ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, December 8, 2015

රනිල්-සිරිසේන නිවට ආණ්ඩුව ඊළමට අළුතෙන්ම තනා දුන් කෙටි පාර ...!!!

ඊළමට යන අළුත්, කෙටි පාරක් රනිල් සිරිසේන ආණ්ඩුව ලව්වා බටහිරයන් විසින් තනා ගත් ආකාරය...

  • සිරිසේනගේ ජනවාරි 8 ජයග්‍රහනයෙන් පසු 2015 පෙබරවාරි 10 වන දින උතුරු පළාත් සභාව  විසින් සිංහල ආණ්ඩුව විසින් 1948 වසරේ සිට දිගින් දිගටම ද්‍රවිඩයන් ජාතිඝාතනය (Genocide) සිදු කෙරෙමින් පවතින බවටත් ඒ පිළිබඳව එක්සත් ජාතීන් මැදිහත්ව විමර්ශනය කළ යුතු බවටත් යෝජනාවක් සම්මත කර ගත්තේය. මහින්ද රාජපක්ෂ සමයේ දෙවරක්ම මෙවන් යෝජනා උතුරු පළාත් සභාවට ඉදිරිපත් වුවද විග්නේෂ්වරන්ගේ මැදිහත් වීමෙන් ඉන් ජාතිඝාතන චෝදනා ඉවත් කළේය. එහි බරපතළකම දන්නා ඔහුට මහින්ද සමයේ එහි දේශපාලන ප්‍රතිවිපාක ගැන අවබෝධයක් විය. නමුත් බටහිරගැති රූකඩ ජනපති කෙනෙකු පත් වී මසක් ගත වන තැන විග්නේෂ්වරන් විසින්ම එම යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලදී.

කුකුල්ලු නොමරා කුකුල් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්ගාඩ් චාරිකාව ...!!!

මේ මංඤ්ඤං කපටි ජහපාලන දේශපාලනයේ වූ සුවිශේෂම සිදුවීම යහපාලනය විසින් ඇවන්ගාඩ් නැව දියත්

කිරීමයි. ප්‍රවීන නීතිවේදීන් වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන සමගින් ඇමති හරීන් ප්‍රනාන්දු එක් පසකිනි. යහපාලන රජයේ හොරණාවන් ලෙස ක්‍රියාත්මක වන කැබිනට් ප්‍රකාක දොස්තර රාජිත සේනාරත්න, ඇමති ඉංජිනේරු පාඨලී චම්පික රණවක සහ අනුර කුමාර දිසානායක අනෙක් පසිනි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද අත්වැල අලලා සිටී. නැව දියත් වී ඇත. අපි වෙරළේ සිට බලා සිටිමු.

පැරීසිය, ත්‍රස්තවාදය සහ කිඹුල් කඳුලු ...!!!

පැරීසියට එල්ලවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලාදැකිය යුතුය. මේ ලෝකයේ දරුණු ත්‍රස්තවාදීන් හා අහිංසක ත්‍රස්තවාදීන් කියා දෙකොටසක් නැත. සියලුම ත්‍රස්තවාදීහු දරුණු වෙති. ම්ලේච්ඡයෝ වෙති. පරපීඩකයෝ වෙති. ඔවුන් සන්නිවේදනය කරනුයේ සංවාදයෙන් නොව තුවක්කුවෙනි. බෝම්බයෙනි. අහිංසක ජනතාවගේ රුධිරය මතින් තම මාවත සඵල කරගන්නට කැසකවන ඔවුන් මනුශ්‍යත්වයටද නිගාවකි.
මීට වසර කිහිපයකට උඩදී අප රටතුලද ත්‍රස්තවාදයක් පැවතුනි. බස් රථ වල ,දුම්රියේ, පන්සලේ, පල්ලියේ මස්ජිදයේ ,පොලේ, බැංකුවේ සෑම තැනකම බෝම්බ පුපුරා ගියේය. දහස් ගනන් මිනිස්සු සතුන් සේ මහමග මියගියහ.භේදයකින් තොරව සිංහල, දෙමළ මුස්ලිම් සියල්ලෝම ලක්මව මත ලේ වගුරවමින් මියැදුනහ. වාසනාවකට අද අපි සාමයෙන් සුවසේ දිවි ගෙවමු. ඒ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට දැඩි තීරණ ගත් සේනාධිනායක, ආරක්ෂක් ලේඛම් තුමන්ලාටද, දිවිහිමියෙන් යුධ වැදුනු ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන්ටද අප හිසනමා ආචාර කළ යුතු ය.

සිංහල සංහාරයක සතර පෙරනිමිති ....!!!

අමන (අවම) බලය, රතු හිවල්ලු, කළු බළල්ලු හා බූරු පැටව් - සිංහල සංහාරයක සතර පෙරනිමිති පසුගියදා ගණකාධිකරණ උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය ප්‍රජාවට එල්ලවූ පොලිස් ප්‍රහාර අපි දැක ගතිමු.

ඒ සිද්ධියේ වූ අමානුෂිකත්වය සියල්ලෝ පිළිකුල් කළහ. ඡායාරූපද, වීඩියෝද කොතෙකුත් අන්තර්ජාලයට පැටවිණි. මේ සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති සමාජ කතිකාව පිළිබඳ අපේ නිරීක්ෂණ කීපයක් පළමුව ඉදිරිපත් කර දෙවනුව ඒ පිළිබද අප නිගමනය ප්‍රකාශයට පත් කරමු. ඇතැම්හු පොලිසියට බණිති. ඒ අමානුෂික පහරදීම පිළිබඳවය. ඒ බැණ අඬ ගැසීම් වලට ‘අට පාස් නැති නූගතුන්‘ ‘උපාධි අපේක්ෂක උගතුන්ට‘ ගැසීම ගැනද කරුණු ඇතුළත් වේ. තවකෙක් උසස් ඩිප්ලෝමාව උපාධියක දක්වා උසස් කරගැනීමට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට පාර අවහිර කරමින් උගතුන් නොව සාමාන්‍ය මිනිසකුටවත් නොසරිලන සේ කුපිතව හැසිරීම නුසුදුසු බව කියති. ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ තුළ අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කිරීමේ ‘උද්ඝෝෂණ‘ ආචාර ධර්ම පිළිබඳව ද ඇතැම් විචාර ප්‍රතිචාර පළවනු දක්නට ලැබේ. අපගේද ශරීර කිලිපොලා ගිය ලේ වැගිරෙන සිදුවීම් වල සිද්ධි වාචකත්වය හෙවත් ඛේදවාචක රසවින්දනයෙන් මදක් ඔබ්බට ගොස් හෙවත් මේ ජවනිකාව නම් ‘ඵල’යේ ‘හේතු’ සොයා යෑම සුදුසුයැයි අපි සිතමු.

ප්‍රංශ ප්‍රහාරයෙන් පසු අපේ උන්ගේ දැන් කෙරුවාව .... හිහ්..හී...හූ...!!! [ප්‍රහසනයකි]

පැරීස් නුවර ප්‍රහාරයට පසුදාම ප්‍රංශ ජනාධිපතිගේ අතිවිශේෂ නියෝජිතයෙක් ලංකාවට පැමිණියේය. ඒ ජනාධිපති සිරිසේන හමුවීමටය. ඒ පියරේය.සිරිසේන ජනාධිපති පියරේ මහතාව සාදරයෙන්

පිලිගත්තේය.."අනේ..අපි බොහොම කණගාටු උනා ඔබතුමාලගේ රටට එල්ල වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන..මේ...බකිංහැම් මාළිගාවට එහෙම කරදරයක් නෑ නේද හිටං..?"
"නෑ ..නෑ...පැරීසියටනේ ප්‍රහාරය එල්ල උනේ..." පියරේ මහතා ආචරශීලිව උත්තර බැන්දේය..
"හා එහෙනම් කමක් නෑ..... ඉතින් මොකක්ද අපෙන් කෙරෙන්න ඕන.." ජනාධිපතිතුමා සැනසුම් සුසුමක් හෙලන ගමන් ඇසුවේය.

බොරුව සමාජගත කිරීමේ පාපය ගෙවන ඇත්තෝ..

ලංකා හොස්පිට්ල් ආදී ආයතන ගණනාවක් එක පොකුරට පුද්ගලික අංශයේ පාලනයට නතු කිරීමට රනිල් - රවී වැය-අය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. අනෙක් ආයතන කෙසේ වෙතත්,

ලංකා හොස්පිට්ල් පිළිබඳව මා පෙර ඇසූ කතාවක් සමඟ කරුණක් පැහැදිලි කර ගැනීමට මේ සටහන තබන්නට සිතුවෙමි.2014 වසරේ ජූලි එක් දිනක් මම නාරාහේන්පිට පොල්හේන්ගොඩ සිටින මාගේ මිතුරෙකු හමුවීමට ගියෙමි. මේ මිතුරා නමින් සුමනදාස අබේසිංහ ය. අදටත් ඔහු නාරාහේන්පිට පොල්හේන්ගොඩ හන්දිය පෙනෙන දුරින් කුඩා ව්‍යාපාරයක් කරගෙන කුලී නිවසක වෙසෙයි. මොහු මගේ දිවියේ ඉතා සමීප මිතුරෙකි.
මම ජවිපෙ දේශපාලනයේ පූර්ණකාලීනව නිරතව සිටි සමයේ මාතර පිහිටි ඔහුගේ නිවසින් ඉඳහිට ආහාර ගැනීමට පුරුදුව සිටියේ ය. මාගේ මවගේ පවුලට සමීප නෑ හිතවත්කම් තිබූ ඔහු මට මෙන්ම මාගේ ඇසුරෙන් දැන හඳුනාගෙන සිටි අපේ පක්ෂයේ සහෝදරවරු රැසකට ද ආහාරපාන ආදියෙන් පමණක් නොව ඉඳුම් හිටුම් පවා දීමට ඉදිරිපත් වූ කාලයක් වීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.