“දවසක් මම
ඉස්කෝලේ ගිහින් බයිසිකලයෙන් එනකොට ආමි එකේ කට්ටියක් වාහනයෙන් යන ගමන්
කිසිම
හේතුවක් නැතිව මගේ පිටිපස්සෙන් ඔළුවට චේන් එකකින් ගහගෙන හිනාවෙවී ගියා.
හොඳටම පෙනුනා මම ඉස්කෝලේ ගිහින් එන ලමයෙක් බව. සුදු ඇඳුම පිටින් හිටියේ. ඒ
ගහපු පාර මට දරුණු තුවාල ඇඟේ වගේම හිතෙත් ඇති කළා. ඇයි මට ගැහුවේ? මම රෑ
නොකා නොබී ඒ ගැන කල්පනා කළා. මං හිතුවේ ඊළම ලැබුණොත් ගුටි කන්නේ නැතුව ඉන්න
පුළුවන් වෙයි කියලා. මට මොකටද මුන් ගැහුවේ කියන ප්රශ්නෙට අපට දැනුන
උත්තරය තමයි ඊළම කියන්නේ. කොටි කියන්නේ ඊළම ලබා ගන්න තිබුණු අඩුවෙන් නරක
මාර්ගය.” කේසවරාජන් නවරත්නම්
“ඒ
ළමයාගේ තාත්තා මම එක්ක තරහයි. තාත්තාගෙන් පලිගන්න හොඳම ක්රමය තමයි එයා
වැඩියෙන්ම ආදරය කරන ළමයාට මොනවා හරි කරන එක කියලා මට හිතුනා. ඒ නිසා මම
කාසි වගයක් දෙන්න කියලා ඒ ළමයව පාළු මඩුව
පැත්තට අඬගහන් ගියා. ළමයාට බිම හාරන්න කියලා මම පිටිපස්සෙන් ගිහින් එයාව කපලා කොටලා මැරුවා.”ළමා ඝාතනයක සැකකරුවෙක්
මෙහි
පළමුව දැක්වෙන්නේ සිනමාකරුවෙක් යැයි කියාගන්නා පුද්ගලයෙකුගේ ප්රකාශයකි.
ඔහු වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සමීප මිත්රයෙක් බවද කියැවෙයි. මෙම ප්රකාශය
පළව තිබුණේ ජාතිවාදයට හා යුධවාදයට එරෙහිව දිවා රෑ පොළවේ පස් කන බව කියන
රාවය පුවත්පතේය.
වර්තමාන රනිල්-මෛත්රී ආණ්ඩුව පැමිණ තිබෙන
කුට ගමන කොපමණ කලක සිට විවිධාකාරයෙන් සැලසුම් කෙරුණක් ද කියා දැන ගන්නට,
බොහෝ 'ගෙදර වැඩ' කළ යුතුයි.අද දවසේ එ.ජා.ප. පුමුඛ මෙරට නව ලිබරල්
ඒජන්තයන් මෛත්රීපාල සිරිසේන ද, අන්දවා ගෙන සිදු කරමින් යන දේශපාලනික
විපරිවර්තනය තේරුම් කර ගත හැකි ආකාරයේ අදහසක් පළ කිරීමට, 1999 වර්ෂයේ පළ
කෙරුණු business today සඟරාවක ඡේදයක් උපුටා දැක්විය හැකි ය. එකී සම්මුඛ
සාකච්ඡාව, මංගල සමරවීර සමඟ පවත්වන ලද්දකි.