ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, December 7, 2015

මහින්ද-මුවහමට තැලීමෙන් පළක් නැත. දැන් වැඩ පෙන්නපල්ලකෝ...!!!

මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ පැවති රාජ්‍ය ආයතන විසි ගණනක වැය ශීර්ශය

ඔහුගේ පුද්ගලික වියදමක් සේ හුවා දැක්වීමේ පහත් ගණයේ උත්සාහයක් සිරස රූපවාහිනය නිර්ලජ්ජිත ලෙස අද ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණි. වියදම් අඩුවූයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ එවකට පැවති ආයතන සිරිසේනගෙන් ගලවා අගමැතිවරයා යටතට ගෙන ඇති නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. එහෙත් ආණ්ඩුවේ බොරුව කුණි වී සාරු ගලන විට එය පවුඩර් දමා සැඟවීමට සිරස ගන්නා උත්සාහය හාස්‍ය ජනක ය.

කරුපයියෝ...ඔය පර්මිට් ප්‍රශ්නය දීපං ළමයෙකුට ...!!!

වාහන බලපත්‍රය නිසා වසරකට කෝටි 40 ක ආදායමක් රජයට අහිමි වන බව රවීන්ඳ්‍රන් කරුපයියා මහතා ( මහත්හොරා)  පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගේ ගණන් හැදිලි නම් තඹ දොයිතුවකට විශ්වාස
කළ නොහැකිය. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිත්යෙන් 5.4% ක් වෙන් කළ බව ඔහු පැවසීය. පසුව හෙළි වූයේ කාලයක් පුරා පැවති පාසල් ගොඩනැගිලි හා ඉඩම් වල වටිනාකමද (ඒවා පවතින වසර ගණනට බෙදා) එකතු කර මේ ඉලක්කම ඔහු සාදා ගත් බවයි. ඒ අනුව ඔහුගේ කිසිදු ඉලක්කමක් විශ්වාස නැතත්, මේ කෝටි හතළිහ හදා ගන්නට ඇත්තේ වසරකට නිකුත් කරන බලපත්‍ර ගණනට සමාන ප්‍රමාණයක් බලපත්‍ර රහිතව වාහන ගෙන්වූවා නම් දළ වශයෙන් කීයක් බදු වශයෙන් රජයට වැඩිපුර ලැබෙනවාදැයි බැලීමෙන් විය හැකිය. නමුත් සත්‍යය වශයෙන්ම බලපත්‍ර නොතිබුනා නම් එම වාහන ප්‍රමාණය හා ගෙන්වන වාහනවල වටිනාකමද අඩුවනවා ඇත. ඒ නිසා බලපත්‍ර දීමෙන් රජය මඟින් අඩු කරන බදු මුදලම බලපත්‍රය නොදීම මඟින් රජයට ලැබෙන්නේ නැත. එනිසා එම සම්පූර්ණ බඳු මුදල රජයේ පාඩුව ලෙස හැඳින්වීම දෝෂ සහගතය.

සෝභිත හාමුදුරුවෝ මට පේන්නේ මෙහෙම....!!!

මේ ලිපිය කියවන බොහෝ දෙනකු මා සමග උරණ වීමට ඉඩ ඇත. මා කුහකයකු යැයි ඇතැම්

ජනමාධ්‍යවේදීන් කීමට ඉඩ ඇත. එසේත් නැත්නම් තවත් අය මා කෙළෙහි ගුණ නොදත් අයකු යැයි කියනු ඇත. අයකු මළවුන්ගේ අගුණ කීමෙන් මා සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ක්‍රියා කර ඇති බව ප්‍රකාශ වනු ඇත. මගේ වයස අනුව වුවත් දැන් මට අනෙක් අය මා ගැන කියන දේ ගැන කල්පනා කිරීම අවශ්‍ය නො වේ. ඒ නැතත් මට සමාජයට කීමට අවශ්‍ය යැයි මා සිතන දේ විපාකය නොතකා ප්‍රකාශ කරමි. 
 - ආචාර්‍ය නලින් ද සිල්වා  -

ජේ ආර් ගෙන් ලංකාවට සිදුවු විශාල මෙහෙය නම්...!!!

ප්‍රංශයේ දැන් පවතින ක්‍රමයට පෙර පැවතියේ බ්‍රිතාන්‍ය යේ මෙන් වෙස්ට් මිනිස්ටර් ක්‍රමයයි. නමුත් එම

ක්‍රමය මගින් රටට අවශ්‍ය ස්ථාවරබවක් ලැබුණේ නෑ.මේ නිසා පත්වෙන රජයන් ඉතා කුඩා කාලයක් තුළ බිඳ වැටෙන්න ගත්තා. ඉන්පසු ප්‍රංශය අර්ධ ජනාධිපතික්‍රමයකට ගියා. 1969 සිට ජේ ආර් ජයවර්ධන මහත්මයා ලංකාවටත් මේ ක්‍රමය ‍යෝජනා කරන්න ගත්තා. නිදහසින් පසු අපි මේ වන වට පාර්ලිමේන්තු ක්‍රමය අවුරුදු 31කුත් ජනාධිපතික්‍රමය අවුරුදු 33කුත් පාවිච්චි කරමින් ඉන්නවා. අපි මේ පාලන ක්‍රම දෙක සන්සන්දනය කර බැලූ විට පෙනෙන දෙයක් තමයි විධායක ජනාධිපතික්‍රමය තියෙන විට රට මුහුණපා සිටින අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වීම. 

ජහ පාලනයේ බෙරේ පළුව...!!!

 තිබුණායැයි කියූ ලැම්බෝගිනි නැත. බකින්හැම් මාලිගයෙන් ගෙනාආ කියන රත්තරන් අශ්වයින්ද නැත. ‍නාරහේන්පිට මැනින් මාර්කට් එකේ තිබූ ප්‍රයිවට් පේන් එකද නැත. ස්විස් හෝ ඩුබායි එකවුන්ට්ද


නැත. ඩුබායි මැරියට් හෝටලයේ අයිතියද නැත. තජුදීන්ගේ ‍ගොඩගත් මළසිරුරේ වාර්තාවට සිදුවූ දෙයක්ද නැත. කොටි නිදහස්වී ඇත. බුද්ධි අංශ හිරේ ඇත. සංවර්ධනය අඩාලවී ඇත. පාරිභෝගික ද්‍රව්‍ය සහ එළවළු මිල වැඩිවී ඇත. ශ්‍රී ලංකාව දැන් කොමඩිලන්තයක් බවට පත්වෙමින් ඇත. එදා තිරගත වූ 'කොළඹ සන්නිය - කමින් ස්වීට්' වෙනුවට 'මහින්ද කොටියාට සල්ලි දීපු හැටි' කියා රූපවාහිනී මාධ්‍ය සංදර්ශනයක්ද ඉදිරියේදී තිරගත වූවහොත් එහි පුදුමයක්ද නැත. ‍'වෙනස' ලැබී ඇත. 'යහපාලනයේ' අසිරිය කියා වැඩක් නැත.

කළු එතනෝල් සුදු කරන ජාවාරමක්...!!!

මත්පැන් මිල ගණන් ඉහල යාමෙන් පසුව නීතිවිරෝධී එතනෝල් නීතිගත කරන ජාවාරමක තොරතුරු

හෙළිදරව් වෙමින් පවතින බව වාර්තා වේ.
විශේෂයෙන්ම පසුගිය රජය සමයේ එතනෝල් ජාවාරම් ඉතා ඉහල මට්ටමින් පැවතුනත් යහපාලන රජයක් යටතේ එම තත්ත්වය සමනයවීමක් අපේක්ෂා කලත් එවන් ජාවාරමක ලක්ෂණ නැවත මතුවෙමින් පවතින සිදුවීම් පෙලක් දැනගන්නට ලැබී ඇත.

තාජුඩීන් ඝාතනයට නාමල් කොටුවෙයිද...?

රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසිම් තාජුඩීන්ගේ ගොඩගත් මළ සිරුර සම්බන්ධයෙන් වූ විශේෂ
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ අවසන් වාර්තාව ඉකුත් දෙසැම්බර් මස 03 වන දින කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස්  වෙත ලබා දී ඇත.මෙම ඝාතනයට ශ‍්‍රී ලංකා රගර් පරිපාලන ගැටලූවක් හේතු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති අතර රගර් ක‍්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පැවසෙන්නේ හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙම ඝාතනය සඳහා තිස්ස නමැති හමුදා නිලධාරියෙක් ද සම්බන්ධ වී ඇත. තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ද හදිසි අනතුරක් ද යන්න පිළිබඳ රහස් පොලීසියත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයත් ඉතා පුළුල් විමර්ශනාත්මක වාර්තාවක් සකස් කර ඇත. එම වාර්තාවට අනුව තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු කරගෙන ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.