ගායක එන්රික් ඉග්ලේසියස්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී
පැවති සංගීත සංදර්ශණයේදී සිදු වූ අඩුපාඩුකම් ගැන එහි ප්‍රධාන සංවිධායකයන්
වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන සමාව ඉල්ලයි.
ඔවුන් දෙදෙනා විසින් සිය ෆේස්බුක් ගිණුම්වල මේ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ මෙසේය.
රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත
සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවට තමන් කෑ ගසා
ප්‍රසිද්ධියේ බැන වැදුනේ එරිකේ ඉග්ලීෂියස්
නම් ස්පාඤ්ඤ ගායකයා මෙරටට
ගෙන්විමට කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන
සහ කුමාර් සංගක්කාර බව තමන් නොදන්නා නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
තමන්ගේ බෑණනුවන් හට පවසා තිබේ.
ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය
නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා තිලිණ සුරන්ජිත්ද සහ
සිරාගේමද දන්නේ නැති ඔහු කියන ඔහුගේ පුත්‍රයා වන දහම් සිරිසේන සිය මිතුරන්
50ක් සමග පැමිණ සිටි අතර රු 50,000ක වටිනාකමින් යුතු ටිකට් පත් 50ක් ඒ
වෙනුවෙන් මිළදි ගෙන තිබේ.(50,000 % 50 කලු සල්ලි කාගේද...? )
නව තාක්ෂණයත් සමග
පිරිහෙන සමාජයේ
අපට නොගැලපෙන දේවල් ගැන සටන් කිරීමට සිදුවෙලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
නව තාක්ෂණයත් සමග පිරිහෙන සමාජයේ අපට ගැලපෙන දේ වගේම
නොගැලපෙන දේ පිළිබඳ නිරන්තරයෙන් සටන් කිරීමට සිදුවෙලා
තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
අම්පාර ඩී. එස්. සේනානායක ජාතික පාසලේදී (27
වැනිදා) පැවැති සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා
ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප්රදානෝත්සවයේදී ජනාධිපතිවරයා
මේ බව කීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.
ආචාර්ය දයාරත්න රණතුංග
මහරෑ යාමේ
මේ ඇල්හේනේ
තනිවම සීපද කියනු අසා...
වෙහෙස දරාගෙන
පාර අසාගෙන
ආවෙමි අඳුරෙම
ඔබව සොයා...
දශක ගණනාවක් තිස්සේ ඔවුන් අප වෙනුවෙන් ගයයි. ඔවුන් ගැයූ ගීත ශ්‍රවණය කරන විට අප
සිත් තුළ අපූර්ව චමත්කාරජනක චිත්‍ර මැවෙන්නේ නිරායාසයෙනි. ඒ; එම ගීතවල
පදමාලාවන්ගේ අපූර්වත්වය, ගීතනුවල ඇති මියුරු බව මෙන් ම ගායනයේ ද ඇති
ළගන්නාසුළු බව නිසා ය. අප මේ සූදානම් වන්නේ දයාරත්න - අමරා යුවළගේ සංගීත
දිවිය පිළිබඳව කතා කරන්නට ය. අපට කතා කළ හැක්කේ එපමණ ය නොවේ. ආචාර්ය දයාරත්න
රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග දෙපළගෙන් මෙරටේ සංගීත අධ්‍යාපන, පර්යේෂණ
ක්ෂේත්රයන්ට සිදුවූ සේවය ද අපට කතා කළ හැකි ය. එම සේවය අතිමහත් ය.
“ඔබගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කලක් ඔබ ගත කළේ ගුවන් විදුලියේ නේද...”
අතීත තොරතුරු දැනගැනීමේ අදහසින් මම දයාරත්න රණතුංගයන්ගෙන් විමසා
සිටියෙමි.