි.
විග්නේශ්වරන් පසුගියදා කොළඹ ස්‌විස්‌ තානාපති වෙත සන්දේශයක්‌ යවමින් ප්‍රිබුග් විශ්වවිද්‍යාලයේ සිටින පෙඩරල් ක්‍රමය ගැන දන්නා විද්වතුන් යාපනයට එවන ලෙස ඉල්ලීමක්‌ කළේය.

Tuesday, January 19, 2016

LTTE යට මුදල් රැස් කළ ලාංකිකයෙක් දැලේ...!!!


එල් ටී ටී ඊ සංවිධානය වෙනුවෙන් ජර්මනිය තුළ මුදල් එක්රැස් කිරීමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ එරට අධිකරණය හමුවට පමුණුවා ඇත. හැම්බර්ග් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයෙකු වන අතර අධිකරණයේදී හඳුන්වා ඇත්තේ යෝගේන්ද්‍රන් ජී යන කෙටි නාමයෙනි.53 හැවිරිදි ඔහු 2007 වසරේදී ජර්මනියේ පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයෙකු බවද විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කළේය. 

මත්තල වී තොග මද්‍යසාරවලට විකුණලා

මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර තිබූ වී මෙටි්‍රක්‌ ටොන් 4700 ක පමණ තොගය මද්‍යසාර නිපදවීම සඳහා එක්‌තරා මද්‍යසාර සමාගමකට විකුණා දමා ඇතැයි වී අලෙවි මණ්‌ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබියදී වී තොග මෙසේ මද්‍යසාර සමාගමකට අලෙවි කිරීම පිළිබඳව වී අලෙවි මණ්‌ඩලයේ සේවකයන් පවා දැඩි විරෝධය පළ කර තිබේ.

Monday, January 18, 2016

රටේ භයානක තත්ත්වයක්‌ ඇතිවීමට පෙර අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතුයි...!!!

බුද්ධි අංශ ප්‍රධානීහු කියති
මුළු ලෝකයටම බරපතළ තර්ජනයක්‌ වෙමින් පවතින අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් ගැන සහ ඊට සම්බන්ධ වී සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සොයා

බැලීම සඳහා පොලිසිය ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ මේ වනතුරුත් ආරම්භ කර නොමැති බව බුද්ධි අංශ ප්‍රධානීහු පවසති.

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමඟ සම්බන්ධනා පවත්වන අන්තවාදී අදහස්‌ ඇති මුස්‌ලිම් ජාතිකයන් රැසක්‌ පුත්තලම, අක්‌කරෙපත්තුව, කල්මුණ, අකුරණ, බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවක සිටින බවට තොරතුරු ලැබී ඇතත් ඔවුන් පිළිබඳව සොයා බැලීමට කිසිදු විධිමත් පරීක්‍ෂණයක්‌ මේ වනතුරු ක්‍රියාත්මක නොමැති බව එම බුද්ධි අංශ ප්‍රධානීහු කියා සිටිති.
මෙම ත්‍රස්‌ත සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ මුස්‌ලිම් අන්තවාදීන් 43 දෙනකු සිය පවුල් පිටින්ම සිරියාවට පලාගිය බවට තොරතුරු පසුගියදා අනාවරණය වී තිබේ.

මත්තල වී හරහා .හැරිසන්ට සල්ලි මල්ලක්....!!!

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා කර තිබු වී තොග එහි ගබඩා වලින් ඉවත් කර ගැනිමේ ක්‍රියාවලියේදි පශු සමපත් හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් අමාත්‍යවරයාට එක වී කිලෝවක්

ඉවත් කිරිම වෙනුවෙන් රුපියලක කප්පමක් ගෙවිමට පොරොන්දු වි ඇති බව අනාවරණය වී තිබේ.
මත්තල ගබඩා කර තිබු වී තොග යහපාලන් රජයේ තිතට මත වැඩසටහන යටතේ මෙන්ඩිස් අරක්කු නිෂ්පාදකයන්ට ඉතා අඩු මුදලට විකිණිමට කටයුතු කර ඇති අතර ඒ අනුව සෑම වී කිලෝවට රුපියල බැගින් අමාත්‍යවරයාට ගෙවිමට කටයුතු කර තිබේ.
සැ:යු:- යහපාලනයේ ගණන් කාරයෝ වැහි වැහැලා ඉන්නවා නේ හැරිසන්ට ලැබෙන ගාන ගණන් හදලා හොයා ගන්න (වී කිලෝ එකකට රුපියල බැගින් *මෙට්‍රික් ටොන් හාරදහසක්= ……) 

ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය...!!!

ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනට සියයට පනහකට වැඩි ඡන්දයක් ලැබුණු නමුත් ඒ සිංහල

බෞද්ධයන්ගෙන් නො වේ. සිරිසේනට ජනාධිපතිවරණයේ දී 52%ක් ඡන්ද ලැබිණි යැයි සිතමු. මෙරට ඡන්දය දීමේ දී ජනවාර්ගිකව සමජාතිය ව ඒ සිදුවන්නේ යැයි ද සිතමු. සිරිසේනට සිංහල බෞද්ධ නොවන ඡන්දවලින් 80%ක් ලැබිණි යැයි ද සිතමු. මේ ප්‍රතිශතය එයට වැඩි විය යුතු බව උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ, කඳුකරයේ, කොළඹ හා මීගමුව මධ්‍යස්ථානය කරගත් කතෝලික පෙදෙසෙහි ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වෙයි. මෙරට සිංහල බෞද්ධ නොවන අය 30%ක් පමණ වෙති. මෙයින් කියැවෙන්නේ සිරිසේනගේ ඡන්ද ප්‍රතිශතයෙන් 30 ශ 80/100 = 24ක්් ලැබී ඇත්තේ සිංහල බෞද්ධ නොවන්නන්ගෙන් බව ය. එවිට ඔහුගේ ඡන්ද ප්‍රතිශතයට සිංහල බෞද්ධයන්ගෙන් එකතු වී ඇත්තේ 52-24= 28කි. මෙය සිංහල බෞද්ධයන් වූ 70%කින් ලැබෙන්නකි. එබැවින් සිරිසේනට සිංහල බෞද්ධයන්ගෙන් ලැබී ඇත්තේ 28ශ100/70=40 ක ප්‍රතිශතයකි. වෙනත් වචනවලින් කියන්නේ නම් සිරිසේනට සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 40%ක්වත් ලැබී නැත.
මේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී බව සිංහල බෞද්ධයෝ ඉවෙන් මෙන් දනිති. නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන එකක් බව ඉහත කී ඇමැත්තන් නොදන්නාවට සිංහල බෞද්ධයෝ දනිති. අද කාදිනල්වරයා ආගම්වාදී ජාතිවාදී පක්‍ෂ තහනම් කළ යුතු යැයි කියයි. ගොනා හැරෙන්නේ කුමකට දැයි පැහැදිලි ය. කාදිනල්වරයා පළමුව ජාතිවාදය හා ආගම්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. ආණ්ඩුවේ සිංහල බෞද්ධ විරෝධය ඊනියා ථෙරවාද කතිකාවත් කෙටුම්පතින් ද පැහැදිලි වෙයි. මේ පිළිබඳ ව විස්තරාත්මක ව පසුව සඳහන් කළ යුතු ය. දැනට කිව යුත්තේ ආණ්ඩුව භික්‍ෂූන්වහන්සේ ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය යටතට ගැනීමට උත්සාහ කරන බව ය. භික්‍ෂූන් වහන්සේට බලපාන බුද්ධ නීතියක් (විනයක්) ඇත. එය ක්‍රිස්තියානි රාජ්‍ය නීතියට යටකිරීමට ඉඩ දිය නො හැකි ය.

චතුරගේ පාප්ප බාල්දි ඇද්ද කොලු ගැටයා ගෙමක් දිලා....!!!

පසුගිය මහා මැතිවරණ සමයේ  ප්‍රා නායක රාජිත සේනාරත්නගේදැයි හරියටම ෂුවර් නැති චතුර සේනාරත්නගේ ඡන්ද ව්‍යාපාරයේ පොස්ටර් ගසමින් පාප්ප නෑ කොලු ගැටයෙකු ගුවන් නියමුවෙකු ලෙස පෙනිසිටිමින් මොඩ අම්බරු යහපාලන ගොයියන් රවටා ලක්ෂ ගණන් මුදල් ගරා ගැනිමේ ව්‍යාපාරයක නිරත වෙමින් සිටින බව අනාවරණය වි තිබේ.
මෙම ඡායාරූපයේ සිටින කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා එයාර් කැනඩා ගුවන් සමාගමේ ගුවන් නියමුවකු බව මවා පාමින් ගුවන් සේවා පාඨමාලා හැදෑරූ පිරිස් වලට රැකියා ලබාදෙන පවසමින් අයථා අන්දමින් මුදල් ලබා ගෙන තිබේ.විවිධ මෘදුකාංග යොදා ගෙන ඔහු සිය ඡායාරූප වෙනස් කරමින් සමාජයට ගුවන් නියමුවකු බව පෙන්වා ඇත.

Sunday, January 17, 2016

ඉතිහාසය පුරාවටම දකින්නට ඇත්තේ ජාතිකවාදය හා අපේකම ය.

එහෙත් රටේ ඇතැම් දේශපාලනඥයන් ඇතුළු ලොකු පොරවල් එසේ බන්ධනාගාර රෝහලේ නතර වෙද්දී මේ රටේ පොලිසිය "මීක්‌" කියා හඬක්‌ නඟනු අම්මා මුත්තා කාලේදීවත් අප නම් අසා නැත. එසේ පෙර වාර්තා තබා ඇති පොලිසිය මෙම සිද්ධිය හමුවේ රට බේරා ගත් යුද හමුදා

සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් බන්ධනාගාර රෝහලේ සිටින බව පවසමින් හඬ නැඟුවේ කුමක්‌ නිසාද?

ඔවුන් එසේ සිටීම පොලිසිය සිදු කරනු ලබන එක්‌නැලිගොඩ විමර්ශනයට බාධාවක්‌ නොවන බව බැලූ බැල්මටම තහවුරු වන්නේය. එසේ නම් පොලිසිය එවන් කතාවක්‌ මතු කරනු ලැබුවේ මේ රණවිරුවන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ තරහවකින් පසුවන නිසාද? එය අද රටේ ජනතාවට ඇති වී තිබෙන ගැටලුවක්‌ බවද මෙහිදී කිව යුතුය.

Saturday, January 16, 2016

මම සිල් බිඳ ගත්තෙ... තොල් සිප ගත්තෙ .... බඩුවක් නිසා....!!!


සමස්ත සිව්හෙළයටම  මහත් අභාග්‍යය සම්පන්න කාලයක් උදාවී පවතින මේ වකවානුවේ අමන කදෝ

පැණියන්ගේ අවල කෙලි ඵළියට එමින් පවතී .අලි මදිවට කොටි මෙන්ම සිහල සංස්කෘතියද විනාශ කිරීම මේ පාදඩ දෙබිඩ්ඩන්ගේ අරමුණයි.
තොල් සිප ගන්නා දර්ශන ඇතුළත්
ආන්දෝලනාත්මක ගීතය ගැන පසු කතාවක්‌...
ගීතය සිල් බිඳගනිද්දී
සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය...


"ඇම්මට කොස්‌ඇට කැස්‌සට තිබ්බටු"

පොලිස්‌ තුන්කට්‌ටුව අං තට්‌ටු තැබීමෙන්

තප්පුලන දකුණේ අමන රැළ
දකුණේ අම්බලන්ගොඩ, මීටියාගොඩ, හික්‌කඩුව, නළාගස්‌දෙණිය, රංගල්ල සහ රත්ගම ප්‍රදේශයන්හි ජන හදවත්වලට මරණයේ භිතිය ගෙන දෙමින් යළි මතුවී තිබෙන දකුණේ පැරණි පාතාලයේ අලුත්ම සෙල්ලම් පිළිබඳ කතාව රටට අනාවරණය කිරීම  ආරම්භ කළෙමු.
මේ ආරම්භයත් සමග පොලිස්‌ දෙපාර්තමේන්තුව මෙකී පාතාලයන් මර්දනය කිරීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යෙදවීමටද ඉකුත් සතියේ පියවර ගෙන තිබිණි. එය සාධනීය කරුණකි.

* කෑල්ලක්‌ නයිට්‌ එකට දහදාහක්‌ වෙනවා සර්..මහනුවර ගණිකා මඩම....!!!

"සර් නුවර දළදා මාලිගාවට කිලෝමීටරයක්‌ විතර දුරින් ලොකු ගෙයක්‌ තියෙනවා.. මේ ගේ ඇතුළේ කෙල්ලෝ ටිකක්‌ තියාගෙන මේ පැත්තේ බාර් කාරයෙක්‌ උන්ව ඩීල් කරනවා සර්.. ඌ හෙන සල්ලිකාරයා.. ඒ නිසා කවුරුත් අත තියන්නේ නැහැ.. එක කෙල්ලෙක්‌ව දහදාහට පහළොස්‌දාහට විකුණන්නේ.. කෙල්ලෝ පැනලා යනවට ඒ යකා කරන්නේ කෙල්ලන්ට කුඩු බොන්න පුරුදු කරනවා.."
කුඩු බොන්න දී තුරුණු මස කුලී කළ
මහනුවර ගණිකා මඩම

සෙව්වන්දි සියල්ල හෙළි කරයි..

කිරිබත් වලට වඩා තෛපොංගල් බත රස බව කියමින් රටම ගොනාට ඇන්දවීමට සමත් වු රනිල් ....!!!

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ යෝජනාව ඉදිරි පස්‌ මස ඇතුළත මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ,චන්ද්‍රිකා බණ්ඩාරනායක, ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඊළාම් පිළේ නායක සි.වි විග්නේෂ්වරන් ඇතුලු පිරිස සමග පැවති සාකච්ඡාවේදි බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ තරයේ අවධාරණය කර තිබේ.
ඒ අනුව මානව හිමිකම් ප්‍රඥප්තියට අදාළ නොවන මෙරට ජාතික ආරක්‌ෂාවට අදාළ කරුණුවලටද මැදිහත් වෙමින් උතුරින් හමුදාව ඉවත් කිරීම, ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම යන කරුණු සහ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම සිදුකරන මෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රජයෙන් ඉල්ලා තිබේන සියල්ලම ක්‍රියාත්මක වනු ඇත.

කෝපි කඩේ අබිලිං සමුගනී.....!!!

ප්‍රවීණ කලා ශිල්පී, චන්ද්‍රසිරි කොඩිතුවක්‌කු මහතා ඊයේ (15 දා) අභාවප්‍රාප්ත විය.

65 වැනි වියෙහි පසුවූ ඒ මහතා ආසියාවේ දීර්ඝතම මාලා නාටකය වූ "කෝපි කඩේ" හි "අබිලිං" ගේ චරිතයට ජීවය මුසු කරමින් සුවහසක්‌ වූ ප්‍රේක්‌ෂක ජනතාවගේ ආදරය දිනා ගත්තේය.

සිරිසේනගේ රෙදි ගැලවෙන පොතක් ලියා පලකලේ චන්ද්‍රිකාය..!!

1994 වසරේ චන්ද්‍රිකා බලයට පැමිනියේ විධායක ක්‍රමය අහෝසි කිරීමටය. එය කඩවුනු පොරොන්දුවක් විය. විදේශ මුදල් වලින් යැපෙන SAPRI සභාපතිත්වයේ දුරන්ධූර චන්ද්‍රිකා 2014 වර්ශයේදී විධායක ක්‍රමය අහෝසි

කරන බවට බරහිර රටවලට යලි පොරොන්දු විය. ඒ සිරිසේන හරහාය. නමුත් බලයට පත්වූ සිරිසේන බලය අත් හැරීමට සූදානම් නැත. දිව දෙකේ සිරිසේනගේ තරම චන්ද්‍රිකාට වැටහෙනුයේ දැන්ය. චන්ද්‍රිකා සිරිසේන දීගය ඉදුරාම අවසන් වී ඇත. දැන් දැන්ම බීදී යන හැලි වලන් හඩ රට්‍ටුන්ට ඇසෙනු වැලැක්විය නොහැක.
සිරිසේනගේ ක්‍රිකට් සභාපති තිලංගට උඩින් චන්ද්‍රිකා විසින් සිදත් වෙත්තමුනි පත් කලේ මෑතකදීය. යහපාලන නඩයේ පෙර ගමන් කරුවෙකු වූ සරත් විජේසූරිය විසින් සිරිසේනගේ රෙදි ගැලවෙන පොතක් ලියා පලකලේය. පොත හදුන්වාදීමේ උලෙලට ප්‍රධාන අමුත්තා ලෙස පැමිනියේ චන්ද්‍රිකාය. යහපාලන ව්‍යාපෘතියේ ක්‍රයාකාරීන් සියල්ල ඊට සහභාගි විය. ගොවි අඹුඩයට මුවා වූ සිරිසේන ජනතාව පමනක් නොව තමන්ද ‍රැවටූ බව යහපලන නඩය මෙම වේදිකාව තුල ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පිලිගත්තෝය.

Thursday, January 14, 2016

මහගමසේකර 40 වන අනුස්මරණ දිනය අදයි...

මහගමසේකර උපන්නේ රදාවානේ ය. ඒ 1929 අප්‍රියෙල් මස 7 වැනිදා ය. (උප්පැන්න සහතිකයේ ඔහුගේ නම සඳහන් වන්නේ නිකම්ම නිකම් ‘සේකර’ කියා ය) කලාකරුවකු වීමට ඔහුට මූලික වශයෙන් ම බලපෑවේ ඔහු ගේ පියා විය යුතු ය.හේ මහගම ගේ ජෝන් සිංඤෝනම් වූයේ ය. පියා සැරැසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ගම් ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රකට පුද්ගලයකු වූ බව පැවැසේ. සේකර සිය ‘ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහය පිළිගන්වමින් පියා ගැන මෙසේ ලියා ඇත.


'විසල් සුදු ඩිමයි කඩදාසි මත'
'තබා මහ කවකටුව දිග රූල'
'ඇඳ නෙක මෝස්තර මල් හා කොළ'
'කපා කැටයම් ඉඳු බොකුටු නියනින්'
'විශ්වයෙහි රටාවම කලාවට නඟන හැටි'
'කුඩා කල සිටම මට කියාදුන් තාත්තට'

Wednesday, January 13, 2016

මෙහෙම ගියොත් නැත්තට නැතිවෙන ITN...!!!

මේ දිනවල ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ දිය යටින් ගින්දර ගෙනයෑමේ සෙල්ලම හොඳින් කෙරේ. වත්මන් සභාපති සහ ඉහළ කළමණාකාරීත්වයේ අපි නොදන්න ලයිව් ගේම් නිසා වසර 6ක් අංක 1කේ වැජඹුනු නාළිකාව 2015 දෙසැම්බර් වන විට 4 හා 5 අතර දෝළනය වෙමින් තිබේ. මේ තත්වය වත්මන් රජයටත්, ආයතනයේ ආදායටමත්, සේවකයන්ගේ වරප‍්‍රසාද වලටත් ඍජුවම බලපා ඇත.
2015 ජනාධිපතිවරණයේ සිදුකළ අනුමැතියක් තොර මුදල් නාස්තියත්, කිසිදු මූල්‍ය හා ඉදිරිකිරීම් සැලැස්මකින් තොරව ඉදිවන ගොඩනැගිලිත්, වරින් වර හිතුමතේට එක් එක් අයගේ පිපාසවන් නිවන්නට හා තම තමන් ගොඩයන්නට සිදුකරන වැඩසටහන් වෙනස් කිරීම්, අවිධිමත් පාලන ක‍්‍රමවේද, අවිධිමත් මූල්‍ය ආයෝජන, අක‍්‍රමවත් වැඩසටහන් හා ප‍්‍රවාහන සැලසුම් මීට ඍජුවම බලපෑම් එල්ල කර ඇත.

අයි.ටී.ඵන් ඵකට පැන සිටි හොර පන්දමා ධනුෂ්ක ඉවත් කෙරේ...!!!

හෙළ උරුමයේ තවත් එකෙකුට මෛත්‍රී පයින් ගහයි – ITN ධනුෂ්ක දොට්ට...!!!
අයි.ටී.ඵන් ඵකේ සිටි කම්බා හොරු තුන් දෙනෙකු වන විජේසිංහ ,උපාලි රංජිත ( උපාලි රංජිත් )  විපුල රත්නසිරි යන ගෙවලයන් තිදෙනා අප ලංකා නිව්ස් හෙළිදරව්වෙන් පසුව අනිවාර් ය නිවාඩු යවා තිබේ නමුත් හොර අට පට්ටමා වැනී කුසීත නිකමුන් තවම සිය කපටි ඥාණය යොදවා උසස් තනතුරුවල රැඳී සිටිති .මෙවැනි තක්කඩීන් හට මුල්තැන දී අයි.ටී.ඵන් ඵක විනාශ කළේ  නිව්ටන් ගුණරත්න නැමති පාදඩ අවලමාය.අයි.ටී.ඵන් තළට දේශපාලනය රිංගා දැමුවේත් ඒ පාදඩ හිවල් මොටාය.

හෝ ගානා පොකුණෙන් මතු වු දුම් රොකට්ටුව...!!!

කොළොම්පුරවරයේ උන්නු උමා ටීචර් හද්ද පිටිසර ගම්මානයකට එන්නේ කාලයක පටන් ඇගේ හිතේ තිබුණු හීනයක් හැබෑ කර ගන්න හිතාගෙන.  ගම්මානයටම තියෙන එකම බස්එකේ නැඟලා එන අතරමඟදි ඈ ඇතුළු ගම්මුන්ට සිද්ධ වෙන්නේ අකරතැබ්බයකට මුහුණ දෙන්න. ඒ සුපුරුදු විදියට බස් එක එදත් මඟ නතර වුණා. බස් එකෙන් බැස්ස උමා ටීචර් බස් එක තල්ලු කරන කණ්ඩායමට සහභාගි වුණේ ස්ව කැමැත්තෙන්. මේ අමුතු ගැහැනු ළමයා දිහා හැමෝම බැලුවේ අමුතුවට.

කොළොම්පුරවරයේ උන්නු උමා ටීචර් හද්ද පිටිසර ගම්මානයකට එන්නේ කාලයක පටන් ඇගේ හිතේ තිබුණු හී
“නෝනා මේ පළාතට අලුත් වගෙයි”
බස් කොන්දොස්තර මේ අමුතු නෝනව ඇමතුවේ හිතවත්කමට.
“ඒ වුණාට මේ වගේ වැඩවලට අලුත් නෑ. අල්ලමූ.......”
ඈ කිව්වේ හැබෑවටම හිනාවෙලා

Tuesday, January 12, 2016

අපේ face book...!!!


මුහුණු පොත නැතිනම් ෆේස් බුක් අද අපේ රටේ ප්‍රධාන මාතෘකාවකි. රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට මේ සම්බන්ධයෙන් අද සෑම තැනම කතා වේ. නමුත් මේ කියන්න යන්නේ ෆේස් බුක් නැතිනම් මුහුණු පොත ගැන නොවේ. මීට වසර කිහියකට පෙර අපි දන්නා ෆේස් බුක් නොහොත් මුහුණු පොතක් තිබුනේ නැ. එදා තිබුනේ වෙස් මුහුණු, යක් මුහුණු වැනි මුහුණුය. පොත් පත් කඩදහියෙන් මුහුණු වසන අප හදුනන නොහදුනන මුහුණු හා මුහුණු පොත නොකියන ලංකාවේ පොත් පත්තර කඩදහි වෙස් මුහුණු කර්මාන්තය අද තිබෙන්නේ අනතුරේය.

Monday, January 11, 2016

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා ගොස් රටට අපකීර්තියක් ලබා දුන් තැනැත්තියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට....!!!

මහා දවල්, කළු ඩිපෙන්ඩරයකින් පිරිමියකු බියවද්දා තර්ජනයකොට පැහැරගත් චෝදනාවකට විනාඩි

ගණනකට පොලිස් අත්අඩංගුවට පත්වුද, කොළොන්නාවේ නිවසක් බලහත්කාරයෙන් අල්ලාගත් බවට චෝදනාවකට අධිකරණයේ නඩුවකට පැටලී ඇති හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ පියාගේ වැඩිමහල් සොහොයුරියක් වන ස්වර්ණා ගුණරත්න නමැති තැනැත්තිය ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තනතුරට කිරීමට සමහර යහපාලන පිරිසක් දැඩි උත්සාහයක දරමින් සිටින බවට වාර්තා ලැබී ඇත.

රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නොව කාර්යාලයක පියන් තනතුරකටවත් ලැබීමට සුදුසු කමක් නැති අශෝබන ඉතිහාසයක් ඇති පුද්ගලයකු කෙසේ මෙවන් වැදගත් නගරයකට පත් කල හැකිදැයි ලොස් ඇන්ජලිස් නගරයහි වෙසෙන ශ්‍රී ලංකික කණ්ඩායම් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

ලංකාවේ පොලිස් බල්ලෝ...!!!

බල්ලාගේ ස්වරූපය නම් බුරා ගෙන විත් හපා කෑමයි. පිස්සු බල්ලකු හපා කෑවොත් තත්වය දරුණුය. ස්වාමියාගෙන් කෑම බීම යහමින් ලැබුනත් දහපාදුරාවේ ගොස් ජරාව කෑම බල්ලාගේ සිරිතය. ජරාවට ඇත්තේ පුදුම ඉවකි. වැට කඩොලු අතරින් රිංගා ජරාව සොයා යාම ඌට ගේමක් නැත.  ලංකාවේ පොලීසිය සුනඛ නාමය ලබා ගැනීමට අවශ්‍ය මේ සියලු සුදුසුකම් සපුරා ඇත.


 සමාන්‍ය මිනිසෙකුට සිදුවන අකරතැබ්බයක්දී පොලිසියෙන් කිසිදු පිලිසරනක් නැත. මෑතකදී හිරුනිකා නඩුවක් විසදුවේ පොලිසි ගොස් වැඩක් නැති නිසාය. ඒ අතින් හිරුනිකාගේ ඩිෆෙන්ඩර් ගේම අගේකල යුතුය.. නිවසක් සොරු කැඩීම පිලිබද පැමිණිලි කිරීමට ගෙහිමියා පොලිසි ගිය හොත් වදින්ඩ ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි. විමර්ශනයට එන්ඩනම් ජීප් එකේ ටයර් මාරු කරන්ඩ වෙනවා කියල සල්ලි ඉල්ලයි ,නැත්නම් පෙට්‍රල් ගහගන්ඩ සල්ලි ඉල්ලයි, එහෙමත් නැත්නම් ගේ කැඩුවෙ කවුද කියල අපෙන් අහයි. පොලිස්කාරයන් ගෙවල් හදන විට වැලි කැටේ සිට උලු කැටය දක්වා ගසා කෑම උගේ සිරිතය. කන බොන දේවලුත් ගෙදරට ගේන්නේ ලාවට ගසා කාල.  Trafic  පොලීසිය කියන්නේ බල්ලන්ටත් නිගා දෙන ජාතියකි.

Saturday, January 9, 2016

9 වසරකට පසු නෝර්වේ යළි එයි...!!!

නෝර්වේ රජය යළිත් වරක්‌ මෙරට වාර්ගික අර්බුදය විසඳීමේ කටයුතුවලට මැදිහත් වී ඇත. මේ

බව නෝර්වේ විදේශ ඇමැති බොර්ඡේ බ්‍රෙන්වේ සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් අතර පැයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවැති සාකච්ඡාවලින් සනාථ වී තිබේ.
මෙම සාකච්ඡාවලදී අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහැරීමට උතුරේ බලය විමධ්‍යගත කිරීම සහ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම යන කරුණු සහ ශ්‍රී ලංකාවට, හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය ගැන කතාබහට ලක්‌වී ඇත.

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා.....!!! අපේ දරුවෝ යුද්දේ තියෙනකම්ම ගෙවල්වල හිටියේ නැහැ..

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා
පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ
විලංගුලා සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ඥතීහු කතා කරති...
* මම රට රකින්න පුත්තු දෙන්නෙක්‌ම
   හමුදාවට දුන්නු අම්මා කෙනෙක්‌...

* ජනධිපති මෛත්‍රී ඝාතනයට පැමිණි
   ශිවරාසාටත් පොදු සමාව... 

 හෝමාගම අධිකරණ භූමියේ කොනකට වී මම දැස්‌ දල්වා බලා සිටියෙමි. ඒ ඔවුන් පැමිණෙනතුරුය. එසේත් නැතහොත් රැගෙන එනතුරුය. දිනය ඉකුත් දෙසැම්බර් තිස්‌ වැනිදා විය. කුමක්‌දො වේදනාවක්‌ සමග මගේ සිත ඇත්තේ හැඟීම්බරව ගොසිනි.

සශ්‍රීක සෘතුවක අවසානයේ ආරම්භ වූ උපන් බිමේ ස්‌වෛරීත්වය, ප්‍රෙෘඪ බව සහ අභිමානය වටහා නොගත් භාවිතාවක්‌ තුළ යළි යළිත් වළටම පා තබන්නට සැරසෙන කෙළෙහිගුණ නොදන්නා මිනිසුන් සිටින යුගයක තවත් එක්‌ සප්‍රාණික පංචස්‌කන්ධයක්‌ වීමට සිදුවීම ම මගේ ඒ වේදනාවට හා හැඟුම්බර බවට හේතු වී ඇත.

මුස්ලිම් තාප්පවල “සිංහලේ” ලිව්වේ නපුංසක චතුරගේ සහ රඛිතගේ ගංජා කොල්ලෝ....!!!

මුස්ලිම් නිවෙස් කීපයක තාප්පවල “සිංහලේ” යනුවෙන් තින්ත භාවිතා කරමින් ලිවිමට කටයුතු කර ඇත්තේ කක්කුස්සි කටා හෙවත් රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න බව අනාවරණය වි තිබේ.පසුගියදා රාජිත සේනාරත්නගේ ඇමති ආරක්ෂකයන් සහ තවත් චතුරගේ අමන කොලු ගැටයන් කිහිප දෙනෙකු මෙම “සිංහලේ” යනුවෙන් ලිවිම පසුපස සිටින අතර විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂද මේ සදහා සහය ලබාදි තිබේ.අදාල නිවෙස්වල මුස්ලිම් වැසියන්ව දැනුවත් කර “සිංහලේ” යනුවෙන් ලිවිමට අවසර අරගෙන දි ඇත්තේද රඛිත විසිනි.

‘යහපාලන’යේ තල මල පිපිලා...!!!

තල ගස අසිරිමත් නිර්මාණයකි. එහි විශාලවූ හා උස්වූ කඳ, විශාල පත්‍ර, ගස වර්ධනය වී අවසානයේ එහි

විනාශය උදා කරවමින් තල ගසේ පිපෙන අලංකාර තලමල සුවිශේෂි දර්ශනයකි. තලමල තල ගසේ අවසානය හෙවත් විනාශය උදාකරන බැවින් එය සෞභාග්‍යයේ සංකේතයක් නොව ගමක් පාළුවී යාහැකි ඉඟියක් සේ ගැමියෝ සලකති. ගමක එකවර තලමල් හතක් පිපුණේ නම් එය ඉතාමත් අපලකාරි, විනාශකාරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවෙතැයි ජනතාවගේ සිත්හි උපදින්නේ කනස්සල්ලකි. ‘යහපාලන’යද තල ගසක් සේය.
‘යහපාලන’යට  හරියටම වසරකි. මාස 12කි. දින 365කි. රොටිත් නැත. තැටිය රත්කල අයත් නැත. වසර 2014 නිමාවූයේ ආප්පයෙනි. 2015 වසර අවසන් වූයේ බ්‍රා එකෙනි. මහින්ද රාජපක්ෂ යුගයට වඩා තෙගුණයක් රට සංවර්ධනය කරන බව කියා පැමිණියද සියගුණයක් රට ආපස්සට ගෙන ගිය වසරකි. වසර 2016 මොකකින් ඉවර වේදැයි සිතීම උගහටය. ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී රජය තුළ තවත් රජයකි. කලින් වසරේ පැවති සියයට 7.5 පමණ ආර්ථික වර්ධනය 2015 මුල් මාස9 තුළ සියයට 5.2ක් දක්වා පසුබැස ඇත. විදෙස් මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය ඩවුන්ද පල්ලම්ය. උද්ධමනය සියයට 50කින් ඉහල ගොස්ය. ආණ්ඩුව කිලිනොච්චියේය. මුදල් ඇමති මැදවච්චියේය. ‘යහපාලන’යේ වාර්ෂික ප්‍රගති වාර්තාව ගැන තවත් අටුවා ටීකා කුමට...?

Thursday, January 7, 2016

LTTE ඩයස්පෝරාවෙන් ණයක් ගැනිමේ සුදානමක්!-BANK OF JAFFNA ලගදිම…!!!

පුද්ගලික සංචාර මුවාවෙන් LTTE ඩයස්පෝරාව සමග සාකච්චා කිරීම මේවන විට රජයේ වගකියයුතු පිරිස හොර රහසේ සිදුකරන ක්‍රියාවක් බව බොහෝ අය දන්නා කරුණකි , මෙය සැබවින්ම දේශද්‍රෝහී ක්‍රියාවකි , තවත් එවැනි ක්‍රියාවක් නත්තල් සමයේ ලන්ඩන් නුවර සිදුවූ බව අපගේ විදෙස් වාර්තා සේවය වාර්තා කරයි .
නත්තල් සමයේ දී යහපාලන රජයේ අගමැති රනිල් සහ නිලනොවන ජනාධිපතිනිය චන්ද්‍රිකා වර්තමාන දෙමළ  LTTE  ඩයස්පෝරාවේ ප්‍රධානීන් හමුවී දීර්ග ලෙස සාකච්චා කළ බව ලන්ඩන් නුවරින් වාර්තාවේ . මෙහිදී දෙමළ  LTTE  ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටුකරන අතරේ , යහපාලන රජය අද තිබෙන ආර්ථික අර්බුද වලින් සදහා  LTTE  මුදල් යහපාලන රජයට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙන බවත් වාර්තාවේ. මෙය ණයක් වශයෙන් ලබාදෙන ලෙසත් ඉල්ලා තිබෙන බව වාර්තාවේ.

ඊළාම් සදහා ජාත්‍යන්තර ගුවන්තොටුපලක්...!

උතුරේ කොටි ත්‍රස්තවාදීන්ගේ වෙනම රාජ්‍යයක් කරායන ගමනට පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රී-රනිල් දුන් පොරොන්දු ඉටුකරමින් වෙනම රාජ්‍යයක් සදහා අවශ්‍ය ජාත්‍යන්තර නිර්දේශ සැපරිම සදහා පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස වෙනස් කිරීමට රජය එකඟතාවය පලකර උතුරේ  විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි සංවර්ධන කටයුතු සහ ආර්ථික සම්පත් දියුණු කිරිමටත් විශේෂයෙන් පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස වෙනස් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග යනාදීන් සමඟ සාකච්ඡා කළ පරිදිම මේ වනවිට එම සංවර්ධන ක්‍රියාවන් ඉතා ඉක්මනින්ම ක්‍රියාවට නංවන බව ද්‍රවිධ ජාතික සන්ධානය අනාවරණය කර තිබේ.මින් ඉදිරියට ජාත්‍යන්තරය සමග උතුරු හා නැගෙනහිර සබඳතාවයන් පවත් වනුයේ වෙනම බවත් ඒ සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් අතිශයම වැදගත් බවද ද්‍රවිධ ජාතික සන්ධානය අවධාරණය කර තිබේ.

හිච්චි හිරුණිකාගේ තවත් පට්ට තගරි වැඩක් ....!!!

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  විසින් ඇගේ දේශපාලන කාර්යාලය

පවත්වාගෙන යමින් නීති විරෝධිව භුක්‌ති විඳින කොලොන්නාවේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලෙන් ඇය නෙරපා හැර එහි හිමිකාරිත්වය තමන්ට යළි පවරා දෙන ලෙස ඉල්ලා එම ගොඩනැඟිල්ලේ හිමිකරුවන් විසින් ගොනුකර ඇති නඩුව විභාගයට දින නියම කිරීමට ලබන මාර්තු 29 වැනිදා කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු ඉනෝකා රණසිංහ  ඊයේ (06 දා) නියෝග කළාය.

2015.08.01 සිට විත්තිකාරියන් විෂයගත දේපළෙහි අපචාරින් ලෙස (හිමිකරුවන්ගේ නිසි අවසරයකින් තොරව) රැඳී සිටීම නිසා තමන්ට බරපතල මූල්‍යමය හානි හා පාඩු සිදුවන බැවින් මසකට රුපියල් 50,000 බැගින් ගෙවන ලෙසට වගඋත්තරකාරියන්ට නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ නඩුවක්‌ කැඳවූ අවස්‌ථාවේදී අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.

Wednesday, January 6, 2016

ජනප​ති සිරිසේන කථා කරයි....

 මම ඒ කාලේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. මම ඒ අන්තර් අමාත්‍යාංශ කමිටුවට ගියෙත් නැහැ. සම්බන්ධ වුණෙත් නැහැ. වනය අක්‌කර 3500 කට වැඩි ප්‍රමාණයක්‌ නිදහස්‌ කරන බව දන්නව නම් මම එදත් විරුද්ධ වෙනවා. ඒ කාලයේ මම විරුද්ධ වෙන්න ඕන දෙයට විරුද්ධ වුණා. කැමති වෙන්න ඕන දෙයට කැමති වුණා. නැවත පදිංචි කරවීමට විල්පත්තු වන විනාශය නොකර වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදීමට එවකට සිටි බලධාරීන්ට පුළුවන්කම තිබුණා. නමුත් ඉතාම පටු තීන්දු තීරණ අරගෙන ඒ කරන ලද වනාන්තර විනාශය හේතුවෙන් අද ඇතැම් අය අප වෙත චෝදනා එල්ල කරනවා.

රටේ දැනට පවතින වන ඝනත්වය සියයට 29 ක්‌ බවත් පරිසර අමාත්‍යංශයේ ඉදිරි තුන් අවුරුදු සැලැස්‌ම තුළ එය සියයට 32 ක්‌ දක්‌වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රකාශ කළේය.

Tuesday, January 5, 2016

ඊළාම් ගමනට නව පණක් දෙන අළුත් ව්‍යවස්ථාවේ වැඩ පටන් ගන්නට තව සති දෙකක් පමණ ඇත...!!!

සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී දැන් වසරකට වැඩිය. එම පක්ෂයෙන් එළියට බැස ප්‍රථමයෙන්ම ඔහු

චන්ද්‍රිකා යටතේ සිටිමින් මෙන් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඔහු එහිදී වැඩියෙන්ම පැවසූයේ තමාට ඖෂධ පනත සම්මත කරන්නට නොලැබුනු බවයි. මහින්ද විසින් එය හොරකම් කර ඇති බවයි. පනතක් හොරකම් කිරීම යනු විකාර කතාවක් යයි ලක් වැසියන්ට එදා තේරුනේ නැත. එය මහ ගොන් කතාවකි. පාසලේදී දෙන ගෙදර වැඩ කරගෙන යන්න බැරි වූ විට කුඩා කාලේ ගුරුවරුනට කියන එක බොරුවකි පොත නැති උනා යන්න. නුවණ මුහුකුරා ගිය ගුරුවරු ඒ බොළඳ බොරු වලට නොරැවටෙති. සිරිසේන පුංචි කාලයේ වුව රචනා පොත මහින්ද හොරකම් කළ නිසා රචනාව ලියන්න බැරි උනා කියා ඒ බව ගුරුවරයා විසින් පිළිගත්තද සමාව ලැබෙන්නේ එක් දිනකට පමණි. ඊළඟ දවසේ පොතක් නැතිනම් කොළයක හෝ රචනාව ලියාගෙන පැමිණිය හැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.